Thursday 28 December 2017

වරලත් ප්‍රමාණ සමික්ෂකවරයෙකු විමේ මග │ How to become a Chartered Quantity Surveyor

2007 අංක 20 දරන  ශ්‍රි ලංකා ප්‍රමාණ සමික්ෂකයන්ගේ ආයතනය (සංස්ථාගත කිරිමේ) පනත යටතේ, වරලත් ප්‍රමාණ සමික්ෂක (Chartered Quantity Surveyor) යන නාමය හෝ A.I.Q.S.SL/F.I.Q.S.SL යන සංක්ෂිප්ත නාමයන් භාවිතකල හැක්කේ එම ආයතනයේ සංස්ථාපිත/ආශ්‍රිත (Associate Member) හෝ අධි සාමාජිකයෙකුට (Fellow Member)පමණකි.

පාසල් අධ්‍යාපනය නිමකල ඔබට, ශ්‍රි ලංකා ප්‍රමාණ සමික්ෂකයන්ගේ ආයතනයේ("ආයතනය") සංස්ථාපිත සාමාජිකත්වය ලබාගැනිමට ප්‍රධාන මාර්ග 4ක් වේ, එනම්;


මාර්ගය 1 - එම ආයතනය පිලිගත් උසස් අධ්‍යාපන ආයතනයක(උදා:මොරටුව විශ්ව විශ්වවිද්‍යාලය) උපාධි පාඨමාලාවක් හදාරා ඉන් අනතුරුව ආයතනයේ උපාධිධාරි සාමාජිකත්වය (Graduate Membership) ලබාගෙන,වෘත්තිය ශක්‍යතා ඇගයිම(Assessment of Professional Competence-APC) සාර්ථකව සමත්විම තුලින්;

මාර්ගය 2 - එම ආයතනය පිලිනොගත් උසස් අධ්‍යාපන ආයතනයක(උදා:ICBT/BCAS/CSCT/UNIVOTEC) උපාධි පාඨමාලාවක් හදාරා, ඉන් අනතුරුව උපාධිධාරි සාමාජිකත්ව යෝග්‍යතා විභාගය’(Graduate Member Qualifying Examination) සමත්ව ආයතනයේ උපාධිධාරි සාමාජිකත්වය ලබාගෙන,ඉන් පසුව වෘත්තිය ශක්‍යතා ඇගයිම සාර්ථකව සමත්විම තුලින්;

    මාර්ගය 3 - එම ආයතනය පිලිගත් උසස් අධ්‍යාපන ආයතනයක ඩිප්ලෝමා/සහතිකපත්‍ර(උදා: තාක්ශණ විද්‍යාලයේ ජාතික තාක්ෂණික සහතිකය-NCT) පාඨමාලාවක් හදාරා ඉන් අනතුරුව ආයතනයේ ශිෂ්‍ය සාමාජිකත්වය(Student Membership) ලබාගෙන, ආයතනයේ වෘත්තිය මට්ටම් 1,2 හා 3 (Professional Level 1,2,&3) සමත්ව ආයතනයේ තාක්ශණික සාමාජිකත්වය (Technical Membership) ලබාගෙන,ඉන් අනතුරුව වෘත්තිය ශක්‍යතා ඇගයිම සාර්ථකව සමත්විම තුලින්.
 
