Sunday 14 June 2009

C. ඩ්‍රෝවින් හා පිරිවිතර මත පදනම් ක්‍රමය (Based on Drawings and Specification)




මෙම ක්‍රමය නිත්‍ය ප්‍රමාණ පත්‍ර ක්‍රමයට(Fixed bills of quantities) බොහෝ සෙයින් සමානය,එහෙත් ප්‍රධානතම වෙනස්කම වනුයේ ටෙන්ඩර්කරුවන් සදහා ප්‍රමාණ පත්‍රයක් ලබා නොදිමයි. මෙහිදි ටෙන්ඩර්කරුවන් ප්‍රමාණයන්(Quantities), ලබාදුන් ඩ්‍රෝවින්(Drawing) මගින් ගණනය කල යුතුය.

සාමානයෙන් මෙම ක්‍රමය භාවිතා කරනු ලබන්නේ කුඩාප්‍රමාණයේ ඉදිකිරිම සදහා හා උප කොන්ත්‍රත් සදහායි.(Sub-contract)

මේ ක්‍රමයේ ඇති විශේෂ ලක්ෂණයන් වන්නේ

1) ටෙන්ඩර් ලියකියවිලි නිකුත් කරනු ලබන්නේ නිසි ලෙස සම්පුර්ණ කරන ලද ඩ්‍රෝවින් හා පිරිවිතර සමග විම.

2) සැලැසුමේ නිමාව සමගම ඉක්මනින් කොන්ත්‍රත්තුව වෙත එලබිය හැක.


වාසි:

1) ප්‍රමාණ පත්‍රයන් පිලියෙල කිරිමට කාලයක් වැය නොවන නිසා ටෙන්ඩර් ලියකියවිලි පිලියෙල කිරිමට ගතවන කාලය අඩුය.

2) පාර්ශව දෙකටම කොන්ත්‍රතුව අත්සන් කරන අවස්ථාවේදි තම තමන්ගේ වගකිම් පිලිබදව මනා අවබෝධයක් ඇත.


අවාසි:

1) ටෙන්ඩර් මුදල සදහා විස්තරාත්මක බෙදුමක් නොමැත.(එහෙත් ටෙන්ඩර් ලියකියවිලි භාරදිමේදිම හෝ ඉන් පසුව මෙම ටෙන්ඩර් මුදල සදහා විස්තරාත්මක බෙදුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිය හැක)

2) ඉහත හේතුව නිසා විචලනයන්(Variations) ඇගයිම(Valuation) අපහසුය


From: Birchall,S. & Ramus,J.,1996.Contract Practice for Surveyors.3rd ed.Great Britain:Laxton’s

Related Posts with Thumbnails