Wednesday, 30 December 2009
Sunday, 20 December 2009
D. මිල ගණන් ලැයිස්තුවක් පදනම් කරගත් ක්‍රමය (i) (Based on Schedules of Rates)
i) සම්මත ලැයිස්තුව (Standard Schedule)
ඉදිකිරිම් ව්‍යාපෘතිය තුලදි යෙදිය හැකි අයිතමයන් (Items)හදුනාගෙන ඒවා සුදුසු ක්ෂේත්‍රයන්(Trades) යටතේ,අදාල ඒකක ම්ල ගණන්ද (Unit rates) සමගින් ලැයිස්තුගත කරනු ලැබේ. මේ සදහා යොදාගත හැකි එක් ලැයිස්තුවක් වනුයේ ගොඩනැගිලි දෙපාර්තුමේන්තුව මගින් පිලියෙල කරන මිල ගණන් ලැයිස්තුවයි. ටෙන්ඩර්කරුවන් එම ලැයිස්තුගත කල මිලගණන් සදහා ප්‍රතිශතයක් වශයෙන් අඩු හෝ වැඩි ලෙසින් මිලගණන් ඉදිරිපත් කරයි.
මෙහිදි අදාල ලැයිස්තුව පිලියෙල කරන දිනයේ පටන් අදාල ව්‍යාපෘතියට මිල ගණන් ඉදිරිපත් කරන දිනය දක්වා ලැයිස්තුවේ ඇති අයිතමයන්ගේ මිල ගණන් වෙනස් විමි සැලකිල්ලට ගත යුතුය.
වාසි:
* ටෙන්ඩර්කරුවන් නිතරම වාගේ මෙම ලැයිස්තුව පරිහරනය කරන නිසා එහි අයිතම විස්තරයන් හා මිල ගණන් පිලිබදව හොද අවබෝධයක් ඇතිවේ. එම නිසා මිල ගණන් ප්‍රතිශතයක් ලෙස වෙනස්කිරිම පහසුවේ.
අවාසි:
* පාර්ශව දෙකටම තමන්ගේ වගකිම් පිලිබදව නිවැරදි අදහසක් නැත.
* විචලනයන් (Variables) රාශියක් පිලිබදව අවධානය දැක්විය යුතු නිසා වඩා හොද අර්පනය(Offer) තොරාගැනිම අපහසුය.
From: Birchall,S. & Ramus,J.,1996.Contract Practice for Surveyors.3rd ed.Great Britain:Laxton’s
Monday, 2 November 2009
Tuesday, 4 August 2009
පරිවර්තන ගුණකයන්(Convertion factors)
ගණනය කිරිම් වලදි අප මුහුණ දෙන එක් ගැටලුවක් වනුයේ එකක කිහිපයක් සමග ගණනය කිරිම් කිරිමට සිදුවිමයි. එම අවස්ථාවන්හිදි යම් අගයක්, එක් ඒකකයක සිට තවත් ඒකයකට පරිවර්තනය කිරිමට එයට අදාල ගුණකයෙන් (factors) වැඩි කරනු ලැබේ.
Wednesday, 29 July 2009
පරිසර හිතකාමි ඉදිකිරිම් තාක්ශණය (Sustainable Construction)
දැනට සොයාගෙන ඇති ග්‍රහලෝක වලින් ජිවයට සුදුසුම ග්‍රහලෝකය පෘථිවියයි.එයට ප්‍රධානතම හේතුවක් වනුයේ ජිවය පවත්වාගෙන යාමට සුදුසු උෂ්ණත්වයක් පවත්වාගත හැකි වායුගෝලයක් තිබිමයි.මෙසේ උෂ්ණත්වය පවත්වා ගැනිමට උපකාරිවන ක්‍රියාවලිය හැදින්වෙන්නේ ස්වභාවික හරිතාගාර ආචරණය නමිනි.
1.1) ස්වභාවික හරිතාගාර ආචරණය
කාබන් ඩයෝක්සයිඩ්, මිතෙන්, ක්ලෝරෝ ෆ්ලුවරෝ කාබන්, නයිට්රස් ඔක්සයිඩ් සහ ජල වාශ්ප හරිතාගාර වායුන් ලෙස ප්‍රධාන වශයෙන් හැදින්වේ. පෘථිවිය සුර්යාගෙන් ශක්තිය විකිරණ ලෙස ලබා ගනි.මෙම විකිරණ පාරදෘශය මාධයක් වන වායුගෝලය හරහා පැමිනෙන අතර එයින් 70%ක් පමණ පෘතුවිය උරාගැනිම නිසා වායුගෝලය, සාගරයන් උණුසුම්වේ, ඉතිරි 30% පෘතුවි තලය පරාවර්ථනය කරනු ලබයි.
