Friday 23 April 2010

E. මුල්‍ය ප්‍රතිපුරණය මත පදනම් වු ක්‍රමය (Based on cost reimbursements) ii

ii පොදු කාර්යය පිරිවැය සහ ස්ථාවර ගාස්තුවක් මත පදනම්වු ක්‍රමය

මෙම ක්‍රමයේදි කොන්ත්‍රක්කරුවට පොදු කාර්යය පිරිවැය(Prime cost) සමග වෙනස් නොවන්නාවු ස්ථාවර ගාස්තුවක්(Fixed fee) ගෙවනු ලබයි. එමෙන්ම එම ගාස්තුව එම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත වටිනාකම මත පදනම්වේ.
එම ගාස්තුව වෙනස් විය හැක්කේ කොන්ත්‍රත්තුව ලබා දිමෙන් පසුව ව්‍යාපෘතියේ විශය පථය(Scope of work)වෙනස් විම නිසා හෝ කොන්දේසි(Conditions) වෙනස්විම නිසාය.

මෙහිදි ගෙවන ස්ථාවර ගාස්තුව පොදු කාර්යය පිරිවැයේ ප්‍රතිශතයක් ලෙස ගණනය කර බැලුවහොත්, එම ප්‍රතිශත පොදු කාර්යය පිරිවැය වැඩිවිම සමග අඩුවේ.

පහත උදාහරණ බලන්න

සම්පුර්ණ ප්‍රථමික පිරිවැය(රුපියල්) = 10,000,000.00
එකතුකලා:
පොදු කාර්යය පිරිවැය (Overheads) = 1,500,000.00
ලාභය = 500,000.00
2,000,000.00

ගෙවිය යුතු මුලු මුදල = 12,000,000.00

කොන්ත්‍රත්කරුගේ ගාස්තුව(%) = (2,000,000.00/12,000,000.00)% = 17%
කොන්ත්‍රත්කරුගේ ලාභය (%) = (500,000.00/12,000,000.00)% = 4%

ඉහත උදාහරණයේදි පිරිමහනසුලු(Economical) ආකාරයට කොන්ත්‍රත්තුව සකස් නොකල නිසා හා අකාර්යක්ශම(Inefficient) ලෙස සම්පත් භාවිතය නිසා සිදුවු නාස්තිය හේතුවෙන් සම්පුර්ණ ප්‍රථමික පිරිවැය රු. 12,000,000.00 ක් වුයේනම්,

සම්පුර්ණ ප්‍රථමික පිරිවැය(රුපියල්) = 12,000,000.00
එකතුකලා:
පොදු කාර්යය පිරිවැය (Overheads) = 1,500,000.00
ලාභය = 500,000.00
2,000,000.00
ගෙවිය යුතු මුලු මුදල 14,400,000.00

කොන්ත්‍රත්කරුගේ ගාස්තුව(%) = (2,000,000.00/14,400,000.00)% = 14%
කොන්ත්‍රත්කරුගේ ලාභය (%) = (500,000.00/14,400,000.00)% = 3%

ඉහත උදාහරණ වලට අනුව පොදු වැඩිවන විට ගාස්තු හා ලාභ ප්‍රතිශතය අඩුවන බව පැහැදිලිවේ..

From: Birchall,S. & Ramus,J.,1996.Contract Practice for Surveyors.3rd ed.Great Britain:Laxton’s

No comments:

Post a Comment

මෙම ලිපියට අදාලව ගැන ඔබ දන්නා වෙනත් කරුණු ඇත්ද?එවාද, විෂයට අදාල ඔනැම කරුණක් මෙහි සටහන් කරන්න.
යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.

Related Posts with Thumbnails