Sunday 23 December 2018

GOOD NEWS FOR OWNERS SUFFERING FROM DEFECTIVE WORK BY CONTRACTORS




There is some refreshing news for owners suffering from defective construction work by main contractor and sub-contractors – domestic or nominated by a recent decision of the New South Wales (NSW) Australia Court of Appeal – PND Civil Group Pty Ltd v Bastow Civil Construction Pty Ltd [2017] NSWCA 159 (27 June 2017).

The case arose out of a claim for damages by a main contractor, particularly costs incurred by him for rectifying defective works executed by a sub-contractor.

Reading between the lines it might sound simple, but there is more to it than meets the eye. In the context of defective work carried out by a main contractor or any of his sub-contractors, it is the main contractor’s responsibility under any building contract to put it right for the owner with whom he has a contract and from whom he has received payment for the works. Extending this rue or maxim, whatever one might call the sub-contractor has a similar responsibility to the main contractor but not to the owner as the sub-contractor has no contract with the owner and all sub-contract work payments are paid direct by the main contractor from monies he has received from the owner. So, then what seems to be the problem?

When defects are detected either in a punch list at the time of taking over the works from the contractor or latent defects appear during the defects liability period (or defects notification period according to the FIDIC Red Book), the defects have to be rectified at his own by the person who caused – to the owner it is the main contractor, to the main contractor the sub-contractor. That may be simple in terms of understanding, but consider the time and expenses of the owner and his staff and the inconvenience he is put through depending on the extent of the defects.
I have ventured to cite the NSW case stated above in full for the benefit of owners, consultants, and contractors alike who continue to suffer from defective work and not only put stakeholders in difficulties but also many of the construction team’s reputation at stake. Incidentally, NSW and all Australian cases for that matter, being common law cases akin to Sri Lanka decisions of the Australian Courts can be cited in support in Sri Lanka as well as long as the case cited is not remote or overridden by another decision.

This case centers upon whether the one suffering the effects of the defective work can claim the cost of management time as damages.

THE FACTS OF THE CASE

Bastow Civil Constructions (Bastow) contracted with Energy Australia to undertake work that involved constructing trenches in public roads, installing cable ducts in those trenches and backfilling and sealing trenches.

Bastow subcontracted some of that work to PND Civil Group (PND).
Bastow claimed that PND's work was defective and successfully sued PND in the District Court of New South Wales, for (part of) the cost of the rectification works.

The District Court judge concluded that Bastow had suffered loss and quantified Bastow's loss as the costs of the rectification work, namely $269,355.

In quantifying the loss, the District Court judge excluded an amount of $43,669 claimed by Bastow for the time its employees spent in connection with the defects and their rectification.

The $43,669 part of Bastow's claim against PND was rejected by the District Court judge because "there is no evidence that the allocation this time resulted in any additional cost to Bastow".
Bastow challenged this conclusion in its cross-appeal filed in the New South Wales Court of Appeal.
Bastow submitted that the District Court judge had erred in holding that Bastow was not entitled to recover, as an element of its damages, the cost of the management time spent by its employees in dealing with PND's defective work.

THE DECISION OF THE NSW COURT OF APPEAL

The NSW Court of Appeal unanimously found against Bastow concluding that there was no evidence that Bastow had incurred any additional management expenses.

The Court found that:

a. it did not appear that Mr Bastow caused himself or the other staff member involved (who were both employees of Bastow) to be paid overtime or any other compensation or additional remuneration;
b. nor did it appear that any additional staff or contractors were employed, either to
i. to deal with PND's defective work and its consequences, or
ii. to attend to tasks from which Mr Bastow had been distracted because of his attention to matters of defect rectification; or
c. there was no evidence that Bastow had been prevented from seeking or taking up any valuable business opportunity because Mr Bastow's attention was focused on PND's breach of the contract and its consequences.

When might the cost of management time be allowed in a damages claim for rectification of defective work?

To successfully claim the cost of management time, as damages for breach (defective work), the claimant must prove that it incurred additional expense.
The Court noted that damages may be recoverable for lost management time in certain circumstances such as where the Claimant can prove that;
a. existing staff were paid more, or
b. additional staff were employed to either:
i. manage the breach of the contract and its consequences; or
ii. attend to tasks from which existing staff had been distracted because of their attention to the defective work issues; or
c. if no additional staff were employed, but the diversion of management time to the breach of contract meant that the employer lost other valuable business opportunities, then damages might be allowed, although the quantification of lost business opportunity may be difficult to establish.

So how can this decision be good news for the Owner or Main contractor?

Take heart one can still claim damages for the cost of management time lost in dealing with the rectification of defective work carried out by your contractor or subcontractor, but you must prove that you have incurred additional costs.

These additional costs incurred, which you must be able to prove, will most likely be in the form of:
a. additional payments (such as overtime or additional remuneration) made to staff members; or
b. the employment or engagement of additional staff or contractors, either to deal with the subcontractor's defective work and its consequences or to attend to tasks from which your employees have been distracted because of their attention to the rectification of the defective work.

Hence it is not a closed door for you if you are prudent enough to have records as the British eminent contacts and claims lawyer and Quantity Surveyor often stresses in his lectures – RECORDS, RECORDS AND RECORDS and nothing like proper records will prove a claim.

By M Haris Z Deen
Ph.D., MBA., BSc., LLB (Hons)., FRICS

Note: Many thanks to the Dr. Haris Deen for providing us with this article.

Saturday 19 May 2018

ඉදිකිරිම් නීතියට පෙරවදනක්


1)      නීතිය යනු

නීතිය යනු මානව චර්‍යාවන් නියාමනය උදෙසා පනවා ඇති නියමයන්ය. මානව ක්‍රියාකාරකම් නිසා ලැබුණු අත්දැකිම් නිසාවෙන් පැනවුණු මෙම නියමයන්,  මානවයාගේ උප්පත්තියේ සිට විපත දක්වාත්, ඉන් පසුවත් බලපායි. සමාජයේ හර පද්ධතියක් ලෙසින්ද ක්‍රියාකරන  නීතිය, සමාජයේ සංවර්ධනයට රුකුලක් වන අතරම සමාජයේ සාමාජිකයින් අතර බැදිම ඇති කරයි. විටෙක සමාජයේ යහපත උදෙසා  මානව පැවතුම සිමාකරන අතර   එයට අනුකූල නොවන අයව දඬුවම් කරයි/සමාජයෙන් බැහැර කරයි. 

2)      නීති පද්ධති (legal systems)

ලෝකයේ ඇති නීති පද්ධතින් කිහිපයකි. ඒවායින් ප්‍රධානතම නීති පද්ධතින් දෙක නම් සිවිල් නීති පද්ධතිය (Civil Law system) හා පොදු නීති පද්ධතියයි (Common Law system). රෝම අධිරාජ්‍යයෙන් බිහිවු සිවිල් නීති පද්ධතිය වර්තමානයේ ප්‍රංශය, ජර්මනිය හා මැදපෙරදිග ඇතුළු රටවල ගණනාවක බල පැවැත්වේ. සිවිල් නීති පද්ධතින්හිදි නීතිය ලෙස බලාත්මක කල හැක්කේ, ව්‍යවස්ථාව (Constitution) හා ව්‍යවස්ථාදායකය (legislature, e.g. Parliament) විසින් සම්මත කර ඇති නීතින්ය. පොදු නීතියේ මෙන් අධිකරණයේ නඩු තීන්දු තුලින් නීතින් බිහි නොවේ.
පොදු නීති පද්ධතින්වලදි ව්‍යවස්ථාව හා ව්‍යවස්ථාදායකය විසින් සම්මත කර ඇති නීතින් (උදා: 1995 අංක  11 දරණ බේරුම් කරණය පිලිබදව පනත -Arbitration Act) වලට අමතරව අධිකරණයේ නඩු තීන්දු තුලින් ද නීතින් බිහි වේ (උදා: වේග සිමා ලකුණු කර නැති මාර්ගවලදි අධික වේගයෙන් ගමන් කිරීමේ වරදට දඬුවම් පැමිණිය නො හැක යන්න පසුගිය කාලයේ ලබා දුන් නඩු තීන්දුවකින් බිහිවු නීතියකි ). එනම් නීතින් බිහිවිමේ මුලාශ දෙකකි, අධිකරණය හා ව්‍යවස්ථාදායකය.

3)      පොදු නීති පද්ධතියේ (Common legal system) ප්‍රභේද

පොදු නීතියේ ප්‍රභේද ගණනාවකි, ඒ අතුරින් ප්‍රධානතම දෙක නම්, රාජ්‍ය නීතිය(Public Law) හා පෞද්ගලික නීතියයි (Private Law). පෞද්ගලික නීතිය රටේ පුරවැසියන් අතර ඇති සම්බන්ධකම්වලට බලපාන අතර රාජ්‍ය නීතිය රජය හා එහි පුරවැසියන් අතර ඇති සම්බන්ධතාවට බලපායි. ව්‍යවස්ථා නීතිය (Constitution), පරිපාලන නීතිය (Administrative law), අපරාධ නීතිය (Criminal Law) හා පටිපාටි නීතිය (Procedural Law), රාජ්‍ය නීති සදහා උදාහරණ වන අතර සිවිල් නීතිය (Civil Law), සේවා නියුක්ති නීතිය (Employment Law) හා සමාගමි නීතිය (Company Law), පෞද්ගලික නීති සදහා උදාහරණවේ.
එමෙන්ම හරවත් නීතිය (Substantive Law) හා පටිපාටි නීතිය(Procedural Law) ලෙසින් ද නීතිය වර්ග කරයි. හරවත් නීතිය පාර්ශවයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර පටිපාටි නීතිය එම  අයිතිවාසිකම් ලබාගැනීමට උපකාර වේ. පටිපාටි නීතියේ ඇත්තේ යම් නඩුවක් ගොනු කිරීමේ හා එයට අදාළ ක්‍රියා පටිපාටියයි (උදා: පාර්ශවයක් අධිකරණයට කැඳවන ආකාරය ). හරවත් නීතියේ ඇත්තේ පාර්ශවයන්ගේ අයිතිවාසිකම්  ලබාගැනීමට අදාළ විධිවිධානයි (උදා: වන්දි ලබාගැනීමේ අයිතිය). සාක්ෂි පනත පටිපාටි නීතිය යටතේ වන අතර ගිවිසුම් නීතිය(Contract law) හරවත් නීතිය  යටතේ වේ.

