Friday 17 September 2010

E. මුල්‍ය ප්‍රතිපුරණය මත පදනම් වු ක්‍රමය (Based on cost reimbursements) iii


iii) ඉලක්කගත ප්‍රථමික පිරිවැය මත පදනම් ක්‍රමය(Target cost)

මෙම ක්‍රමයේදි, කොන්ත්‍රත්කරුගේ ගාස්තුව ඉහත විස්තරකල ක්‍රමයකින් ගෙවනු ලබයි. එනම් ප්‍රථමික පිරිවැයේ ප්‍රතිශතයක් ලෙසින් හෝ ස්ථාවර ගාස්තුවක් ලෙසිනි.
අන් ක්‍රම දෙකට වඩා මෙහි ඇති විශේෂත්වය නම් ප්‍රථමික පිරිවැය අවම කරගැනිමේ අදහසින් කොන්ත්‍රත්කරුට දිරි දිමනාවක් ලබාදිමයි. එහිදි සම්පුර්ණ පිරිවැය(Prime cost) එකගවු මුදලට(ඉලක්කය ) වඩා අඩුවුව හොත් ප්‍රසාද මුදලක් ලබාදිමත් වැඩි වුව හොත් දඩ මුදලකට යටත් කිරිමත්ය.
සාමාන්‍යයෙන් ප්‍රසාද මුදල/දඩ මුදල, සම්පුර්ණ පිරිවැයේත් එකගවු මුදලෙත් (ඉලක්කය ) වෙනසින් 50%ක් පමණවේ. එහෙත් එය කලින් එකගවු ඔනැම ප්‍රතිශතයක් වියහැකිය.
මෙම ක්‍රමයේදි එකගවු මුදලට(ඉලක්කය) ලෙසින් ඉදිරිපත් කරන්නේ එම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත පිරිවැයයි.

මෙය පැහැදිලි කිරිමට පහත උදාහරණය යොදාගනිමු. එහිදු භාවිතා කර ඇත්තේ පොදු කාර්යය පිරිවැය සහ ස්ථාවර ගාස්තුවක් මත ක්‍රමයයි.එකගවු මුදල(ඉලක්කය)රු. 11,000,000.00 ලෙස සලකමු.

සම්පුර්ණ ප්‍රථමික පිරිවැය(රුපියල්) = 10,000,000.00
එකතුකලා:
පොදු කාර්යය පිරිවැය (Overheads) = 1,500,000.00
ලාභය = 500,000.00
2,000,000.00

ගෙවිය යුතු මුලු මුදල(සම්පුර්ණ පිරිවැය)= 12,000,000.00

සම්පුර්ණ පිරිවැයේත් එකගවු මුදලෙත් වෙනස 50% = (12,000,000.00-11,000,000.00)* 50% = 50,000.00
එනම් කොන්ත්‍රත්කරු රු.50,000.00ක දඩ මුදලකට යටත්වේ.

අවසානයේ කොන්ත්‍රත්කරු ලබන සම්පුර්ණ ගෙවිම=12,000,000.00 - 50,000.00 = 11,500,000.00

පහත ගණනය කිරිම සලකන්න

සම්පුර්ණ ප්‍රථමික පිරිවැය(රුපියල්) = 8,000,000.00
එකතුකලා:
පොදු කාර්යය පිරිවැය (Overheads) = 1,500,000.00
ලාභය = 500,000.00
2,000,000.00

ගෙවිය යුතු මුලු මුදල(සම්පුර්ණ පිරිවැය)= 10,000,000.00

සම්පුර්ණ පිරිවැයේත් එකගවු මුදලෙත් වෙනස 50% = (11,000,000.00-10,000,000.00)* 50% = 50,000.00
එනම් කොන්ත්‍රත්කරු රු.50,000.00ක බෝනස් මුදලකට හිමිකම් කියයි.

අවසානයේ කොන්ත්‍රත්කරු ලබන සම්පුර්ණ ගෙවිම=8,000,000.00 + 50,000.00 = 8,500,000.00



From: Birchall,S. & Ramus,J.,1996.Contract Practice for Surveyors.3rd ed.Great Britain:Laxton’s


Related Posts with Thumbnails