Thursday 28 December 2017

වරලත් ප්‍රමාණ සමික්ෂකවරයෙකු විමේ මග │ How to become a Chartered Quantity Surveyor

2007 අංක 20 දරන  ශ්‍රි ලංකා ප්‍රමාණ සමික්ෂකයන්ගේ ආයතනය (සංස්ථාගත කිරිමේ) පනත යටතේ, වරලත් ප්‍රමාණ සමික්ෂක (Chartered Quantity Surveyor) යන නාමය හෝ A.I.Q.S.SL/F.I.Q.S.SL යන සංක්ෂිප්ත නාමයන් භාවිතකල හැක්කේ එම ආයතනයේ සංස්ථාපිත/ආශ්‍රිත (Associate Member) හෝ අධි සාමාජිකයෙකුට (Fellow Member)පමණකි.

පාසල් අධ්‍යාපනය නිමකල ඔබට, ශ්‍රි ලංකා ප්‍රමාණ සමික්ෂකයන්ගේ ආයතනයේ("ආයතනය") සංස්ථාපිත සාමාජිකත්වය ලබාගැනිමට ප්‍රධාන මාර්ග 4ක් වේ, එනම්;


මාර්ගය 1 - එම ආයතනය පිලිගත් උසස් අධ්‍යාපන ආයතනයක(උදා:මොරටුව විශ්ව විශ්වවිද්‍යාලය) උපාධි පාඨමාලාවක් හදාරා ඉන් අනතුරුව ආයතනයේ උපාධිධාරි සාමාජිකත්වය (Graduate Membership) ලබාගෙන,වෘත්තිය ශක්‍යතා ඇගයිම(Assessment of Professional Competence-APC) සාර්ථකව සමත්විම තුලින්;

මාර්ගය 2 - එම ආයතනය පිලිනොගත් උසස් අධ්‍යාපන ආයතනයක(උදා:ICBT/BCAS/CSCT/UNIVOTEC) උපාධි පාඨමාලාවක් හදාරා, ඉන් අනතුරුව උපාධිධාරි සාමාජිකත්ව යෝග්‍යතා විභාගය’(Graduate Member Qualifying Examination) සමත්ව ආයතනයේ උපාධිධාරි සාමාජිකත්වය ලබාගෙන,ඉන් පසුව වෘත්තිය ශක්‍යතා ඇගයිම සාර්ථකව සමත්විම තුලින්;

    මාර්ගය 3 - එම ආයතනය පිලිගත් උසස් අධ්‍යාපන ආයතනයක ඩිප්ලෝමා/සහතිකපත්‍ර(උදා: තාක්ශණ විද්‍යාලයේ ජාතික තාක්ෂණික සහතිකය-NCT) පාඨමාලාවක් හදාරා ඉන් අනතුරුව ආයතනයේ ශිෂ්‍ය සාමාජිකත්වය(Student Membership) ලබාගෙන, ආයතනයේ වෘත්තිය මට්ටම් 1,2 හා 3 (Professional Level 1,2,&3) සමත්ව ආයතනයේ තාක්ශණික සාමාජිකත්වය (Technical Membership) ලබාගෙන,ඉන් අනතුරුව වෘත්තිය ශක්‍යතා ඇගයිම සාර්ථකව සමත්විම තුලින්.
 
 මාර්ගය 4 – එම ආයතනය පිලිනොගත් උසස් අධ්‍යාපන ආයතනයක(උදා:ICBT/BCAS/CSCT/UNIVOTEC) ඩිප්ලෝමා/සහතිකපත්‍ර පාඨමාලාවක් හදාරා ඉන් අනතුරුව ආයතනයේ ශිෂ්‍ය සාමාජිකත්වය(Student Membership) ලබාගෙන, ආයතනයේ වෘත්තිය මට්ටම් 1,2 හා 3 (Professional Level 1,2,&3)සමත්ව ආයතනයේ තාක්ශණික සාමාජිකත්වය (Technical Membership) ලබාගෙන,ඉන් අනතුරුව වෘත්තිය ශක්‍යතා ඇගයිම සාර්ථකව සමත්විම තුලින්. ඒ සදහා ඔබ, ගණිතය හා ඉංග්‍රිසි ඇතුලුව සම්මාන සාමාර්ථ 4ක් සහිතව සාමාන්‍ය පෙළ විභාගය ද උසස් පෙළ විෂයයන් දෙකකින්ද සමත්වි තිබිය යුතු බව සලකන්න.

ආයතනය පිලිගත් (Accredited) උසස් අධ්‍යාපන ආයතන/උපාධි පාඨමාලාවන් එහි වෙබ්අඩවියේ දක්වා ඇත. 

ඉහත සැම මාර්ගයකදිම වෘත්තිය ශක්‍යතා ඇගයිමට පෙනිසිටිමට නම් ඒ ඒ මාර්ගයට අදාල කාලසිමාවක්(උදා: වසර 2/3), අනුමත සේවානියුක්තියක (Approved Employment) නිරත විය යුතුය. අනුමත සේවානියුක්තියක් යනු වරලත් ප්‍රමාණ සමික්ෂකවරයෙකු යටතේ සේවය කිරිමයි.

