Tuesday, 2 January 2018

ජාතික වෘත්තීය සුදුසුකම (National Vocational Qualification - NVQ)


ශ්‍රි ලංකාවේ අධ්‍යාපනය මුලිකවම කොටස් 3කට  බෙදා දැක්විය හැකිය.එනම්, ප්‍රාථමික,දිවිතීයික හා තෘතියීය අධ්‍යාපනය ලෙසිනුයි. පාසල් මගින් ක්‍රියාත්මක වන ප්‍රාථමික හා දිවිතීයික අධ්‍යාපනය, අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පරිපාලනය කරන අතර සියලුම සිසුන් එකම විභාග  දෙපාර්තුමෙන්තුවක් විසින් පවත්වන එකම විභාගයන්ට (උ/පෙළ, සා/පෙළ ) මුහුණදෙන බැවින්, ඒවායින් පිටවන අයගේ සුදුසුකම් වලට ඇති පිළිගැනීම (recognition) හා ඒවායේ සමානත්වය (uniformity) සැසදිම ප්‍රයෝගිකව පහසුය.

තෘතියීක අධ්‍යාපනය ගත් කල එය පහත පරිදි කොටස් කිහිපයකට බෙදාදැක්විය හැක.
·         සහතික පත්‍ර(සහතිකපත්‍ර, උසස් සහතිකපත්‍ර)
·         ඩිප්ලෝමා (ඩිප්ලෝමා,   උසස් ඩිප්ලෝමා )
·         ප්‍රථම උපාධි (උපාධි , ගෞරව උපාධි)
·         පශ්චාත් උපාධි (සහතිකපත්‍ර, ඩිප්ලෝමා, උසස් උපාධි(Masters), ආචාර්‍ය උපාධි)

ගැටලුව - වෘත්තිය  පාඨමාලවලට ඇති පිළිගැනීම (recognition) හා ඒවායේ සමානත්වය (uniformity) සැසදිම පහසු විම

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව  මගින් පාලනය වන රජයේ විශ්වවිද්‍යාල මගින් ඉහතකි සුදුසුකම් ලබාදෙන අතර ඒවා එකම ආයතනයක් මගින් පරිපාලනය වන නිසා එම විශ්වවිද්‍යාල වලින් ලබාදෙන සුදුසුකම් වලට ඇති පිළිගැනීම (recognition) හා ඒවායේ සමානත්වය (uniformity) සැසදිම ප්‍රයෝගිකව පහසුය.

උසස් පෙළට පෙනි සිටින සිසුන්ගෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශ ලබන්නේ 16%ක් තරම් ප්‍රමාණයකි. ඉතිරි පිරිසෙන් තෘතියීක අධ්‍යාපනයක් ලැබිමට අදහස් කරන අය සදහා, රජයේ ආයතන, වෘත්තිය ආයතන, මෙරට පෞද්ගලික ආයතන/විශ්වවිද්‍යාල, විදේශ විශ්වවිද්‍යාල මගින් විවිධ පාඨමාලා පවත්වනු ලබයි. විවිධ ආයතන මගින් පවත්වන පාඨමාලාවලට ඇති පිළිගැනීම (recognition) හා ඒවායේ සමානත්වය (uniformity) සැසදිම ප්‍රයෝගිකව අපහසුය. උදාහරණයක් ලෙස තාක්ෂණ විද්‍යාල මගින් ලබාදෙන (සහය) ප්‍රමාණ සමික්ෂණය  (Assistant Quantity Surveying)හා වෘත්තිය පුහුණු අධිකාරිය මගින් ලබාදෙන (සහය) ප්‍රමාණ සමික්ෂණය පිලිබද ජාතික සහතිකය(National Certificate - Quantity Surveying Assistant) යන පාඨමාලාවන්ට ඇති පිළිගැනීම (recognition) හා ඒවායේ සමානත්වය (uniformity) එකිනෙක සැසදිම අපහසුය.