 මාර්ගය 4 – එම ආයතනය පිලිනොගත් උසස් අධ්‍යාපන ආයතනයක(උදා:ICBT/BCAS/CSCT/UNIVOTEC) ඩිප්ලෝමා/සහතිකපත්‍ර පාඨමාලාවක් හදාරා ඉන් අනතුරුව ආයතනයේ ශිෂ්‍ය සාමාජිකත්වය(Student Membership) ලබාගෙන, ආයතනයේ වෘත්තිය මට්ටම් 1,2 හා 3 (Professional Level 1,2,&3)සමත්ව ආයතනයේ තාක්ශණික සාමාජිකත්වය (Technical Membership) ලබාගෙන,ඉන් අනතුරුව වෘත්තිය ශක්‍යතා ඇගයිම සාර්ථකව සමත්විම තුලින්. ඒ සදහා ඔබ, ගණිතය හා ඉංග්‍රිසි ඇතුලුව සම්මාන සාමාර්ථ 4ක් සහිතව සාමාන්‍ය පෙළ විභාගය ද උසස් පෙළ විෂයයන් දෙකකින්ද සමත්වි තිබිය යුතු බව සලකන්න.

ආයතනය පිලිගත් (Accredited) උසස් අධ්‍යාපන ආයතන/උපාධි පාඨමාලාවන් එහි වෙබ්අඩවියේ දක්වා ඇත. 

ඉහත සැම මාර්ගයකදිම වෘත්තිය ශක්‍යතා ඇගයිමට පෙනිසිටිමට නම් ඒ ඒ මාර්ගයට අදාල කාලසිමාවක්(උදා: වසර 2/3), අනුමත සේවානියුක්තියක (Approved Employment) නිරත විය යුතුය. අනුමත සේවානියුක්තියක් යනු වරලත් ප්‍රමාණ සමික්ෂකවරයෙකු යටතේ සේවය කිරිමයි.

මුලාශ්‍ර:http://www.iqssl.lk

ඔබ දැනටමත් අනුමත සේවානියුක්තියක නියුක්ත එහෙත් ඉහත මාර්ගවලින් එකක ගමන්ගත් අයෙකු නොවේනම් ඔබටද සංස්ථාපිත සාමාජිකත්වය ලබාගැනිමට මාර්ගය  ඉහත ගැලිම් සටහනේ දක්වා ඇති පරිදි විවෘතව පවතිනවා.

ඉහත මාර්ගවලට අමතරව, වෙනත් විදේශිය වෘත්තිය ආයතනවල සාමාජිකත්වය ලබා ඇති වෘත්තිකයින්ටද(Australian Institute of Quantity Surveyors & New Zealand Institute of Quantity Surveyors) සංස්ථාපිත සාමාජිකත්වය ලබාගැනිමට ඇති මාර්ග ඉහත ගැලිම් සටහනේ දක්වා ඇත. උදා: Australian Institute of Quantity Surveyors සාමාජිකත්වය ඇති අයට ඍජුවම වෘත්තිය ශක්‍යතා ඇගයිමට පෙනි සිටිය හැකි අතර දිනපොත හෝ ලිඛිත පරික්ශණය අදාල නැත,අදාල වන්නේ වාචික විභාගය(Viva-voce) පමණකි.

වෘත්තිය ශක්‍යතා ඇගයිම(Assessment of Professional Competence-APC)

උපාධිධාරි/ තාක්ශණික සාමාජිකත්වය ලබාගැනිමෙන් පසුව  අනුමත සේවානියුක්තියක   නිරතවි(උපාධිධාරි සාමාජිකත්වයදි නම් වසර 2ක් තාක්ශණික සාමාජිකත්වයදි නම් වසර 3ක්), නියමිත දිනපොත (Diary) සම්පුර්ණ කිරිමෙන් පසුව ඔබට වෘත්තිය ශක්‍යතා ඇගයිමට අයදුම්කල හැක.එහිදි ඔබට ලිඛිත පරික්ශණයකට හා වාචික පරික්ශණයකකට මුහුණ දිමටද සිදුවෙයි. ලිඛිත පරික්ශණය ප්‍රයෝගික ගැටලුවක් ආශ්‍රිතව සැකසෙන අතර, ගැටලුව ඔබට ලබාදිමෙන් පසුව ඔබට ලබාදෙන කෙටි කාලය තුලදි(දින 2-3) ඒ සදහා පිලිතුරු සපයා ආයතනය වෙත භාරදිය යුතුය. වාචික පරික්ශණයෙදි  වරලත් ප්‍රමාණ සමික්ෂකයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් ඔබ සතු න්‍යායික හා ප්‍රයෝගික දැනුම පරික්ශා කර බලනු ඇත.