4)      අපරාධ නීතිය හා සිවිල් නීතිය

සමහර මානවයින්ගේ හැසිරිම තවත් එක් මානවයෙකුට හෝ කිහිපදෙනෙකුට පමණක් බලපාන අතර (පෞද්ගලික හබ) සමහරෙකුගේ හැසිරිම  ඉන් ඔබ්බට ගොස් සමස්ථ සමාජයටම බලපායි(සාමාජයික හබ).
මෙම සමාජයික හබ සමාජයේ පදනමට අහිතකර ලෙස බලපාන බැවින් එම සමාජ විරෝධි ක්‍රියා 'සාපරාධී 'ක්‍රියා ලෙස සැලකෙන අතර ඒවා නීතිය 'අපරාධ' නීතිය (Criminal Law) යටතට ගැනේ. පෞද්ගලික හබ අයත් වන්නේ 'සිවිල්' නීතිය(Civil Law) යටතටයි. අපරාධ නීතිය යටතේ නඩු ගොනු කරනු ලබන්නේ රජය(පොලිසිය) විසින් වන අතර සිවිල් නීතිය යටතේ නඩු ගොනු කරනු ලබන්නේ අගතියට පත් පුද්ගලයා විසිනමය. ශ්‍රී ලංකාවේ නම් මහේස්ත්‍රාත් අධිකරණයේ (Magistrate Court) විභාග කරන්නේ අපරාධ නීතිය යටතේ ගොනු කෙරෙන නඩු වන අතර ප්‍රාථමික අධිකරණයේ (Primary Court) විභාග කරන්නේ සිවිල් නීතිය යටතේ ගොනු කෙරෙන නඩුය. එහෙත් උපරිම අධිකරණයන් වන, අභියාචනාධිකරණය (Appeal Court) හා ශ්‍රේෂ්ඨාධිකරණයේ (Supreme Court) මෙම වර්ග දෙකේ ම නඩු විභාග කරයි. අපරාධ නීතිය යටතේදි අධිකරණයෙන් වරද කරුට දඬුවම් ලබා දෙන අතර (උදා: සිර ගත කිරිම), සිවිල් නීතිය යටතේදි අධිකරණයෙන් අගතියට පත් පාර්ශවයට ප්‍රතිකර්ම කරයි (උදා: වන්දි ගෙවිම ). සිවිල් නීතිය යටතේ එන ප්‍රධානතම අංශ දෙක නම් කොන්ත්‍රාත් නීතිය (Contract Law) හා දිලික්ත/ තෝරත නීතියයි (Tort).

5)      කොන්ත්රාත් නීතිය (Contract law)

ගිවිසුමක්(Agreement) යනු නීතියෙන් බලාත්මක (Enforce) කල හැකි පොරොන්දුවක් (promise) හෝ පොරොන්දු මාලාවකි. මෙසේ ගිවිසුම් පිලියල කිරීමට හා ඒවා බලාත්මක කිරීමට අදාළ නීතිය කොන්ත්‍රත් නීතියයි(Contract Law).
උදා: ගිවිසුමක් නීතිය ඉදිරියේ බලාත්මක කිරීමට නම් එහි, අර්පණයක්(Offer), ප්‍රතිග්‍රහණයක්(Acceptance), ප්‍රතිෂ්ඨාවක්(Consideration), නෛතික චේතනාව(Legal intention) හා ගිවිසුම් ශක්නුතාවය (Capacity) යන මූලිකාංග තිබිය යුතුයි.

6)      දිලීක්ත/ තෝරත නීතිය (Law of Tort)

හානි පුර් ණයට අදාළ නීතිය දිලීක්ත(Delict) /තෝරත(Tort) නීතියයි. දිලික්ත නීතිය රෝම ලන්දේසි නීති (Roman Dutch law) ක්‍රමයෙන් වර්ධනයවු නීතියක් වන අතර එයට අනුරුප ඉංග්‍රිසි නීතිය (English Law) තෝරත නීතියයි. ලංකාවේ ප්‍රධාන වශයෙන් භාවිතා වන්නේ දිලික්ත නීතිය වුවද එයට තෝරත නීතිය බලපා ඇත.
උදාහරණයක් ලෙස වාස්තුවිද්‍යාඥයාගේ සැලසුමේ වරදකින් සේවා යෝජකයාට යම් අලාභයක් වුවහොත් එම අලාභය/හානිය දිලික්ත නීතිය යටතේ එන නොසැලකිල්ල (Negligence)  නිසාවු හානියක් ලෙස සලකන අතර, එය දිලික්ත නීතිය යටතේ අයකර ගත හැකි වේ.

7)      ඉදිකිරීම් නීතිය (Construction Law)

ඉදිකිරීම් නීතිය යනු ඉහත කතා කල ආකාරයේ නීතියේ එක් ප්‍රභේදයක් ලෙස නො සැලකේ. එය ඉදිකිරීම් ක්ෂේත්‍රයට සෘජුවම සම්බන්ධ හා එයට බලපාන නීති ප්‍රබේදයන්ගේ එකතුවකි. කොන්ත්‍රත් නීතිය, දිලික්ත නීතිය, ගැටුම් නිරාකරණයට සම්බන්ධ නීති, ගොඩනැගිලි සැලසුම්කරණයට හා අනුමැතියට අදාල නීති, සේවා නියුක්තියට අදාල නීති, දේපල සම්බන්ධ නීති එහි ප්‍රධාන පාර්ශව වේ. එහෙත් එහි සිමාවක් හෝ ඉදිකිරීම් නීතිය යන්නට එක් නිශ්චිත අර්ථකතනයක් නැත.

මූලාශ්‍ර:
1.       පලිහපිටිය, E.D. 2016. වාණිජ/ව්‍යාපාර නීතිය (4වන සංස්කරණය).
5.       https://en.wikipedia.org/wiki/List_of_national_legal_systems

Friday 9 February 2018

ප්‍රමාණ සමික්ෂණය පිලිබදව පාඨමාලා



1.            මොරටුව විශ්ව විශ්වවිද්‍යාලය (University of Moratuwa)   
2.            College of Quantity Surveying (Under Institute of Quantity Surveyors, Sri Lanka)              
3.            ජෙනරාල් සර් ජොන් කොතලාවල ආරක්ෂක විශ්ව විශ්වවිද්‍යාලය (General Sir John Kothalawala Defence University-KDU)    
4.            වෘත්තිය තාක්ශණ විශ්වවිදයාලය (University of Vocational Technology - UNIVOTEC)          
5.            ශ්‍රි ලංකා තොරතුරු තාක්ශණ ආයතනය  (Sri Lanka Institute of Information Technology -SLIIT)
6.            Colombo School of Construction Technology (CSCT)       
7.            British College of Applied Studies-BCAS
8.            International College of Business and Technology (ICBT)               
9.            Sri Lanka Institute of Advanced Technological Education               
10.          වෘත්තිය පුහුණු අධිකාරිය (Vocational Training Authority)
11.          Centre for Housing Planning and Building - CHPB              
12.          තාක්ෂණ විද්යාල (Technical Colleges)     
13.          Advanced Construction Training Academy (ACTA)           
14.          Apprenticeship Training Institute – ATI 

15.          ලලිත් ඇතුලත්මුදලි වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය.

1.     මොරටුව විශ්ව විශ්වවිද්‍යාලය (University of Moratuwa)

  · පාඨමාලාව: ප්‍රමාණ සමික්ෂණය පිලිබදව විද්‍යාවේදී ගෞරව උපාධි පාඨමාලාව (B.Sc Hon's in Quantity Surveying)
.සුදුසුකම පිරිනමන ආයතනය­ - මොරටුව විශ්ව විශ්වවිද්‍යාලය
· කෙටි හැදින්විමක්:මොරටුව විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි ආර්ථික විද්‍යා දෙපාර්තුමේන්තුවේ පැවැත්වෙන මෙම පාඨමාලාවට දැනට(2017) වසරකට සිසුන් 125 බදවා ගැනේ. දැනට ශ්‍රි ලංකාව තුල පැවැත්වෙන ප්‍රමාණ සමික්ෂක පාඨමාලා අතුරින් වඩාත් පිලිගැනිමක් ඇති පාඨමාලාව මෙය වේ.
· පාඨමාලාවේ ස්වභාවය: පුර්ණ කාලින
· පාඨමාලාව පවත්වන ආකාරය: මුහුණට මුහුණලා පවත්වන දේශන මගින්
· පාඨමාලාවේ කාලය: අවුරුදු හතරක් (මාස 8ක ක්ශේත්‍ර පුහුණු කාලයද ඇතුලත්ව)
· පාඨමාලාවේ ගාස්තු: නොමිලේ
· ඇතුලත්විමේ සුදුසුකම්: විශ්වවිද්‍යාල ප්‍රවේශයට අවශ්‍යය අවම ලකුණු, ගණිත අංශයෙන් ලබා තිබිම හා සාමාන්‍ය පෙළ විභාගයේදි ඉංග්‍රිසි හා ගණිතය සදහා සම්මාන සාමාර්ථයන්ද(C), විද්‍යාව සදහා සාමාන්‍ය සාමාර්ථයක්ද(S) ලබා ගැනිමයි. ඒ ඒ වසර සදහා කඩයිම් ලකුණු(Z score) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නිකුත් කරනු ලබන අතර, 2015 වසරේ උසස් පෙළ සදහා කඩයිම් ලකුණු කොලඹ දිස්ත්‍රික්කය සදහා 1.7049කි. එනම් සාමාන්‍යයෙන් කොලඹ දිස්තික්කයෙන් නම්, A-1, B-2 වැනි ප්‍රතිඵලයක් ලබා ගත යුතුය.
· මාධ්‍යය: ඉංග්‍රිසි
· වැඩිදුර අධ්‍යාපන අවස්ථා: දේශිය හා විදේශිය විශ්වවිද්‍යාල වල පශ්චාත් උපාධි පාඨමාලා (ව්‍යාපෘති කලමණාකරණය හා ඉදිකිරිම නිතිය පිලිබද පශ්චාත් උපාධි පාඨමාලා මෙම දෙපාර්තුමෙන්තුව තුලම පවති.) සාමාන්‍යයෙන්, අවසන් විභාගයෙන් ඉහලම ප්‍රථිපල ලබාගන්නා අය සදහා දේශිය/විදේශිය විශ්වවිද්‍යාල වල ආචාර්‍ය උපාධි හැදැරිම සදහා ශිෂ්‍යතව පිරිනැමේ.
· පිලිගැනිම:
   · Institute of Quantity Surveyors Sri Lanka since year 1986
   · Royal Institution of Chartered Surveyors since year 1997
   · Australian Institute of Quantity Surveyors since year 1999
   · Chartered Institution of Civil Engineering Surveyors since year 2010
   · Association of South African Quantity Surveyors
   · Building Surveyors Institute of Japan
   · Canadian Institute of Quantity Surveyors
   · The Hong Kong Institute of Surveyors
   · The Institute of Surveyors, Malaysia
   · New Zealand Institute of Quantity Surveyors
   · Singapore Institute of Surveyors and Valuers
· වරලත් ප්‍රමාණ සමික්ෂකවරයෙකු විමේ මග: මාර්ගය1
· හැදැරිමට හැකි විෂයයන්: මෙම පහත වෙබ් අඩවියෙන් ලබාගන්න,
· වෙබ් අඩවිය: www.becon.mrt.ac.lk
· වැඩි විස්තර: 011 2 650738 or 011 2 650301 ( Ext: 7200 )/ info-becon@uom.lk
· පාඨමාලා පැවැත්වෙන ස්ථාන: මොරටුව
· අයදුම්පත් කැදවන කාලය: විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩයිම් ලකුණු නිකුත් විමෙන් පසුව


2    2. College of Quantity Surveying (Under Institute of Quantity Surveyors, Sri Lanka)


