Wednesday 29 July 2009

පරිසර හිතකාමි ඉදිකිරිම් තාක්ශණය (Sustainable Construction)

1) පරිසර හිතකාමි ඉදිකිරිම් (Sustainable Construction) වැදගත් ඇයි?

දැනට සොයාගෙන ඇති ග්‍රහලෝක වලින් ජිවයට සුදුසුම ග්‍රහලෝකය පෘථිවියයි.එයට ප්‍රධානතම හේතුවක් වනුයේ ජිවය පවත්වාගෙන යාමට සුදුසු උෂ්ණත්වයක් පවත්වාගත හැකි වායුගෝලයක් තිබිමයි.මෙසේ උෂ්ණත්වය පවත්වා ගැනිමට උපකාරිවන ක්‍රියාවලිය හැදින්වෙන්නේ ස්වභාවික හරිතාගාර ආචරණය නමිනි.

1.1) ස්වභාවික හරිතාගාර ආචරණය

කාබන් ඩයෝක්සයිඩ්, මිතෙන්, ක්ලෝරෝ ෆ්ලුවරෝ කාබන්, නයිට්රස් ඔක්සයිඩ් සහ ජල වාශ්ප හරිතාගාර වායුන් ලෙස ප්‍රධාන වශයෙන් හැදින්වේ. පෘථිවිය සුර්යාගෙන් ශක්තිය විකිරණ ලෙස ලබා ගනි.මෙම විකිරණ පාරදෘශය මාධ‍යක් වන වායුගෝලය හරහා පැමිනෙන අතර එයින් 70%ක් පමණ පෘතුවිය උරාගැනිම නිසා වායුගෝලය, සාගරයන් උණුසුම්වේ, ඉතිරි 30% පෘතුවි තලය පරාවර්ථනය කරනු ලබයි.
මෙසේ පරාවර්ථනය කරන තාපයෙන් කොටසක් අධෝරක්ත කිරණ වලට පාරදෘශය නොවන හරිතාගාර වායුන් මගින් උරාගෙන වායුගෝලයේ උෂ්ණත්වය පාලනය කරයි.මෙම ජිවින්ගේ පැවැත්මට වැදගත්වන ක්‍රියාවලිය හැදින්වෙන්නේ හරිතාගාර ආචරණය නමිනි.

1.2) හරිතාගාර වායුන්

කාබන් ඩයෝක්සයිඩ්, මිතෙන්, ක්ලෝරෝ ෆ්ලුවරෝ කාබන්, නයිට්රස් ඔක්සයිඩ් සහ ජල වාශ්ප හරිතාගාර වායුන් ලෙස
ප්‍රධාන වශයෙන් හැදින්වේ.

1.3) වැඩිකරන ලද හරිතාගාර ආචරණය

පසු ගිය දශකවලදි වායුගෝලයේ ඇති හරිතාගාර වායුවල
සාන්ද්‍රණය වැඩි වි ඇති බව සොයා ගෙන ඇත.ඉන්ධන පිළිස්සීම, ගොඩනැගිලි ඉදිකිරිම , වන විනාශය වැනි මිනිස් ක්‍රියාකාරකම් නිසා මෙම වායුවල සාන්ද්‍රණය වැඩි වි ඇති බවට මත පලවේ. මෙසේ අස්වභාවිකව හරිතාගාර වායුවල සාන්ද්‍රණය ඉහළ යාම නිසා ඇතිවන හරිතාගාර ආචරණය "වැඩි කරන ලද හරිතාගාර ආචරණය"1 යනුවෙන් හැඳින්වේ.

1.4) වැඩිකරන ලද හරිතාගාර ආචරණයේ ප්‍රථිපල

ගෝලිය උණුසුම්විම - විද්යාඥයන් ගණන් බලා ඇති අන්දමට 21 වන ශතවර්ෂය තුල මිහිතලයේ උෂ්ණත්වය ඉහලයාම අවම වශයෙන් 11C කි. මෙසේ විමට හේතුන් නම් හරිතාගාර ආචරණය හා වනාන්තර එලිපෙහෙළි කිරිමයි. ගෝලිය උණුසුම වැඩිවිම නිසා අයිස් දියවිම හා සාගර ජල මට්ටම ඉහල යැම, වර්ෂාපතන රටාවන් වෙනස් වීම සිදුවිම මෙන්ම එය මිනිසාගේ හා ශාක වල පැවැත්මටද බලපායි.
2
එහෙයින් මෙම අහිතකර
ප්‍රථිපල වලින් මිදිමටනම් ගෝලිය උණුසුම්විම අවම කලයුතුය. ඒ සදහා හරිතාගාර වායුන් විමෝචනය අවම කල යුතුය.

