Saturday 3 April 2010

E. මුල්‍ය ප්‍රතිපුරණය මත පදනම් වු ක්‍රමය (Based on cost reimbursements) i


i ) ප්‍රථමික පිරිවැය සමග ප්‍රතිශත ගාස්තු ක්‍රමය

ඉදිකිරිම් සදහා කම්කරු, අමුද්‍රව්‍ය හා යන්ත්‍ර සුත්‍ර වෙනුවෙන් වැයවන ප්‍රථමික පිරිවැයෙන්(Prime cost), කලින් එකගවු ප්‍රතිශතයක් කොන්ත්‍රත්කරුගේ ගාස්තුව ලෙස ගෙවනු ලැබේ. මෙම ක්‍රමයේ ඇති ප්‍රධානම අවාසිය නම් කොන්ත්‍රත්කරුගේ අකාර්යක්ශම (Inefficient) ඉදිකිරිම් කටයුතු නිසා සම්පත් නාස්තිය (Waste resources) වැඩිවි ඔහුට වැඩි මුදලක් ගෙවිමට සිදුවිමයි. එහෙත් අවශ්‍ය නම් එම ප්‍රතිශතය ප්‍රථමික පිරිවැය සමග ප්‍රතිලෝමව විචලනය වන ලෙස එකග විය හැකිය.

මෙය පැහැදිලි කිරිම සදහා සරල උදාහරණයක් ගනිමු.

සම්පුර්ණ ප්‍රථමික පිරිවැය(රුපියල්) = 10,000,000.00
එකතුකලා:
පොදු කාර්යය පිරිවැය (Overheads) 15% = 1,500,000.00
ලාභය 5% = 500,000.00
2,000,000.00

ගෙවිය යුතු මුලු මුදල 12,000,000.00


ඉහත උදාහරණයේදි පිරිමහනසුලු(Economical) ආකාරයට කොන්ත්‍රත්තුව සකස් නොකල නිසා හා අකාර්යක්ශම(Inefficient) ලෙස සම්පත් භාවිතය නිසා සිදුවු නාස්තිය හේතුවෙන් සම්පුර්ණ ප්‍රථමික පිරිවැය රු. 12,000,000.00 ක් වුයේනම්,

සම්පුර්ණ ප්‍රථමික පිරිවැය(රුපියල්) = 12,000,000.00
එකතුකලා:
පොදු කාර්යය පිරිවැය (Overheads) 15% = 1,800,000.00
ලාභය 5% = 600,000.00
2,400,000.00

ගෙවිය යුතු මුලු මුදල = 14,400,000.00


කොන්ත්‍රත්කරුගේ පොදු කාර්යය පිරිවැය (Overheads) කලින් අගයම, එනම් රු1,500,000.00 වුවා නම් දෙවන අවස්ථාවේ කොන්ත්‍රකරුගේ සැබැ ලාභය රු. 900,000.00කි.

ඒ අනුව පැහැදිලි වන්නේ කොන්ත්‍රකරු අකාර්යක්ශම (Inefficient) ක්‍රියාපිලිවෙත සේවායෝජකයාට ප්‍රභල ලෙස අවාසි සහගත බවයි.


Bookmark and Share
From: Birchall,S. & Ramus,J.,1996.Contract Practice for Surveyors.3rd ed.Great Britain:Laxton’s

No comments:

Post a Comment

මෙම ලිපියට අදාලව ගැන ඔබ දන්නා වෙනත් කරුණු ඇත්ද?එවාද, විෂයට අදාල ඔනැම කරුණක් මෙහි සටහන් කරන්න.
යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.

Related Posts with Thumbnails