Sunday, 14 June 2009

C. ඩ්‍රෝවින් හා පිරිවිතර මත පදනම් ක්‍රමය (Based on Drawings and Specification)




මෙම ක්‍රමය නිත්‍ය ප්‍රමාණ පත්‍ර ක්‍රමයට(Fixed bills of quantities) බොහෝ සෙයින් සමානය,එහෙත් ප්‍රධානතම වෙනස්කම වනුයේ ටෙන්ඩර්කරුවන් සදහා ප්‍රමාණ පත්‍රයක් ලබා නොදිමයි. මෙහිදි ටෙන්ඩර්කරුවන් ප්‍රමාණයන්(Quantities), ලබාදුන් ඩ්‍රෝවින්(Drawing) මගින් ගණනය කල යුතුය.

සාමානයෙන් මෙම ක්‍රමය භාවිතා කරනු ලබන්නේ කුඩාප්‍රමාණයේ ඉදිකිරිම සදහා හා උප කොන්ත්‍රත් සදහායි.(Sub-contract)

මේ ක්‍රමයේ ඇති විශේෂ ලක්ෂණයන් වන්නේ

1) ටෙන්ඩර් ලියකියවිලි නිකුත් කරනු ලබන්නේ නිසි ලෙස සම්පුර්ණ කරන ලද ඩ්‍රෝවින් හා පිරිවිතර සමග විම.

2) සැලැසුමේ නිමාව සමගම ඉක්මනින් කොන්ත්‍රත්තුව වෙත එලබිය හැක.


වාසි:

1) ප්‍රමාණ පත්‍රයන් පිලියෙල කිරිමට කාලයක් වැය නොවන නිසා ටෙන්ඩර් ලියකියවිලි පිලියෙල කිරිමට ගතවන කාලය අඩුය.

2) පාර්ශව දෙකටම කොන්ත්‍රතුව අත්සන් කරන අවස්ථාවේදි තම තමන්ගේ වගකිම් පිලිබදව මනා අවබෝධයක් ඇත.


අවාසි:

1) ටෙන්ඩර් මුදල සදහා විස්තරාත්මක බෙදුමක් නොමැත.(එහෙත් ටෙන්ඩර් ලියකියවිලි භාරදිමේදිම හෝ ඉන් පසුව මෙම ටෙන්ඩර් මුදල සදහා විස්තරාත්මක බෙදුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිය හැක)

2) ඉහත හේතුව නිසා විචලනයන්(Variations) ඇගයිම(Valuation) අපහසුය


From: Birchall,S. & Ramus,J.,1996.Contract Practice for Surveyors.3rd ed.Great Britain:Laxton’s

Saturday, 23 May 2009

B. දල ප්‍රමාණ පත්‍රය (Bills of approximate quantities)

සිංහල English


මෙම ක්‍රමය පෙර ක්‍රමය මෙන්ම වන අතර, වෙනසකට ඇත්තේ මෙහිදි ප්‍රමාණ පත්‍රයේ අඩංගු කරන ප්‍රමාණයන් දල අගයන්(Approximate) විම හා පසුව වෙනස් කිරිමට හැකි විමයි(Subject to later adjustment).මෙහි ඇති අනිවාර්ය ලක්ෂණයන් නම්,

1) ඒකක මිල ගණන් කොන්ත්‍රත්තුවේ කොටසක් විම

2) කොන්ත්‍රත්තුව අත්සන් කිරිම හා වැඩ ආරම්භය සැලසුම නිම විමට පෙර කල හැකි විමයි.

සමහර අවස්ථාවලදි වෙනත් ඒහා සමාන(ප්‍රමාණයෙන් හා වර්ගයෙන් ) ව්‍යාපෘතියක ප්‍රමාණයන්ද භාවිතා කරනු ලබයි.


වාසි:

  1. ඉදිකිරිම කටයුතු ඉක්මනින් ආරම්භ කල හැකිය.
  2. Bill of firm quantities ක්‍රමයේදිට වඩා ප්‍රමාණ පත්‍රය පිලියෙල කිරිමට වැයවන මුදල අඩුවේ

අවාසි:

