නඩුව – Bodill and Sons (Contractors) Ltd v Harmail Singh Mattu
කොන්ත්‍රත්කරුට ගෙවිම සදහා නිර්දේශවු මුදලින් රදවාගැනිමේ මුදල්(Retention money) අඩු කිරිමේ බලය JCT කොන්ත්‍රත් ක්‍රමයේදි ලබාදි ඇත.
මෙම රදවාගැනිමේ මුදලින් (Retention money) අඩක් කොන්ත්‍රත්කාලය නිමවු පසු කොන්ත්‍රත් කරුට ගෙවනු ලබයි.ඉතිරි මුදල වගකිම් කාලය (Defects correction period ) අවසානයේදි කොන්ත්‍රත්කරු වෙත ගෙවනු ලැබේ. මෙහිදි එම මුදල්ගෙවන්නේ, කොන්ත්‍රත්කරුගේ වරදක් නිසා යම් දෝශ(defects) ඇතිවි ඇත්නම් ඒවා නිවරදි කිරිමෙන් අනතුරුවයි.
මෙම කොන්ත්‍රත්තුව JCT සම්මත ගොඩනැගිලි කොන්ත්‍රත් ක්‍රමයට අනුව එලබෙන ලද්දකි.
ව්‍යාපෘතිය 2007 පෙබරවාරි 12 දින නිමකිරිමට නියමිතව තිබුණද එය නියමිත කාලයතුල නිමකිරිමට කොන්ත්‍රත්කරුට නොහැකිවිය.2007 පෙබරවාරි 12 දින යුරෝ 124,207ක රදවාගැනිමේ මුදලක්ද(Retention) ඇතුලුව යුරෝ මිලියන 3.97ක මුදලක් අනුමත්ව තිබුණි.
ඉලග මාසයේදි මුත්තු විසින් බැංකුවෙන් වෙනම බැංකු ගිණුමක් ආරම්භකරන ලෙස ඉල්ලා සිටියේ රදවාගැනිමේ මුදල් එම බැංකු ගිණුමේ තැම්පත් කරන අදහසිනි(Intention).
එහෙත් බැංකු ගිණුම විවෘත කිරිමට බැංකුව ප්‍රමාදවු අතර ඒයින් නොඉවසිලිමත්වු බෝදිල් අධිකරණය හමුවට ගියේ කොන්ත්‍රත්තුවේ සදහන් නියමයන්ට අනුව කටයුතු සිදුවිය යුතුබවට අධිකරණයෙන් සහතිකයක් ලබා ගැනිම සදහාය.
මෙම කාරණාවේදි ගරු අධිකරණයේ මතය වුයේ කොන්ත්‍රත්කරු විසින් සේවායෝජකයාගෙන් රදාවාගැනිමේ මුදල් තැම්පත් කිරිම සදහා වෙනම බැංකු ගිණුමක් විවෘත කරන ලෙස ඉලා සිටිය විට එය ඉටුකිරිම සේවායෝජකයාගේ යුතුකමක් බවයි.
වාණිජමය කාරණා සලකා බැලු අධිකරණය මෙසේ ඉල්ලිමක් ඉදිරිපත් විමෙන් පසුව බැංකු ගිණුමක් විවෘත කිරිමට සති දෙකක තුනක කාලයක් ප්‍රමානවත් බව ප්‍රකාශ කලේය.
තවද බැංකු ගිණුමේ සදහන් නම(“Harmil Singh Mattu, trading as Urban Suburban, re Bodill retention money account”.) එය විශ්වාසදායක බැංකු ගිණුමක් බවට තහවුරු කිරිමට ප්‍රමාණවත් නොවන බව ගරු අධිකරණය ප්‍රකාශ කලේය.
මම දැනට ICBT campus එකේ HND in QS පාඨමාලාවක් හදාරනවා.. එහි final project එක සදහා මම තෝරාගෙන ඉන්නේ construction LAW සම්බන්දව නිසා ශ්‍රී ලාංකාවේ construction පිලිබද Case Law තොරතුරු ලබා ගත හෑකි ස්ථාන පිලිබද දෑනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි...
ReplyDeletepasanssii@yahoo.com