Thursday, 14 January 2010

D. මිල ගණන් ලැයිස්තුවක් පදනම් කරගත් ක්‍රමය (ii) (Based on Schedules of Rates)






ii) තත් කාර්ය ලැයිස්තුව ("Ad hoc" schedule)

ව්‍යාපෘතියට අදාල අයිතමයන්(Items) පමණක් ඇතුලත් වනසේ එම ව්‍යාපෘතිය සදහාම විශේෂයෙන්ම පිලියෙල කරන ලැයිස්තුව මේ නමින් හැදින්වේ.
මෙම ලැයිස්තුව ප්‍රමාණ සමික්ෂකවරයා විසින්, එහි එක් අයිතමයන්ට අදාලව මිල ගණන් (Rates) ,මිල ගණන් තිරුව(Rates column) තුල සදහන් කර හෝ නොකර පිලියෙල කිරිම සිදු කරයි.
මිල ගණන් සදහන් කලහොත් ටෙන්ඩර්කරුවා සම්මත ලැයිස්තු ක්‍රමයේදි මෙන්, මිල ගණන් ඉදිරියෙන් ප්‍රතිශතයක් වශයෙන් අඩු හෝ වැඩි ලෙසින් මිලගණන් ඉදිරිපත් කරයි.
මිල ගණන් සදහන් නොකලහොත් ටෙන්ඩර්කරුවා අදාල අයිතමය ඉදිරියෙන්, මිල ගණන් තිරුව තුල තමන්ගේ මිල ගණන් සදහන් කරයි.

වාසි

1) ටෙන්ඩර්කරුවන්ට මිල ගණන්/
ප්‍රතිශතයන් ඉදිරිපත් කල යුත්තේ සිමිත අයිතමයන් ගණනකට පමණක් නිසා එය වඩාත් සාර්ථකව සිදු කල හැකිය.

2) ලැයිස්තුවේ ඇති අයිතමයන්ගෙන් ගෙන්
ව්‍යාපෘතිය සදහා, තමන්ගේ දායකත්වය පිලිබදව පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකිය.

අවාසි

1) මෙම
ක්‍රමයේදි ප්‍රමාණයන් නොමැති නිසා ටෙන්ඩර් ඇගයිම අපහසුය.

From: Birchall,S. & Ramus,J.,1996.Contract Practice for Surveyors.3rd ed.Great Britain:Laxton’s

Bookmark and Share

Sunday, 20 December 2009

D. මිල ගණන් ලැයිස්තුවක් පදනම් කරගත් ක්‍රමය (i) (Based on Schedules of Rates)

මෙම කලින් විස්තරකල B, දල ප්‍රමාණ පත්‍ර (Bills of approximate quantities ) ක්‍රමයට සමාන ක්‍රමයකි. මිල ගණන් ලැයිස්තුවක් (Schedules of rates) පදනම් කරගෙන පහත ක්‍රම යටතේ ටෙන්ඩර් කටයුතු සිදු කරනු ලබයි.මෙහි ඇති වාසියක් නම් සැලසුමේ මුලික අවධියේදිම කොන්ත්‍රත්තුවට එලබිමට හා ඉදිකිරිම් කටයුතු ආරම්භ කිරිමට හැකිවිමයි.

i) සම්මත ලැයිස්තුව (Standard Schedule)

ඉදිකිරිම් ව්‍යාපෘතිය තුලදි යෙදිය හැකි අයිතමයන් (Items)හදුනාගෙන ඒවා සුදුසු ක්ෂේත්‍රයන්(Trades) යටතේ,අදාල ඒකක ම්ල ගණන්ද (Unit rates) සමගින් ලැයිස්තුගත කරනු ලැබේ. මේ සදහා යොදාගත හැකි එක් ලැයිස්තුවක් වනුයේ ගොඩනැගිලි දෙපාර්තුමේන්තුව මගින් පිලියෙල කරන මිල ගණන් ලැයිස්තුවයි. ටෙන්ඩර්කරුවන් එම ලැයිස්තුගත කල මිලගණන් සදහා ප්‍රතිශතයක් වශයෙන් අඩු හෝ වැඩි ලෙසින් මිලගණන් ඉදිරිපත් කරයි.

මෙහිදි අදාල ලැයිස්තුව පිලියෙල කරන දිනයේ පටන් අදාල ව්‍යාපෘතියට මිල ගණන් ඉදිරිපත් කරන දිනය දක්වා ලැයිස්තුවේ ඇති අයිතමයන්ගේ මිල ගණන් වෙනස් විමි සැලකිල්ලට ගත යුතුය.

වාසි:

* ටෙන්ඩර්කරුවන් නිතරම වාගේ මෙම ලැයිස්තුව පරිහරනය කරන නිසා එහි අයිතම විස්තරයන් හා මිල ගණන් පිලිබදව හොද අවබෝධයක් ඇතිවේ. එම නිසා මිල ගණන් ප්‍රතිශතයක් ලෙස වෙනස්කිරිම පහසුවේ.


අවාසි:

* පාර්ශව දෙකටම තමන්ගේ වගකිම් පිලිබදව නිවැරදි අදහසක් නැත.

* විචලනයන් (Variables) රාශියක් පිලිබදව අවධානය දැක්විය යුතු නිසා වඩා හොද අර්පනය(Offer) තොරාගැනිම අපහසුය.



From: Birchall,S. & Ramus,J.,1996.Contract Practice for Surveyors.3rd ed.Great Britain:Laxton’s

Bookmark and Share

Monday, 2 November 2009

Tuesday, 4 August 2009

පරිවර්තන ගුණකයන්(Convertion factors)


ගණනය කිරිම් වලදි අප මුහුණ දෙන එක් ගැටලුවක් වනුයේ එකක කිහිපයක් සමග ගණනය කිරිම් කිරිමට සිදුවිමයි. එම අවස්ථාවන්හිදි යම් අගයක්, එක් ඒකකයක සිට තවත් ඒකයකට පරිවර්තනය කිරිමට එයට අදාල ගුණකයෙන් (factors) වැඩි කරනු ලැබේ.

www.mycalculations.com වෙබ් අඩවියේ ඒකක රාශියකට අදාල ගුණකයන් දක්වා ඇත.
එමෙන්ම එම වෙබ් අඩවියේ ඒකක අතර පරිවර්තනයක් සිදුකල හැකි මාර්ගගත ගණකයක්ද(Online calculator) ඇත.


ESB UnitConv v7.10 යනු මෙසේ ඒකක අතර පරිවර්ථනයන්ට අදාල ගුණකයන් සොයාගත හැකි මෘදුකාංගයකි. එය මෙතනින් බා ගන්න.

Related Posts with Thumbnails