Friday, 28 April 2017

විචලනයන් (Variations)

පටුන
        පෙරවදන
1.      විචලනයන් (Variations) යනු?
2.      දහතුන්වන වගන්තියේ වැදගත්කම කුමක්ද?. 1
3.      විචලනයන් (Variations) සිදුකිරිමේ බලය ඇත්තේ කාටද?. 2
4.      ඔනැම අවස්ථාවක මෙසේ විචලනයන් (Variations) කල හැකිද?. 2
5.      විචලනයන් (Variations)සිදුකල හැකි ආකාර කවරෙක්ද?. 2
6.      එසේ සිදුකරන විචලනයන්(Variations) සිදුකිරිමට කොන්ත්‍රත්කරු බැදි සිටිද?. 2
7.      විචලනයන්(Variations) ලෙස සැලකෙන්නේ මොනවාද?. 2
8.      ඉංජිනෙරුවරයාට රිසි ලෙස විචලනයන් (Variations) සිදුකල හැකිද?
9.      ඉංජිනේරුවරයාට සිය නියෝග(Instruction) වාචිකව(verbally) දිය හැකිද?. 4
10.    අර්ථදැක්විම් 



පෙරවදන
ප්‍රමාණ සමික්ෂකයන්ගේ කාර්‍යභාරයන් අතර විචලනයන් (Variations) ඇගයිම හා විචලනයන්/වෙනස්විම් කලමනාකරණයට (Change Management) ඉතා වැදගත් ස්ථානයක් හිමිවේ.
ඉංජිනෙරුවරයාගේ කාර්‍යමණ්ඩලයේ සාමාජිකයන් අතර කොන්ත්‍රත් හා මුල්‍ය පරිපාලනය (Contract and Cost Management)පිලිබද මනා දැනුමක් ඇති වෘත්තිකයා ලෙස, විචලනයන්  (Variations) සදහා ඉංජිනේරුතැනගේ නියෝග (Instructions) පිලියෙල කිරිම, විචලනයන් (Variations)  ඇගයිම ආදි සියලු දැ සිදුකරන්නේ ප්‍රමාණ සමික්ෂකවරයාය.
කොන්ත්‍රත් පරිපාලනයේම කොටස් වන ඒ සියලු කාර්‍යයන් සිදුකල යුතුවන්නේ අදාල කොන්ත්‍රත්තුවේ සදහන් ආකාරයටය.
මෙම ලිපිය තුලින් විචලනයන්ට අදාල මුලික සිද්ධාන්ත දැනුම FIDIC 1999 (Red Book) හි වගන්ති ආශ්‍රයෙන් විස්තර කර ඇත.
මෙම ලිපිය කියවද්දි ඔබට මතුවන ගැටලු, තව දුරටත් පැහැදිලි කරගත යුතු කරුණුවේ නම් ප්‍රතිචාරයක් ලෙස සදහන් කරන්න.

1.     විචලනයන් (Variations) යනු?

විචලනයන් (Variations) යනු කොන්ත්‍රත්තුවේ අන්තර්ගත කොන්ත්‍රත් වැඩවල (Works), දහතුන්වන වගන්තියට(Clause 13) අනුකුලව (නියෝගයකින්(Instruction) හෝ අනුමත කිරිමකින්(Approval)) සිදුකරන ඔනැම වෙනස් කිරිමකි.

2.     දහතුන්වන වගන්තියේ(Clause 13) වැදගත්කම කුමක්ද?

