Tuesday 2 February 2010

වෘත්තිය නොසැලකිල්ල (Professional negligence)


රාජකාරි කටයුතුවලදි වෘත්තිකයන් අතින් වැරදි සිදුවිම ස්වභාවික දෙයකි. එම වැරදි හේතුවෙන්වෘත්තිකයාගෙන් සේවය ලබාගන්නා අයට යම් අලාභයක් සිදුවුවහොත් එය එම වෘත්තිකයාගෙන් අයකරගැනිමට නිති පවති. ඉංග්‍රිසි නිතියේ දිලික්ත නිතිය (English law of tort) යටතේ වෘත්තිය නොසැලකිල්ල(professional negligence) ලෙසින් නොසැලකිල්ල (negligence) යන කොටස උප කොටසක් ඇත්තේ ඒ සදහාය.

වෘත්තිකයා විසින් තමන්ගේ දැනිමේ ආකාරයට තම සේවාදායකයාට අලාභයක් නොවන ලෙස තම වෘත්තිය සේවාව ලබාදිය යුතුය. එය තම සේවාව පිලිබදව ඇති සැලකිල්ල (duty of care )ලෙස හැදින්වේ.

යම් අයෙකු, වෘත්තිකයෙකු සමග ඔහුගෙන් සේවාවක් ලබාගැනිම පිණිස ගිවිසුමකට එලබෙන විට,පැහැදිලිව සදහන්කල නියමයන් (express term ) නැතද එයතුලින් ගම්‍යවන නියමයක් (implied term )වන "සේවාව සාධාරණ සැලකිල්ලකින් (reasonable care) හා දක්ශතාවයකින් (skill ) යුතුව ලබාදිය යුතුය" යන්න මුල් කරගෙන යම් අලාභයක් සිදු වුවහොත් නිති මාර්ගයෙන් කටයුතු කල හැකිවේ.

Thake v. Maurice [1984]

මෙම නඩුවේදි පැමිණිලිකරු වුයේ දරුවන් පස්දෙනෙකුගේ පියාවු දුම්රිය දෙපාර්තුමේන්තුවේ මුරකරුවෙකි. ඔහුත්, ඔහුගේ බිරිදත් නැවත දරුවන් නොවැදිමට තිරණයකර ශල්‍යවෙද්‍යවරයෙකුගේ උපදෙස් පතා ඇත. ඔහු විසින් වාසෙත්කම් (vasectomy ) සැත්කම කිරිම තුලින් ස්ථිර වදභාවයට(permanently sterile) පත්වම බව ප්‍රකාශකර ඇත. සැත්කම සිදුකෙරිනි. එහෙත් පසුව Thake මහත්මිය ගැබිගත් අතර පසුව දියණියක වැදුවාය.

මෙහිදි ශල්‍යවෙද්‍යවරයා හා Thake මහත්මිය ගිවිසුමකට බැදුනේ හුදෙක් සැත්කම සිදු කිරිමට පමණක්ම නොවේ ඇය එම සැත්කම කිරිම තුලින් සම්පුර්ණ වද භාවයට පත් කිරිමේ එකගතාවයද සමගය.

මෙහිදි උසාවිය Thake මහත්මියට දරු උපත වෙනුවෙන් වැයවු මුදල් හා ඇයගේ වැටුප අහිමි විමෙන් සිදුවු පාඩුව ගෙවන ලෙස නියෝග කල අතර ඇයට සිදුවු වේදනාව හා කණගාටුව වෙනුවෙන් ගෙව්ම අනවශ්‍ය යැයි තිරණය කලේ දරු උපතේදි දැනෙන සතුට සැලකිල්ලට ගනිමිනි.

නොසැලකිල්ල යටතේ ගොනු කල නඩුවකදි ඔප්පු කල යුතු මුලිකාංග.

1) රාජකාරිය (Duty)

2) එම රාජකාරිය කඩ කෙරුණු බව (Breach)

3) එයට නියම හේතුව (Actual cause)

4) ආසන්නතම හේතුව (Proximate cause)

5) සිදුවු අලාභය (Damages)



From : http://en.wikipedia.org/wiki/Professional_negligence



Related Posts with Thumbnails