B.Sc Hon's in Quantity Surveying

· පාඨමාලාව: ප්‍රමාණ සමික්ෂණය පිලිබදව විද්‍යාවේදී ගෞරව උපාධි පාඨමාලාව (B.Sc Hon's in Quantity Surveying)
· සුදුසුකම් පිරිනමන ආයතනය­: උපාධිය - Northumbia University, UK
· කෙටි හැදින්විමක්- ප්‍රමාණ සමික්ෂණ වෘත්තිය වෙනුවෙන් 2007 අංක 20 දරණ පනතින් බලය පැවරුනු ශ්‍රි ලංකා ප්‍රමාණ සමික්ෂකවරුන්ගේ ආයතනය යටතේ පිහිටවු College of Quantity Surveying මගින් මෙම පාඨමාලා පවත්වනු ලබයි. ශ්‍රි ලංකා ප්‍රමාණ සමික්ෂකවරුන්ගේ ආයතනය විසින්ම පවත්වන පාඨමාලාවක් නිසා දිවයින තුල ඉහල පිලිගැනිමක් ඇත.
· පාඨමාලාවේ ස්වභාවය: පුර්ණ කාලින
· පාඨමාලාව පවත්වන ආකාරය:මුහුණට මුහුණලා පවත්වන දේශන මගින්
· පාඨමාලාවේ කාලය: To Be Updated
· පාඨමාලාවේ ගාස්තු: To Be Updated
· ඇතුලත්විමේ සුදුසුකම්: To Be Updated
· මාධ්‍යය: ඉංග්‍රිසි
· වැඩිදුර අධ්‍යාපන අවස්ථා: පශ්චාත් උපාධි පාඨමාලා
· පිලිගැනිම: ශ්‍රි ලංකා ප්‍රමාණ සමික්ෂකවරුන්ගේ ආයතනය(IQSSL) හා රාජකිය වරලත් සමික්ෂකවරුන්ගේ රාජකිය ආයතනය (RICS), UK
· වරලත් ප්‍රමාණ සමික්ෂකවරයෙකු විමේ මග: To Be Updated
· හැදැරිමට හැකි විෂයයන්: To Be Updated
· වෙබ් අඩවිය: www.iqssl.lk
· වැඩි විස්තර: 011 2369798 / college@iqssl.lk
· පාඨමාලා පැවැත්වෙන ස්ථාන: To Be Updated
· අයදුම්පත් කැදවන කාලය: To Be Updated

HND in Quantity Surveying

· පාඨමාලාව: ප්‍රමාණ සමික්ෂණය පිලිබදව උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව(HND in Quantity Surveying)
· සුදුසුකම් පිරිනමන ආයතනය­: College of Quantity Surveying
· කෙටි හැදින්විමක්- ප්‍රමාණ සමික්ෂණ වෘත්තිය වෙනුවෙන් 2007 අංක 20 දරණ පනතින් බලය පැවරුනු ශ්‍රි ලංකා ප්‍රමාණ සමික්ෂකවරුන්ගේ ආයතනය යටතේ පිහිටවු College of Quantity Surveying මගින් මෙම පාඨමාලා පවත්වනු ලබයි. ශ්‍රි ලංකා ප්‍රමාණ සමික්ෂකවරුන්ගේ ආයතනය විසින්ම පවත්වන පාඨමාලාවක් නිසා දිවයින තුල ඉහල පිලිගැනිමක් ඇත.
· පාඨමාලාවේ ස්වභාවය: පුර්ණ කාලින
· පාඨමාලාව පවත්වන ආකාරය: මුහුණට මුහුණලා පවත්වන දේශන මගින්
· පාඨමාලාවේ කාලය: මාස 30යි. (මාස 12ක ක්ශේත්‍ර පුහුණු කාලයද ඇතුලත්ව)
· පාඨමාලාවේ ගාස්තු: රු.250,000.00
· ඇතුලත්විමේ සුදුසුකම්:
* උසස් පෙළ ගණිත හෝ විද්‍යා විෂය ධාරාවෙන් විෂයන් දෙකකින් සමත් විම හා උසස් පෙළ ඉංග්‍රිසි විෂය සමත්විම.
* උසස් පෙළ වාණිජ විෂය ධාරාවෙන් විෂයන් දෙකකින් සමත් විම හා උසස්පෙළ ඉංග්‍රිසි විෂය සමත් විම හා සාමාන්‍ය පෙළ විභාගයේදි ගණිතය හා විද්‍යාව සදහා අවම වශයෙන් B සාමාර්ථයන් සහිතව සමත් විම.
* උසස් පෙළ තාක්ෂණ විෂය ධාරාවෙන් විෂයන් දෙකකින් සමත් විම හා උසස්පෙළ ඉංග්‍රිසි විෂය සමත් විම
· මාධ්‍ය : ඉංග්‍රිසි
· වැඩිදුර අධ්‍යාපන අවස්ථා:
* එක්සත් රාජධානියේ Northumbria විශ්වවිද්‍යාලයේ ප්‍රමාණ සමික්ෂණය පිලිබද විද්‍යාවේදී ගෞරව උපාධිය මෙරටදිම සම්පුර්ණ කල හැකිය.
* වෘත්තිය මට්ටමේ අධ්‍යාපනයක් අදියර තුනකින්(අදියර I, අදියර II, අදියර III) ලබා ගත හැක.
· පිලිගැනිම: ශ්‍රි ලංකා ප්‍රමාණ සමික්ෂකවරුන්ගේ ආයතනය(IQSSL)
· වරලත් ප්‍රමාණ සමික්ෂකවරයෙකු විමේ මග: මාර්ගය 3
· හැදැරිමට හැකි විෂයයන්: To Be Updated
· වෙබ් අඩවිය: www.iqssl.lk
· වැඩි විස්තර: 011 2369798 / college@iqssl.lk
· පාඨමාලා පැවැත්වෙන ස්ථාන: නාරහෙන්පිට
· අයදුම්පත් කැදවන කාලය: To Be Updated


Professional Level 1, 2 & 3

· පාඨමාලාව: වෘත්තිය මට්ටම් 1,2 හා 3(Professional Level 1,2 &3 )
· සුදුසුකම් පිරිනමන ආයතනය­ - College of Quantity Surveying
· කෙටි හැදින්විමක්- ප්‍රමාණ සමික්ෂණ වෘත්තිය වෙනුවෙන් 2007 අංක 20 දරණ පනතින් බලය පැවරුනු ශ්‍රි ලංකා ප්‍රමාණ සමික්ෂකවරුන්ගේ ආයතනය යටතේ පිහිටවු College of Quantity Surveying මගින් මෙම පාඨමාලා පවත්වනු ලබයි. ශ්‍රි ලංකා ප්‍රමාණ සමික්ෂකවරුන්ගේ ආයතනය විසින්ම පවත්වන පාඨමාලාවක් නිසා දිවයින තුල ඉහල පිලිගැනිමක් ඇත.
· පාඨමාලාවේ ස්වභාවය: අර්ධකාලින
· පාඨමාලාව පවත්වන ආකාරය: මුහුණට මුහුණලා පවත්වන දේශන මගින්
· පාඨමාලාවේ කාලය: To Be Updated
· පාඨමාලාවේ ගාස්තු: වසරකට රු. 100,000.00.
· ඇතුලත්විමේ සුදුසුකම්:
* වෘත්තිය මට්ටම I- ආයතනය විසින් පිලිගන්නා ප්‍රමාණ සමික්ෂණය පිලිබදව සහතික,ඩිප්ලෝමා, උසස් ජාතික ඩිප්ලෝමාවක්, ආයතනයේ ශිෂ්‍ය සාමාජිකත්වය හා වසර දෙකක පලපුරුද්ද
* වෘත්තිය මට්ටම 2,3- වෘත්තිය මට්ටම 1/2 සම්පුර්ණ කිරිම
· මාධ්‍යය: ඉංග්‍රිසි
· වැඩිදුර අධ්‍යාපන අවස්ථා: -
· පිලිගැනිම: ශ්‍රි ලංකා ප්‍රමාණ සමික්ෂකවරුන්ගේ ආයතනය(IQSSL)
· වරලත් ප්‍රමාණ සමික්ෂකවරයෙකු විමේ මග: අදියර III සාර්ථකව සමත්වි වසරක පලපුරුද්දක් ලබාගැනිමෙන් පසුව ශ්‍රි ලංකා ප්‍රමාණ සමික්ෂකවරුන්ගේ ආයතනයේ තාක්ෂණික සාමාජිකත්වය(Technical membership) ලබාගත හැකි අතර, තාක්ෂණික සාමාජිකත්වය හා වසරක පලපුරුද්ද එක්ව ගත්විට උපාධිධාරි සාමාජිකත්වය(Graduate membership) හා සමවේ. තාක්ෂණික සාමාජිකත්වය ලබාගැනිමෙන් අනතුරුව වසර තුනක පුහුණු කාලයකින් පසුව වරලත් ප්‍රමාණ සමිෂකවරයෙකු විය හැක.
· හැදැරිමට හැකි විෂයයන්: To Be Updated
· වෙබ් අඩවිය: www.iqssl.lk
· වැඩි විස්තර: 011 2369798 / college@iqssl.lk
· පාඨමාලා පැවැත්වෙන ස්ථාන: නාරහෙන්පිට
· අයදුම්පත් කැදවන කාලය: To Be Updated

3.     ජෙනරාල් සර් ජොන් කොතලාවල ආරක්ෂක විශ්ව විශ්වවිද්‍යාලය (General Sir John Kothalawala Defence University-KDU)

· පාඨමාලාව: ප්‍රමාණ සමික්ෂණය පිලිබදව විද්‍යාවේදී ගෞරව උපාධි පාඨමාලාව (B.Sc Hon's in Quantity Surveying)
· සුදුසුකම් පිරිනමන ආයතනය­ - ජෙනරාල් සර් ජොන් කොතලාවල ආරක්ෂක විශ්ව විශ්වවිද්‍යාලය
· කෙටි හැදින්විමක්- රජයේ විශ්වවිද්‍යාලයක පාඨමාලාවක් වන අතර ආරක්ශක අංශවලට සම්බන්ධ නොවි මුදල් ගෙවා ඔනැම අයෙකුට මෙම පාඨමාලාව හැදැරියහැකිය.
· පාඨමාලාවේ ස්වභාවය: පුර්ණ කාලින
· පාඨමාලාව පවත්වන ආකාරය: මුහුණට මුහුණලා පවත්වන දේශන මගින්
· පාඨමාලාවේ කාලය: අවුරුදු හතරක් (ක්ශේත්‍ර පුහුණු කාලයද ඇතුලත්ව)
· පාඨමාලාවේ ගාස්තු: - To Be Updated
· ඇතුලත්විමේ සුදුසුකම්:
* වයස අවුරුදු 17-30 අතර විම
* උසස් පෙළ විභාගය ගණිත අංශයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශයට අවශ්‍යය අවම ලකුණු සහිතව සමත්වි තිබිම හෝ ඒ හා සමාන සුදුසුකමක්
* සාමාන්‍ය පෙළ විභාගයේදි ඉංග්‍රිසි සදහා සම්මාන සාමාර්ථයක්(C) ලබා තීබිම.
· මාධ්‍යය: ඉංග්‍රිසි
· වැඩිදුර අධ්‍යාපන අවස්ථා: පශ්චාත් උපාධි පාඨමාලා හැදැරිය හැකිය
· පිලිගැනිම: -
· වරලත් ප්‍රමාණ සමික්ෂකවරයෙකු විමේ මග: මාර්ගය 2
· හැදැරිමට හැකි විෂයයන්: පහත වෙබ් අඩවියෙන් ලබාගත හැක.
· වෙබ් අඩවිය: www.kdu.ac.lk
· වැඩි විස්තර: 011-3370661/ kdudefence@kdu.ac.lk
· පාඨමාලා පැවැත්වෙන ස්ථාන: සුරියවැව
· අයදුම්පත් කැදවන කාලය: To Be Updated