·         ඉදිකිරිම් ව්‍යාපෘතිවල ස්වභාවය අනුව ඉදිකිරිම යන අතරතුර මුලින් කොන්ත්‍රත්තුවේ අන්තර්ගත කොන්ත්‍රත් වැඩවල(Works) යම් වෙනස් කිරිම සිදුකිරිමට සිදුවේ.එහෙයින් එම වෙනස් කම් කිරිමට සේවායෝජකයාට අයිතියක්(Right) දහතුන්වන වගන්තියෙන් ලබාදි ඇත. එසේ වගන්තියක් නොතිබුනේ නම් එසේ සිදුකිරිමට අවශ්‍යවන වෙනස් කම් සිදුකිරිමට නව කොන්ත්‍රත්තුවකට එලබිමට දෙපාර්ශවයටම සිදුවේ.
·          දහතුන්වන වගන්තිය මගින් එසේ සිදුකරන වෙනස්කම් ඉටුකිරිමේ වගකිම(Obligation) කොන්ත්‍රත්කරුවෙත් පවරා ඇත.
·         එමෙන්ම ඉහත වගන්තිය මගින් එසේ වෙනස්කම් සිදුකිරිමේ බලය(Authority) හා එය කලමණාකරණය(Management) කිරිමේ බලය ඉංජිනේරුවරයාට පවරා ඇත.

3.     විචලනයන් (Variations) සිදුකිරිමේ බලය ඇත්තේ කාටද?

ඉංජිනේරුවරයාට.
කොන්ත්‍රත්කරුට(Contractor), සේවායෝජකයාට(Employer) හෝ ඉංජිනේරුතැනගේ සේවාදායකයන්ට(උදා: වෘත්තිය ඉංජිනේරුවන්, වාස්තුවිද්‍යාඥයන්) හට විචලනයන් (Variations) සිදු කල නොහැක.

4.     ඔනැම අවස්ථාවක මෙසේ විචලනයන් (Variations) කල හැකිද?

නැත, ව්‍යාපෘතිය ආරම්භකිරිමෙන් පසුව පවරාගැනිමේ සහතියය (Taking-Over Certificate) නිකුත් කරන තෙක් පමණක් මෙසේ විචලනයක්  (Variations) සිදුකල හැක.




5.     විචලනයන් (Variations)සිදුකල හැකි ආකාර කවරෙක්ද?

නියෝග (Instruction) ලබාදිමෙන් හෝ යෝජනාවක් (Proposal) ලබාදෙන ලෙස කොන්ත්‍රත්කරුගෙන් ඉල්ලිමෙන් හා පසුව එය අනුමත කිරිමෙන්(Approve).





6.     එසේ සිදුකරන විචලනයන්(Variations) සිදුකිරිමට කොන්ත්‍රත්කරු බැදි සිටිද?

ඔවු. එහෙත් එම විචලනයන් (Variations) සිදුකිරිමට අවශ්‍ය භාණ්ඩ (Goods) පහසුවෙන් ලබාගත නොහැකිනම් පමණක් ඒ පිලිබදව ඉංජිනේරුවරයාට  නොපමාව දැන්විමෙන්(Notify) (එය තහවුරු කරන තොරතුරු සමග) එය ක්‍රියාත්මක නොකර සිටිමේ අවස්ථාවක් ඇත.එසේ දැන්විමෙන් පසුව ඉංජිනේරුවරයා විසින් ප්‍රථමයෙන් ලබාදුන් නියෝගය(Instruction) අවලංගු(Cancel), තහවුරු(Confirm) හෝ වෙනස් කිරිමක් (Vary) කල යුතුය.





7.     විචලනයන්(Variations) ලෙස සැලකෙන්නේ මොනවාද?