මෙසේ පරාවර්ථනය කරන තාපයෙන් කොටසක් අධෝරක්ත කිරණ වලට පාරදෘශය නොවන හරිතාගාර වායුන් මගින් උරාගෙන වායුගෝලයේ උෂ්ණත්වය පාලනය කරයි.මෙම ජිවින්ගේ පැවැත්මට වැදගත්වන ක්‍රියාවලිය හැදින්වෙන්නේ හරිතාගාර ආචරණය නමිනි.
කාබන් ඩයෝක්සයිඩ්, මිතෙන්, ක්ලෝරෝ ෆ්ලුවරෝ කාබන්, නයිට්රස් ඔක්සයිඩ් සහ ජල වාශ්ප හරිතාගාර වායුන් ලෙස ප්‍රධාන වශයෙන් හැදින්වේ.
1.3) වැඩිකරන ලද හරිතාගාර ආචරණය
පසු ගිය දශකවලදි වායුගෝලයේ ඇති හරිතාගාර වායුවල සාන්ද්‍රණය වැඩි වි ඇති බව සොයා ගෙන ඇත.ඉන්ධන පිළිස්සීම, ගොඩනැගිලි ඉදිකිරිම , වන විනාශය වැනි මිනිස් ක්‍රියාකාරකම් නිසා මෙම වායුවල සාන්ද්‍රණය වැඩි වි ඇති බවට මත පලවේ. මෙසේ අස්වභාවිකව හරිතාගාර වායුවල සාන්ද්‍රණය ඉහළ යාම නිසා ඇතිවන හරිතාගාර ආචරණය "වැඩි කරන ලද හරිතාගාර ආචරණය"1 යනුවෙන් හැඳින්වේ.
1.4) වැඩිකරන ලද හරිතාගාර ආචරණයේ ප්‍රථිපල
ගෝලිය උණුසුම්විම - විද්යාඥයන් ගණන් බලා ඇති අන්දමට 21 වන ශතවර්ෂය තුල මිහිතලයේ උෂ්ණත්වය ඉහලයාම අවම වශයෙන් 11C කි. මෙසේ විමට හේතුන් නම් හරිතාගාර ආචරණය හා වනාන්තර එලිපෙහෙළි කිරිමයි. ගෝලිය උණුසුම වැඩිවිම නිසා අයිස් දියවිම හා සාගර ජල මට්ටම ඉහල යැම, වර්ෂාපතන රටාවන් වෙනස් වීම සිදුවිම මෙන්ම එය මිනිසාගේ හා ශාක වල පැවැත්මටද බලපායි.2
එහෙයින් මෙම අහිතකර ප්‍රථිපල වලින් මිදිමටනම් ගෝලිය උණුසුම්විම අවම කලයුතුය. ඒ සදහා හරිතාගාර වායුන් විමෝචනය අවම කල යුතුය.
1.5) දැනට ගෝලිය උණුසුම ඉහල නැංවිමට මෙන්ම හරිතාගාර වායුන් විමෝචනයට දායක වන්නේ කුමන ක්ශේත්‍රයන්ගෙන්ද?
• ප්‍රවාහන ක්ශේත්‍රය
• ගොඩනැගිලි ක්ශේත්‍රය
• කර්මාන්ත ක්ශේත්‍රය
ඇමරිකා එක්සත් ජනපදයේ දත්තයන්ට3 අනුව එරට ශක්ති පරිභෝජනයෙන්(ප්‍රස්තාරය A) භාගයක් පමණ භාවිතා කරන්නේ ගොඩනැගිලි සදහාය.එමෙන්ම එරටින් විමෝචනය කරන හරිතාගාර වායු වලින් අර්ධයකට හේතුව ගොඩනැගිලිය. එමෙන්ම සමස්ත ලෝකයේම බලශක්ති පරිභෝජනය හා හරිතාගාර වායු විමෝචනය ගත් කල එම ප්‍රමානයන් මිට වඩා විය හැකිය. එරට නිපදවන විදුලි බලයෙන් 76% (ප්‍රස්තාරය B) පමණ වැය වන්නේ ගොඩනැගිලි සදහාය.
