ශ්‍රි ලංකාවේ අධ්‍යාපනය මුලිකවම කොටස් 3කට බෙදා දැක්විය හැකිය.එනම්, ප්‍රාථමික,දිවිතීයික හා තෘතියීය අධ්‍යාපනය ලෙසිනුයි.
පාසල් මගින් ක්‍රියාත්මක වන ප්‍රාථමික හා දිවිතීයික අධ්‍යාපනය, අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පරිපාලනය කරන අතර සියලුම සිසුන් එකම විභාග දෙපාර්තුමෙන්තුවක් විසින් පවත්වන එකම විභාගයන්ට
(උ/පෙළ, සා/පෙළ ) මුහුණදෙන
බැවින්, ඒවායින් පිටවන අයගේ සුදුසුකම් වලට ඇති පිළිගැනීම (recognition) හා ඒවායේ
සමානත්වය (uniformity) සැසදිම ප්‍රයෝගිකව පහසුය.
තෘතියීක අධ්‍යාපනය ගත් කල එය පහත පරිදි කොටස් කිහිපයකට බෙදාදැක්විය හැක.
·
සහතික පත්‍ර(සහතිකපත්‍ර, උසස් සහතිකපත්‍ර)
·
ඩිප්ලෝමා ( ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා )
·
ප්‍රථම උපාධි ( උපාධි , ගෞරව උපාධි)
·
පශ්චාත් උපාධි ( සහතිකපත්‍ර, ඩිප්ලෝමා, උසස් උපාධි(Masters), ආචාර්‍ය උපාධි)
ගැටලුව -
වෘත්තිය පාඨමාලවලට ඇති පිළිගැනීම (recognition) හා ඒවායේ සමානත්වය (uniformity) සැසදිම පහසු විම
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම්
සභාව මගින් පාලනය වන රජයේ විශ්වවිද්‍යාල
මගින් ඉහතකි
සුදුසුකම් ලබාදෙන අතර ඒවා එකම ආයතනයක් මගින් පරිපාලනය වන නිසා එම විශ්වවිද්‍යාල වලින් ලබාදෙන
සුදුසුකම් වලට ඇති පිළිගැනීම (recognition) හා ඒවායේ
සමානත්වය (uniformity) සැසදිම ප්‍රයෝගිකව පහසුය.
උසස් පෙළට පෙනි සිටින සිසුන්ගෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශ ලබන්නේ 16%ක් තරම් ප්‍රමාණයකි. ඉතිරි පිරිසෙන් තෘතියීක අධ්‍යාපනයක් ලැබිමට අදහස්
කරන අය සදහා, රජයේ ආයතන, වෘත්තිය
ආයතන, මෙරට පෞද්ගලික ආයතන/විශ්වවිද්‍යාල,
විදේශ විශ්වවිද්‍යාල මගින් විවිධ පාඨමාලා පවත්වනු ලබයි. විවිධ
ආයතන මගින් පවත්වන පාඨමාලාවලට ඇති පිළිගැනීම (recognition) හා ඒවායේ
සමානත්වය (uniformity) සැසදිම ප්‍රයෝගිකව අපහසුය. උදාහරණයක් ලෙස තාක්ෂණ විද්‍යාල මගින්
ලබාදෙන (සහය) ප්‍රමාණ සමික්ෂණය (Assistant Quantity
Surveying)හා වෘත්තිය
පුහුණු අධිකාරිය මගින් ලබාදෙන (සහය) ප්‍රමාණ සමික්ෂණය පිලිබද ජාතික සහතිකය(National Certificate - Quantity Surveying Assistant) යන පාඨමාලාවන්ට ඇති පිළිගැනීම (recognition) හා ඒවායේ
සමානත්වය (uniformity) එකිනෙක සැසදිම අපහසුය.
එමෙන්ම, පිරිසක් තෘතියීක අධ්‍යාපනයක් නොලැබුවද, ඔවුන් විවිධ ක්ශේත්‍රවල රැකියාවල නිරත විමෙන් එම ක්ශේත්‍රවල මනා
නිපුණතාවයක් ලබාගනි. ඔවුන්ටත් ඇති පිළිගැනීම හා ඒවායේ සමානත්වය සැසදිම ප්‍රයෝගිකව අපහසුය.
