Monday 3 April 2017

ප්‍රමාණ සමික්ශණ වෘත්තියවේදියෙකු විමට අත්වැලක්....

සුදුසු ප්‍රමාණ සමික්ශණ පාඨමාලාවක් තෝරාගැනිමේදි සලකා බැලිය යුතු කරුණු මොනවාද?

අප මුහුණු පොතේ පිටුවට/බ්ලොග් අඩවියට ලැබෙන ප්‍රතිචාර මගින් පැහැදිලිවන එක් කාරණයක් නම්, පාසැල් අධ්‍යාපනය නිම කර අනාගතයේ ප්‍රමාණ සමික්ශකවරයෙකු විමේ අරමුණින් සිය තෘතියික අධ්‍යාපන කටයුතු කිරිමට බලාපොරත්තු වන සමහරකුට තමන්ට සුදුසු ප්‍රමාණ සමික්ශණ පාඨමාලාවක් තෝරාගැනිම පිලිබදව හරි අවබෝධයක් නැති බවයි.

එහෙයින් මේ ලිපියේ අරමුණ එසේ අනාගතයේ ප්‍රමාණ සමික්ශණ වෘත්තිකයෙකු විමට අදහස් කරන අයට තමන්ට සුදුසු පාඨමාලව ක් තොරාගැනිමට අත්වැලක්  විමයි.

දැනට ශ්‍රි ලංකාව තුල උපාධිඩිප්ලෝමා හා සහතික මට්මමේ ප්‍රමාණ සමික්ෂණ පාඨමාලා පැවැත්වෙන අතර ඒවායේ අන්තර්ගතය, පාඨමාලා කාලය, ගාස්තු මෙන්ම ක්ශේත්‍රයේ පිලිගැනිමද එකිනෙකට වෙනස් වේ.
ඉහල ප්‍රමිතියකින් පවත්වාගෙන යන පාඨමාලාද මෙන්ම හුදු මුදල් ඉපයිම පමණක් අරමුණු කරගත් පෞද්ගලික පාඨමාලාද පවතින නිසා අනාගතයේ ප්‍රමාණ සමික්ශණ වෘත්තියවේදියෙකු විමට අදහස් කරන අය තමන් හදාරන පාඨමාලව තොරාගැනිමෙදි ඉතා කල්පනාකාරි විය යුතුය.

 පාඨමාලාවේ මට්ටම - සහතික/ඩිප්ලෝමා/උපාධි
ලබාගත හැකි ඉහලතම ප්‍රථම අධ්‍යාපන සුදුසුමක වන්නේ උපාධි සුදුසුකම වන අතර, ඩීප්ලෝමා හා සහතික සුදුසුකම් ඉට පහල මට්ටමේ වේ. සිය ප්‍රථම අධ්‍යාපන සුදුසුමක ලෙස උපාධියක් ලබා ක්ශේත්‍රයේ ඉහලට යැම අනෙක් සිදුසුකම් ලබාගෙන් ඉහලට යනවාට වඩා පහසු හා ඉක්මන් වේ. එහෙත් ප්‍රථම සුදුසුකම ලෙස සහතික මට්ටමේ පාඨමාලාවක් හදාරා වුවද පසුව වැඩිදුර අධ්‍යාපනය ලබා ක්ශේත්‍රයේ ඉහලට ගමන් කිරිමේ මාර්ග පවති.
උදාහරණයක් ලෙස තාක්ශණික විද්‍යාලයකින් ප්‍රමාණ සමික්ශණය පිලිබද සහතික පත්‍ර පාඨමාලාවක් හැදැරු අයෙකුට පසුව වෘත්තිය තාක්ශණ විශ්වවිද්‍යාලයේ ප්‍රමාණ සමික්ශණය පිලිබද  උපාධි පාඨමලාව අර්ධකලිනව රැකියාවක් කරන අතරතුරදිම හදාරා උපාධි මට්ටමට ගොස් අනතුරුව ශ්‍රි ලංකා ප්‍රමාණ සමික්ශකයින්ගේ ආයතනයේ වෘත්තිය නිපුනත්ව ඇගයුම සාර්ථකව සමත්වි වරලත් ප්‍රමාණ සමික්ශකයින්ගේ විය හැකිය.