1.5) දැනට ගෝලිය උණුසුම ඉහල නැංවිමට මෙන්ම හරිතාගාර වායුන් විමෝචනයට දායක වන්නේ කුමන ක්ශේත්‍රයන්ගෙන්ද?

ප්‍රවාහන ක්ශේත්‍රය
• ගොඩනැගිලි
ක්ශේත්‍රය
• කර්මාන්ත
ක්ශේත්‍රය
ප්‍රවාහන ක්ශේත්‍රය ගැන බෝහෝ දෙනා අවධානය දැක්වුවද පරිසරයේ උෂ්නත්වය ඉහලයැම සදහා වැඩි දායකත්වයක් ලබාදෙන්නේ ගොඩනැගිලි මගිනි.

ඇමරිකා එක්සත් ජනපදයේ දත්තයන්ට
3 අනුව එරට ශක්ති පරිභෝජනයෙන්(ප්‍රස්තාරය A) භාගයක් පමණ භාවිතා කරන්නේ ගොඩනැගිලි සදහාය.එමෙන්ම එරටින් විමෝචනය කරන හරිතාගාර වායු වලින් අර්ධයකට හේතුව ගොඩනැගිලිය. එමෙන්ම සමස්ත ලෝකයේම බලශක්ති පරිභෝජනය හා හරිතාගාර වායු විමෝචනය ගත් කල එම ප්‍රමානයන් මිට වඩා විය හැකිය. එරට නිපදවන විදුලි බලයෙන් 76% (ප්‍රස්තාරය B) පමණ වැය වන්නේ ගොඩනැගිලි සදහාය.




ඇමරිකා එක්සත්ජනපදයේ විදුලි බලය පරිභෝජනය (ප්‍රස්තාරය B)

එනම් ගෝලිය උණුසුම්විම අවම කිරිමට නම් ගොඩනැගිලි
ක්ශේත්‍රයෙන් එයට දෙන දායකත්වය අඩු කල යුතුය. ඒ සදහා විසදුම නම් පරිසර හිතකාමි ඉදිකිරිම්(Sustainable Construction) සදහා යොමුවිමයි


2) පරිසරහිතකාමි ඉදිකිරිම් (Sustainable Construction) කල හැක්කේ කෙසේද?

පරිසරහිතකාමි ඉදිකිරිම් (Sustainable Construction) යනු
Sustainability යනු අනාගත පරම්පරාවල අවශ්‍යතා සපුරාගැනිම් වලට බාධාවක් නොවන අයුරින් වර්තමානයේ වර්තමාන අවශ්‍යතා සපුරා ගැනිමයි.
ඉදිකිරිම් සදහා අවම, නව අමුද්‍රවය(Virgain material) හා ශක්තිය(Energy) භාවිතයෙන් අවම පරිසරදුෂණයක්(Less pollution) හා අවම අපද්‍රවය( less waste) බැහැර කිරිමක් සිදුවන ආකාරයට අවශයතාවයට ගැලපෙන ලෙස ඉදිකිරිම් සිදුකිරිමට ඉහත මුලධර්මය ඉදිකිරිම් ක්ශේත්‍රය සදහා යෙදවිම පරිසරහිතකාමි ඉදිකිරිම්හිදි (Sustainable Construction) සිදුවේ.10

2.1) බලශක්තිය සුරකින පිටත ආවරණයන් භාවිතය.