එමෙන්ම, පිරිසක් තෘතියීක අධ්‍යාපනයක් නොලැබුවද, ඔවුන් විවිධ ක්ශේත්‍රවල රැකියාවල නිරත විමෙන් එම ක්ශේත්‍රවල මනා නිපුණතාවයක් ලබාගනි. ඔවුන්ටත් ඇති පිළිගැනීම හා ඒවායේ සමානත්වය සැසදිම ප්‍රයෝගිකව අපහසුය.

විසදුම - NVQ

එම ගැටලුවට පිලියමක් ලෙස තෘතීයික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) මට්ටම් 07 කින් යුත් ජාතික වෘත්තීය සුදුසුකම (National Vocational Qualification - NVQ) හදුන්වා දෙනු ලැබිය. රජයේ හා පෞද්ගලික අංශයේ තෘතියීක අධ්‍යාපන පාඨමාලා මෙම NVQ සුදුසුකම ලබාගත්කල, ඒවාට ඇති පිළිගැනීම හා ඒවායේ සමානත්වය සැසදිම පහසුය. උදාහරණයක් ලෙස ඉහතකි තාක්ෂණ විද්‍යාල පාඨමාලාව NVQ 5 මට්ටමේ පාඨමාලවක්ද වෘත්තිය පුහුණු අධිකාරියේ  පාඨමාලව NVQ 4 මට්ටමේ පාඨමාලවක්දවේ.එමෙන්ම එක් ආයතනයක යම් NVQ සුදුසුකම් මට්ටමක් හැදැරු අයෙකුට වෙනත් ආයතනයකින්, ඉට ඉහල NVQ මට්ටමේ පාඨමාලාවක් හැදැරිය හැකි වනු ඇත(උදා: තාක්ණ විද්‍යාලවල NVQ 5 මට්ටමේ ප්‍රමාණ සමීක්ෂණය පාඨමාලවක් හැදැරු අයෙකුට වෘත්තිය තාක්ණ විශ්වවිද්‍යාලයේ NVQ 7 මට්ටමේ උපාධි පාඨමාලාවට  ඇතුලත් වියහැකිය). තවද සේවායෝජකයින්ටද තමන් බදවාගන්නා අයගේ සුදුසුකම් වලට ඇති පිළිගැනීම හා ඒවායේ සමානත්වය සැසදිම පහසුවෙන් කල හැකිය.

NVQ මට්ටම්

දැනට හදුන්වාදි ඇති NVQ සුදුසුකම පහත පරිදි මට්ටම් 7කින් සමන්විතය.

මූලාශ්‍රය: www.vtasl.gov.lk1

NVQ ක්‍රමයේ වාසි

ජාතික විශ්වවිද්‍යාල වලින් පිරිනමන උපාධි, ශාස්ත්‍රීය උපාධිවේ.ශාස්ත්‍රීය අධ්‍යාපනය, පර්යේෂණ සහ උසස් අධ්‍යාපනය සඳහා ඉලක්ක ගත වන අතර වෘත්තීය හෝ රැකියා අරමුණු කරගත් නොවේ. එහෙත් මෙම NVQ  පාඨමාලා වෘත්තීය හා රැකියා අරමුණු කරගෙන සකසා ඇත.

මෙරට NVQ  සුදුසුකම් විදේශ රටවල රැකියා ලබාගැන්මටද සුදුසුකමක් ලෙස සලකන බව වෘත්තිය පුහුණු අධිකාරියේ වෙබ් අඩවියේ සදහන් වේ.

එබැවින් NVQ ක්‍රමය බොහෝ රටවල පවතින වෘත්තීය සුදුසුකම් මනින එම ක්‍රමවලට සමානය. ඒ අනුව ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) ක්‍රමය වෘත්තිකයින් වශයෙන් ගෝලීය රැකියා වෙළදපොලට පිවිසීමේ ප්‍රධාන සුදුකමක් ලෙස ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන ඇත1.