පාඨමාලාවේ කාලය -
සාමාන්‍යයෙන් ගෞරව උපාධි පාඨමාලා කාලය වසර 4 ක්ද, සාමාන්‍ය උපාධි පාඨමාලා කාලය වසර 3ක්ද, ඩිප්ලෝමා පාඨමාලා කාලය වසර 1.5/2ක්ද, සහතිකපත්‍ර පාඨමාලා කාලය වසර 1ක්දවේ. මෙම කාලය තුල පාඨමාලාවට අදාල කර්මාන්ත (වැඩබිමි) පුහුණු කාලයද ඇතුලත්ය, එය සාමාන්‍යයෙන් මාස 6-8 අතරවේ.මිට අමතරව මාස 3, 6 වැනි ඉතා කෙටිකාලින පාඨමාලා විවිධ ආයතන විසින් පවත්වන අතර, එවැනි ඉතා කෙටි කලක් තුල ප්‍රමාණ සමික්ශකවරයෙකු විමට අවශ්‍ය මුලික සිද්ධාන්ත පමණක් වත් ඉගෙන ගැනිමට හැකිවේද යන්න ප්‍රශ්නයකි.එහෙයින් පාසැල් අධ්‍යාපන නිමාකර වෘත්තියවේදියෙක් විමට අදහස් කරන සැම අවම වශයෙන්  වසරක හෝ පාඨමාලා කාලයක් ඇති පාඨමාලාවක් හැදැරිය යුතුය.

සමහර ආයතන සදහා බදවාගැනිමේදි පාඨමාලාවේ කාලයද සලකා බැලේ, උදාහරණයක් ලෙස ශ්‍රි ලංකා යුධ හමුදාවට කපිතාන් හා ලුතිනන්ම් නිලයන් සදහා බදවා ගන්නේ, අනුපිලිවෙලින් අවම වශයෙන් වසර හතරක් හා තුනක ප්‍රමාණ සමික්ශණ පාඨමාලා හැදැරු අයවලුන් පමණකි.

පාඨමාලාවේ ගාස්තු -
පාඨමාලාවේ ගාස්තු තමන්ට දැරිය හැකි මට්ටමක පවතින්නේද යන්න බැලිය යුතුය. විදේශ විශ්ව විදයාල/ආයතන වල පාඨමාලා සදහා මෙරට ආයතනයේ ගාස්තු වලට අමතරව එම විදේශ විශ්ව විදයාල/ආයතන වල ගාස්තුද ගෙවිමට සිදුවේ.

රජයේ විශ්ව විද්‍යාල හා තාක්ශණික විද්‍යාලවල නොමිලේ පාඨමාලා පැවැත්වෙන අතර පෞද්ගලික ආයතන විවිධ මිල ගණන් යටතේ පාඨමලා පවත්වයි. සාමාන්‍යයෙන් උපාධි පාඨමාලාවක් සදහා රු. ලක්ශ 4.5-8 ක පමණ ගාස්තුවක්ද ඩිප්ලෝමා පාඨමාලාවක් සදහා රු. ලක්ශ 2.5-3ක (උපරිමව, උදා: Edexcel Diploma) පමණ ගාස්තුවක්ද අයකරයි, එහෙත් ඉට වඩා අඩු  මිල ගණන් වලටද (උද, රු. 50,000) විවිධ ආයතන වල ඩිප්ලෝමා පාඨමාලා පැවැත්වේ

පාඨමාලාවේ ස්වභාවය -
පුර්ණ කාලිනද අර්ධ කාලිනද යන්න සලකා බැලිය යුතුය. පාසැල් අධ්‍යාපනය නිමාකර වෘත්තියවේදියෙක් විමට අදහස් කරන සැම අයෙක්ම පුර්ණකාලින පාඨමාලාවක් හැදැරිම වඩා යෝග්‍යවේ.

