Friday 23 April 2010

E. මුල්‍ය ප්‍රතිපුරණය මත පදනම් වු ක්‍රමය (Based on cost reimbursements) ii

ii පොදු කාර්යය පිරිවැය සහ ස්ථාවර ගාස්තුවක් මත පදනම්වු ක්‍රමය

මෙම ක්‍රමයේදි කොන්ත්‍රක්කරුවට පොදු කාර්යය පිරිවැය(Prime cost) සමග වෙනස් නොවන්නාවු ස්ථාවර ගාස්තුවක්(Fixed fee) ගෙවනු ලබයි. එමෙන්ම එම ගාස්තුව එම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත වටිනාකම මත පදනම්වේ.
එම ගාස්තුව වෙනස් විය හැක්කේ කොන්ත්‍රත්තුව ලබා දිමෙන් පසුව ව්‍යාපෘතියේ විශය පථය(Scope of work)වෙනස් විම නිසා හෝ කොන්දේසි(Conditions) වෙනස්විම නිසාය.

මෙහිදි ගෙවන ස්ථාවර ගාස්තුව පොදු කාර්යය පිරිවැයේ ප්‍රතිශතයක් ලෙස ගණනය කර බැලුවහොත්, එම ප්‍රතිශත පොදු කාර්යය පිරිවැය වැඩිවිම සමග අඩුවේ.

පහත උදාහරණ බලන්න

සම්පුර්ණ ප්‍රථමික පිරිවැය(රුපියල්) = 10,000,000.00
එකතුකලා:
පොදු කාර්යය පිරිවැය (Overheads) = 1,500,000.00
ලාභය = 500,000.00
2,000,000.00

ගෙවිය යුතු මුලු මුදල = 12,000,000.00

කොන්ත්‍රත්කරුගේ ගාස්තුව(%) = (2,000,000.00/12,000,000.00)% = 17%
කොන්ත්‍රත්කරුගේ ලාභය (%) = (500,000.00/12,000,000.00)% = 4%

ඉහත උදාහරණයේදි පිරිමහනසුලු(Economical) ආකාරයට කොන්ත්‍රත්තුව සකස් නොකල නිසා හා අකාර්යක්ශම(Inefficient) ලෙස සම්පත් භාවිතය නිසා සිදුවු නාස්තිය හේතුවෙන් සම්පුර්ණ ප්‍රථමික පිරිවැය රු. 12,000,000.00 ක් වුයේනම්,

සම්පුර්ණ ප්‍රථමික පිරිවැය(රුපියල්) = 12,000,000.00
එකතුකලා:
පොදු කාර්යය පිරිවැය (Overheads) = 1,500,000.00
ලාභය = 500,000.00
2,000,000.00
ගෙවිය යුතු මුලු මුදල 14,400,000.00

කොන්ත්‍රත්කරුගේ ගාස්තුව(%) = (2,000,000.00/14,400,000.00)% = 14%
කොන්ත්‍රත්කරුගේ ලාභය (%) = (500,000.00/14,400,000.00)% = 3%

ඉහත උදාහරණ වලට අනුව පොදු වැඩිවන විට ගාස්තු හා ලාභ ප්‍රතිශතය අඩුවන බව පැහැදිලිවේ..

From: Birchall,S. & Ramus,J.,1996.Contract Practice for Surveyors.3rd ed.Great Britain:Laxton’s

Sunday 11 April 2010

ප්‍රමාණ සමික්ෂකට වසරයි!

මෙම බ්ලොග් අඩවිය ආරම්භකර අද දිනට හරියටම වසරක් සපිරෙනවා. 2009 වසරේ අප්‍රේල් 11 වන දින සවස 2.37ට ප්‍රථම ලිපිය පල කර ආරම්භකල මේ ගමනේ මේවන විට ඉදිකිරිම් කලමනාකරණය, ඉදිකිරිම් තාක්ශණය, ඉදිකිරිම් නිතිය , පරිඝණක වැනි විෂයන් ආවරණය ලෙස ලිපි 21ක් පල කර තිබෙනවා.
ඉදිරියේදිත් ඉහත විෂයයන් ආවරණය වන ලෙස දිගටම ලිපි පල කෙරෙනු ඇත.
එමෙන්ම මෙම විෂයේ දැනුම ඇති ඔබටත් හැකි ලෙසින් ලිපි සපයාදි මේ සදහා දායක වන ලෙස ඉල්ලිමක් කරනවා.