වෘත්තිය ශක්‍යතා ඇගයිමෙන් සමත්වුව හොත්, ආයතනයේ සංස්ථාපිත සාමාජිකත්වය  සදහා ඔබ සුදුසුකම් ලබනු ඇත.


උපාධිධාරි සාමාජිකත්ව යෝග්‍යතා විභාගය (Graduate Member Qualifying Examination)

මෙය අදියර දෙකකින් පැවැත්වේ.පලමු අදියරේදි, ඔබට ලිඛිත විභාගයකට මුහුණ දිමට සිදුවන අතර එහිදි ඒකක 7ක් යටතේ ඔබේ දැනුම අගයනු ඇත.මෙය සමත් විමට නම්, සැම විෂයකටම ලකුණු 40ට වැඩි අගයක්ද විෂයන් සියල්ලේම සාමාන්‍ය ලකුණු 50ට වැඩි අගයක් තිබිය යුතුය.

ඉහත ලිඛිත විභාගය සමත්විමෙන් පසුව ඔබව වාචික පරික්ෂණයකට කැදවේ.එහිදි ඔබට ඔබගේ සේවා පලපුරුද්දට අදාල විනාඩි 10ක ඉදිරිපත් කිරීමක්(Presentation)කර ඉන් පසුව විනාඩි 20ක වාචික පරික්ෂණයට මුහුණදිය යුතුවේ.එය සමත්විමේ කඩයිම් ලකුණු වන්නේ 50%කි.

මෙම පරික්ෂණයට අදාල ඒකක පහත පරිදි වේ.

ලිඛිත විභාගය
  • GMQE 101 : Advanced Building Measurement
  • GMQE 102 : Civil Engineering Measurement
  • GMQE 103 : Contract Management
  • GMQE 104 : Construction Economics
  • GMQE 105 : Construction Law
  • GMQE 106 : Construction Technology
  • GMQE 107 : Project Planning & Control
වාචික පරික්ශණය
  • GMQE 108: Quantity Surveying Practice
අධි සමාජිකත්වය(Fellow Member)

සංස්ථාපිත සාමාජිකයෙකු ලෙසින් සිය වෘත්තිය සදහා විශිෂ්ට සේවයක් කල අයව අධි සමාජිකත්වයට උසස් කරනු ලබයි.

Friday 28 April 2017

විචලනයන් (Variations)

පටුන
        පෙරවදන
1.      විචලනයන් (Variations) යනු?
2.      දහතුන්වන වගන්තියේ වැදගත්කම කුමක්ද?. 1
3.      විචලනයන් (Variations) සිදුකිරිමේ බලය ඇත්තේ කාටද?. 2
4.      ඔනැම අවස්ථාවක මෙසේ විචලනයන් (Variations) කල හැකිද?. 2
5.      විචලනයන් (Variations)සිදුකල හැකි ආකාර කවරෙක්ද?. 2
6.      එසේ සිදුකරන විචලනයන්(Variations) සිදුකිරිමට කොන්ත්‍රත්කරු බැදි සිටිද?. 2
7.      විචලනයන්(Variations) ලෙස සැලකෙන්නේ මොනවාද?. 2
8.      ඉංජිනෙරුවරයාට රිසි ලෙස විචලනයන් (Variations) සිදුකල හැකිද?
9.      ඉංජිනේරුවරයාට සිය නියෝග(Instruction) වාචිකව(verbally) දිය හැකිද?. 4
10.    අර්ථදැක්විම් 