 පාඨමාලාව පවත්වන ආකාරය -
දුරස්ථ ක්‍රමයටද නැතහොත් මුහුණට මුහුණලා පන්ති පවත්වමින්ද යන්න. සමහර රටවල් (උදා: කටාර්) එසේ දුරස්ථව හැදැරු පාඨමාලා පිලිගන්නේ නැත.

සුදුසුකම ලබාදෙන ආයතනය -
 සමහර රටවල (උදා: කටාර්) නිති අනුව ඔබගේ අධ්‍යාපන සහතික නිකුත් කරන ලද රටේම  ඔබ අධ්‍යාපනය ලබා නොතිබුනොත්, ඒම සිදුසුකමි පිලිගන්නේ නැත. ඒ අනුව ශ්‍රි ලංකාවේ සිට මෙහි පෞද්ගලික ආයතන හරහා විදේශ විශ්වවිද්‍යාල/ආයතන වල හැදැරු උපාධි/ඩිප්ලෝමා එම රටවල (උදා: කටාර්) පිලිගන්නේ නැත.එමෙන්ම දුරස්ථ (distance learning) හා අන්තර්ජාලය(online) හරහා හැදැරු පාඨමාලාද කටාර්හි පිලිගන්නේ නැත.

සුදුසුකමට ඇති පිලිගැනිම-
 ශ්‍රි ලංකාවේ ප්‍රමාණ සමික්ශණ වෘත්තිය නියාමනය සදහා ඇති එකම ආයතනය වන්නේ 2007 අංක 20 දරන පනත යටතේ ප්‍රතිස්ථාපනය කරන ලද ශ්රි ලංකා ප්රමාණ සමික්ශකයන්ගේ ආයතනයයි. එහෙයින්  එම ආයතනයේ පිලිගැනිම ඇති පාඨමාලාවක් හැදැරිම  ඉතා සුදුසුවේ.

අනාගතයේ ප්‍රමාණ සමික්ශණ වෘත්තිය/සුදුසුකම් ප්‍රමිතිකරණය සදහා ප්‍රමාණ සමික්ශණ  සභාවක් අප රටේ ස්ථාපිට වු විට (වෙද්‍යය හා ඉංජිනේරු සභා වැනි ), ශ්‍රි ලංකා ප්‍රමාණ සමික්ශකයන්ගේ ආයතනයහි පිලිගැනිම ඇති පාඨමාලා හැදැරු වෘත්තිකයන්ට ඒහි ඉහලම තලයේ පිලිගැනිම ලැබෙනු ඇත.

එයට අමතරව ලෝකයේ ඇති අනෙකුත් ප්‍රමාණ සමික්ශ්ණ වෘත්තිකයන්ගේ ආයතන අතරින් ඉහලම පිලිගැනිමක් ඇත්තේ බ්‍රිතාන්‍යයේ වරලත් මැනුම් කරුවන්ගේ රාජකිය ආයතනයටයි, එම ආයතනයේ පිලිගැනිම ඇති පාඨමාලාවක් හැදැරිමද සුදුසුවේ.

වැඩි දුර අධ්‍යාපන අවස්ථා-

 ඔබ හදාරන්නට අදහස් කරන පාඨමාලාව නිම කිරිමෙන් පසුව එම ආයතනයේම හෝ, වෙනත් ආයතනයක වැඩි දුර අධ්‍යාපන අවස්ථා තිබෙද යන්න සොයා බැලිය යුතුය. වෘත්තියෙහි ඉහලම තලය වන වරලත් මට්ටමට යැමට මාර්ගය, ඔබ මුලිකවම හදාරණ පාඨමාලාව හරහා තිබිය යුතුය.

Created on 03 April 2017

1 comment:

  1. thanks for your details . those are very helpful to me.

    ReplyDelete

මෙම ලිපියට අදාලව ගැන ඔබ දන්නා වෙනත් කරුණු ඇත්ද?එවාද, විෂයට අදාල ඔනැම කරුණක් මෙහි සටහන් කරන්න.
යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.

Related Posts with Thumbnails