2.1.1) බිත්ති (Wall)

මෙහිදි යෙදෙන වැදගත් සංකල්පයක් වනුයේ deep-energy retrofit යන්නයි
4. ශිත කාලයන්හි නිවාස වලින් විමෝචනය කරන හරිතාගාර වායුන්(greenhouse gas) අවම කිරිම deep-energy retrofit යොදවයි.මෙහිදි බිත්ති පරිවරනය (Insulation) R-30 හෝ ඉට වැඩි අගයකටද ඉහල මහල් පරිවරනය(attic insulation) R-50 හෝ ඉට වැඩි අගයකටද සිදු කරයි. මෙම retrofit ක්‍රමය තාක්ශනිකව අභියෝගයක් නොවුවද එය අධික වියදම් සහගත වැඩපිලිවෙලකි.

මේ සදහා භාවිතාකරන එක් ක්‍රමයක් වන්නේ පරිවරනිත කොන්ක්‍රිට් පැනලයන්ය. එය කොටස් හතරකින් සමන්විතවේ. මෙම
ක්‍රමය නිවාසයන්හි පිටත බිත්ති ආවරණය සදහා යොදා ගනි.



• 4¼"-thick (110 mm) panels (called Plus Panels)
• Plastic clips (called R-etro Ties)
• Galvanized steel starting track
• Fasteners.
ජායාරුපය 2




පිටත බිත්ති සදහා ආවරණයක් යෙදිම සරලතම හා සැලකිය යුතු පරිවරනයක් ලබා ගැනිමට ඇති හොදම ක්‍රමයකි. මෙම ක්‍රමය නිවසේ අභ්‍යන්තරයේ වෙනස්කම් කිරිමට හේතුවක් නොවිම වාසියකි. ශිත කාලයේදි බොහෝ පිටත බිත්තිවල ඇතුල් පැත්තේ ජලවාශ්ප ඝනිභවනය(Condensation) විම සිදුවේ. එම ජලවාශ්ප නිසා ඇතිවෙන ගැටලු වැලක්විමට ගන්නා පියවරද මෙම ක්‍රමයේ සාර්ථක අසාර්ථක භාවයට බලපායි. උණුසුම් කාලයේදි පිටත බිත්ති ඉක්මනින් වෙලුනද මෙසේ පිටත බිත්ති පරිවරනය කල විට බිත්ති වෙලිම නිසියාකාරව සිදු නොවේ.
එහෙත් එය එතරම් ගැටලුවක් නොවන්නේ පිටතින් යොදන පරිවාරකය බිත්තියේ උෂ්නත්වය වැඩි කරන නිසාය.
මෙය නිසියාකාරව සිදුවිමට නම් පිටතින් යොදන පරිවරනය, පිටත බිත්තිවල ඇතුලත පෘෂ්ඨය තුශාර අංකයට(
dew point) වඩා ඉහල අගයක තිබෙන සේ නියමිත ඝනකමකින් තිබිය යුතුය
මෙය නිසා නිවාසවල විදුලි බිල අඩුවිම, වායුසමිකරණවල ආයුකාලය වැඩිවිම වැනි වාසි ඇතිවේ.

2.1.2) වහලය (Roof)

2.1.2.1) Cool Roof5

අධෝරක්ත කිරණ හා පාරජම්බුල කිරණ පරාවර්ථනය කරමින් ගොඩනැගිල්ල තුලට එන තාප
ප්‍රමාණය අඩු කරන, එනම් වැඩි පරාවර්ථන අගයක් ඇති, හා වැඩි තාප විමෝචනතාවයක් ඇති, එනම් පරාවර්ථනය නොකර උරා ගත් තාපය නිදහස් කල හැකි වහලයක් සිසිල් වහලයකි.
මෙම සිසිල් වහල මගින් ගොඩනැගිල්ලේ සිසිල් කිරිමට අවශය ධාරිතාව හා අඩුකරන අතරම වහලයේ ආයුකාලය වැඩි කරයි.