පෙරවදන
ප්‍රමාණ සමික්ෂකයන්ගේ කාර්‍යභාරයන් අතර විචලනයන් (Variations) ඇගයිම හා විචලනයන්/වෙනස්විම් කලමනාකරණයට (Change Management) ඉතා වැදගත් ස්ථානයක් හිමිවේ.
ඉංජිනෙරුවරයාගේ කාර්‍යමණ්ඩලයේ සාමාජිකයන් අතර කොන්ත්‍රත් හා මුල්‍ය පරිපාලනය (Contract and Cost Management)පිලිබද මනා දැනුමක් ඇති වෘත්තිකයා ලෙස, විචලනයන්  (Variations) සදහා ඉංජිනේරුතැනගේ නියෝග (Instructions) පිලියෙල කිරිම, විචලනයන් (Variations)  ඇගයිම ආදි සියලු දැ සිදුකරන්නේ ප්‍රමාණ සමික්ෂකවරයාය.
කොන්ත්‍රත් පරිපාලනයේම කොටස් වන ඒ සියලු කාර්‍යයන් සිදුකල යුතුවන්නේ අදාල කොන්ත්‍රත්තුවේ සදහන් ආකාරයටය.
මෙම ලිපිය තුලින් විචලනයන්ට අදාල මුලික සිද්ධාන්ත දැනුම FIDIC 1999 (Red Book) හි වගන්ති ආශ්‍රයෙන් විස්තර කර ඇත.
මෙම ලිපිය කියවද්දි ඔබට මතුවන ගැටලු, තව දුරටත් පැහැදිලි කරගත යුතු කරුණුවේ නම් ප්‍රතිචාරයක් ලෙස සදහන් කරන්න.

1.     විචලනයන් (Variations) යනු?

විචලනයන් (Variations) යනු කොන්ත්‍රත්තුවේ අන්තර්ගත කොන්ත්‍රත් වැඩවල (Works), දහතුන්වන වගන්තියට(Clause 13) අනුකුලව (නියෝගයකින්(Instruction) හෝ අනුමත කිරිමකින්(Approval)) සිදුකරන ඔනැම වෙනස් කිරිමකි.

2.     දහතුන්වන වගන්තියේ(Clause 13) වැදගත්කම කුමක්ද?

·         ඉදිකිරිම් ව්‍යාපෘතිවල ස්වභාවය අනුව ඉදිකිරිම යන අතරතුර මුලින් කොන්ත්‍රත්තුවේ අන්තර්ගත කොන්ත්‍රත් වැඩවල(Works) යම් වෙනස් කිරිම සිදුකිරිමට සිදුවේ.එහෙයින් එම වෙනස් කම් කිරිමට සේවායෝජකයාට අයිතියක්(Right) දහතුන්වන වගන්තියෙන් ලබාදි ඇත. එසේ වගන්තියක් නොතිබුනේ නම් එසේ සිදුකිරිමට අවශ්‍යවන වෙනස් කම් සිදුකිරිමට නව කොන්ත්‍රත්තුවකට එලබිමට දෙපාර්ශවයටම සිදුවේ.
·          දහතුන්වන වගන්තිය මගින් එසේ සිදුකරන වෙනස්කම් ඉටුකිරිමේ වගකිම(Obligation) කොන්ත්‍රත්කරුවෙත් පවරා ඇත.
·         එමෙන්ම ඉහත වගන්තිය මගින් එසේ වෙනස්කම් සිදුකිරිමේ බලය(Authority) හා එය කලමණාකරණය(Management) කිරිමේ බලය ඉංජිනේරුවරයාට පවරා ඇත.

3.     විචලනයන් (Variations) සිදුකිරිමේ බලය ඇත්තේ කාටද?

ඉංජිනේරුවරයාට.
කොන්ත්‍රත්කරුට(Contractor), සේවායෝජකයාට(Employer) හෝ ඉංජිනේරුතැනගේ සේවාදායකයන්ට(උදා: වෘත්තිය ඉංජිනේරුවන්, වාස්තුවිද්‍යාඥයන්) හට විචලනයන් (Variations) සිදු කල නොහැක.