  1. ප්‍රමාණ පත්‍රය, ටෙන්ඩර් අවස්ථාවේදි නිවැරදි සම්පුර්ණ කොන්ත්‍රත් මුදල පිලිබිබු නොකරන බැවින්, සේවායෝජකයා හා කොන්ත්‍රත්කරු යන දෙපාර්ශවයටම තමන්ගේ වගකිම් (Commitment) පිලිබදව පැහැදිලි අවබෝධයක් නැත.
  2. පසුවට, නිමකරන ලද ඉදිකිරිම් වැඩ සම්පුර්ණයෙන්ම මැනිය යුතුවේ. මෙය මුලදිම නිත්‍ය ප්‍රමාණ පත්‍රයක් (Firm bills of quantities) පිලියෙල කිරිමට වඩා මිල අධික කටයුත්තකි
  3. පුර්ව කොන්ත්‍රත් (Pre contract)අවධියේදි වාස්තුවිද්‍යාඥයා ගත යුතු, සැලසුමට ආදාල තිරණ ගැනිම කෙරෙහි ඔහුට එතරම් පිඩනයක් එල්ල නොවේ.
From: Birchall,S. & Ramus,J.,1996.Contract Practice for Surveyors.3rd ed.Great Britain:Laxton’s

Monday, 11 May 2009

පරිගණක - Excel

MS Excel යනු බොහෝ ප්‍රමාණ සමික්ෂකයන් Take off සදහා භාවිතා කරන මෘදුකාංගයකි.Take off සදහා භාවිතා කල හැකි PlanSwift ,PROEST TAKEOFF, On Screen Take off වැනි ඒ සදහාම නිර්මාණය කල මෘදුකාංග තිබුනද ඒවායේ මිල ගණන් අධික විම වැනි හේතු නිසා භාවිතය සිමාවි ඇත.

MS Excel

1) Data Validation

Excel හි ඇති Data Validation function එක යොදාගැනිම මගින් දත්ත ඇතුලු කිරිමේදි වන වැරදි අවම කරගත හැකිවේ.Validation සංවාද කොටුවේ (Dialog Box)ඇති Settings මගින් අපට අවශය ලෙස ඇතුල්කරන දත්ත සිමා කිරිමටද, Input message මගින් එම Validation කර ඇති සෙල් එකක් වෙත දත්ත ඇතුලු කිරිමට පෙර දැනුම්දිමක්ද ලබා දිය හැකිය.තවද Error Alert මගින් වැරදි දත්ත ඇතුලත් කලහොත් ලබාදෙන පණිවිඩය රිසිකරණය(Customize) කල හැකිය.

මෙහි යොදාගත් වැඩපත මෙතනින් බාගන්න.











මෙම function එක පිලිබදව www.kotuwegedara.com හි ඇති ලිපියද කියවන්න.

Thursday, 7 May 2009

ප්‍රමාණ සමික්ශකයින් සදහා වැදගත් නඩු - මුත්තුට එරෙහි බෝදිල්


සිංහල English


නඩුව – Bodill and Sons (Contractors) Ltd v Harmail Singh Mattu

 වසර  -2007

 විෂය – රදවාගැනිමේ මුදල් (Retention)


කොන්ත්‍රත්කරුට ගෙවිම සදහා නිර්දේශවු මුදලින් රදවාගැනිමේ මුදල්(Retention money) අඩු කිරිමේ බලය JCT කොන්ත්‍රත් ක්‍රමයේදි ලබාදි ඇත.

මෙම රදවාගැනිමේ මුදලින් (Retention money) අඩක් කොන්ත්‍රත්කාලය නිමවු පසු කොන්ත්‍රත් කරුට  ගෙවනු ලබයි.ඉතිරි මුදල වගකිම් කාලය (Defects correction period ) අවසානයේදි කොන්ත්‍රත්කරු වෙත ගෙවනු ලැබේ. මෙහිදි එම මුදල්ගෙවන්නේ, කොන්ත්‍රත්කරුගේ වරදක් නිසා යම් දෝශ(defects) ඇතිවි ඇත්නම් ඒවා නිවරදි කිරිමෙන් අනතුරුවයි.

 මෙසේ රදවාගැනිමේ මුදල්( Retention money), රදවා තබා  ගැනිමේදි ඒවා ගෙවිමට සේවායෝජකයාට නොහැකි වුවහොත් (Insolvent), කොන්ත්‍රත් කරු එම මුදල් නොලැබිමේ අවදානමකට ලක්වේ.

  මුදල් ගෙවිමට අනුමතවු දිනයේදි කොන්ත්‍රත්කරු විසින් රදවා ගැනිමේ මුදල්(Retention money) වෙනම බැංකු ගිණුමක තැම්පත් කරන ලෙස සේවායෝජකයාගෙන් ඉල්ලා සිටිය හැක.එය කොන්ත්‍රත්කරුවන්ගේ ආරක්ශාව උදෙසා JCT පනවා ඇති කොන්දේසියකි.

 බෝදිල්ට එරෙහි මුත්තු නඩුවේදි බෝදිල්(කොන්ත්‍රත්කරු) හා මුත්තු(සේවායෝජකයා) ලෙයිචෙස්ටර්(Leicestershire) හි නව මහල් නිවාසයක් ගොඩ නැගිම සදහා ගිවිසුමකට එලෙබෙන ලදි.