එහෙත්, මෙම සුදුසුකම විදේශ රටවල පාඨමාලා හැදැරිමට සුදුසුකමක් ලෙස සලකන බවට තොරතුරු නැත.
එසේවුවත්, මෙරටට ඇති NVQ නොවන  පාඨමාලා සදහා බදවා ගැනිමේදි මෙම NVQ සුදුසුකම සැලකේ. උදාහරණයක් ලෙස  ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයයේ ප්‍රමාණ සමික්ෂණ උපාධි පාඨමාලාවේ කාලය, NVQ 5 ප්‍රමාණ සමික්ෂණ පාඨමාලාවක් සම්පුර්ණ කර තිබෙන අයට වසරකි (සාමාන්‍ය කාලය වසර තුනකි).

NVQ - SLQF

එමෙන්ම,2016 වසරේදි රජය විසින් මෙම  ජාතික වෘත්තීය සුදුසුකම් රාමුවේ (National Vocational Qualifications Framework-NVQ) හා ශ්‍රි ලංකා (අධ්‍යාපන) සුදුසුකම් රාමුවේ(Sri Lanka Qualifications Framework-SLQF) මට්ටම් ගැලපිමට තිරණය කරන ලදි.ඒඅනුව NVQ 3 හා NVQ 4 මට්ටම්,අනුපිලිවෙලින් SLQF හි අපොස.සා/පෙළ හා උ/පෙළ විභාගයන්ට සමානව  සැලකේ.තවද,ඒ අනුව, NVQ පාඨමාලවක් හැදැරු අයෙකුට SLQF යටතේ එන පාඨමාලාවක් හැදැරිමට හැකියාවක් ඇති බවද පහත ගැලිම් සටහනෙන් පැහැදිලිවේ.


මූලාශ්‍රය:පිටුව 34- SLQF 5

එමෙන්ම NVQ 7 පාඨමාලාවක් සම්පුර්ණ කල අයෙකුට SLQF හි පශ්චාත් උපාධිකරා යැමේ මග විවරව ඇතිබවද පහත ගැලිම් සටහනෙන් පැහැදිලිවේ.


මූලාශ්‍රය:පිටුව 35- SLQF 5

NVQ සුදුසුකම ලබාගතහැකි ආකාරය

මෙම NVQ සුදුසුකම ලබා ගැනිමට ආකාර දෙකක් පවති

·         පුර්ව ඉගෙනුම හදුනාගැනිමේ ක්‍රියාවලිය මගින්(Recognition of prior learning) - මෙහිදි අදාල අපේක්ශකයා  තමන් නිපුනතාවය දක්වන ක්ශේත්‍රයට/වෘත්තියට  අදාලව තිබිය යුතු සම්මත දක්ශතාවය(Skills Standards), අයදුම්කරන  NVQ මට්ටමට තිබෙන බව, ප්‍රමාණවත් සාධක සහිතව ඔප්පුකර පෙන්විය යුතුය.


මූලාශ්‍රය: www.naita.gov.lk

·         NVQ පාඨමාලාවක් හැදැරිම මගින්

ප්‍රමාණ සමික්ෂණ වෘත්තියට අදාල NVQ සුදුසුකමක් ලබාගැනිමට හැක්කේ ඉහත දෙවන ආකාරය මගින්ය.

NVQ සුදුසුකම් සහිත ප්‍රමාණ සමික්ෂණ පාඨමාලා

දැනට ක්‍රියාත්මක වන ජාතික වෘත්තීය සුදුසුකම්(NVQ) සහිත ප්‍රමාණ සමික්ෂණ පාඨමාලා මෙසේය.

NVQ Level 7
·         ප්‍රමාණ සමික්ෂණය  පිලිබදව තාක්ශණවේදි උපාධි පාඨමාලාව (Bachelor of Technology in Quantity Surveying) - වෘත්තිය තාක්ණ විශ්වවිදයාලය(University of Vocational Technology - UNIVOTEC)

NVQ Level 5
·         ප්‍රමාණ සමික්ෂණය පිලිබද ජාතික ඩිප්ලෝමාව(National Diploma - Quantity Surveying)- වෘත්තිය පුහුණු අධිකාරිය (Vocational Training Authority)
·         ජාතික තාක්ෂණික සහතිකය - ප්‍රමාණ සමීක්ෂණය (National Certificate in Technology-Quantity Surveying) - කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව (Technical Colleges)

