Sunday 20 December 2009

D. මිල ගණන් ලැයිස්තුවක් පදනම් කරගත් ක්‍රමය (i) (Based on Schedules of Rates)

මෙම කලින් විස්තරකල B, දල ප්‍රමාණ පත්‍ර (Bills of approximate quantities ) ක්‍රමයට සමාන ක්‍රමයකි. මිල ගණන් ලැයිස්තුවක් (Schedules of rates) පදනම් කරගෙන පහත ක්‍රම යටතේ ටෙන්ඩර් කටයුතු සිදු කරනු ලබයි.මෙහි ඇති වාසියක් නම් සැලසුමේ මුලික අවධියේදිම කොන්ත්‍රත්තුවට එලබිමට හා ඉදිකිරිම් කටයුතු ආරම්භ කිරිමට හැකිවිමයි.

i) සම්මත ලැයිස්තුව (Standard Schedule)

ඉදිකිරිම් ව්‍යාපෘතිය තුලදි යෙදිය හැකි අයිතමයන් (Items)හදුනාගෙන ඒවා සුදුසු ක්ෂේත්‍රයන්(Trades) යටතේ,අදාල ඒකක ම්ල ගණන්ද (Unit rates) සමගින් ලැයිස්තුගත කරනු ලැබේ. මේ සදහා යොදාගත හැකි එක් ලැයිස්තුවක් වනුයේ ගොඩනැගිලි දෙපාර්තුමේන්තුව මගින් පිලියෙල කරන මිල ගණන් ලැයිස්තුවයි. ටෙන්ඩර්කරුවන් එම ලැයිස්තුගත කල මිලගණන් සදහා ප්‍රතිශතයක් වශයෙන් අඩු හෝ වැඩි ලෙසින් මිලගණන් ඉදිරිපත් කරයි.

මෙහිදි අදාල ලැයිස්තුව පිලියෙල කරන දිනයේ පටන් අදාල ව්‍යාපෘතියට මිල ගණන් ඉදිරිපත් කරන දිනය දක්වා ලැයිස්තුවේ ඇති අයිතමයන්ගේ මිල ගණන් වෙනස් විමි සැලකිල්ලට ගත යුතුය.

වාසි:

* ටෙන්ඩර්කරුවන් නිතරම වාගේ මෙම ලැයිස්තුව පරිහරනය කරන නිසා එහි අයිතම විස්තරයන් හා මිල ගණන් පිලිබදව හොද අවබෝධයක් ඇතිවේ. එම නිසා මිල ගණන් ප්‍රතිශතයක් ලෙස වෙනස්කිරිම පහසුවේ.


අවාසි:

* පාර්ශව දෙකටම තමන්ගේ වගකිම් පිලිබදව නිවැරදි අදහසක් නැත.

* විචලනයන් (Variables) රාශියක් පිලිබදව අවධානය දැක්විය යුතු නිසා වඩා හොද අර්පනය(Offer) තොරාගැනිම අපහසුය.



From: Birchall,S. & Ramus,J.,1996.Contract Practice for Surveyors.3rd ed.Great Britain:Laxton’s

Bookmark and Share
Related Posts with Thumbnails