A) Coated roofs


ගොඩනැගිල්ල ඇතුලත සිසිල්ව තබාගැනිමේ එක් උපක්‍රමයක් නම් වහලය මත පතිතවන සුර්යය තාපය වැඩි ප්‍රමාණයක් පරාවර්ථනය කර හැරිමයි.ඒ සදහා සුදුසු වර්ණයක් වහලය වෙත ආලේප කලයුතුය. සුදු පැහැති වර්ණයෙන් යුත් ආලේපන සුර්යය තාපය 80%ක් පමණ පරාවර්තනය කිරිමට සමත්ය. එනම් තාපය ලෙසින් උරාගන්නේ 20%ක් තරම් ප්‍රමාණයකි.
එහෙත් මෙහි ඇති අවාසිය නම් කාලයත් සමග ආලේපනය
අපවිත්‍රවිම නිසා පරාවර්තන හැකියාව 50% පමණ දක්වා පහත් වැටිමයි.
Cool Roofs Rating Council (CRRC) මගින් සමහරක් වහල ආවරණයන්ගේ පරාවර්ථන අගයන් පරික්ශාකර ඇත. මෙහිදි සමහර වහල ආවරණ 80%ක් පමණ සුර්යය තාපයක් පරාවර්ථනයක් කරන අතර තවත් සමහරක් පරාවර්ථනය කරන්නේ 25% තරම් ප්‍රමාණයකි.එමෙන්ම මෙහිදි පරාවර්ථනය කරන සුර්‍යය තාපය ප්‍රමාණය මෙන්ම උරාගත් තාපය විමෝචනය කිරිමේ හැකියාවද සුදුසු අමුද්‍රව්‍යක් තොරාගැනිමේදි සැලකිලිමත් විය යුතුය.
තහඩු මගින් සුදු පැහැති වහල ආලේපන වලට වඩා සුර්යය තාපයක් පරාවර්ථනය කරන නමුත් Emboded enegry එක වැඩි නිසා පරිසර හිතකාමි නොවේ.

B) Green roofs

Green roofs යනු වහලය මත වර්ධනය විමට සුදුසු මාධක් ඇතිකර එය මත සිදුසු ශාකයන් වගාකරන ලද වහලයන්ය.
සාමානයයෙන් Green roof කොටස් කිහිපයකින් සමන්විතවේ.


















• Structural support
• Roofing membrane
• Memberance protection & roof barrier
• Insulation
• Drainage, water storage & root barrier
• Growing medium
• Vegetation


Green roof වර්ග දෙකක් හදුනාගත හැකිය. එනම්
i) Intensive
ii) Extensive


i) Intensive
මෙහිදි අඩියක තරම් ගැඹුරැති පස් තට්ටුවක් යොදා
සාම්ප්‍රධායික ගෙවත්තක් ලෙසින්ම ගස්, පදුරු හා වෙනත් දේ යොදා සිත් ඇදගන්නා ලෙසින් සකසයි. වාරිමාර්ග(Irregation) හා අපවහන(Dranage) පද්ධතියකින්ද සමන්විත වන ලෙස සකසන්නේ එහි වැසියන්ට මෙහි සිය කටයුතුවල යෙදිමට හැකිවන පරිදිය. මෙම වහල ගොඩනැගිලේ වෙත සැලකියයුතු බරක් යොමු කරන අතරම හොද නඩත්තුවක්ද අවශයවේ.

ii) Extensive roofs
මෙහිදි යෙදෙන්නේ අගල් 6ක පමණ පස් තට්ටුවකි. එහි කුඩා ශාක සිටුවන අතර මේ වර්ගයේ වහල සදහා අවශයවන්නේ අවම නඩත්තුවකි.

Green roof සදහා මුලික හා නඩත්තු වියදම්

සාම්ප්‍රදායික වහලයක් ඉදිකිරිමට වඩා වියදම් වැඩිය.Green roof හි ඉදිකිරිම සදහා වැඩි කම්කරු හා අමුද්‍රවය අවශය විම එයට හේතුවයි.ඇමරිකාවේ සම්ප්‍රදයික වහලයක් ඉදිකිරිමට වර්ග අඩියකට $ 1.25 පමණ වැයවන විට extensive green roof ඉදිකීරිම සදහා දල වශයෙන් වර්ග අඩියකට $ 8 පමණ වැයවේ.ඇමරිකාව තුල ඉදිකිරිමට පුහුණුව ඇති කොන්ත්‍රත්කරුවන් සිමිත ගණනක් සිටිමද එකට එක් හේතුවකි. මුලික වියදම වැඩි වුවද දිගුකාලිනව බලන කල මුල්‍යම වශයෙන් වාසිදායකවේ.තාපපරිවරන ගුණය නිසා නිවාස ශිත හා උණුසුම් කිරිමට වැයවන මුදල අඩුවිම, ගොඩනැගිල්ලට අලංකාරයක් සපයන නිසා කුලියට දිමේදි කුලි වැඩි මුදලක් අය කල හැකි විම එයට හේතුවයි.