a.      කොන්ත්‍රත්තුවේ අන්තර්ගත වැඩවල(works) ප්‍රමාණයන්ගේ සිදුවන වෙනස්කම්




කොන්ත්‍රත්තුවේ අන්තර්ගත වැඩවල(works) ප්‍රමාණයන්ගේ සිදුවන වෙනස්කම් යනු කොන්ත්‍රත්කරුගේ විශය පථයට (scope of works)සිදුකරන වෙනස් කම් මිස ප්‍රමාණ පත්‍රයේ (Bills of Quantities) සදහන් ප්‍රමාණ වල සිදුවන වෙනස්කම් නොවේ.
උදා: කුට්ටි මුදල් (Lump Sum) කොන්ත්‍රත්තුවක, කොන්ත්‍රත්කරුගේ විශය පථයට(Scope of work) දිග අඩි 50ක් හා පලල අඩි 20ක් වන ගොඩනැගිල්ල ටයිල් කල යුතුය එනම් ටයිල් වර්ග අඩි 1000ක් නිම කල යුතුය. එහෙත් ටයිල් ප්‍රමාණය මැන ඇත්තේ වැරදිමකින් 100ක් ලෙසින්. මෙහිදි කොත්ත්‍රත්කරුට ගෙවන්නේ ‘100* එකක මිල ගණන ට සමාන මුදලක් වන අතර කොත්ත්‍රත්කරුට ඉහත වගන්තිය යටතේ හෝ වෙනත් වගන්තියක් යටතේ අමතර මුදලක් ඉල්ලා සිටිය නොහැක.
එහෙත් ඉංජිනේරුවරයා විසින් ඉහත වැඩට අමතර තවත් අමතර වැඩක් (උදා: අමතර අඩි 10*10 ප්‍රමාණයේ කාමරයක් ටයින් කිරිමට) දහතුන්වන වගන්තියට(Clause 13) අනුකුලව නියෝග කලහොත්, එයට ඉහත වගන්තිය යටතේ අමතර මුදල් ඉල්ලා සිටිය හැක.
ප්‍රමාණ පත්‍රයේ(Bills of Quantities) ඇත්තේ කොන්ත්‍රත්තුවේ අන්තර්ගත වැඩසදහා ඇස්තමෙන්තු කරන ලද ප්‍රමාණයන් (Quantities for the works) වන අතර කොන්ත්‍රත්තුවේ අන්තර්ගත වැඩවල ප්‍රමාණයන්ගේ (Quantities of works) වෙනස්විම පමණක් ඉහත වගන්තියෙන් ආවරණයවේ, ඉහත ඉංග්‍රියෙන් යෙදෙන ‘of’ හි අර්ථය ඉංග්‍රිසියේ 'for' හි අර්ථයෙන් හාස්පසින්ම වෙනස් වේ.

b.      කොන්ත්‍රත්තුවේ අන්තර්ගත වැඩවල ගුණයන්ට හෝ වෙනත් ලක්ෂණවලට සිදුකරන වෙනස්කම්




උදා: කුලුණු සදහා නියමිත ‘30 ශ්‍රේණියේ (Grade 30) කොන්ක්‍රිට් වෙනුවට ‘35 ශ්‍රේණියේ’ (Grade 35) කොන්ක්‍රිට් යොදන ලෙස හෝ  කොන්ක්‍රිට් ලැල්ලේ(Concrete Slab) ප්‍රථමික නිමාව (basic finish) වෙනුවට වෙනත් විශේෂ නිමාවක්  සිදු සිදුකිරිම (e.g. Power floating, Trowelling) ඉහත වගන්තියට අනුව විචලනයක් (Variation) ලෙස සැලකිය හැකිය.

c.       කොන්ත්‍රත් වැඩ වල (Works) මට්ටමට(Level), ස්ථානයට(position) හෝ මිනුම්(dimensions) වල සිදුකරන වෙනස්කම්.



උදා:අඩි 4*3*1 ප්‍රමාණයේ යන්ත්‍ර තැබිමේ ආධාරයක් (Machine base)දෙවල මහලේ පිය ගැට පෙල අසල ඉදිකල යුතුව ඇත, ඉංජිනෙරුතැන විසින් එය;
·         තුන්වන මහලට හෝ
·         දෙවන මහලේම වෙනත් ස්ථානයකට හෝ
·         එහි මිනුම් වල වෙනසක් කලහොත්(උදා: දිග අඩි 3.5ක් කිරිම ),
 ඒවා ඉහත වගන්තිය යටතේ විචලනයන් (Variations) වේ.

d.      කොන්ත්‍රත්තුවේ අන්තර්ගත වැඩ(works) බැහැර කිරිමක්(omissions).