මෙම කොන්ත්‍රත්තුව JCT සම්මත ගොඩනැගිලි කොන්ත්‍රත් ක්‍රමයට අනුව එලබෙන ලද්දකි.

ව්‍යාපෘතිය 2007 පෙබරවාරි 12 දින නිමකිරිමට නියමිතව තිබුණද එය නියමිත කාලයතුල නිමකිරිමට කොන්ත්‍රත්කරුට නොහැකිවිය.2007 පෙබරවාරි 12 දින යුරෝ 124,207ක රදවාගැනිමේ මුදලක්ද(Retention) ඇතුලුව යුරෝ මිලියන 3.97ක මුදලක්  අනුමත්ව තිබුණි.

 රදවාගැනිමේ මුදල් නියමිත ආකාරයෙන් ගෙවන බවට කොන්ත්‍රත්කරුට හා වාස්තුවිදයාඥයාට සහතික කිරිමට, රදවාගැනිමේ මුදල් තැම්පත් කිරිම සදහා වෙනම බැංකු ගිණුමක්  ආරම්භ කිරිම JCT කොන්ත්‍රත් ක්‍රමයේ එක් නියමයකි. එහිදි එම බැංකු ගිණුමට හිමිවන පොලිය හිමි වන්නේ සේවායෝජකයාටයි.

 රදවාගැනිමේ මුදල්හි ආරක්ශාව සදහා ඇති මෙම ක්‍රමයෙන් ප්‍රයෝජන ගැනිමට බෝදිල් එතරම් උනන්දුවක් දැක් වුයේ නැත.2007 සැප්තැම්බර් මස   අගදි මුත්තුගෙන් මුදල් ගෙවිම සදහා වෙනම බැංකු ගිණුමක් ආරම්භ කරන ලෙස ඉල්ලා සිටින ලදි. 

ඉලග මාසයේදි මුත්තු විසින් බැංකුවෙන් වෙනම බැංකු ගිණුමක් ආරම්භකරන ලෙස ඉල්ලා සිටියේ රදවාගැනිමේ මුදල් එම බැංකු ගිණුමේ තැම්පත් කරන අදහසිනි(Intention).

එහෙත් බැංකු ගිණුම විවෘත කිරිමට බැංකුව ප්‍රමාදවු අතර ඒයින් නොඉවසිලිමත්වු බෝදිල් අධිකරණය හමුවට ගියේ කොන්ත්‍රත්තුවේ සදහන්  නියමයන්ට අනුව කටයුතු සිදුවිය යුතුබවට අධිකරණයෙන් සහතිකයක් ලබා ගැනිම සදහාය. 

මෙම කාරණාවේදි ගරු අධිකරණයේ මතය වුයේ කොන්ත්‍රත්කරු විසින් සේවායෝජකයාගෙන් රදාවාගැනිමේ මුදල් තැම්පත් කිරිම සදහා වෙනම බැංකු ගිණුමක් විවෘත කරන ලෙස ඉලා සිටිය විට එය ඉටුකිරිම සේවායෝජකයාගේ යුතුකමක් බවයි.

 එහෙත්, කොන්ත්‍රත්තුවේ  හෝ සාමානය නිතියේ මෙය ක්ශනිකව සිදුකල යුතු බව දක්වා නැත.

වාණිජමය කාරණා සලකා බැලු අධිකරණය මෙසේ ඉල්ලිමක් ඉදිරිපත් විමෙන් පසුව  බැංකු ගිණුමක් විවෘත කිරිමට සති දෙකක තුනක කාලයක් ප්‍රමානවත් බව ප්‍රකාශ කලේය.

 බැංකුවේ අකාර්යක්ශමවත් භාවය නිසා මෙහිදි අපහසුතාවයට පත්වුයේ මුත්තුය. 

තවද බැංකු ගිණුමේ සදහන් නම(“Harmil Singh Mattu, trading as Urban Suburban, re Bodill retention money account”.) එය විශ්වාසදායක බැංකු ගිණුමක් බවට තහවුරු කිරිමට ප්‍රමාණවත් නොවන බව ගරු අධිකරණය ප්‍රකාශ කලේය.

 අදාල මුදල් එම බැංකු ගිණුමට මාරු කරන ලෙසට, හැකි ඉක්මනින් බැංකුවට උපදෙස් ලබා දෙන බවටත්, බෝදිල්ව පැහැදිලිව හදුනාගැනිමට හැකිවෙන පරිදි  නම වෙනස් කිරිමෙන් එය විශ්වාසදායි බැංකු ගිණුමක් ලෙස පිහිටුවන බවටත් මුත්තු විසින් අධිකරණයට පොරොන්දු විය.

Related Posts with Thumbnails