4.     වෘත්තිය තාක්ශණ විශ්වවිදයාලය (University of Vocational Technology - UNIVOTEC)

   පාඨමාලාව: ප්‍රමාණ සමික්ෂණය පිලිබදව තාක්ශණවේදි උපාධි පාඨමාලාව (Bachelor of Technology in Quantity Surveying)
· සුදුසුකම් පිරිනමන ආයතනය­ - වෘත්තිය තාක්ශණ විශ්වවිද‍යාලය
· කෙටි හැදින්විමක්: මෙය රැකියාවේ නියුතු තාක්ශණික මට්ටමේ ප්‍රමාණ සමික්ශකයන්ට, උපාධි මට්ටමට සිය සුදුසුකම් ඉහල නංවා ගැනිමට හදුන්වාදුන් පාඨමාලාවක් වන අතර එය පවත්වන වෘත්තිය තාක්ශණ විශ්වවිදයාලය 2008 අංක 31 දරන පනත යටතේ පිහිටවනු ලැබු රජයේ විශ්ව විද‍යාලයකි.
· පාඨමාලාවේ ස්වභාවය: අර්ධ කාලින
· පාඨමාලාව පවත්වන ආකාරය: මුහුණට මුහුණලා පවත්වන දේශන මගින්
· පාඨමාලාවේ කාලය: වසර තුනකි
· පාඨමාලාවේ ගාස්තු:To Be Updated
· ඇතුලත්විමේ සුදුසුකම්:
* පස් වන ජාතික නිපුණතා මට්ටමේ(NVQ-Level 5) හෝ ඒ හා සමාන ප්‍රමාණ සමික්ෂණ ඩිප්ලෝමා සුදුසුකමක් හෝ,
* වෙනත් ඔනැම ප්‍රමාණ සමික්ෂණ ඩිප්ලෝමා සුදුසුකමක් සමග තෘතියීක හා වෘත්තිය අධ්‍යාපන කොමිසම් සභාවේ ලියාපදිංචි සමාගමක වසරක පලපුරුද්ද(සුදුසුකම ලබා ගැනිමෙන් පසුව).
· මාධ්‍යය: ඉංග්‍රිසි
· වැඩිදුර අධ්‍යාපන අවස්ථා: උපාධියෙන් පසුව පශ්චාත් උපාධි පාඨමාලා හැදැරිය හැකිය.
· පිලිගැනිම: -
· වරලත් ප්‍රමාණ සමික්ෂකවරයෙකු විමේ මග: මාර්ගය 2
· හැදැරිමට හැකි විෂයයන්: පහත වෙබ් අඩවියෙන් ලබාගත හැක.
· වෙබ් අඩවිය: www.univotec.ac.lk
· වැඩි විස්තර: 0112630700/univotec@univotec.ac.lk
· පාඨමාලා පැවැත්වෙන ස්ථාන: රත්මලාන
· අයදුම්පත් කැදවන කාලය:To Be Updated

5.     ශ්‍රි ලංකා තොරතුරු තාක්ශණ ආයතනය  (Sri Lanka Institute of Information Technology -SLIIT)

   .පාඨමාලාව: ප්‍රමාණ සමික්ෂණය පිලිබදව විද්‍යාවේදී ගෞරව උපාධි පාඨමාලාව (B.Sc Hon's in Quantity Surveying)
· සුදුසුකම් පිරිනමන ආයතනය­ - Liverpool John Moores University, UK
· කෙටි හැදින්විමක්- To Be Updated
· පාඨමාලාවේ ස්වභාවය:පුර්ණ කාලින
· පාඨමාලාව පවත්වන ආකාරය: මුහුණට මුහුණලා පවත්වන දේශන මගින්
· පාඨමාලාවේ කාලය: වසර තුනකි, පිලිගන්නා ලද වෙනත් පාඨමාලා සදහා උදා: HND in QS, Edexel, NVQ level 5, NCT, City & Guilds, NDT, NDES & HNDE civil and etc.) හදාරා ඇති අය සදහා පාඨමාලා කාලය වසර එකකි.
· පාඨමාලාවේ ගාස්තු: රු. 1,030,000.00 (රු.135,000 + 2%NBT per semester*6+ GBP 950)
· ඇතුලත්විමේ සුදුසුකම්: උසස් පෙළ විෂයන් දෙකකින් සමත් විම හෝ ඒ හා සමාන සුදුසුකමක් / ඉහත සදහන් කල පිලිගන්නා ලද වෙනත් පාඨමාලා+Aptitude Test
· මාධ්‍යය: ඉංග්‍රිසි
· වැඩිදුර අධ්‍යාපන අවස්ථා: උපාධියෙන් පසුව පශ්චාත් උපාධි පාඨමාලා හැදැරිය හැකිය.
· පිලිගැනිම: රාජකිය වරලත් සමික්ෂකවරුන්ගේ රාජකිය ආයතනය (RICS), UK
· වරලත් ප්‍රමාණ සමික්ෂකවරයෙකු විමේ මග: මාර්ගය 2
· හැදැරිමට හැකි විෂයයන්: පහත වෙබ් අඩවියෙන් ලබාගත හැක.
· වෙබ් අඩවිය: www.sliit.lk
· වැඩි විස්තර: +94 11 754 4801/ info@sliit.lk
· පාඨමාලා පැවැත්වෙන ස්ථාන: මාලබේ
· අයදුම්පත් කැදවන කාලය: අයදුම්පත්‍ර භාරගන්නා අවසාන දිනය 2018 ජනවාරි මස 18.

6.     Colombo School of Construction Technology (CSCT)

M.Sc in Quantity Surveying

· පාඨමාලාව: ප්‍රමාණ සමික්ෂණය පිලිබදව පශ්චාත් උපාධි පාඨමාලාව (M.Sc in Quantity Surveying)
· සුදුසුකම පිරිනමන ආයතනය:­ University of Salford, UK
· කෙටි හැදින්විමක්:To Be Updated
· පාඨමාලාවේ ස්වභාවය: ශ්‍රි ලංකාවේදි හැදැරිය හැකිය.
· පාඨමාලාව පවත්වන ආකාරය: මුහුණට මුහුණලා පවත්වන දේශන මගින්
· පාඨමාලාවේ කාලය: වසර 1යි
· පාඨමාලාවේ ගාස්තු: GBP 7,000.00 (රු. මිලියන1.4)
· ඇතුලත්විමේ සුදුසුකම්:
*   ඉදිකිරිම් ක්ශේත්‍රයට සම්බන්ධ දෙවන පන්තියේ උපාධියක්(උදා:සිවිල් ඉංජිනේරු/වාස්තුවිද්‍යා)
* ඉදිකිරිම් ක්ශේත්‍රයට සම්බන්ද නැති දෙවන පන්තියේ උපාධියක් සමග ඉදිකිරිම් ක්ශේත්‍රයේ සැලකිය යුතු පලපුරුද්දක් තිබිම
* ඉහත සුදුසුකම් වලට අමතරව සාමාන්‍ය පෙළ විභාගයේදි ඉංග්‍රිසි සදහා සම්මාන සාමාර්ථයක්ද තිබිම අත්‍යාවශ්‍යයි.
· මාධ්‍යය: ඉංග්‍රිසි
· වැඩිදුර අධ්‍යාපන අවස්ථා: -
· පිලිගැනිම: රාජකිය වරලත් සමික්ෂකවරුන්ගේ රාජකිය ආයතනය (RICS), UK
· වරලත් ප්‍රමාණ සමික්ෂකවරයෙකු විමේ මග: To Be Updated
· හැදැරිමට හැකි විෂයයන්: පහත වෙබ් අඩවියෙන් ලබාගත හැක.
· වෙබ් අඩවිය: www.csct.edu.lk
· වැඩි විස්තර: 011 406 1263/ contact@csct.edu.lk
· පාඨමාලා පැවැත්වෙන ස්ථාන: පිටකොට්ටේ
· අයදුම්පත් කැදවන කාලය: සැම වසරකම ජනවාරි,මැයි හා සැප්තැම්බර් මාස වල

B.Sc Hon's in Quantity Surveying


. පාඨමාලාව: ප්‍රමාණ සමික්ෂණය පිලිබදව විද්‍යාවේදී ගෞරව උපාධි පාඨමාලාව (B.Sc Hon's in Quantity Surveying)
     · සුදුසුකම පිරිනමන ආයතනය:­ University of Salford, UK
· කෙටි හැදින්විමක්:To Be Updated
· පාඨමාලාවේ ස්වභාවය: පුර්ණ කාලිනව ශ්‍රි ලංකාවේදි හැදැරිය හැකිය. අවශ්‍යනම් පාඨමාලාවෙන් කොටසක් බ්‍රිතානයේදි සම්පුර්ණ කල හැකිය.
· පාඨමාලාව පවත්වන ආකාරය: මුහුණට මුහුණලා පවත්වන දේශන මගින්
· පාඨමාලාවේ කාලය:
o වසර හතරයි(මාස 12ක ක්ශේත්‍ර පුහුණු කාලයද ඇතුලත්ව)
o වසර තුනයි(මාස 12ක ක්ශේත්‍ර පුහුණුව නොමැතිව)
වෙනත් ප්‍රමාණ සමික්ෂණ පාඨමාලා හදාරා ඇති අයට මිට අඩු කාලයකින් සම්පුර්ණ කල හැකිය(වසර 1,2 න් සම්පුර්ණ කලහැක).
· පාඨමාලාවේ ගාස්තු:
o පාඨමාලාවේ කාලය වසර 3 නම් - බ්‍රිතාන්‍ය පවුම් 6,000.00 (රු. 1,300,000.00),
o පාඨමාලාවේ කාලය වසර 2 නම් - බ්‍රිතාන්‍ය පවුම් 4,000.00 (රු. 875,000.00),
o පාඨමාලාවේ කාලය වසර 1 නම් - බ්‍රිතාන්‍ය පවුම් 3,000.00 (රු. 650,000.00)
o ලියාපදිංචි ගාස්තු- බ්‍රිතාන්‍ය පවුම් 250(රු. 55,000.00)
· ඇතුලත්විමේ සුදුසුකම්:
o උසස් පෙළ සම්මාන සාමාර්ථයක්(C-1) හා සාමාන්‍ය සාමාර්ථ 3කින්(S-3) සමත්විම(ඉංග්‍රිසි සමග) හෝ ඔනැම උපාධියක්.
o ප්‍රමාණ සමික්ෂණ උසස් ජාතික ඩිප්ලෝමාවක් ඇති අය සෘජුවම තෙවන වසර සදහා ඇතුලත් විය හැක
o ඉදිකිරිම් ක්ශේත්‍රයට සම්බන්ධ උසස් ජාතික ඩිප්ලෝමාවක්/උපාධියක්(උදා:සිවිල් ඉංජිනේරු/වාස්තුවිද්‍යා), College of Estate Management හී ප්‍රමාණ සමික්ෂණ ඩිප්ලෝමාව, ශ්‍රි ලංකා ප්‍රමාණ සමික්ෂකවරුන්ගේ ආයතනයේ වෘත්තිය මට්ටම් 3 සමත් අය සෘජුවම දෙවන වසර සදහා ඇතුලත් විය හැක
o ඉහත සුදුසුකම් වලට අමතරව සාමාන්‍ය පෙළ විභාගයේදි ඉංග්‍රිසි සදහා සම්මාන සාමාර්ථයක්ද තිබිම අත්‍යාවශ්‍යයි.
· මාධ්‍යය: ඉංග්‍රිසි
· වැඩිදුර අධ්‍යාපන අවස්ථා: උපාධියෙන් පසුව පශ්චාත් උපාධි පාඨමාලා හැදැරිය හැකිය.
· පිලිගැනිම: රාජකිය වරලත් සමික්ෂකවරුන්ගේ රාජකිය ආයතනය (RICS), UK
· වරලත් ප්‍රමාණ සමික්ෂකවරයෙකු විමේ මග: මාර්ගය 2
· හැදැරිමට හැකි විෂයයන්: පහත වෙබ් අඩවියෙන් ලබාගත හැක.
· වෙබ් අඩවිය: www.csct.edu.lk
· වැඩි විස්තර: 011 406 1263/ contact@csct.edu.lk
· පාඨමාලා පැවැත්වෙන ස්ථාන: පිටකොට්ටේ
· අයදුම්පත් කැදවන කාලය: To be Updated