4.     ඔනැම අවස්ථාවක මෙසේ විචලනයන් (Variations) කල හැකිද?

නැත, ව්‍යාපෘතිය ආරම්භකිරිමෙන් පසුව පවරාගැනිමේ සහතියය (Taking-Over Certificate) නිකුත් කරන තෙක් පමණක් මෙසේ විචලනයක්  (Variations) සිදුකල හැක.




5.     විචලනයන් (Variations)සිදුකල හැකි ආකාර කවරෙක්ද?

නියෝග (Instruction) ලබාදිමෙන් හෝ යෝජනාවක් (Proposal) ලබාදෙන ලෙස කොන්ත්‍රත්කරුගෙන් ඉල්ලිමෙන් හා පසුව එය අනුමත කිරිමෙන්(Approve).





6.     එසේ සිදුකරන විචලනයන්(Variations) සිදුකිරිමට කොන්ත්‍රත්කරු බැදි සිටිද?

ඔවු. එහෙත් එම විචලනයන් (Variations) සිදුකිරිමට අවශ්‍ය භාණ්ඩ (Goods) පහසුවෙන් ලබාගත නොහැකිනම් පමණක් ඒ පිලිබදව ඉංජිනේරුවරයාට  නොපමාව දැන්විමෙන්(Notify) (එය තහවුරු කරන තොරතුරු සමග) එය ක්‍රියාත්මක නොකර සිටිමේ අවස්ථාවක් ඇත.එසේ දැන්විමෙන් පසුව ඉංජිනේරුවරයා විසින් ප්‍රථමයෙන් ලබාදුන් නියෝගය(Instruction) අවලංගු(Cancel), තහවුරු(Confirm) හෝ වෙනස් කිරිමක් (Vary) කල යුතුය.





7.     විචලනයන්(Variations) ලෙස සැලකෙන්නේ මොනවාද?

a.      කොන්ත්‍රත්තුවේ අන්තර්ගත වැඩවල(works) ප්‍රමාණයන්ගේ සිදුවන වෙනස්කම්




කොන්ත්‍රත්තුවේ අන්තර්ගත වැඩවල(works) ප්‍රමාණයන්ගේ සිදුවන වෙනස්කම් යනු කොන්ත්‍රත්කරුගේ විශය පථයට (scope of works)සිදුකරන වෙනස් කම් මිස ප්‍රමාණ පත්‍රයේ (Bills of Quantities) සදහන් ප්‍රමාණ වල සිදුවන වෙනස්කම් නොවේ.
උදා: කුට්ටි මුදල් (Lump Sum) කොන්ත්‍රත්තුවක, කොන්ත්‍රත්කරුගේ විශය පථයට(Scope of work) දිග අඩි 50ක් හා පලල අඩි 20ක් වන ගොඩනැගිල්ල ටයිල් කල යුතුය එනම් ටයිල් වර්ග අඩි 1000ක් නිම කල යුතුය. එහෙත් ටයිල් ප්‍රමාණය මැන ඇත්තේ වැරදිමකින් 100ක් ලෙසින්. මෙහිදි කොත්ත්‍රත්කරුට ගෙවන්නේ ‘100* එකක මිල ගණන ට සමාන මුදලක් වන අතර කොත්ත්‍රත්කරුට ඉහත වගන්තිය යටතේ හෝ වෙනත් වගන්තියක් යටතේ අමතර මුදලක් ඉල්ලා සිටිය නොහැක.
එහෙත් ඉංජිනේරුවරයා විසින් ඉහත වැඩට අමතර තවත් අමතර වැඩක් (උදා: අමතර අඩි 10*10 ප්‍රමාණයේ කාමරයක් ටයින් කිරිමට) දහතුන්වන වගන්තියට(Clause 13) අනුකුලව නියෝග කලහොත්, එයට ඉහත වගන්තිය යටතේ අමතර මුදල් ඉල්ලා සිටිය හැක.
ප්‍රමාණ පත්‍රයේ(Bills of Quantities) ඇත්තේ කොන්ත්‍රත්තුවේ අන්තර්ගත වැඩසදහා ඇස්තමෙන්තු කරන ලද ප්‍රමාණයන් (Quantities for the works) වන අතර කොන්ත්‍රත්තුවේ අන්තර්ගත වැඩවල ප්‍රමාණයන්ගේ (Quantities of works) වෙනස්විම පමණක් ඉහත වගන්තියෙන් ආවරණයවේ, ඉහත ඉංග්‍රියෙන් යෙදෙන ‘of’ හි අර්ථය ඉංග්‍රිසියේ 'for' හි අර්ථයෙන් හාස්පසින්ම වෙනස් වේ.