Green roofs නිසා ලැබෙන ප්‍රතිලාභ

1) ශාක කාබන්ඩයෝක්සයිඩ් අවශෝෂනය කර ඔක්සිජන් මුදාහරින නිසා වාතය පිරිසිදුවේ.
2)
පාරජම්බුල කිරන නිසා වහලවලට වන හානිය අවම කර දිගු ආයු කාලයක් ලබා දිම.
3) වහල අලුත්වැඩියා කිරිමේ හා නැවත ඉදි කිරිමේ වියදම් අඩුවේ.
4) හොද පරිවාරකයක්(ශබ්ද හා තාප ) විම
5) අවට වාතය සිසිල් කිරිම

6) එමෙන්ම භාවාත්මක ප්‍රතිඵල ලබාදෙන බවටද සොයාගෙන ඇත. මානසික ආතතින්ගෙන් පෙලෙන විට මෙම අලංකාරකරන ලද වෙත පැමිණි විට අතතිය අඩුවියන බව ඒ සම්බන්ධව කරන ලද පරියේෂණ වලදි අනාවරණය කරගෙන ඇත.6
7) එමෙන්ම තවත් වැදගත් ප්‍රයෝජනයක් වනුයේ මගින් වැසි වතුර රදවා ගැනිමයි.සම්ප්‍රධායික වහල වලදි, වහලය මත වැටෙන වැසි වතුර ජලවහන පද්ධතියක් මගින් පරිසරයට එකතු විම සිදුවේ. එය පරිසරයට එකතුවන ජල ප්‍රමාණය වැඩි කරන අතර ජල ගැලිම් වලටද හේතුවේ. ෆිලඩෙල්පියාහි (Philadelphia) කරල ලද අධ්‍යනයකදි6 හෙලිවුයේ Green roof නිසා වැසි ජලය එකතුවිම වාර්ශිකව 54%කින් පමණ අඩුවන බවයි.මෙහිදි වැඩි ඝණකමක් සහිත පස් තට්ටුවලින් යුත් වහල වැඩි වැසි ජල ප්‍රමාණයක් රදවා ගනි.

Cool roof හි ප්‍රයෝජන

1) වායු සමිකරණවලට වැයවන විදුලි බලය අඩු කර විදුලිබිල අඩුකරයි.
2) නිවැසියන්ගේ සුව පහසු බව වැඩිකරන අතර අලුතින් වායුසමිකරණවල අවශයතාවය අඩු කරයි.
3) අවශයකරන වායුසමිකරණ පද්ධතියේ
ප්‍රමාණය අඩුකaරන අතරම ඒවායේ ආයුකාලය වැඩි කරයි.
4) වහල නඩත්තුකිරිමේ වියදම් අඩුවන අතර එහි ආයුකාලය වැඩිවේ.
5)
ගෝලිය උණුසුම්විම අඩුවිම
6) Urban heat island බලපැම අඩුකිරිම
7) හරිතාගාර වායුන් විමෝචනය අඩු කරයි