උදා: කොන්ත්‍රත්කරුගේ විශය පථයේ(Scope of work) ඇති මායිම් තාප්පය(Boundary wall) අනවශ්‍ය නිසා  ඔහුගේ විශය පථයෙන්(scope of work) ඉවත් කිරිම(omission).
එහෙත්, එසේ කොන්ත්‍රත්කරුගෙන් ඉවත් කරන ලද වැඩය වෙනත් කොන්ත්‍රත්කරුවෙකු ලවා කරගත හොත් එය විචලනයන් (Variations)යටතට නොවැටේ, එහිදි එය කොන්ත්‍රත්තුව කඩ කිරිමක් (Breach of contract)ලෙස සැලකේ.

e.      අමතර වැඩ(additional work)





ස්ථිර වැඩ (Permanent Works) නිමකිරිමට අනිවාර්යෙන්ම(Necessary) අවශ්‍යය වන යම් අමතර වැඩක්(Additional work), යන්ත්‍රොපකරණයක්(Plant), ද්‍රව්‍යයක් (Material) හෝ සේවාවක් (services)ලබාදෙන ලෙස කරන නියෝගයක්ද  විචලනයන් (Variations) ලෙස සැලකේ.
උදා: මායිම් තාප්පය(Boundary wall) නිම කිරිමට නම් අනිවාර්‍යෙන්ම මායිමේ පිහිටා ඇති ගසක් කපා ඉවත් කල යුතුය, එම ගස කපා ඉවත් කිරිමට ඉංජිනෙරුවරයාට නියෝගයක් ලබාදිය හැකි අතර කොන්ත්‍රත්කරු එය ඉටුකිරිමට ඉහත වගන්තියට අනුව බැදි සිටි, එමෙන්ම එය විචලනයන් (Variations) ගනයටවැටේ.
එහෙත් එම කොන්ත්‍රත්තුවට කිසිම සම්බන්ධයක් නැති වෙනත් ඉඩමක ගසක් කපා ඉවත් කරන ලෙස කරන ඉංජිනෙරුවරයාගේ නියෝග ඉහත වගන්තියට අනුව විචලනයන් (Variations) ගනයට නොවැටේ.

f.        කොන්ත්‍රත් වැඩවල (Works) අනුපිලිවෙල(Sequence) හෝ වෙන්කර ඇති කාල සිමාවට(Timing) සිදුකරන වෙනස්කම්




ව්‍යාපෘතිය ආරම්භයේදිම කොන්ත්‍රත්කරු, වගන්ති අංක 8.3(Clause 8.3) අනුප්‍රකාරව සවිස්තරත්මක වැඩසටහනක් (Programme) සකස්කර එයට ඉංජිනෙරුවරයාගේ අනුමැතිය ලබාගත යුතුය.
එම අනුමත වැඩසටහනේ දක්වා ඇති වැඩවල අනුපිලිවෙල(sequence) හෝ කාල සිමාවන්ට(timing) යම් වෙනසක් ඉංජිනෙරුවරයා විසින් සිදුකල හොත් එයද ලෙස විචලනයන් (Variations) ලෙස සැලකේ.
ඉහත දහතුන්වන වගන්තියට(Clause 13) අනුව කොන්ත්‍රත්කරු විසින්  ඉංජිනෙරුවරයාගේ නියෝගයක් හෝ අනුමැතියක් නොමැතිව  කිසිම වෙනස්කිරිමක් (Alteration) හෝ  සංශෝධනය කිරිමක් (Modification) සිදු කිරිම නොකල යුතුය.



8.     ඉංජිනෙරුවරයාට රිසි ලෙස විචලනයන් (Variations) සිදුකල හැකිද?