ඇමරිකා එක්සත්ජනපදයේ විදුලි බලය පරිභෝජනය (ප්‍රස්තාරය B)
එනම් ගෝලිය උණුසුම්විම අවම කිරිමට නම් ගොඩනැගිලි ක්ශේත්‍රයෙන් එයට දෙන දායකත්වය අඩු කල යුතුය. ඒ සදහා විසදුම නම් පරිසර හිතකාමි ඉදිකිරිම්(Sustainable Construction) සදහා යොමුවිමයි
2) පරිසරහිතකාමි ඉදිකිරිම් (Sustainable Construction) කල හැක්කේ කෙසේද?
2.1.1) බිත්ති (Wall)
මෙහිදි යෙදෙන වැදගත් සංකල්පයක් වනුයේ deep-energy retrofit යන්නයි 4. ශිත කාලයන්හි නිවාස වලින් විමෝචනය කරන හරිතාගාර වායුන්(greenhouse gas) අවම කිරිම deep-energy retrofit යොදවයි.මෙහිදි බිත්ති පරිවරනය (Insulation) R-30 හෝ ඉට වැඩි අගයකටද ඉහල මහල් පරිවරනය(attic insulation) R-50 හෝ ඉට වැඩි අගයකටද සිදු කරයි. මෙම retrofit ක්‍රමය තාක්ශනිකව අභියෝගයක් නොවුවද එය අධික වියදම් සහගත වැඩපිලිවෙලකි.
මේ සදහා භාවිතාකරන එක් ක්‍රමයක් වන්නේ පරිවරනිත කොන්ක්‍රිට් පැනලයන්ය. එය කොටස් හතරකින් සමන්විතවේ. මෙම ක්‍රමය නිවාසයන්හි පිටත බිත්ති ආවරණය සදහා යොදා ගනි.
• Plastic clips (called R-etro Ties)
• Galvanized steel starting track
• Fasteners.
ජායාරුපය 2
එහෙත් එය එතරම් ගැටලුවක් නොවන්නේ පිටතින් යොදන පරිවාරකය බිත්තියේ උෂ්නත්වය වැඩි කරන නිසාය.
මෙය නිසියාකාරව සිදුවිමට නම් පිටතින් යොදන පරිවරනය, පිටත බිත්තිවල ඇතුලත පෘෂ්ඨය තුශාර අංකයට(dew point) වඩා ඉහල අගයක තිබෙන සේ නියමිත ඝනකමකින් තිබිය යුතුය
මෙය නිසා නිවාසවල විදුලි බිල අඩුවිම, වායුසමිකරණවල ආයුකාලය වැඩිවිම වැනි වාසි ඇතිවේ.
2.1.2) වහලය (Roof)
2.1.2.1) Cool Roof5
අධෝරක්ත කිරණ හා පාරජම්බුල කිරණ පරාවර්ථනය කරමින් ගොඩනැගිල්ල තුලට එන තාප ප්‍රමාණය අඩු කරන, එනම් වැඩි පරාවර්ථන අගයක් ඇති, හා වැඩි තාප විමෝචනතාවයක් ඇති, එනම් පරාවර්ථනය නොකර උරා ගත් තාපය නිදහස් කල හැකි වහලයක් සිසිල් වහලයකි.
මෙම සිසිල් වහල මගින් ගොඩනැගිල්ලේ සිසිල් කිරිමට අවශය ධාරිතාව හා අඩුකරන අතරම වහලයේ ආයුකාලය වැඩි කරයි.
A) Coated roofs
එහෙත් මෙහි ඇති අවාසිය නම් කාලයත් සමග ආලේපනය අපවිත්‍රවිම නිසා පරාවර්තන හැකියාව 50% පමණ දක්වා පහත් වැටිමයි.
Cool Roofs Rating Council (CRRC) මගින් සමහරක් වහල ආවරණයන්ගේ පරාවර්ථන අගයන් පරික්ශාකර ඇත. මෙහිදි සමහර වහල ආවරණ 80%ක් පමණ සුර්යය තාපයක් පරාවර්ථනයක් කරන අතර තවත් සමහරක් පරාවර්ථනය කරන්නේ 25% තරම් ප්‍රමාණයකි.එමෙන්ම මෙහිදි පරාවර්ථනය කරන සුර්‍යය තාපය ප්‍රමාණය මෙන්ම උරාගත් තාපය විමෝචනය කිරිමේ හැකියාවද සුදුසු අමුද්‍රව්‍යක් තොරාගැනිමේදි සැලකිලිමත් විය යුතුය.
B) Green roofs
සාමානයයෙන් Green roof කොටස් කිහිපයකින් සමන්විතවේ.
