Wednesday 6 May 2009

මිලදි ගැනිමේ ක්‍රම (Procurement Methods)


Sinhala

English


ඉදිකිරිම් ක්ශේත්‍රයේ යෙදෙන මිලදි ගැනිමේ ක්‍රම(Procurement Methods) ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ වර්ග කල හැකිය.

1) සාම්ප්‍රදායික ක්‍රමය (Traditional Method)

2) ආදේශක ක්‍රමය (Alternative Method)

1) සාම්ප්‍රදායික ක්‍රමය (Traditional Method)

සාමානයෙන් කුඩා ප්‍රමාණයේ ගොඩනැගිල්ලක් ඉදිකිරිමේදි සේවායෝජකයා විසින් එය සැලසුම් කිරිමට හා ඉදිකිරිම යන කාර්‍යයන් දෙක සදහාම කොන්ත්‍රත්කරුවෙකුගේ සේවය ලබා ගනි. කොන්ත්‍රත්කරුවන් සතුව එම කාර්‍යයන් සදහා අවශ්‍ය පලපුරුදු කාර්‍ය මණ්ඩලයක් සිටිම එකට එක් හේතුවකි.

එහෙත් විශාල ව්‍යාපෘතින්හිදි සේවායෝජකයා විසින් ගොඩනැගිල්ල සැලසුම් කිරිම සදහා වාස්තුවිද්‍යාඥයෙකුට භාරදෙන අතර ඔහු විසින් පිරිවිතර (Specification) හා Drawings පිලියෙල කරයි. අනතුරුව අවශ්‍ය යැයි හැගෙයි නම් සේවායෝජකයාගේ අනුමැතිය ලබාගෙන වාස්තුවිද්‍යාඥයා විසින් ප්‍රමාණ පත්‍රය(Bills of Quantities) පිලියෙල කිරිමට ප්‍රමාණ සමික්ශකවරයෙකුට භාරදේ. අනතුරුව පිරිවිතර හා Drawings හෝ ප්‍රමාණ පත්‍රය පදනම් කරගෙන ලන්සු (Tender )කැදවිම සිදු කරයි. අවම ලන්සුවට කොන්ත්‍රත්තුව ලබා දිම සාමාන්‍ය පිලිවෙලයි.

සාම්ප්‍රදායික ක්‍රමය(Traditional Method) තවමත් බහුලව ක්ශේත්‍රයේ යෙදේ. සම්ප්‍රදායික ක්‍රමය යටතේ යෙදෙන කොන්ත්‍රත් ක්‍රම කිහිපයකි.

A) Based on bills of firm quantities

B) Based on bills of approximate quantities

C) Based on drawings and specification

D) Based on a schedule of rates

E) Based on cost reimbursements

a. Cost plus percentage fee

b. Cost plus fixed fee

c. Target cost


මෙම ක්‍රමයේදි සේවායෝජකයා හා කොන්ත්‍රත්කරු හා අනෙකුත් පාර්ශවයන් අතර ඇති බැදිම් පහත ලෙස දැක්විය හැකිය.



මෙහි ඇති බැදිම් ආකාර දෙකකි.


1) කොන්ත්‍රත් ලෙස ඇති බැදිම් (Contractual relationship)
2) අදාල ව්‍යාපෘතියේ කටයුතු කරගෙන යාමට අවශ්‍යවන අන්‍යෝන්‍ය බැදිම්(මෙහි කිසිදි කොන්ත්‍රත්මය බැදිමක් නැත) (Functional relationship)


A) නිත්‍ය ප්‍රමාණ පත්‍රය( Based on bills of firm quantities)

සේවායෝජකයා නියමය පරිදි වාස්තුවිද්‍යාඥයා විසින් සැලස්ම නිමකිරිමෙන් අනතුරුව ප්‍රමාණ සමික්ෂකවරයා විසින් සැලසුම හා පිරිවිතර පදනම් කරගෙන ප්‍රමාණ පත්‍රය පිලියෙල කරනු ලබයි. අනතුරුව කොන්ත්‍රත්තුව සදහා මිල ගණන් ඉදිරිපත් කිරිමට ආරාධනා කරනු ලැබේ.සාමානයෙන් අඩුම ලන්සුව ඉදිරිපත් කරන අය වෙත කොන්ත්‍රත්තුව ප්‍රධානය කෙරේ.

මෙම ක්‍රමයේ ඇති විශේෂ ලක්ශණ:

· ප්‍රමාණයක්(Quantities) හා මිල ගණන් (Rate) යන දෙකම කොන්ත්‍රත්තුවේ කොටසක් වේ.

· කොන්ත්‍රත්තුව අත්සන් කෙරෙන්නේ සැලසුම සම්පුර්ණයෙන් පිලියෙල කිරිමෙන් අනතුරුවයි.

මෙම කොන්ත්‍රත්, කුට්ටි මුදල් කොන්ත්‍රත් (Lump sum contract)ලෙස හැදින්වේ.

වාසි

· පාර්ශව දෙකටම සිය වගකිම් පිලිබදව පැහැදිලි අවබෝධයක් ඇත.

· සැලසුමේ සිදුවන විචලනයන්(Variations) තක්සේරු කිරිම සදහා ඒකක මුදල (Rate)හොද මුලයකි.

· ලංසු මුදල විස්තරාත්මක බෙදුමකින්ද (Breakdown) සමන්විත වේ.

අවාසි

· ව්‍යාපෘතිය සැලසුම් කිරිමට හා ප්‍රමාණ පත්‍ර පිලියෙල කිරිමට වැඩි කාලයක් අවශ්‍යවේ


From: Birchall,S. & Ramus,J.,1996.Contract Practice for Surveyors.3rd ed.Great Britain:Laxton’s

1 comment:

මෙම ලිපියට අදාලව ගැන ඔබ දන්නා වෙනත් කරුණු ඇත්ද?එවාද, විෂයට අදාල ඔනැම කරුණක් මෙහි සටහන් කරන්න.
යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.

Related Posts with Thumbnails