HND in Quantity Surveying & Construction Cost Management

· පාඨමාලාව: ප්‍රමාණ සමික්ෂණය හා ඉදිකිරිම් මුල්‍ය කලමණාකරණය පිලිබදව උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (HND in Quantity Surveying & Construction Cost Management)
· සුදුසුකම් පිරිනමන ආයතනය: Edexcel (Pearson), UK
· කෙටි හැදින්විමක්:මෙම ආයතනයේ Edexcel ඩිප්ලෝමාව හදාරා ලෝකයේ Edexcel සුදුසුකම් පිලිගන්නා ඔනැම විශ්වවිද්‍යාලයකින් උපාධිය දක්වා අධ්‍යාපනය ලැබිය හැක.
· පාඨමාලාවේ ස්වභාවය: පුර්ණකාලින
· පාඨමාලාව පවත්වන ආකාරය: මුහුණට මුහුණලා පවත්වන දේශන මගින්
· පාඨමාලාවේ කාලය: වසර දෙකයි(මාස 6ක ක්ශේත්‍ර පුහුණු කාලයද ඇතුලත්ව)
· පාඨමාලාවේ ගාස්තු: To be Updated
· ඇතුලත්විමේ සුදුසුකම් උසස් පෙළ විෂයන් දෙකකින් සමත්විම
· මාධ්‍යය: ඉංග්‍රිසි
· වැඩිදුර අධ්‍යාපන අවස්ථා: ඩිප්ලෝමාව සම්පුර්ණ කිරිමෙන් පසුව මෙම ආයතනයේම, වෙනත් දේශිය/විදේශිය ආයතනවල, උපාධි පාඨමාලාවන් හැදැරිය හැකිය
· පිලිගැනිම: -
· වරලත් ප්‍රමාණ සමික්ෂකවරයෙකු විමේ මග: මාර්ගය 4
· හැදැරිමට හැකි විෂයයන්: පහත වෙබ් අඩවියෙන් ලබාගත හැක.
· වෙබ් අඩවිය: www.csct.edu.lk
· වැඩි විස්තර: 011 406 1263/ contact@csct.edu.lk
· පාඨමාලා පැවැත්වෙන ස්ථාන: පිටකොට්ටේ
· අයදුම්පත් කැදවන කාලය: To be Updated

7.     British College of Applied Studies-BCAS

BSc(Hons) in Quantity Surveying

· පාඨමාලාව: ප්‍රමාණ සමික්ෂණය පිලිබදව විද්‍යාවේදී ගෞරව උපාධි පාඨමාලාව (B.Sc Hon's in Quantity Surveying)
· සුදුසුකම් පිරිනමන ආයතනය­ - University of Wolverhampton, UK
· කෙටි හැදින්විමක්- මෙම ආයතනයේ හෝ වෙනත් ආයතනයක උසස් ජාතික ඩිප්ලෝමාව සම්පුර්ණ කල අයට මෙම උපාධිය හැදැරිය හැකිවේ.
· පාඨමාලාවේ ස්වභාවය: අර්ධ කාලින
· පාඨමාලාව පවත්වන ආකාරය: මුහුණට මුහුණලා පවත්වන දේශන මගින්
· පාඨමාලාවේ කාලය: වසර1යි.
· පාඨමාලාවේ ගාස්තු: To Be Updated
· ඇතුලත්විමේ සුදුසුකම්: ප්‍රමාණ සමික්ෂණය හා ඉදිකිරිම් ආර්ථික විද්‍යාව පිලිබද උසස් ජාතික ඩිප්ලෝමාව(BTEC HND in Quantity Surveying and Construction Economics) හෝ ඒ හා සමාන සුදුසුකමක්
· මාධ්‍යය: ඉංග්‍රිසි
· වැඩිදුර අධ්‍යාපන අවස්ථා: උපාධියෙන් පසුව පශ්චාත් උපාධි පාඨමාලා හැදැරිය හැකිය.
· පිලිගැනිම: රාජකිය වරලත් සමික්ෂකවරුන්ගේ රාජකිය ආයතනය (RICS), UK
· වරලත් ප්‍රමාණ සමික්ෂකවරයෙකු විමේ මග: මාර්ගය 2
· හැදැරිමට හැකි විෂයයන්: පහත වෙබ් අඩවියෙන් ලබාගත හැක.
· වෙබ් අඩවිය: www.bcas.lk
· වැඩි විස්තර: admissions@bcas.lk / 112 36 44 58
· පාඨමාලා පැවැත්වෙන ස්ථාන: දෙහිවල
· අයදුම්පත් කැදවන කාලය:To Be Updated

BTEC HND in Quantity Surveying and Construction Economics

· පාඨමාලාව: ප්‍රමාණ සමික්ෂණය හා ඉදිකිරිම ආර්ථික විද්‍යාව පිලිබද උසස් ජාතික ඩිප්ලෝමාව(BTEC HND in Quantity Surveying and Construction Economics)
· සුදුසුකම් පිරිනමන ආයතනය­ - Edexcel (Pearson),UK
· කෙටි හැදින්විමක්- Edexcel යනු එක්සත් රාජධානියේ ඇති වෘත්තිය හා අධ්‍යාපන සුදුසුකම් පිරිනමන ආයතනයකි. එය ලොව ඇති ප්‍රමුඛතම අධ්‍යාපන ආයතනයක් වන Parson හි එක් අංශයකි.
· පාඨමාලාවේ ස්වභාවය: පුර්ණ කාලින/ අර්ධ කාලින
· පාඨමාලාව පවත්වන ආකාරය: මුහුණට මුහුණලා පවත්වන දේශන මගින්
· පාඨමාලාවේ කාලය: පුර්ණ කාලින - මාස 18, අර්ධ කාලින -මාස 24 (පුහුණු කාලය නොමැතිව)
· පාඨමාලාවේ ගාස්තු: රු.264,500.00, ලියාපදිංචි විමේ ගාස්තු-රු.12,000, Edexcel ගාස්තු-රු.43,500.
· ඇතුලත්විමේ සුදුසුකම්:
o උසස් පෙළ ඔනැම විෂය ධාරාවකින් විෂයන් දෙකකින් හා ඉංග්‍රිසි විෂයෙන් සමත්විම හා
o ගණිතය හා ඉංග්‍රිසි සදහා සම්මාන සහිතව සාමාන්‍ය පෙළ විභාගය විෂයන් 6කින් සමත් විම හා
o ඉංග්‍රිසි දැනිම, මුලික පරිඝණක දැනිම හා වයස අවුරුදු 18ට වැඩිවිම.
o උසස්පෙළ සුදුසුකම් නොමැතිනම්, මේම ආයතනයේ ඇති පදනම් පාඨමාලාව හැදැරිමෙන් පසුව ඩිප්ලෝමා පාඨමාලාවට ඇතුලු විය හැක
· මාධ්‍යය: ඉංග්‍රිසි
· වැඩිදුර අධ්‍යාපන අවස්ථා: මෙය සම්පුර්ණ කිරිමෙන් පසුව මෙම ආයතනයේදිම ප්‍රමාණ සමික්ෂණය පිලිබද උපාධි පාඨමාලාව හෝ Edexcel සුදුසුකම් පිලිගන්නා වෙනත් ආයතනයක/විශ්වවිද්‍යාලයක ප්‍රමාණ සමික්ෂණය පිලිබද පිලිබද උපාධි පාඨමාලාවක් හැදැරිය හැකිය(සෘජුවම අවසන් වසරට ඇතුලත්විය හැක).
· පිලිගැනිම: -
· වරලත් ප්‍රමාණ සමික්ෂකවරයෙකු විමේ මග: මාර්ගය 4
· හැදැරිමට හැකි විෂයයන්: පහත වෙබ් අඩවියෙන් ලබාගත හැක.
· වෙබ් අඩවිය: www.bcas.lk
· වැඩි විස්තර: admissions@bcas.lk / 112 36 44 58
· පාඨමාලා පැවැත්වෙන ස්ථාන: දෙහිවල
· අයදුම්පත් කැදවන කාලය:To be Updated



8.     International College of Business and Technology (ICBT)

B.Sc (Hons) in Quantity Surveying

· පාඨමාලාව: - ප්‍රමාණ සමික්ෂණ විද්‍යාව පිලිබදව විද‍යාවේදි ගෞරව උපාධි පාඨමාලාව(BSc(Hons) in Quantity Surveying)
· සුදුසුකම් පිරිනමන ආයතනය­ - Birmingham City University, UK
· කෙටි හැදින්විමක්- To Be Updated
· පාඨමාලාවේ ස්වභාවය: පුර්ණ/ අර්ධ කාලින
· පාඨමාලාව පවත්වන ආකාරය: මුහුණට මුහුණලා පවත්වන දේශන මගින්
· පාඨමාලාවේ කාලය: වසර 3 (පිලිගන්නා ලද වෙනත් පාඨමාලා සදහා ඉහත කාලයට වඩා කෙටි කාලයකින් පාඨමාලාව නිම කල හැක උදා: NDT(වසර 1.5), HNDE, NDES, C&G and etc.)
· පාඨමාලා ගාස්තු: - රු.50,000.00(ලියාපදිංචි ගාස්තු)+ රු.300,000.00(පාඨමාලා ගාස්තු)+GBP 1,500.00 (280,000.00- විශ්විවිද්‍යාල ගාස්තු) = රු.630,000.00
· ඇතුලත්විමේ සුදුසුකම්: උසස් ජාතික ඩිප්ලෝමාව හෝ ඒ හා සමාන සුදුසුකමක්/ පිලිගන්නා ලද වෙනත් පාඨමාලා උදා: NDT, HNDE, NDES, C&G etc.
· මාධ්‍යය: ඉංග්‍රිසි
· වැඩිදුර අධ්‍යාපන අවස්ථා: උපාධියෙන් පසුව පශ්චාත් උපාධි පාඨමාලා හැදැරිය හැකිය.
· පිලිගැනිම: රාජකිය වරලත් සමික්ෂකවරුන්ගේ රාජකිය ආයතනය (RICS), UK
· වරලත් ප්‍රමාණ සමික්ෂකවරයෙකු විමේ මග: මාර්ගය 2
· හැදැරිමට හැකි විෂයයන්: පහත වෙබ් අඩවියෙන් ලබාගත හැක.
· වෙබ් අඩවිය: www.icbt.lk
· වැඩි විස්තර: icbtinfo@icbtcampus.edu.lk / 0112 36 44 58
· පාඨමාලා පැවැත්වෙන ස්ථාන: කොලඹ, මාතර, කුරුණැගල, යාපනය,නුවර
· අයදුම්පත් කැදවන කාලය: March & September