• Roofing membrane
• Memberance protection & roof barrier
• Insulation
• Drainage, water storage & root barrier
• Growing medium
• Vegetation
i) Intensive
ii) Extensive
මෙහිදි අඩියක තරම් ගැඹුරැති පස් තට්ටුවක් යොදා සාම්ප්‍රධායික ගෙවත්තක් ලෙසින්ම ගස්, පදුරු හා වෙනත් දේ යොදා සිත් ඇදගන්නා ලෙසින් සකසයි. වාරිමාර්ග(Irregation) හා අපවහන(Dranage) පද්ධතියකින්ද සමන්විත වන ලෙස සකසන්නේ එහි වැසියන්ට මෙහි සිය කටයුතුවල යෙදිමට හැකිවන පරිදිය. මෙම වහල ගොඩනැගිලේ වෙත සැලකියයුතු බරක් යොමු කරන අතරම හොද නඩත්තුවක්ද අවශයවේ.
ii) Extensive roofs
මෙහිදි යෙදෙන්නේ අගල් 6ක පමණ පස් තට්ටුවකි. එහි කුඩා ශාක සිටුවන අතර මේ වර්ගයේ වහල සදහා අවශයවන්නේ අවම නඩත්තුවකි.
Green roofs නිසා ලැබෙන ප්‍රතිලාභ
1) ශාක කාබන්ඩයෝක්සයිඩ් අවශෝෂනය කර ඔක්සිජන් මුදාහරින නිසා වාතය පිරිසිදුවේ.
2) පාරජම්බුල කිරන නිසා වහලවලට වන හානිය අවම කර දිගු ආයු කාලයක් ලබා දිම.
Cool roof හි ප්‍රයෝජන
1) වායු සමිකරණවලට වැයවන විදුලි බලය අඩු කර විදුලිබිල අඩුකරයි.
2) නිවැසියන්ගේ සුව පහසු බව වැඩිකරන අතර අලුතින් වායුසමිකරණවල අවශයතාවය අඩු කරයි.
3) අවශයකරන වායුසමිකරණ පද්ධතියේ ප්‍රමාණය අඩුකaරන අතරම ඒවායේ ආයුකාලය වැඩි කරයි.
4) වහල නඩත්තුකිරිමේ වියදම් අඩුවන අතර එහි ආයුකාලය වැඩිවේ.
5) ගෝලිය උණුසුම්විම අඩුවිම
2.2) පරිසරහිතකාමි අමුද්‍රව්‍යයන් භාවිතය
මිලගට අඩුම ඇත්තේ ගඩොල්වලයි, එය දැව වල මෙන් සතර ගුණයකි.ඉන් අනතුරුව අනුපිලිවෙලින් ඇත්තේ කොන්ක්‍රිට් (5 ගුණයක්), ප්ලාස්ටික්(6 ගුණයක් ), විදුරු(14 ගුණයක්), යකඩ(24 ගුණයක්), ඇලුමිනියම්(126 ගුණයක්) ය.
එනම් ඉදිකිරිම සදහා අඩු embodied energy සහිත අමුද්‍රව්‍ය භාවිතය තුලින් ගෝලිය උණුසුම ඉහල යැම අවම කල හැකිවේ.
පරිසරහිතකාමි බිම්තලයන් වනාහි පරිසරහිතකාමි අමුද්‍රව්‍ය (sustainable materials ) යොදාගෙන පරිසරහිතකාමි ක්‍රමවේදයක් (sustainable process ) යොදා ගනිමින් මගින් නිපදවන අතර එය එහි ජිවිතකාලය තුලදි පරිසර පද්ධතියට එල්ල කරන බලපැම අවමවේ.
වර්තමානයේ භාවිතාවන පරිසරහිතකාමි බිම්තලයන් වර්ග කිහිපයකි.
a) Bamboo flooring
b) Cork Flooring
c) Linoleum
d) Rubber Flooring
a) Bamboo flooring
ඉතා වේගයෙන් වැඩෙන ශාකයක් වන උණගස් වලින් නිපදවයි.එය කල්පවත්නා ජල ප්‍රතිරෝධක අමුද්‍රව්‍යකි.මෙය Formica and plywood වැනි laminate Flooring වලට වඩා වියදම් සහගතය.