2.2) පරිසරහිතකාමි අමුද්‍රව්‍යයන් භාවිතය

මෙහිදි යෙදෙන වැදගත්ම සංකල්පයක් වනුයේ Embodied Energy 7 යන්නයි. ගොඩනැගිල්ලක Embodied Energy ලෙසින් හැදින්වෙන්නේ ගොඩනැගිල්ලක් ඉදිකිරිමේදි ඒ සදහා අවශයවන ශක්තියයි. එනම් ගොඩනැගිල්ලකට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගැනිමේදි, නිශ්පාදනයේදි හා ප්‍රවාහනයේදි අවශ්‍යවන ශක්තිය හා එය නිමකිරිමට අවශ්‍ය ශක්තියයි.
වර්තමානයේ ඉදිකිරිම් සදහා භාවිතා කරන සමහර අමුද්‍රව්‍යයන්(උදා: ඇලුමිනියම්) එය නිශ්පාදනයේදි විශාල ශක්ති ප්‍රමාණයක් පරිභෝජනය කරයි.ඉදිකිරිම් සදහා සාමානයෙන් භාවිතාකරන අමුද්‍රව්‍යන් අතරින් අඩුම embodied energy ඇත්තේ දැව වලය,එය සංඛයාත්මකව පවසන්නේ නම් 640 kilowatt-hours per ton (මෙයින් වැඩි ප්‍රමාණයක් වැය වන්නේ දැව වේලිම හා කල්තබා ගැනිමේ ක්‍රියාවලින් සදහාය ). එම නිසා පරිසර හිතකාමිම අමුද්‍රව්‍ය වන්නේ දැවයි.
මිලගට අඩුම ඇත්තේ ගඩොල්වලයි, එය දැව වල මෙන් සතර ගුණයකි.ඉන් අනතුරුව අනුපිලිවෙලින් ඇත්තේ කොන්ක්‍රිට් (5 ගුණයක්), ප්ලාස්ටික්(6 ගුණයක් ), විදුරු(14 ගුණයක්), යකඩ(24 ගුණයක්), ඇලුමිනියම්(126 ගුණයක්) ය.
එනම් ඉදිකිරිම සදහා අඩු embodied energy සහිත
අමුද්‍රව්‍ය භාවිතය තුලින් ගෝලිය උණුසුම ඉහල යැම අවම කල හැකිවේ.

තවද ඔනැම ගොඩනැගිල්ලක් ගත්කල එයතුල විශාල embodied energy අඩංගුවන නිසා එය දිගුකාලයකට සැලසුම් කිරිම මෙන්ම නව ගොඩනැගිල්ලක් ඉදිකිරිම වෙනුවට පැරණි ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරිම තුලි න්ද ගෝලිය උණුසුම ඉහල යැම අඩුකිරිමට දායක විය හැකිය.

2.2.1) පරිසරහිතකාමි බිම්තලයන් (Sustainable flooring)8

පරිසරහිතකාමි බිම්තලයන් වනාහි පරිසරහිතකාමි
අමුද්‍රව්‍ය (sustainable materials ) යොදාගෙන පරිසරහිතකාමි ක්‍රමවේදයක් (sustainable process ) යොදා ගනිමින් මගින් නිපදවන අතර එය එහි ජිවිතකාලය තුලදි පරිසර පද්ධතියට එල්ල කරන බලපැම අවමවේ.

වර්තමානයේ භාවිතාවන පරිසරහිතකාමි බිම්තලයන් වර්ග කිහිපයකි.
a) Bamboo flooring
b) Cork Flooring
c) Linoleum
d) Rubber Flooring

a) Bamboo flooring
ඉතා වේගයෙන් වැඩෙන ශාකයක් වන උණගස් වලින් නිපදවයි.එය කල්පවත්නා ජල
ප්‍රතිරෝධක අමුද්‍රව්‍යකි.මෙය Formica and plywood වැනි laminate Flooring වලට වඩා වියදම් සහගතය.

b) Cork Flooring
ගසට හානියක් නොවන අයුරින්
ඔක් ගසේ පොත්ත ඉවත් කිරිමෙන් නිපදවයි.එහෙයින් මෙය නිසා පරිසරයට කිසිදු හානියක් සිදු නොවේ.මෙය හොද පරිවාරකයක් (insulator)නිසා අවම තාපහානියක් සිදුවන අතර එම නිසා ඇවිදිනවිට සුවපහසුවේ.එමෙන්ම හොද ශබ්ද පරිවාරකයක්දවේ. එහෙත් මෙහි ඇති ජලය උරාගැනිමේ ගුණය නිසා නාන කාමර වැනි තෙතමනය සහිත ස්ථාන සදහා සුදුසු නොවේ

c) Linoleum
වේලන ලද හණ ඇට වර්ග (flax seeds )හා ලිකුඩු(
wood flour) වැනි වෙනත් ශාක කොටස් සමග මිශ්‍ර කර මෙය නිපදවයි. එය සම්පුර්ණයෙන්ම නිපදවනු ලබන්නේ දිරායන(biodegradable) හා නැවත ඇතිවන(renewable) අමුද්‍රව්‍ය යොදාගෙනයි

d) Rubber Flooring
රබර් ශාකයෙන් නිවදවන මෙය නැවත ඇතිවන අමුද්‍රව්‍යකි.