මෙතුවක් කල් මෙම අඩවිය සමග රැදි සිටි ඔබ සැමට මාගේ ප්‍රණාමය!

Saturday 3 April 2010

E. මුල්‍ය ප්‍රතිපුරණය මත පදනම් වු ක්‍රමය (Based on cost reimbursements) i


i ) ප්‍රථමික පිරිවැය සමග ප්‍රතිශත ගාස්තු ක්‍රමය

ඉදිකිරිම් සදහා කම්කරු, අමුද්‍රව්‍ය හා යන්ත්‍ර සුත්‍ර වෙනුවෙන් වැයවන ප්‍රථමික පිරිවැයෙන්(Prime cost), කලින් එකගවු ප්‍රතිශතයක් කොන්ත්‍රත්කරුගේ ගාස්තුව ලෙස ගෙවනු ලැබේ. මෙම ක්‍රමයේ ඇති ප්‍රධානම අවාසිය නම් කොන්ත්‍රත්කරුගේ අකාර්යක්ශම (Inefficient) ඉදිකිරිම් කටයුතු නිසා සම්පත් නාස්තිය (Waste resources) වැඩිවි ඔහුට වැඩි මුදලක් ගෙවිමට සිදුවිමයි. එහෙත් අවශ්‍ය නම් එම ප්‍රතිශතය ප්‍රථමික පිරිවැය සමග ප්‍රතිලෝමව විචලනය වන ලෙස එකග විය හැකිය.

මෙය පැහැදිලි කිරිම සදහා සරල උදාහරණයක් ගනිමු.

සම්පුර්ණ ප්‍රථමික පිරිවැය(රුපියල්) = 10,000,000.00
එකතුකලා:
පොදු කාර්යය පිරිවැය (Overheads) 15% = 1,500,000.00
ලාභය 5% = 500,000.00
2,000,000.00

ගෙවිය යුතු මුලු මුදල 12,000,000.00


ඉහත උදාහරණයේදි පිරිමහනසුලු(Economical) ආකාරයට කොන්ත්‍රත්තුව සකස් නොකල නිසා හා අකාර්යක්ශම(Inefficient) ලෙස සම්පත් භාවිතය නිසා සිදුවු නාස්තිය හේතුවෙන් සම්පුර්ණ ප්‍රථමික පිරිවැය රු. 12,000,000.00 ක් වුයේනම්,

සම්පුර්ණ ප්‍රථමික පිරිවැය(රුපියල්) = 12,000,000.00
එකතුකලා:
පොදු කාර්යය පිරිවැය (Overheads) 15% = 1,800,000.00
ලාභය 5% = 600,000.00
2,400,000.00

ගෙවිය යුතු මුලු මුදල = 14,400,000.00


කොන්ත්‍රත්කරුගේ පොදු කාර්යය පිරිවැය (Overheads) කලින් අගයම, එනම් රු1,500,000.00 වුවා නම් දෙවන අවස්ථාවේ කොන්ත්‍රකරුගේ සැබැ ලාභය රු. 900,000.00කි.

ඒ අනුව පැහැදිලි වන්නේ කොන්ත්‍රකරු අකාර්යක්ශම (Inefficient) ක්‍රියාපිලිවෙත සේවායෝජකයාට ප්‍රභල ලෙස අවාසි සහගත බවයි.


Bookmark and Share
From: Birchall,S. & Ramus,J.,1996.Contract Practice for Surveyors.3rd ed.Great Britain:Laxton’s
Related Posts with Thumbnails