b.      කොන්ත්‍රත්තුවේ අන්තර්ගත වැඩවල ගුණයන්ට හෝ වෙනත් ලක්ෂණවලට සිදුකරන වෙනස්කම්




උදා: කුලුණු සදහා නියමිත ‘30 ශ්‍රේණියේ (Grade 30) කොන්ක්‍රිට් වෙනුවට ‘35 ශ්‍රේණියේ’ (Grade 35) කොන්ක්‍රිට් යොදන ලෙස හෝ  කොන්ක්‍රිට් ලැල්ලේ(Concrete Slab) ප්‍රථමික නිමාව (basic finish) වෙනුවට වෙනත් විශේෂ නිමාවක්  සිදු සිදුකිරිම (e.g. Power floating, Trowelling) ඉහත වගන්තියට අනුව විචලනයක් (Variation) ලෙස සැලකිය හැකිය.

c.       කොන්ත්‍රත් වැඩ වල (Works) මට්ටමට(Level), ස්ථානයට(position) හෝ මිනුම්(dimensions) වල සිදුකරන වෙනස්කම්.



උදා:අඩි 4*3*1 ප්‍රමාණයේ යන්ත්‍ර තැබිමේ ආධාරයක් (Machine base)දෙවල මහලේ පිය ගැට පෙල අසල ඉදිකල යුතුව ඇත, ඉංජිනෙරුතැන විසින් එය;
·         තුන්වන මහලට හෝ
·         දෙවන මහලේම වෙනත් ස්ථානයකට හෝ
·         එහි මිනුම් වල වෙනසක් කලහොත්(උදා: දිග අඩි 3.5ක් කිරිම ),
 ඒවා ඉහත වගන්තිය යටතේ විචලනයන් (Variations) වේ.

d.      කොන්ත්‍රත්තුවේ අන්තර්ගත වැඩ(works) බැහැර කිරිමක්(omissions).


උදා: කොන්ත්‍රත්කරුගේ විශය පථයේ(Scope of work) ඇති මායිම් තාප්පය(Boundary wall) අනවශ්‍ය නිසා  ඔහුගේ විශය පථයෙන්(scope of work) ඉවත් කිරිම(omission).
එහෙත්, එසේ කොන්ත්‍රත්කරුගෙන් ඉවත් කරන ලද වැඩය වෙනත් කොන්ත්‍රත්කරුවෙකු ලවා කරගත හොත් එය විචලනයන් (Variations)යටතට නොවැටේ, එහිදි එය කොන්ත්‍රත්තුව කඩ කිරිමක් (Breach of contract)ලෙස සැලකේ.

e.      අමතර වැඩ(additional work)