විසදුම - NVQ
එම ගැටලුවට පිලියමක් ලෙස තෘතීයික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) මට්ටම් 07 කින් යුත් ජාතික වෘත්තීය සුදුසුකම (National
Vocational Qualification - NVQ) හදුන්වා දෙනු ලැබිය. රජයේ
හා පෞද්ගලික අංශයේ තෘතියීක අධ්‍යාපන පාඨමාලා මෙම NVQ සුදුසුකම
ලබාගත්කල, ඒවාට ඇති පිළිගැනීම හා ඒවායේ සමානත්වය සැසදිම පහසුය. උදාහරණයක් ලෙස ඉහතකි තාක්ෂණ විද්‍යාල
පාඨමාලාව NVQ 5 මට්ටමේ පාඨමාලවක්ද වෘත්තිය පුහුණු අධිකාරියේ පාඨමාලව NVQ 4 මට්ටමේ
පාඨමාලවක්දවේ.එමෙන්ම එක් ආයතනයක යම් NVQ සුදුසුකම් මට්ටමක් හැදැරු අයෙකුට වෙනත් ආයතනයකින්,
ඉට ඉහල NVQ මට්ටමේ පාඨමාලාවක් හැදැරිය
හැකි වනු ඇත(උදා: තාක්ෂණ විද්‍යාලවල NVQ 5 මට්ටමේ ප්‍රමාණ සමීක්ෂණය පාඨමාලවක් හැදැරු අයෙකුට වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ
NVQ
7 මට්ටමේ උපාධි පාඨමාලාවට
ඇතුලත් වියහැකිය). තවද සේවායෝජකයින්ටද තමන්
බදවාගන්නා අයගේ සුදුසුකම් වලට ඇති පිළිගැනීම හා ඒවායේ සමානත්වය සැසදිම පහසුවෙන් කල හැකිය.
NVQ මට්ටම්
දැනට හදුන්වාදි ඇති NVQ සුදුසුකම පහත පරිදි මට්ටම් 7කින් සමන්විතය.
මූලාශ්‍රය: www.vtasl.gov.lk1
NVQ ක්‍රමයේ වාසි
ජාතික විශ්වවිද්‍යාල වලින් පිරිනමන උපාධි, ශාස්ත්‍රීය උපාධිවේ.ශාස්ත්‍රීය අධ්‍යාපනය,
පර්යේෂණ සහ උසස් අධ්‍යාපනය සඳහා ඉලක්ක ගත වන අතර වෘත්තීය හෝ රැකියා අරමුණු කරගත්
නොවේ. එහෙත් මෙම NVQ
පාඨමාලා වෘත්තීය හා රැකියා අරමුණු කරගෙන සකසා ඇත.
මෙරට NVQ සුදුසුකම්
විදේශ රටවල රැකියා ලබාගැන්මටද
සුදුසුකමක් ලෙස සලකන බව වෘත්තිය පුහුණු අධිකාරියේ වෙබ් අඩවියේ සදහන් වේ.
“එබැවින් NVQ ක්‍රමය බොහෝ
රටවල පවතින වෘත්තීය සුදුසුකම් මනින එම ක්‍රමවලට සමානය. ඒ අනුව ජාතික වෘත්තීය
සුදුසුකම් (NVQ) ක්‍රමය වෘත්තිකයින් වශයෙන් ගෝලීය රැකියා
වෙළදපොලට පිවිසීමේ ප්‍රධාන සුදුකමක් ලෙස ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන ඇත1.”
එහෙත්, මෙම සුදුසුකම විදේශ රටවල පාඨමාලා හැදැරිමට
සුදුසුකමක් ලෙස සලකන බවට තොරතුරු නැත.
එසේවුවත්, මෙරටට ඇති NVQ නොවන පාඨමාලා සදහා බදවා ගැනිමේදි මෙම NVQ සුදුසුකම සැලකේ. උදාහරණයක් ලෙස
ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයයේ ප්‍රමාණ සමික්ෂණ උපාධි පාඨමාලාවේ කාලය, NVQ 5 ප්‍රමාණ සමික්ෂණ පාඨමාලාවක් සම්පුර්ණ
කර තිබෙන අයට වසරකි (සාමාන්‍ය කාලය වසර තුනකි).
NVQ - SLQF
එමෙන්ම,2016 වසරේදි රජය විසින්
මෙම ජාතික වෘත්තීය සුදුසුකම් රාමුවේ (National
Vocational Qualifications Framework-NVQ) හා ශ්‍රි ලංකා (අධ්‍යාපන) සුදුසුකම් රාමුවේ(Sri Lanka
Qualifications Framework-SLQF) මට්ටම් ගැලපිමට තිරණය කරන
ලදි.ඒඅනුව NVQ 3 හා NVQ 4 මට්ටම්,අනුපිලිවෙලින් SLQF හි අපොස.සා/පෙළ හා උ/පෙළ
විභාගයන්ට සමානව සැලකේ.තවද,ඒ අනුව, NVQ පාඨමාලවක් හැදැරු අයෙකුට SLQF යටතේ එන පාඨමාලාවක් හැදැරිමට හැකියාවක් ඇති බවද පහත ගැලිම් සටහනෙන්
පැහැදිලිවේ.