HND in Quantity Surveying and Built Environment

· පාඨමාලාව: ප්‍රමාණ සමික්ෂණය පිලිබද උසස් ජාතික ඩිප්ලෝමාව (HND in Quantity Surveying and Built Environment)
· සුදුසුකම් පිරිනමන ආයතනය­ - ICBT
· කෙටි හැදින්විමක්- To Be Updated
· පාඨමාලාවේ ස්වභාවය: පුර්ණ කාලින
· පාඨමාලාව පවත්වන ආකාරය: මුහුණට මුහුණලා පවත්වන දේශන මගින්
· පාඨමාලාවේ කාලය: වසර 2 (පිලිගන්නා ලද වෙනත් පාඨමාලා සදහා ඉහත කාලයට වඩා කෙටි කාලයකින් පාඨමාලාව නිම කල හැක)
· පාඨමාලාවේ ගාස්තු: රු. 392,000.00
· ඇතුලත්විමේ සුදුසුකම්: උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ සමග පදනම් පාඨමාලාව
· මාධ්‍යය: ඉංග්‍රිසි
· වැඩිදුර අධ්‍යාපන අවස්ථා: මෙය සම්පුර්ණ කිරිමෙන් පසුව මෙම ආයතනයේදිම ප්‍රමාණ සමික්ෂණය පිලිබද උපාධි පාඨමාලාව හෝ වෙනත් ආයතනයක/විශ්වවිද්‍යාලයක ප්‍රමාණ සමික්ෂණය පිලිබද පිලිබද උපාධි පාඨමාලාවක් හැදැරිය
· පිලිගැනිම: -
· වරලත් ප්‍රමාණ සමික්ෂකවරයෙකු විමේ මග: මාර්ගය 4
· හැදැරිමට හැකි විෂයයන්: පහත වෙබ් අඩවියෙන් ලබාගත හැක.
· වෙබ් අඩවිය: www.icbt.lk
· වැඩි විස්තර: icbtinfo@icbtcampus.edu.lk / 112 36 44 58/ 011 4 777 888
· පාඨමාලා පැවැත්වෙන ස්ථාන: කොලඹ, මාතර, කුරුණැගල, යාපනය,නුවර
· අයදුම්පත් කැදවන කාලය: පෙබරවාරි

9.     Sri Lanka Institute of Advanced Technological Education

    පාඨමාලාව: - ප්‍රමාණ සමික්ෂණය පිලිබද උසස් ජාතික ඩිප්ලෝමාව (Higher National Diploma in Quantity Surveying)
· සුදුසුකම් පිරිනමන ආයතනය­ - Sri Lanka Institute of Advanced Technological Education
· කෙටි හැදින්විමක්- මෙම ආයතනය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති,අංක 29 දරණ පාර්ලිමෙන්තු පණත මගින් පිහිටුවන ලද රජයේ ආයතනයකි
· පාඨමාලාවේ ස්වභාවය: පුර්ණ කාලින
· පාඨමාලාව පවත්වන ආකාරය: මුහුණට මුහුණලා පවත්වන දේශන මගින්
· පාඨමාලාවේ කාලය: වසර 2 1/2(මාස 6ක ක්ශේත්‍ර පුහුණු කාලයද ඇතුලත්ව)
· පාඨමාලාවේ ගාස්තු: - නොමිලේ
· ඇතුලත්විමේ සුදුසුකම්:
o උසස්පෙළ ගණිත විෂය ධාරාවෙන් විෂයන් තුනකින් සමත් විම;
o සාමාන්‍ය පෙළ විභාගයේදි ඉංග්‍රිසි විෂය සමත් විම;
o වයස අවුරුදු 23ට අඩු විම.
· මාධ්‍යය: ඉංග්‍රිසි
· වැඩිදුර අධ්‍යාපන අවස්ථා: ප්‍රමාණ සමික්ෂණ ආයතනයේ වෘත්තිය මට්ටම් පාඨමාලා, වෘත්තිය තාක්ශණ විශ්වවිද්‍යාලයේ උපාධිය හෝ වෙනත් පෞද්ගලික ආයතනවල උපාධි පාඨමාලා හැදැරිය හැකිය.
· පිලිගැනිම: -
· වරලත් ප්‍රමාණ සමික්ෂකවරයෙකු විමේ මග: මාර්ගය 4
· හැදැරිමට හැකි විෂයයන්: පහත වෙබ් අඩවියෙන් ලබාගත හැක.
· වෙබ් අඩවිය: www.sliate.ac.lk
· වැඩි විස්තර: directoradmin@sliate.ac.lk/ 0112 691307/ හෝ පහත දුරකතන අංක මගින්
· පාඨමාලා පැවැත්වෙන ස්ථාන- මට්ටක්කුලිය(011-2521152) හා අක්මිමණ(091-2246179)
· අයදුම්පත් කැදවන කාලය: To Be Updated

10.     වෘත්තිය පුහුණු අධිකාරිය (Vocational Training Authority)

National Diploma - Quantity Surveyor

· පාඨමාලා: - ප්‍රමාණ සමික්ෂණය පිලිබද ජාතික ඩිප්ලෝමාව(National Diploma - Quantity Surveying)
· සුදුසුකම් පිරිනමන ආයතනය­ - වෘත්තිය පුහුණු අධිකාරිය
· කෙටි හැදින්විමක්- වෘත්තිය පුහුණු අධිකාරිය විසින් පවත්වනු ලබන ජාතික වෘත්තිය සුදුසුකම් 5 (NVQ Level 5 ) මට්ටමේ රජයේ පාඨමාලාවකි.
· පාඨමාලාවේ ස්වභාවය: පුර්ණ කාලින
· පාඨමාලාව පවත්වන ආකාරය: මුහුණට මුහුණලා පවත්වන දේශන මගින්
· පාඨමාලාවේ කාලය: මාස 12යි
· පාඨමාලාවේ ගාස්තු:
· ඇතුලත්විමේ සුදුසුකම්: උසස්පෙළ ගණිත විෂය ධාරාවෙන් විෂයන් දෙකකින් සමත් විම
· මාධ්‍යය: සිංහල
· වැඩිදුර අධ්‍යාපන අවස්ථා: ප්‍රමාණ සමික්ෂණ ආයතනයේ වෘත්තිය මට්ටම් පාඨමාලා, වෘත්තිය තාක්ශණ විශ්වවිද්‍යාලයේ උපාධිය හෝ වෙනත් පෞද්ගලික ආයතනවල උපාධි පාඨමාලා හැදැරිය හැකිය.
· පිලිගැනිම: -
· වරලත් ප්‍රමාණ සමික්ෂකවරයෙකු විමේ මග: මාර්ගය 4
· හැදැරිමට හැකි විෂයයන්: To Be Updated
· වෙබ් අඩවිය: www.vtasl.gov.lk
· වැඩි විස්තර: 0112 352 100/ info@vtasl.gov.lk
· පාඨමාලා පැවැත්වෙන ස්ථාන: To Be Updated
· අයදුම්පත් කැදවන කාලය: To Be Updated

National Certificate - Quantity Surveyor

· පාඨමාලාව: - ප්‍රමාණ සමික්ෂණය පිලිබද ජාතික සහතිකය (National Certificate - Quantity Surveying)
· සුදුසුකම් පිරිනමන ආයතනය­ - වෘත්තිය පුහුණු අධිකාරිය
· කෙටි හැදින්විමක්- වෘත්තිය පුහුණුඅධිකාරිය විසින් පවත්වනු ලබන මෙම පාඨමාලාව දෙ ආකාරයකින් හැදැරිය හැකිය;
1) ජාතික වෘත්තිය සුදුසුකම් මට්ටමක් නොමැති (Non-NVQ) රජයේ පාඨමාලාවකි.
2) ජාතික වෘත්තිය සුදුසුකම් 4 (NVQ Level 4) මට්ටමේ රජයේ පාඨමාලාවකි.
· පාඨමාලාවේ ස්වභාවය: පුර්ණ කාලින
· පාඨමාලාව පවත්වන ආකාරය: මුහුණට මුහුණලා පවත්වන දේශන මගින්
· පාඨමාලාවේ කාලය:
o 1) මාස 6යි
o 2) මාස 12යි
· පාඨමාලාවේ ගාස්තු: To Be Updated
· ඇතුලත්විමේ සුදුසුකම්: උසස්පෙළ ගණිත විෂය ධාරාවෙන් විෂයන් දෙකකින් සමත් විම
· මාධ්‍යය: සිංහල
· වැඩිදුර අධ්‍යාපන පන අවස්ථා: -To Be Updated
· පිලිගැනිම: -
· වරලත් ප්‍රමාණ සමික්ෂකවරයෙකු විමේ මග: මාර්ගය 4
· හැදැරිමට හැකි විෂයයන්: To Be Updated
· වෙබ් අඩවිය: www.vtasl.gov.lk
· වැඩි විස්තර: 0112 352 100/ info@vtasl.gov.lk
· පාඨමාලා පැවැත්වෙන ස්ථාන:
· අයදුම්පත් කැදවන කාලය:

National Certificate - Quantity Surveyor Assistant

· පාඨමාලා: - (සහය) ප්‍රමාණ සමික්ෂණය පිලිබද ජාතික සහතිකය (National Certificate - Quantity Surveying Assistant)
· සුදුසුකම් පිරිනමන ආයතනය­ - වෘත්තිය පුහුණු අධිකාරිය
· කෙටි හැදින්විමක්: වෘත්තිය පුහුණු අධිකාරිය විසින් පවත්වනු ලබන ජාතික වෘත්තිය සුදුසුකම් 3 (NVQ Level 3 ) මට්ටමේ රජයේ පාඨමාලාවකි.
· පාඨමාලාවේ ස්වභාවය: පුර්ණ කාලින
· පාඨමාලාව පවත්වන ආකාරය: මුහුණට මුහුණලා පවත්වන දේශන මගින්
· පාඨමාලාවේ කාලය: මාස 6යි
· පාඨමාලාවේ ගාස්තු: To Be Updated
· ඇතුලත්විමේ සුදුසුකම්: උසස්පෙළ ගණිත විෂය ධාරාවෙන් විෂයන් දෙකකින් සමත් විම
· මාධ්‍යය: ඉංග්‍රිසි
· වැඩිදුර අධ්‍යාපන අවස්ථා: - To Be Updated
· පිලිගැනිම: -
· වරලත් ප්‍රමාණ සමික්ෂකවරයෙකු විමේ මග: මාර්ගය 4
· හැදැරිමට හැකි විෂයයන්: To Be Updated
· වෙබ් අඩවිය: www.vtasl.gov.lk
· වැඩි විස්තර: 0112 352 100/ info@vtasl.gov.lk
· පාඨමාලා පැවැත්වෙන ස්ථාන: To Be Updated
· අයදුම්පත් කැදවන කාලය: To Be Updated