ස්ථිර වැඩ (Permanent Works) නිමකිරිමට අනිවාර්යෙන්ම(Necessary) අවශ්‍යය වන යම් අමතර වැඩක්(Additional work), යන්ත්‍රොපකරණයක්(Plant), ද්‍රව්‍යයක් (Material) හෝ සේවාවක් (services)ලබාදෙන ලෙස කරන නියෝගයක්ද  විචලනයන් (Variations) ලෙස සැලකේ.
උදා: මායිම් තාප්පය(Boundary wall) නිම කිරිමට නම් අනිවාර්‍යෙන්ම මායිමේ පිහිටා ඇති ගසක් කපා ඉවත් කල යුතුය, එම ගස කපා ඉවත් කිරිමට ඉංජිනෙරුවරයාට නියෝගයක් ලබාදිය හැකි අතර කොන්ත්‍රත්කරු එය ඉටුකිරිමට ඉහත වගන්තියට අනුව බැදි සිටි, එමෙන්ම එය විචලනයන් (Variations) ගනයටවැටේ.
එහෙත් එම කොන්ත්‍රත්තුවට කිසිම සම්බන්ධයක් නැති වෙනත් ඉඩමක ගසක් කපා ඉවත් කරන ලෙස කරන ඉංජිනෙරුවරයාගේ නියෝග ඉහත වගන්තියට අනුව විචලනයන් (Variations) ගනයට නොවැටේ.

f.        කොන්ත්‍රත් වැඩවල (Works) අනුපිලිවෙල(Sequence) හෝ වෙන්කර ඇති කාල සිමාවට(Timing) සිදුකරන වෙනස්කම්




ව්‍යාපෘතිය ආරම්භයේදිම කොන්ත්‍රත්කරු, වගන්ති අංක 8.3(Clause 8.3) අනුප්‍රකාරව සවිස්තරත්මක වැඩසටහනක් (Programme) සකස්කර එයට ඉංජිනෙරුවරයාගේ අනුමැතිය ලබාගත යුතුය.
එම අනුමත වැඩසටහනේ දක්වා ඇති වැඩවල අනුපිලිවෙල(sequence) හෝ කාල සිමාවන්ට(timing) යම් වෙනසක් ඉංජිනෙරුවරයා විසින් සිදුකල හොත් එයද ලෙස විචලනයන් (Variations) ලෙස සැලකේ.
ඉහත දහතුන්වන වගන්තියට(Clause 13) අනුව කොන්ත්‍රත්කරු විසින්  ඉංජිනෙරුවරයාගේ නියෝගයක් හෝ අනුමැතියක් නොමැතිව  කිසිම වෙනස්කිරිමක් (Alteration) හෝ  සංශෝධනය කිරිමක් (Modification) සිදු කිරිම නොකල යුතුය.



8.     ඉංජිනෙරුවරයාට රිසි ලෙස විචලනයන් (Variations) සිදුකල හැකිද?

නැත,දහතුන්ව වගන්තියෙන්(Clause 13) ව්‍යාපෘතිය නිම කිරිමට අවශ්‍යවිය හැකි සාධාරණ වෙනස්කම් කිරිමට අවශ්‍ය බලය ඉංජිනෙරුවරයාට ලබාදි තිබුනද කොන්ත්‍රත්කරුට අසාධාරණයන් වන ලෙස එම බලය අයුතුලෙස පරිහරණය කිරිම වැලක්විම සදහා යම් යම් සිමාවන් පනවා ඇත.
එම සිමාවන් ඉහත පැහැදිලි කිරිම තුලම විස්තර කර ඇත.
උදා:
·         විචලනයන් (Variations)නියෝග කල හැක්කේ  පවරාගැනිමේ සහතියය (Taking-Over Certificate) නිකුත් කරන තුරු පමණි.
·         විචලනයන් (Variations) ලෙස නියෝග කල හැක්කේ අනිවාර්යෙන්ම(necessary) අවශ්‍යය වන අමතර වැඩ(Additional work) පමණි.

9.     ඉංජිනේරුවරයාට සිය නියෝග(Instruction) වාචිකව(verbally) දිය හැකිද?