NVQ Level 4
·         ප්‍රමාණ සමික්ෂණය පිලිබද ජාතික සහතිකය (National Certificate - Quantity Surveying)- වෘත්තිය පුහුණු අධිකාරිය (Vocational Training Authority)
·         ප්‍රමාණ සමික්ෂණය පිලිබද සහතිකය (Certificate in Quantity Surveying)- Advanced Construction Training Academy (ACTA)
·         ප්‍රමාණ සමික්ෂණය පිලිබද සහතික පත්‍ර පාඨමාලාව ( Certificate in Quantity Surveying)- Centre for Housing Planning and Building - CHPB
·         (සහය) ප්‍රමාණ සමික්ෂණය පිලිබද ජාතික සහතිකය (National Certificate - Quantity Surveying Assistant)- ලලිත් ඇතුලත්මුදලි වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය
·         (සහය) ප්‍රමාණ සමික්ෂණය  (Assistant Quantity Surveying)- කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව (Technical Colleges)

NVQ Level 3
·         (සහය) ප්‍රමාණ සමික්ෂණය පිලිබද ජාතික සහතිකය (National Certificate - Quantity Surveying Assistant)- වෘත්තිය පුහුණු අධිකාරිය (Vocational Training Authority)

විමර්ශන (References)


1.      http://www.vtasl.gov.lk/web/index.php?option=com_content&view=article&id=7&Itemid=149&lang=si

2.      https://en.wikipedia.org/wiki/Education_in_Sri_Lanka

3.      http://www.sundaytimes.lk/091101/FinancialTimes/ft34.html

4.      http://www.naita.gov.lk/index.php?option=com_content&view=article&id=50&Itemid=66&lang=en

5.      http://www.ugc.ac.lk/attachments/1156_SLQF.pdf

6.      https://www.news.lk/news/business/item/13827-nvq-to-replace-o-l-and-a-l-qualifications

Thursday, 28 December 2017

වරලත් ප්‍රමාණ සමික්ෂකවරයෙකු විමේ මග │ How to become a Chartered Quantity Surveyor

2007 අංක 20 දරන  ශ්‍රි ලංකා ප්‍රමාණ සමික්ෂකයන්ගේ ආයතනය (සංස්ථාගත කිරිමේ) පනත යටතේ, වරලත් ප්‍රමාණ සමික්ෂක (Chartered Quantity Surveyor) යන නාමය හෝ A.I.Q.S.SL/F.I.Q.S.SL යන සංක්ෂිප්ත නාමයන් භාවිතකල හැක්කේ එම ආයතනයේ සංස්ථාපිත/ආශ්‍රිත (Associate Member) හෝ අධි සාමාජිකයෙකුට (Fellow Member)පමණකි.

පාසල් අධ්‍යාපනය නිමකල ඔබට, ශ්‍රි ලංකා ප්‍රමාණ සමික්ෂකයන්ගේ ආයතනයේ("ආයතනය") සංස්ථාපිත සාමාජිකත්වය ලබාගැනිමට ප්‍රධාන මාර්ග 4ක් වේ, එනම්;


මාර්ගය 1 - එම ආයතනය පිලිගත් උසස් අධ්‍යාපන ආයතනයක(උදා:මොරටුව විශ්ව විශ්වවිද්‍යාලය) උපාධි පාඨමාලාවක් හදාරා ඉන් අනතුරුව ආයතනයේ උපාධිධාරි සාමාජිකත්වය (Graduate Membership) ලබාගෙන,වෘත්තිය ශක්‍යතා ඇගයිම(Assessment of Professional Competence-APC) සාර්ථකව සමත්විම තුලින්;

මාර්ගය 2 - එම ආයතනය පිලිනොගත් උසස් අධ්‍යාපන ආයතනයක(උදා:ICBT/BCAS/CSCT/UNIVOTEC) උපාධි පාඨමාලාවක් හදාරා, ඉන් අනතුරුව උපාධිධාරි සාමාජිකත්ව යෝග්‍යතා විභාගය’(Graduate Member Qualifying Examination) සමත්ව ආයතනයේ උපාධිධාරි සාමාජිකත්වය ලබාගෙන,ඉන් පසුව වෘත්තිය ශක්‍යතා ඇගයිම සාර්ථකව සමත්විම තුලින්;