11.     Centre for Housing Planning and Building - CHPB

 Diploma in Quantity Surveying

· පාඨමාලා: - ප්‍රමාණ සමික්ෂණය පිලිබද ඩිප්ලෝමාව ( Diploma in Quantity Surveying)
· සුදුසුකම් පිරිනමන ආයතනය­ - Centre for Housing Planning and Building(CHPB)
· කෙටි හැදින්විමක්- මෙම ආයතනය, නිවාස හා ඉදිකිරිම අමාත්‍යාංශයේ, ඉදිකිරිම ක්ශේත්‍ර සංවර්ධන අධිකාරිය යටතේ ඇති රජයේ ආයතනයකි.
· පාඨමාලාවේ ස්වභාවය: අර්ධ කාලින
· පාඨමාලාව පවත්වන ආකාරය: මුහුණට මුහුණලා පවත්වන දේශන මගින්
· පාඨමාලාවේ කාලය: මාස 10 (සතියකට එක් දිනක් පමණයි)
· පාඨමාලාවේ ගාස්තු: - රු.60,000+ විභාග ගාස්තු
· ඇතුලත්විමේ සුදුසුකම්: CHPB ප්‍රමාණ සමික්ෂණය පිලිබද සහතික පත්‍ර පාඨමාලාව සම්පුර්ණ කර තිබිම/ CHPB Pre-Contract and Post-Contract Course/NCT QS/ City & Guilds Diploma (QS) හෝ ඒ හා සමාන සුදුසුකමක්
· මාධ්‍යය: ඉංග්‍රිසි
· වැඩිදුර අධ්‍යාපන අවස්ථා: To Be Updated
· පිලිගැනිම: -
· වරලත් ප්‍රමාණ සමික්ෂකවරයෙකු විමේ මග: මාර්ගය 4
· හැදැරිමට හැකි විෂයයන්: To Be Updated
· වෙබ් අඩවිය: To Be Updated
· වැඩි විස්තර: 011-2787661/cida.chpb@gmail.com
· පාඨමාලා පැවැත්වෙන ස්ථාන: බත්තරමුල්ල
· අයදුම්පත් කැදවන කාලය:දෙසැම්බර්

Certificate in Quantity Surveying

· පාඨමාලා: - ප්‍රමාණ සමික්ෂණය පිලිබද සහතික පත්‍ර පාඨමාලාව ( Certificate in Quantity Surveying)
· සුදුසුකම් පිරිනමන ආයතනය­ - Centre for Housing Planning and Building(CHPB)
· කෙටි හැදින්විමක්- මෙම ආයතනය, නිවාස හා ඉදිකිරිම අමාත්‍යාංශයේ, ඉදිකිරිම ක්ශේත්‍ර සංවර්ධන අධිකාරිය යටතේ ඇති රජයේ ආයතනයකි. මෙම පාඨමාලාව ජාතික වෘත්තිය සුදුසුකම් 4 (NVQ Level 4 ) මට්ටමේ පාඨමාලාවකි.
· පාඨමාලාවේ ස්වභාවය: අර්ධ කාලින
· පාඨමාලාව පවත්වන ආකාරය: මුහුණට මුහුණලා පවත්වන දේශන මගින්
· පාඨමාලාවේ කාලය: මාස 6 (සතියකට එක් දිනක් පමණයි)
· පාඨමාලාවේ ගාස්තු: - රු.30,000+ විභාග ගාස්තු
· ඇතුලත්විමේ සුදුසුකම්: NCT Civil/ Draughtsman courses, ඉදිකිරිම ක්ශේත්‍රයේ වසර දෙකක පලපුරුද්ද හෝ පිලිගත හැකි තාක්ෂණික සුදුසුකමක්
· මාධ්‍යය: To be Updated
· වැඩිදුර අධ්‍යාපන අවස්ථා: මෙම ආයතනයේම ඩිප්ලෝමාව හැදැරිය හැකිය
· පිලිගැනිම: -
· වරලත් ප්‍රමාණ සමික්ෂකවරයෙකු විමේ මග: මාර්ගය 4
· හැදැරිමට හැකි විෂයයන්: - පහත දැන්විමේ දක්වා ඇත
· වෙබ් අඩවිය: To be Updated
· වැඩි විස්තර: 011-2787661/cida.chpb@gmail.com
· පාඨමාලා පැවැත්වෙන ස්ථාන: බත්තරමුල්ල
. අයදුම්පත් කැදවන කාලය:දෙසැම්බර්


Short Courses

      පාඨමාලා:
o 1) Use of Standard Method of Measurement for Building Works
o 2) Pricing of BoQ and Rate Analysis
o 3) Training Programme of Contract Administration
· සුදුසුකම් පිරිනමන ආයතනය­ - Centre for Housing Planning and Building(CHPB)
· කෙටි හැදින්විමක්- To Be Updated
· පාඨමාලාවේ ස්වභාවය: To Be Updated
· පාඨමාලාව පවත්වන ආකාරය: මුහුණට මුහුණලා පවත්වන දේශන මගින්
· පාඨමාලාවේ කාලය:
o 1) දින 6යි
o 2) දින 5යි
o 3) දින 5යි
· පාඨමාලාවේ ගාස්තු:
o 1) රු. 18,000.00
o 2) රු. 15,000.00
o 3) රු. 15,000.00
· ඇතුලත්විමේ සුදුසුකම්:-
· මාධ්‍යය: Sinhala
· වැඩිදුර අධ්‍යාපන අවස්ථා: -
· පිලිගැනිම: -
· හැදැරිමට හැකි විෂයයන්: පහත දැන්විම් බලන්න
· වෙබ් අඩවිය: To be Updated
· වැඩි විස්තර: 011-2787661/cida.chpb@gmail.com
· පාඨමාලා පැවැත්වෙන ස්ථාන: බත්තරමුල්ල
. අයදුම්පත් කැදවන කාලය:දෙසැම්බර්



12.     තාක්ෂණ විද්යාල (Technical Colleges)

Diploma in Quantity Surveying

· පාඨමාලා: - ප්‍රමාණ සමික්ෂණය පිලිබද ඩිප්ලෝමාව ( Diploma in Quantity Surveying)
· සුදුසුකම් පිරිනමන ආයතනය­ - කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව
· කෙටි හැදින්විමක්- කුසලතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යාංශය යටතේ ඇති කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන රජයේ පාඨමාලාවකි.
· පාඨමාලාවේ ස්වභාවය: පුර්ණ කාලින
· පාඨමාලාව පවත්වන ආකාරය: මුහුණට මුහුණලා පවත්වන දේශන මගින්
· පාඨමාලාවේ කාලය: වසර එකකි
· පාඨමාලාවේ ගාස්තු: නොමිලේ
· ඇතුලත්විමේ සුදුසුකම්: සාමාන්‍ය පෙළ ව්භාගය සම්මාන හතරක් සහිතව සමත්වි තිබිය යුතුයි.
· මාධ්‍යය: ඉංග්‍රිසි
· පිලිගැනිම: -
· වරලත් ප්‍රමාණ සමික්ෂකවරයෙකු විමේ මග: මාර්ගය 4
· වැඩිදුර අධ්‍යාපන අවස්ථා: To Be Updated
· හැදැරිමට හැකි විෂයයන්: To Be Updated
· වෙබ් අඩවිය: www.dtet.gov.lk
· වැඩි විස්තර: 011 2348897 / dtetmis@gmail.com
· පාඨමාලා පැවැත්වෙන ස්ථාන: රත්මලාන, අනුරාධපුර හා යාපනය ඇතුලු තාක්ෂණික විද්‍යාල 18කදි පැවැත්වේ.
· අයදුම්පත් කැදවන කාලය: පාඨමාලා ආරම්භය ජනවාරි වන බැවින් ඉට පෙර අයදුම්පත් කැදවේ

National Certificate in Technology

· පාඨමාලා: ජාතික තාක්ෂණික සහතිකය - ප්‍රමාණ සමීක්ෂණය (National Certificate in Technology-Quantity Surveying)
· සුදුසුකම් පිරිනමන ආයතනය­ - කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව
· කෙටි හැදින්විමක්- කුසලතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යාංශය යටතේ ඇති කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන ජාතික වෘත්තිය සුදුසුකම් 5 (NVQ Level 5 ) මට්ටමේ රජයේ පාඨමාලාවකි.
· පාඨමාලාවේ ස්වභාවය: අර්ධ කාලින
· පාඨමාලාව පවත්වන ආකාරය: මුහුණට මුහුණලා පවත්වන දේශන මගින්
· පාඨමාලාවේ කාලය: වසර තුනකි
· පාඨමාලාවේ ගාස්තු: - වසරකට රු.2,000.00කි
· ඇතුලත්විමේ සුදුසුකම්:
o දෙවරකට නොවැඩි වාර ගණනකදි සාමාන්‍යපෙළ ව්භාගය සිංහල හා ගණිතය ඇතුලුව විෂයන් 6කින් සමත්වි තිබිය යුතුයි;
o ප්‍රමාණ සමික්ෂකවරයෙකු ලෙස සේවයේ නියුතුව සිටිය යුතුයි;
o වයස අවුරුදු 17ට වඩා වැඩි විය යුතුයි.
· මාධ්‍යය: ඉංග්‍රිසි
· වැඩිදුර අධ්‍යාපන අවස්ථා: ප්‍රමාණ සමික්ෂණ ආයතනයේ වෘත්තිය මට්ටම් පාඨමාලා, වෘත්තිය තාක්ශණ විශ්වවිද‍යාලයේ උපාධිය හැදැරිය හැකිය.
· පිලිගැනිම: To Be Updated
· වරලත් ප්‍රමාණ සමික්ෂකවරයෙකු විමේ මග: මාර්ගය 4
· හැදැරිමට හැකි විෂයයන්: - වෘත්තිය තාක්ශණ විශ්වවිද්‍යාලයේ උපාධිය හෝ වෙනත් පෞද්ගලික ආයතනවල උපාධි පාඨමාලා හැදැරිය හැකිය.
· වෙබ් අඩවිය: http://www.dtet.gov.lk/web/images/pdf/et.pdf
· වැඩි විස්තර: 011 2348897 / dtetmis@gmail.com
· පාඨමාලා පැවැත්වෙන ස්ථාන: රත්මලාන, අනුරාධපුර හා යාපනය ඇතුලු තාක්ෂණික විද්‍යාල 25කදි පැවැත්වේ.
· අයදුම්පත් කැදවන කාලය: පාඨමාලා ආරම්භය ජනවාරි වන බැවින් ඉට පෙර අයදුම්පත් කැදවේ