හැකි සැම අවස්ථාවකදිම ඉංජිනේරුවරයා සිය නියෝග(Instructions) ලිඛ්තව(Written) ලබාදිය යුතුය. එහෙත් යම් අවස්ථාවක වාචිකව(Verbal) ලබාදුන් නියෝගයක්, නියෝගය ලබාදි දින දෙකක් ඇතුලතදි එම නියෝගය කොන්ත්‍රත්කරු විසින් ලිඛිතව තහවුරු(Written confirmation) කර ඇති අවස්ථාවක, එය දින දෙකක් ඇතුලත ඉංජිනේරුවරයා විසින්  ප්‍රතික්ශේප සහ/හෝවෙනත් නියෝගයක් ලබා නොදුන්නහොත්, කොන්ත්‍රත්කරු විසින් දුන්  නියෝගය තහවුරු කිරිම ඉංජිනේරුවරයාගේ ලිඛිත නියෝගයක් ලෙස සැලකේ.












10.අර්ථදැක්විම්

a.      කොන්ත්‍රත් වැඩ (Works)

කොන්ත්‍රත් වැඩ (Works) යනු ස්ථිර (Permanent) හෝ තාවකාලික (Temporarily)  වැඩවේ.



            b.      ස්ථිර කොන්ත්‍රත් වැඩ(Permanent Works)
 ව්‍යාපෘතිය අවසන් කිරිමෙන් පසුවද වැඩබිමේ පවතින දැ, උදා:වහලය


c.       තාවකාලික කොන්ත්‍රත් වැඩ (Temporarily Works)
 ව්‍යාපෘතිය අවසන් කිරිමෙන් පසුවද වැඩබිමේ නොපවතින නමුත් ස්ථිර වැඩ නිම කිරිමට අවශ්‍යවන,උදා: හැඩයම් (Form works) හා දෝශ (Defect) නිවැරදි කිරිම සදහා අවශ්‍යවන දැය.


d.      ඉංජිනේරුවරයා(Engineer)
ඉංජිනේරුවරයා (Engineer) යනු සේවායෝජකයා(Employer) විසින්  අදාල කොන්ත්‍රත්තුවේ ඉංජිනේරුවා ලෙස ටෙන්ඩර් උපග්‍රන්ථයේ (Appendix to Tender) නම් කර ඇති පුද්ගලායායි. කොන්ත්‍රත් ලේඛනවල (Contract document) හා ඒ ආශ්‍රිත දැහි (උදා: කොන්ත්‍රත් ලිපිවල (Contractual correspondences), ‘ඉංජිනේරුවරයා නාමය යෙදෙනේ ඉහත අර්ථයෙන් මිස වෘත්තිය ඉංජිනේරුවා (professional engineer e.g. Civil engineer) යන අර්ථයෙන් නොවේ.සමාන්‍යයෙන් ඉංජිනේරුවා (Engineer) ලෙස නම්කරන්නේ ඉදිකිරිම් උපදේශන සමාගමක්ය.


e.      භාණ්ඩ යනු (Goods)
භාණ්ඩ යනු  කොන්ත්‍රත්කරුගේ ආම්පන්න (Equipment), ද්‍රව්‍ය (Material),යන්ත්‍රෝපකරණ(Plants) හා තාවකාලික කොන්ත්‍රත් වැඩයි(Temporarily Works)




මෙම ලිපිය ඔබේ දැනුම වැඩිකිරිමට හේතුවුයේනම් මෙම ලිපිය මුහුණු පොත(Face Book) හරහා හුවමාරු කර(Share) අනිත් ප්‍රමාණ සමික්ෂක හිතවතුන්ට නෙත ගැටිමට සලස්වන්න.

ඔබත් සම්පත් දායකයෙකු ලෙස මෙම බ්ලොග් අඩවියට ලිපි ලිවිමට කැමතිනම් admin@qsonline.info ලිපිනයට දන්වන්න.
Related Posts with Thumbnails