    මාර්ගය 3 - එම ආයතනය පිලිගත් උසස් අධ්‍යාපන ආයතනයක ඩිප්ලෝමා/සහතිකපත්‍ර(උදා: තාක්ශණ විද්‍යාලයේ ජාතික තාක්ෂණික සහතිකය-NCT) පාඨමාලාවක් හදාරා ඉන් අනතුරුව ආයතනයේ ශිෂ්‍ය සාමාජිකත්වය(Student Membership) ලබාගෙන, ආයතනයේ වෘත්තිය මට්ටම් 1,2 හා 3 (Professional Level 1,2,&3) සමත්ව ආයතනයේ තාක්ශණික සාමාජිකත්වය (Technical Membership) ලබාගෙන,ඉන් අනතුරුව වෘත්තිය ශක්‍යතා ඇගයිම සාර්ථකව සමත්විම තුලින්.
 
 මාර්ගය 4 – එම ආයතනය පිලිනොගත් උසස් අධ්‍යාපන ආයතනයක(උදා:ICBT/BCAS/CSCT/UNIVOTEC) ඩිප්ලෝමා/සහතිකපත්‍ර පාඨමාලාවක් හදාරා ඉන් අනතුරුව ආයතනයේ ශිෂ්‍ය සාමාජිකත්වය(Student Membership) ලබාගෙන, ආයතනයේ වෘත්තිය මට්ටම් 1,2 හා 3 (Professional Level 1,2,&3)සමත්ව ආයතනයේ තාක්ශණික සාමාජිකත්වය (Technical Membership) ලබාගෙන,ඉන් අනතුරුව වෘත්තිය ශක්‍යතා ඇගයිම සාර්ථකව සමත්විම තුලින්. ඒ සදහා ඔබ, ගණිතය හා ඉංග්‍රිසි ඇතුලුව සම්මාන සාමාර්ථ 4ක් සහිතව සාමාන්‍ය පෙළ විභාගය ද උසස් පෙළ විෂයයන් දෙකකින්ද සමත්වි තිබිය යුතු බව සලකන්න.

ආයතනය පිලිගත් (Accredited) උසස් අධ්‍යාපන ආයතන/උපාධි පාඨමාලාවන් එහි වෙබ්අඩවියේ දක්වා ඇත. 

ඉහත සැම මාර්ගයකදිම වෘත්තිය ශක්‍යතා ඇගයිමට පෙනිසිටිමට නම් ඒ ඒ මාර්ගයට අදාල කාලසිමාවක්(උදා: වසර 2/3), අනුමත සේවානියුක්තියක (Approved Employment) නිරත විය යුතුය. අනුමත සේවානියුක්තියක් යනු වරලත් ප්‍රමාණ සමික්ෂකවරයෙකු යටතේ සේවය කිරිමයි.

මුලාශ්‍ර:http://www.iqssl.lk

ඔබ දැනටමත් අනුමත සේවානියුක්තියක නියුක්ත එහෙත් ඉහත මාර්ගවලින් එකක ගමන්ගත් අයෙකු නොවේනම් ඔබටද සංස්ථාපිත සාමාජිකත්වය ලබාගැනිමට මාර්ගය  ඉහත ගැලිම් සටහනේ දක්වා ඇති පරිදි විවෘතව පවතිනවා.

ඉහත මාර්ගවලට අමතරව, වෙනත් විදේශිය වෘත්තිය ආයතනවල සාමාජිකත්වය ලබා ඇති වෘත්තිකයින්ටද(Australian Institute of Quantity Surveyors & New Zealand Institute of Quantity Surveyors) සංස්ථාපිත සාමාජිකත්වය ලබාගැනිමට ඇති මාර්ග ඉහත ගැලිම් සටහනේ දක්වා ඇත. උදා: Australian Institute of Quantity Surveyors සාමාජිකත්වය ඇති අයට ඍජුවම වෘත්තිය ශක්‍යතා ඇගයිමට පෙනි සිටිය හැකි අතර දිනපොත හෝ ලිඛිත පරික්ශණය අදාල නැත,අදාල වන්නේ වාචික විභාගය(Viva-voce) පමණකි.