ගසට හානියක් නොවන අයුරින් ඔක් ගසේ පොත්ත ඉවත් කිරිමෙන් නිපදවයි.එහෙයින් මෙය නිසා පරිසරයට කිසිදු හානියක් සිදු නොවේ.මෙය හොද පරිවාරකයක් (insulator)නිසා අවම තාපහානියක් සිදුවන අතර එම නිසා ඇවිදිනවිට සුවපහසුවේ.එමෙන්ම හොද ශබ්ද පරිවාරකයක්දවේ. එහෙත් මෙහි ඇති ජලය උරාගැනිමේ ගුණය නිසා නාන කාමර වැනි තෙතමනය සහිත ස්ථාන සදහා සුදුසු නොවේ
වේලන ලද හණ ඇට වර්ග (flax seeds )හා ලිකුඩු(wood flour) වැනි වෙනත් ශාක කොටස් සමග මිශ්‍ර කර මෙය නිපදවයි. එය සම්පුර්ණයෙන්ම නිපදවනු ලබන්නේ දිරායන(biodegradable) හා නැවත ඇතිවන(renewable) අමුද්‍රව්‍ය යොදාගෙනයි
මෙම වර්ගයේ වාසි:
• සවිකිරිම පහසුය
• නඩත්තුව පහසුය
• ප්‍රතිස්ථිකවේ (anti-static)
• ශබ්ද පරිවාරකයකි (sound insulation)
• කම්පනයන් අඩුකරයි (vibration reduction)
• මැලයීම (fading )හා සිගරට් නිසා ඇති ඇතිවන ගිනි ගැනිම්වලට (cigarette burns) ප්‍රතිරෝධකවේ.
කෘතිම රබර්(synthetic rubber) වලින් නිපදවන ඒවා පරිසරහිතකාමි නිශ්පාදන නොවේ.
e) ස්වභාවික හා ප්‍රතිචක්තිකරණය කල හැකි කලාලයන් (Natural and Recycled Carpet)
බැටලු ලොම් (wool), පොල් ලෙලි (coconut husk) වැනි ස්වභාවික කෙදි (natural fibers ) වලින් කරල ලද බුමුතුරුණු (carpets ) පරිසර හිතකාමිවේ.
Sunday, 14 June 2009
C. ඩ්‍රෝවින් හා පිරිවිතර මත පදනම් ක්‍රමය (Based on Drawings and Specification)
මෙම ක්‍රමය නිත්‍ය ප්‍රමාණ පත්‍ර ක්‍රමයට(Fixed bills of quantities) බොහෝ සෙයින් සමානය,එහෙත් ප්‍රධානතම වෙනස්කම වනුයේ ටෙන්ඩර්කරුවන් සදහා ප්‍රමාණ පත්‍රයක් ලබා නොදිමයි. මෙහිදි ටෙන්ඩර්කරුවන් ප්‍රමාණයන්(Quantities), ලබාදුන් ඩ්‍රෝවින්(Drawing) මගින් ගණනය කල යුතුය.
සාමානයෙන් මෙම ක්‍රමය භාවිතා කරනු ලබන්නේ කුඩාප්‍රමාණයේ ඉදිකිරිම සදහා හා උප කොන්ත්‍රත් සදහායි.(Sub-contract)
මේ ක්‍රමයේ ඇති විශේෂ ලක්ෂණයන් වන්නේ
1) ටෙන්ඩර් ලියකියවිලි නිකුත් කරනු ලබන්නේ නිසි ලෙස සම්පුර්ණ කරන ලද ඩ්‍රෝවින් හා පිරිවිතර සමග විම.
2) සැලැසුමේ නිමාව සමගම ඉක්මනින් කොන්ත්‍රත්තුව වෙත එලබිය හැක.
වාසි:
1) ප්‍රමාණ පත්‍රයන් පිලියෙල කිරිමට කාලයක් වැය නොවන නිසා ටෙන්ඩර් ලියකියවිලි පිලියෙල කිරිමට ගතවන කාලය අඩුය.
2) පාර්ශව දෙකටම කොන්ත්‍රතුව අත්සන් කරන අවස්ථාවේදි තම තමන්ගේ වගකිම් පිලිබදව මනා අවබෝධයක් ඇත.
අවාසි:
1) ටෙන්ඩර් මුදල සදහා විස්තරාත්මක බෙදුමක් නොමැත.(එහෙත් ටෙන්ඩර් ලියකියවිලි භාරදිමේදිම හෝ ඉන් පසුව මෙම ටෙන්ඩර් මුදල සදහා විස්තරාත්මක බෙදුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිය හැක)
2) ඉහත හේතුව නිසා විචලනයන්(Variations) ඇගයිම(Valuation) අපහසුය
From: Birchall,S. & Ramus,J.,1996.Contract Practice for Surveyors.3rd ed.Great Britain:Laxton’s