නැත,දහතුන්ව වගන්තියෙන්(Clause 13) ව්‍යාපෘතිය නිම කිරිමට අවශ්‍යවිය හැකි සාධාරණ වෙනස්කම් කිරිමට අවශ්‍ය බලය ඉංජිනෙරුවරයාට ලබාදි තිබුනද කොන්ත්‍රත්කරුට අසාධාරණයන් වන ලෙස එම බලය අයුතුලෙස පරිහරණය කිරිම වැලක්විම සදහා යම් යම් සිමාවන් පනවා ඇත.
එම සිමාවන් ඉහත පැහැදිලි කිරිම තුලම විස්තර කර ඇත.
උදා:
·         විචලනයන් (Variations)නියෝග කල හැක්කේ  පවරාගැනිමේ සහතියය (Taking-Over Certificate) නිකුත් කරන තුරු පමණි.
·         විචලනයන් (Variations) ලෙස නියෝග කල හැක්කේ අනිවාර්යෙන්ම(necessary) අවශ්‍යය වන අමතර වැඩ(Additional work) පමණි.

9.     ඉංජිනේරුවරයාට සිය නියෝග(Instruction) වාචිකව(verbally) දිය හැකිද?

හැකි සැම අවස්ථාවකදිම ඉංජිනේරුවරයා සිය නියෝග(Instructions) ලිඛ්තව(Written) ලබාදිය යුතුය. එහෙත් යම් අවස්ථාවක වාචිකව(Verbal) ලබාදුන් නියෝගයක්, නියෝගය ලබාදි දින දෙකක් ඇතුලතදි එම නියෝගය කොන්ත්‍රත්කරු විසින් ලිඛිතව තහවුරු(Written confirmation) කර ඇති අවස්ථාවක, එය දින දෙකක් ඇතුලත ඉංජිනේරුවරයා විසින්  ප්‍රතික්ශේප සහ/හෝවෙනත් නියෝගයක් ලබා නොදුන්නහොත්, කොන්ත්‍රත්කරු විසින් දුන්  නියෝගය තහවුරු කිරිම ඉංජිනේරුවරයාගේ ලිඛිත නියෝගයක් ලෙස සැලකේ.












10.අර්ථදැක්විම්

a.      කොන්ත්‍රත් වැඩ (Works)

කොන්ත්‍රත් වැඩ (Works) යනු ස්ථිර (Permanent) හෝ තාවකාලික (Temporarily)  වැඩවේ.



            b.      ස්ථිර කොන්ත්‍රත් වැඩ(Permanent Works)
 ව්‍යාපෘතිය අවසන් කිරිමෙන් පසුවද වැඩබිමේ පවතින දැ, උදා:වහලය


c.       තාවකාලික කොන්ත්‍රත් වැඩ (Temporarily Works)
 ව්‍යාපෘතිය අවසන් කිරිමෙන් පසුවද වැඩබිමේ නොපවතින නමුත් ස්ථිර වැඩ නිම කිරිමට අවශ්‍යවන,උදා: හැඩයම් (Form works) හා දෝශ (Defect) නිවැරදි කිරිම සදහා අවශ්‍යවන දැය.


d.      ඉංජිනේරුවරයා(Engineer)
ඉංජිනේරුවරයා (Engineer) යනු සේවායෝජකයා(Employer) විසින්  අදාල කොන්ත්‍රත්තුවේ ඉංජිනේරුවා ලෙස ටෙන්ඩර් උපග්‍රන්ථයේ (Appendix to Tender) නම් කර ඇති පුද්ගලායායි. කොන්ත්‍රත් ලේඛනවල (Contract document) හා ඒ ආශ්‍රිත දැහි (උදා: කොන්ත්‍රත් ලිපිවල (Contractual correspondences), ‘ඉංජිනේරුවරයා නාමය යෙදෙනේ ඉහත අර්ථයෙන් මිස වෘත්තිය ඉංජිනේරුවා (professional engineer e.g. Civil engineer) යන අර්ථයෙන් නොවේ.සමාන්‍යයෙන් ඉංජිනේරුවා (Engineer) ලෙස නම්කරන්නේ ඉදිකිරිම් උපදේශන සමාගමක්ය.


e.      භාණ්ඩ යනු (Goods)
භාණ්ඩ යනු  කොන්ත්‍රත්කරුගේ ආම්පන්න (Equipment), ද්‍රව්‍ය (Material),යන්ත්‍රෝපකරණ(Plants) හා තාවකාලික කොන්ත්‍රත් වැඩයි(Temporarily Works)




මෙම ලිපිය ඔබේ දැනුම වැඩිකිරිමට හේතුවුයේනම් මෙම ලිපිය මුහුණු පොත(Face Book) හරහා හුවමාරු කර(Share) අනිත් ප්‍රමාණ සමික්ෂක හිතවතුන්ට නෙත ගැටිමට සලස්වන්න.

