Thursday 14 January 2010

D. මිල ගණන් ලැයිස්තුවක් පදනම් කරගත් ක්‍රමය (ii) (Based on Schedules of Rates)






ii) තත් කාර්ය ලැයිස්තුව ("Ad hoc" schedule)

ව්‍යාපෘතියට අදාල අයිතමයන්(Items) පමණක් ඇතුලත් වනසේ එම ව්‍යාපෘතිය සදහාම විශේෂයෙන්ම පිලියෙල කරන ලැයිස්තුව මේ නමින් හැදින්වේ.
මෙම ලැයිස්තුව ප්‍රමාණ සමික්ෂකවරයා විසින්, එහි එක් අයිතමයන්ට අදාලව මිල ගණන් (Rates) ,මිල ගණන් තිරුව(Rates column) තුල සදහන් කර හෝ නොකර පිලියෙල කිරිම සිදු කරයි.
මිල ගණන් සදහන් කලහොත් ටෙන්ඩර්කරුවා සම්මත ලැයිස්තු ක්‍රමයේදි මෙන්, මිල ගණන් ඉදිරියෙන් ප්‍රතිශතයක් වශයෙන් අඩු හෝ වැඩි ලෙසින් මිලගණන් ඉදිරිපත් කරයි.
මිල ගණන් සදහන් නොකලහොත් ටෙන්ඩර්කරුවා අදාල අයිතමය ඉදිරියෙන්, මිල ගණන් තිරුව තුල තමන්ගේ මිල ගණන් සදහන් කරයි.

වාසි

1) ටෙන්ඩර්කරුවන්ට මිල ගණන්/
ප්‍රතිශතයන් ඉදිරිපත් කල යුත්තේ සිමිත අයිතමයන් ගණනකට පමණක් නිසා එය වඩාත් සාර්ථකව සිදු කල හැකිය.

2) ලැයිස්තුවේ ඇති අයිතමයන්ගෙන් ගෙන්
ව්‍යාපෘතිය සදහා, තමන්ගේ දායකත්වය පිලිබදව පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකිය.

අවාසි

1) මෙම
ක්‍රමයේදි ප්‍රමාණයන් නොමැති නිසා ටෙන්ඩර් ඇගයිම අපහසුය.

From: Birchall,S. & Ramus,J.,1996.Contract Practice for Surveyors.3rd ed.Great Britain:Laxton’s

Bookmark and Share
Related Posts with Thumbnails