මූලාශ්‍රය:පිටුව 34- SLQF 5
එමෙන්ම NVQ 7 පාඨමාලාවක් සම්පුර්ණ කල
අයෙකුට SLQF හි පශ්චාත්
උපාධිකරා යැමේ මග විවරව ඇතිබවද පහත ගැලිම් සටහනෙන් පැහැදිලිවේ.
මූලාශ්‍රය:පිටුව 35- SLQF 5
NVQ සුදුසුකම ලබාගතහැකි ආකාරය
මෙම NVQ සුදුසුකම ලබා ගැනිමට ආකාර දෙකක් පවති
·
පුර්ව ඉගෙනුම හදුනාගැනිමේ ක්‍රියාවලිය මගින්(Recognition of
prior learning) - මෙහිදි අදාල අපේක්ශකයා තමන් නිපුනතාවය දක්වන ක්ශේත්‍රයට/වෘත්තියට අදාලව තිබිය යුතු සම්මත දක්ශතාවය(Skills
Standards), අයදුම්කරන NVQ
මට්ටමට තිබෙන බව, ප්‍රමාණවත් සාධක සහිතව
ඔප්පුකර පෙන්විය යුතුය.
·
NVQ පාඨමාලාවක් හැදැරිම මගින්
ප්‍රමාණ සමික්ෂණ වෘත්තියට අදාල NVQ සුදුසුකමක් ලබාගැනිමට හැක්කේ ඉහත දෙවන ආකාරය මගින්ය.
NVQ සුදුසුකම් සහිත ප්‍රමාණ සමික්ෂණ පාඨමාලා
දැනට ක්‍රියාත්මක වන ජාතික වෘත්තීය සුදුසුකම්(NVQ) සහිත ප්‍රමාණ සමික්ෂණ පාඨමාලා මෙසේය.
NVQ Level 7
·
ප්‍රමාණ සමික්ෂණය පිලිබදව
තාක්ශණවේදි උපාධි පාඨමාලාව (Bachelor of Technology in Quantity Surveying) - වෘත්තිය තාක්ෂණ විශ්වවිදයාලය(University of Vocational Technology -
UNIVOTEC)
NVQ Level 5
·
ප්‍රමාණ සමික්ෂණය පිලිබද ජාතික ඩිප්ලෝමාව(National
Diploma - Quantity Surveying)- වෘත්තිය පුහුණු අධිකාරිය (Vocational
Training Authority)
·
ජාතික තාක්ෂණික සහතිකය - ප්‍රමාණ සමීක්ෂණය (National
Certificate in Technology-Quantity Surveying) - කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව (Technical
Colleges)
NVQ Level 4
·
ප්‍රමාණ සමික්ෂණය පිලිබද ජාතික සහතිකය (National
Certificate - Quantity Surveying)- වෘත්තිය පුහුණු අධිකාරිය (Vocational
Training Authority)
·
ප්‍රමාණ සමික්ෂණය පිලිබද සහතිකය (Certificate in Quantity Surveying)- Advanced Construction Training Academy (ACTA)
·
ප්‍රමාණ සමික්ෂණය පිලිබද සහතික පත්‍ර පාඨමාලාව ( Certificate in
Quantity Surveying)- Centre for Housing Planning and Building - CHPB
·
(සහය) ප්‍රමාණ සමික්ෂණය පිලිබද ජාතික සහතිකය (National
Certificate - Quantity Surveying Assistant)- ලලිත් ඇතුලත්මුදලි
වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය
·
(සහය) ප්‍රමාණ සමික්ෂණය (Assistant Quantity Surveying)- කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව (Technical
Colleges)
NVQ Level 3
·
(සහය) ප්‍රමාණ සමික්ෂණය පිලිබද ජාතික සහතිකය (National
Certificate - Quantity Surveying Assistant)- වෘත්තිය පුහුණු
අධිකාරිය (Vocational Training Authority)
විමර්ශන (References)
1.
http://www.vtasl.gov.lk/web/index.php?option=com_content&view=article&id=7&Itemid=149&lang=si
2.
https://en.wikipedia.org/wiki/Education_in_Sri_Lanka
3.
http://www.sundaytimes.lk/091101/FinancialTimes/ft34.html
4.
http://www.naita.gov.lk/index.php?option=com_content&view=article&id=50&Itemid=66&lang=en
5.
http://www.ugc.ac.lk/attachments/1156_SLQF.pdf
6.
https://www.news.lk/news/business/item/13827-nvq-to-replace-o-l-and-a-l-qualifications