Assistant Quantity Surveying

· පාඨමාලා: (සහය) ප්‍රමාණ සමික්ෂණය (Assistant Quantity Surveying)
· සුදුසුකම් පිරිනමන ආයතනය­ - කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව
· කෙටි හැදින්විමක්- කුසලතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යාංශය යටතේ ඇති කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන ජාතික වෘත්තිය සුදුසුකම් 4 (NVQ Level 4 ) මට්ටමේ රජයේ පාඨමාලාවකි.
· පාඨමාලාවේ ස්වභාවය: පුර්ණ කාලින
· පාඨමාලාව පවත්වන ආකාරය: මුහුණට මුහුණලා පවත්වන දේශන මගින්
· පාඨමාලාවේ කාලය: මාස හයකි
· පාඨමාලාවේ ගාස්තු: නොමිලේ
· ඇතුලත්විමේ සුදුසුකම්:
o දෙවරකට නොවැඩි වාර ගණනකදි සාමාන්‍යපෙළ ව්භාගය ගණිතය, විද්‍යාව, සිංහල/දෙමල ඇතුලුව විෂයන් 6කින් සමත්වි තිබිය යුතුයි;
o වයස අවුරුදු 17ට වැඩි නමුත් 29ට අඩු විය යුතුයි.
· මාධ්‍යය: ඉංග්‍රිසි/දෙමල
· වැඩිදුර අධ්‍යාපන අවස්ථා: To be Updated
· පිලිගැනිම: -
· වරලත් ප්‍රමාණ සමික්ෂකවරයෙකු විමේ මග: මාර්ගය 4
· හැදැරිමට හැකි විෂයයන්: To be Updated
· වෙබ් අඩවිය: http://www.dtet.gov.lk/web/images/pdf/et.pdf
· වැඩි විස්තර: 011 2348897 / dtetmis@gmail.com
· පාඨමාලා පැවැත්වෙන ස්ථාන: රත්මලාන හා අනුරාධපුර ඇතුලු තාක්ෂණිය විද්‍යාල 17කදි පැවැත්වේ.
· අයදුම්පත් කැදවන කාලය: පාඨමාලා ආරම්භය ජනවාරි වන බැවින් ඉට පෙර අයදුම්පත් කැදවේ

13.     Advanced Construction Training Academy (ACTA)

Certificate in Quantity Surveying

· පාඨමාලා: ප්‍රමාණ සමික්ෂණය පිලිබද සහතිකය (Certificate in Quantity Surveying)
· සුදුසුකම් පිරිනමන ආයතනය­ - Advanced Construction Training Academy
· කෙටි හැදින්විමක්- රාජ්‍ය හා පෞද්ගලික අංශය එකාබද්ධව පිහිටුවන ලද ACTA ආයතනය මගින් මෙම ජාතික වෘත්තිය සුදුසුකම් 4 (NVQ Level 4 ) මට්ටමේ පාඨමාලාව පවත්වාගෙන යනු ලබයි.
· පාඨමාලාවේ ස්වභාවය: පුර්ණ/ අර්ධ කාලින
· පාඨමාලාව පවත්වන ආකාරය: මුහුණට මුහුණලා පවත්වන දේශන මගින්
· පාඨමාලාවේ කාලය:
o පුර්ණ කාලින- මාස 10 (මාස 6ක ක්ශේත්‍ර පුහුණු කාලයද ඇතුලත්ව)
o අර්ධ කාලින- මාස 12 (සතියට එක් දිනක් පමණයි)
· පාඨමාලාවේ ගාස්තු: - රු. 55,000.00
· ඇතුලත්විමේ සුදුසුකම්:
o පුර්ණ කාලින- සාමාන්‍ය පෙළ ව්භාගය ගණිතය හා විද්‍යාව සමග විෂයන් 6කින් සමත්වි තිබිය යුතුයි.
o අර්ධ කාලින- ඉදිකිරිම් ක්ශේත්‍රයේ වසරක පලපුරුද්ද
· මාධ්‍යය: ඉංග්‍රිසි
· වැඩිදුර අධ්‍යාපන අවස්ථා: To Be Updated
· පිලිගැනිම: -
· වරලත් ප්‍රමාණ සමික්ෂකවරයෙකු විමේ මග: මාර්ගය 4
· හැදැරිමට හැකි විෂයයන්: පහත වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය
· වෙබ් අඩවිය: www.acta.edu.lk
· වැඩි විස්තර: info@acta.edu.lk / 011 278 5321
· පාඨමාලා පැවැත්වෙන ස්ථාන: පැලවත්ත
· අයදුම්පත් කැදවන කාලය: පාඨමාලා ආරම්භය සැප්තැම්බර් වන බැවින් ඊට පෙර අයදුම්පත් කැදවේ

Short Courses

· පාඨමාලා:
o 1) Quantity Surveying -Mechanical and Electrical
o 2) Refresher Course on Quantity Surveying
o 3) Variation Procedures & Extra Works
· සුදුසුකම් පිරිනමන ආයතනය­ - Advanced Construction Training Academy
· කෙටි හැදින්විමක්- To Be Updated
· පාඨමාලාවේ ස්වභාවය: To Be Updated
· පාඨමාලාව පවත්වන ආකාරය: මුහුණට මුහුණලා පවත්වන දේශන මගින්
 පාඨමාලාවේ කාලය:
o 1) & 2)- දින 7යි
o 3) දින 1යි
· පාඨමාලාවේ ගාස්තු:
o 1) &2)- රු. 17,500.00
o 3) - රු. 3,000.00
· ඇතුලත්විමේ සුදුසුකම්:-
· මාධ්‍යය: To Be Updated
· වැඩිදුර අධ්‍යාපන අවස්ථා: -
· පිලිගැනිම: -
· හැදැරිමට හැකි විෂයයන්:
o 1) - http://acta.edu.lk/quantity-surveying-mechanical-and-electrical/
o 2) - http://acta.edu.lk/refresher-course-on-quantity-surveying/
o 3) - http://acta.edu.lk/variation-procedures-extra-works/
· වෙබ් අඩවිය: www.acta.edu.lk
· වැඩි විස්තර: www.acta.edu.lk / 011 278 5321
· පාඨමාලා පැවැත්වෙන ස්ථාන: පැලවත්ත
· අයදුම්පත් කැදවන කාලය: To Be Updated

14.     Apprenticeship Training Institute – ATI

    . පාඨමාලාව: ප්‍රමාණ සමික්ෂණය (Quantity Surveying)
· සුදුසුකම් පිරිනමන ආයතනය­ - ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරිමේ අධිකාරිය (National Apprentice and Industrial Training Authority-NAITA)
. කෙටි හැදින්විමක්- ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරිමේ අධිකාරිය යටතේ ඇති මොරටුව කටුබැද්දේ පිහිටි ආධුනිකයන් පුහුණු කිරිමේ ආයතනයේ මෙම පාඨමාලාව පැවැත්වේ.
· පාඨමාලාවේ ස්වභාවය: අර්ධ කාලින
· පාඨමාලාව පවත්වන ආකාරය: මුහුණට මුහුණලා පවත්වන දේශන මගින්
· පාඨමාලාවේ කාලය: පැය 196
· පාඨමාලාවේ ගාස්තු: - රු. 11,000
· ඇතුලත්විමේ සුදුසුකම්: To Be Updated
· මාධ්‍යය: To Be Updated
· වැඩිදුර අධ්‍යාපන අවස්ථා: To Be Updated
· පිලිගැනිම: -
· වරලත් ප්‍රමාණ සමික්ෂකවරයෙකු විමේ මග: මාර්ගය 4
· හැදැරිමට හැකි විෂයයන්: To Be Updated
· වෙබ් අඩවිය: www.naita.gov.lk
· වැඩි විස්තර: 011 2 888782-5
· පාඨමාලා පැවැත්වෙන ස්ථානය: Moratuwa
· අයදුම්පත් කැදවන කාලය: To Be Updated

15.     ලලිත් ඇතුලත්මුදලි වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය.

    . පාඨමාලා: - (සහය) ප්‍රමාණ සමික්ෂණය පිලිබද ජාතික සහතිකය (National Certificate - Quantity Surveying Assistant)
· සුදුසුකම් පිරිනමන ආයතනය­ - ලලිත් ඇතුලත්මුදලි වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය
· කෙටි හැදින්විමක්- ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික තරුණ සේවා සභාව මගින් මෙහෙයවනු ලබන, තෘතියියක හා වෘත්තිය අධ්‍යාපන කොමිසමේ අනුමැතිය ලත් ලලිත් ඇතුලත්මුදලි වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය විසින් මෙම ජාතික වෘත්තිය සුදුසුකම් 4 (NVQ Level 4 ) මට්ටමේ පාඨමාලාව පවත්වාගෙන යනු ලබයි.
· පාඨමාලාවේ ස්වභාවය:
o පුර්ණ කාලින (සතියකට දින තුනකි)
o අර්ධ කාලින (සතියට එක් දිනකි )
· පාඨමාලාව පවත්වන ආකාරය: මුහුණට මුහුණලා පවත්වන දේශන මගින්
· පාඨමාලාවේ කාලය: පුර්ණ කාලින -මාස 6/ අර්ධ කාලින- මාස 12
· පාඨමාලාවේ ගාස්තු: පුර්ණ කාලින - රු. 34,000/ අර්ධ කාලින- රු. 39,000
· ඇතුලත්විමේ සුදුසුකම්: ගණිතය සදහා සම්මාන සාමාර්ථයක් සහිතව සාමාන්‍ය පෙළ විභාගය සමත් විම
· මාධ්‍යය: To Be Updated
· වැඩිදුර අධ්‍යාපන අවස්ථා: To Be Updated
· පිලිගැනිම: -
· වරලත් ප්‍රමාණ සමික්ෂකවරයෙකු විමේ මග: මාර්ගය 4
· හැදැරිමට හැකි විෂයයන්: පහත වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය
· වෙබ් අඩවිය: www.lavtc.lk
· වැඩි විස්තර: 011 2636910 / lavtc@sti.lk
· පාඨමාලා පැවැත්වෙන ස්ථාන: රත්මලාන
· අයදුම්පත් කැදවන කාලය: පාඨමාලා ආරම්භය ජනවාරි වන බැවින් ඊට පෙර අයදුම්පත් කැදවේ


සටහන්:


1. මෙම ලිපියේ සකස් කර ඇත්තේ, ඒ ඒ ආයතනයක්ගේ වෙබ් අඩවි  වල සදහන් තොරතුරු හා වෙනත් මාර්ගවලින් ලබාගත් තොරතුරු මතයි. පාඨමාලාවක් තොරගැනිමට පෙර එම ආයතනයන් හා සම්බන්ධව එම තොරතුරු තහවුරු කරගන්න.පාඨමාලා මිල ගණන් ලබාගන්නා ලද්දේ 2018 ජනවාරි මසවන අතර ඒවා යාවත්කාලින කර ඇත්නම් පමණක් ඒ සමග යාවත්කාලින කල දිනය සදහන් කරඇත.

2. වරලත් ප්‍රමාණ සමික්ෂකවරයෙකු විමේ මග ලෙස දක්වා ඇත්තේ ශ්‍රි ලංකා ප්‍රමාණ සමික්ෂකවරුන්ගේ ආයතනයේ සංස්ථාපිත සාමාජිකත්වය ලබාගැනිමේ මාර්ගය වන අතර,ඒ සදහා, ඒ සමග ඇති යොමුව(Link) ඔස්සේ ගොස් "වරලත් ප්‍රමාණ සමික්ෂකවරයෙකු විමේ මග" ලිපිය කියවන්න.

3. එමෙන්ම පාඨමාලාවක් තෝරාගැනිමට  පෙර "ප්‍රමාණ සමික්ෂණ වෘත්තියවේදියෙකු විමට අත්වැලක්" ලිපිය කියවන්න.
Related Posts with Thumbnails