වෘත්තිය ශක්‍යතා ඇගයිම(Assessment of Professional Competence-APC)

උපාධිධාරි/ තාක්ශණික සාමාජිකත්වය ලබාගැනිමෙන් පසුව  අනුමත සේවානියුක්තියක   නිරතවි(උපාධිධාරි සාමාජිකත්වයදි නම් වසර 2ක් තාක්ශණික සාමාජිකත්වයදි නම් වසර 3ක්), නියමිත දිනපොත (Diary) සම්පුර්ණ කිරිමෙන් පසුව ඔබට වෘත්තිය ශක්‍යතා ඇගයිමට අයදුම්කල හැක.එහිදි ඔබට ලිඛිත පරික්ශණයකට හා වාචික පරික්ශණයකකට මුහුණ දිමටද සිදුවෙයි. ලිඛිත පරික්ශණය ප්‍රයෝගික ගැටලුවක් ආශ්‍රිතව සැකසෙන අතර, ගැටලුව ඔබට ලබාදිමෙන් පසුව ඔබට ලබාදෙන කෙටි කාලය තුලදි(දින 2-3) ඒ සදහා පිලිතුරු සපයා ආයතනය වෙත භාරදිය යුතුය. වාචික පරික්ශණයෙදි  වරලත් ප්‍රමාණ සමික්ෂකයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් ඔබ සතු න්‍යායික හා ප්‍රයෝගික දැනුම පරික්ශා කර බලනු ඇත.

වෘත්තිය ශක්‍යතා ඇගයිමෙන් සමත්වුව හොත්, ආයතනයේ සංස්ථාපිත සාමාජිකත්වය  සදහා ඔබ සුදුසුකම් ලබනු ඇත.


උපාධිධාරි සාමාජිකත්ව යෝග්‍යතා විභාගය (Graduate Member Qualifying Examination)

මෙය අදියර දෙකකින් පැවැත්වේ.පලමු අදියරේදි, ඔබට ලිඛිත විභාගයකට මුහුණ දිමට සිදුවන අතර එහිදි ඒකක 7ක් යටතේ ඔබේ දැනුම අගයනු ඇත.මෙය සමත් විමට නම්, සැම විෂයකටම ලකුණු 40ට වැඩි අගයක්ද විෂයන් සියල්ලේම සාමාන්‍ය ලකුණු 50ට වැඩි අගයක් තිබිය යුතුය.

ඉහත ලිඛිත විභාගය සමත්විමෙන් පසුව ඔබව වාචික පරික්ෂණයකට කැදවේ.එහිදි ඔබට ඔබගේ සේවා පලපුරුද්දට අදාල විනාඩි 10ක ඉදිරිපත් කිරීමක්(Presentation)කර ඉන් පසුව විනාඩි 20ක වාචික පරික්ෂණයට මුහුණදිය යුතුවේ.එය සමත්විමේ කඩයිම් ලකුණු වන්නේ 50%කි.

මෙම පරික්ෂණයට අදාල ඒකක පහත පරිදි වේ.

ලිඛිත විභාගය
  • GMQE 101 : Advanced Building Measurement
  • GMQE 102 : Civil Engineering Measurement
  • GMQE 103 : Contract Management
  • GMQE 104 : Construction Economics
  • GMQE 105 : Construction Law
  • GMQE 106 : Construction Technology
  • GMQE 107 : Project Planning & Control
වාචික පරික්ශණය
  • GMQE 108: Quantity Surveying Practice
අධි සමාජිකත්වය(Fellow Member)

සංස්ථාපිත සාමාජිකයෙකු ලෙසින් සිය වෘත්තිය සදහා විශිෂ්ට සේවයක් කල අයව අධි සමාජිකත්වයට උසස් කරනු ලබයි.
Related Posts with Thumbnails