මුලාශ්‍ර:http://www.iqssl.lk

ඔබ දැනටමත් අනුමත සේවානියුක්තියක නියුක්ත එහෙත් ඉහත මාර්ගවලින් එකක ගමන්ගත් අයෙකු නොවේනම් ඔබටද සංස්ථාපිත සාමාජිකත්වය ලබාගැනිමට මාර්ගය  ඉහත ගැලිම් සටහනේ දක්වා ඇති පරිදි විවෘතව පවතිනවා.

ඉහත මාර්ගවලට අමතරව, වෙනත් විදේශිය වෘත්තිය ආයතනවල සාමාජිකත්වය ලබා ඇති වෘත්තිකයින්ටද(Australian Institute of Quantity Surveyors & New Zealand Institute of Quantity Surveyors) සංස්ථාපිත සාමාජිකත්වය ලබාගැනිමට ඇති මාර්ග ඉහත ගැලිම් සටහනේ දක්වා ඇත. උදා: Australian Institute of Quantity Surveyors සාමාජිකත්වය ඇති අයට ඍජුවම වෘත්තිය ශක්‍යතා ඇගයිමට පෙනි සිටිය හැකි අතර දිනපොත හෝ ලිඛිත පරික්ශණය අදාල නැත,අදාල වන්නේ වාචික විභාගය(Viva-voce) පමණකි.

වෘත්තිය ශක්‍යතා ඇගයිම(Assessment of Professional Competence-APC)

උපාධිධාරි/ තාක්ශණික සාමාජිකත්වය ලබාගැනිමෙන් පසුව  අනුමත සේවානියුක්තියක   නිරතවි(උපාධිධාරි සාමාජිකත්වයදි නම් වසර 2ක් තාක්ශණික සාමාජිකත්වයදි නම් වසර 3ක්), නියමිත දිනපොත (Diary) සම්පුර්ණ කිරිමෙන් පසුව ඔබට වෘත්තිය ශක්‍යතා ඇගයිමට අයදුම්කල හැක.එහිදි ඔබට ලිඛිත පරික්ශණයකට හා වාචික පරික්ශණයකකට මුහුණ දිමටද සිදුවෙයි. ලිඛිත පරික්ශණය ප්‍රයෝගික ගැටලුවක් ආශ්‍රිතව සැකසෙන අතර, ගැටලුව ඔබට ලබාදිමෙන් පසුව ඔබට ලබාදෙන කෙටි කාලය තුලදි(දින 2-3) ඒ සදහා පිලිතුරු සපයා ආයතනය වෙත භාරදිය යුතුය. වාචික පරික්ශණයෙදි  වරලත් ප්‍රමාණ සමික්ෂකයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් ඔබ සතු න්‍යායික හා ප්‍රයෝගික දැනුම පරික්ශා කර බලනු ඇත.

වෘත්තිය ශක්‍යතා ඇගයිමෙන් සමත්වුව හොත්, ආයතනයේ සංස්ථාපිත සාමාජිකත්වය  සදහා ඔබ සුදුසුකම් ලබනු ඇත.


උපාධිධාරි සාමාජිකත්ව යෝග්‍යතා විභාගය (Graduate Member Qualifying Examination)

මෙය අදියර දෙකකින් පැවැත්වේ.පලමු අදියරේදි, ඔබට ලිඛිත විභාගයකට මුහුණ දිමට සිදුවන අතර එහිදි ඒකක 7ක් යටතේ ඔබේ දැනුම අගයනු ඇත.මෙය සමත් විමට නම්, සැම විෂයකටම ලකුණු 40ට වැඩි අගයක්ද විෂයන් සියල්ලේම සාමාන්‍ය ලකුණු 50ට වැඩි අගයක් තිබිය යුතුය.

ඉහත ලිඛිත විභාගය සමත්විමෙන් පසුව ඔබව වාචික පරික්ෂණයකට කැදවේ.එහිදි ඔබට ඔබගේ සේවා පලපුරුද්දට අදාල විනාඩි 10ක ඉදිරිපත් කිරීමක්(Presentation)කර ඉන් පසුව විනාඩි 20ක වාචික පරික්ෂණයට මුහුණදිය යුතුවේ.එය සමත්විමේ කඩයිම් ලකුණු වන්නේ 50%කි.

මෙම පරික්ෂණයට අදාල ඒකක පහත පරිදි වේ.

ලිඛිත විභාගය
  • GMQE 101 : Advanced Building Measurement
  • GMQE 102 : Civil Engineering Measurement
  • GMQE 103 : Contract Management
  • GMQE 104 : Construction Economics
  • GMQE 105 : Construction Law
  • GMQE 106 : Construction Technology
  • GMQE 107 : Project Planning & Control
වාචික පරික්ශණය
  • GMQE 108: Quantity Surveying Practice
අධි සමාජිකත්වය(Fellow Member)

සංස්ථාපිත සාමාජිකයෙකු ලෙසින් සිය වෘත්තිය සදහා විශිෂ්ට සේවයක් කල අයව අධි සමාජිකත්වයට උසස් කරනු ලබයි.
Related Posts with Thumbnails