ඔබත් සම්පත් දායකයෙකු ලෙස මෙම බ්ලොග් අඩවියට ලිපි ලිවිමට කැමතිනම් admin@qsonline.info ලිපිනයට දන්වන්න.

2 comments:

  1. Comment received from Charitha,
    Thank you very much for your recent post (refer below) and highly appropriate your effort.

    හැබැයි ඔබ ඉදිරිපත් කරන විලාසය වෙනස් උනා නම් හොදයි කියල තමයි මගේ අදහස.
    මම කියන්නේ අපි QS ල විදිහට බහුලව පාවිච්චි කරන වචන වල සිංහල වචනේ නොදා කෙලින්ම ඉංග්‍රිසි වචනෙම දාන්න කියලා

    උදා ; ප්‍රමාණ සමික්ෂකයන්ගේ කාර්‍යභාරයන් අතර විචලනයන් (Variations) ඇගයිම හා විචලනයන්/වෙනස්විම් කලමනාකරණයට (Change Management) ඉතා වැදගත් ස්ථානයක් හිමිවේ

    ඉහත එක මේ විදිහටම දුන්නා නම් හොදයි නේද කියල මට හිතෙන්නේ ;

    "QSලගේ කාර්‍යභාරයන් අතර Variations ඇගයිම හා Change Management ඉතා වැදගත් ස්ථානයක් හිමිවේ"

    මොකද මේ වගේ article කියවන්නේ subject එක දන්න අයනේ (Mainly QS people )
    එතකොට අර සිංහල වචන එක්ක කියවද්දී පොඩ්ඩක් case , boring වගේ
    (I think you don't want that to happen)

    අපි ඉගෙන ගන්න කොටත් , එදිනෙදා use කරන ඉංග්‍රීසි වචන එහෙම්ම තියලා අනිත්වා සිංහලෙන් දාන්න

    මේක ලිව්වේ ඔබව අධෙර්යමත් කරන්න වත් , හිතරිදවන්න වත් නෙවෙයි . (එහෙම උනා නම් sorry )

    ඔබට ජයෙන් ජය
    Charitha Senarath

    ReplyDelete
    Replies
    1. ලිපිය සිංහල භාෂාවෙන් ලියන ලද ලිපියන් නිසායි ලිපිය සම්පුර්ණයෙන් ම සිංහලෙන් ලියලා, නුහුරු සිංහල තාක්ශණික වචනවල, ඉට අදාල ඉංග්‍රිසි වචනය වරහන් ඇතුලේ දැම්මේ, තෙරුම් ගැනිමේ පහසුව තකා.

      සිංහල හා ඉංග්‍රිසි කවලමේ ලිවුවොත් කියවන්න පහසුයි මම ලියපු විදියට වඩා, නමුත් එවිට ලිපිය සිංහල ලිපියක් වෙන් නැ, ඒ වගේම එය සිංහල භාෂාවට කරන අවැඩක් කියලත් හිතෙනවා, ඒ නිසා තමයි මුලිකවම ලිපිය සිංහලෙන් ලියලා නුහුරු සිංහල තාක්ශණික වචනවලට පමණක් ඉට අදාල ඉංග්‍රිසි වචනය වරහන් ඇතුලේ දැම්මේ.

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete

මෙම ලිපියට අදාලව ගැන ඔබ දන්නා වෙනත් කරුණු ඇත්ද?එවාද, විෂයට අදාල ඔනැම කරුණක් මෙහි සටහන් කරන්න.
යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.

Related Posts with Thumbnails