මෙම වර්ගයේ වාසි:
• සවිකිරිම පහසුය
• නඩත්තුව පහසුය
ප්‍රතිස්ථිකවේ (anti-static)
• ශබ්ද පරිවාරකයකි (sound insulation)
• කම්පනයන් අඩුකරයි (vibration reduction)
• මැලයීම (fading )හා සිගරට් නිසා ඇති ඇතිවන ගිනි ගැනිම්වලට (cigarette burns)
ප්‍රතිරෝධකවේ.

කෘතිම රබර්(synthetic rubber) වලින් නිපදවන ඒවා පරිසරහිතකාමි
නිශ්පාදන නොවේ.

e) ස්වභාවික හා
ප්‍රතිචක්තිකරණය කල හැකි කලාලයන් (Natural and Recycled Carpet)

බැටලු ලොම් (wool), පොල් ලෙලි (coconut husk) වැනි ස්වභාවික කෙදි (natural fibers ) වලින් කරල ලද බුමුතුරුණු (carpets ) පරිසර හිතකාමිවේ.



මුලාශ්‍ර:

1 හරිතාගාර ආචරණය. අන්තර්ජාල ලිපිනය: http://si.wikipedia.org/wiki/හරිතාගාර_ආචරණය [ප්‍රවේශවු දිනය:2009 ජුලි 10]
2 මිහිතල‍යේ උණුසුම. අන්තර්ජාල ලිපිනය: http://si.wikipedia.org/wiki/මිහිතල‍යේ_උණුසුම [ප්‍රවේශවු දිනය:2009 ජුලි 15]
3 THE BUILDING SECTOR:A HIDDEN CULPRIT. අන්තර්ජාල ලිපිනය: http://www.architecture2030.org/current_situation/building_sector.html [ප්‍රවේශවු දිනය:2009 ජුලි 15]
4 Retrofitting Exterior Foam on Existing Walls. අන්තර්ජාල ලිපිනය: http://www.buildinggreen.com/auth/article.cfm/2009/5/29/Retrofitting-Exterior-Foam-on-Existing-Walls [ප්‍රවේශවු දිනය:2009 ජුලි 18]
5 Cool Roof. අන්තර්ජාල ලිපිනය: http://en.wikipedia.org/wiki/Cool_roof [ප්‍රවේශවු දිනය:2009 ජුලි 20]
6 Erika Tokarz.CEER Green Roof Project. අන්තර්ජාල ලිපිනය: http://egrfaculty.villanova.edu/public/Civil_Environmental/WREE/VUSP_Web_Folder/GR_web_folder/GR_paper.html [ප්‍රවේශවු දිනය:2009 ජුලි 20]
7 EMBODIED ENERGY. අන්තර්ජාල ලිපිනය:http://www.tenshadesofgreen.org/shade4.html [ප්‍රවේශවු දිනය:2009 ජුලි 20]
8 Sustainable flooring. අන්තර්ජාල ලිපිනය:http://en.wikipedia.org/wiki/Sustainable_flooring [ප්‍රවේශවු දිනය:2009 ජුලි 20]
9 Why Cool Roofs Are Way Cool. අන්තර්ජාල ලිපිනය:http://www.coolroofs.org/documents/IndirectBenefitsofCoolRoofs-WhyCRareWayCool.pdf [ප්‍රවේශවු දිනය:2009 ජුලි 25]
10) Sustainability. අන්තර්ජාල ලිපිනය:http://www.sustainableconstruction.co.uk/sustainability.htm [ප්‍රවේශවු දිනය:2009 ජුලි 30]

Related Posts with Thumbnails