Showing posts with label Site Stories. Show all posts
Showing posts with label Site Stories. Show all posts

Saturday, 3 October 2020

සයිට් කතා 2 (පස් පව්ු)

ප්‍රමාණ බිල්පතක් පිළියෙල කරන කොට Preliminary  Bill එකේ වැඩ බිමේ නවාතැන් (site accommodation) කියලා එක අයිතමයක් (Item)  අඩංගු කරනවා. මේ නවාතැන් ලබාදිමේදි, කම්කරුවන්ට එක නවාතැනකුත්, තාක්ෂණික නිලධාරීන් හා අධීක්ෂකවරු සඳහා තව නවාතැනකුත්,  ඉංජිනේරු නිලධාරීන් සඳහා වෙනම නවාතැනකුත් ලබාදීම තමයි බොහෝ වැඩ බිම්වල සිදුවන්නේ. දුර බැහැර තිබෙන  වැඩබිම්වල නවාතැන් වල  සතියෙ අන්තිම දවසේ මධු විත සාද පැවැත්වීම සාමාන්‍යයෙන් සිදු කරන දෙයක්.

අලුතින් පුහුණුව සඳහා ගිය පුහුණු ප්‍රමාණ සමික්ෂකවරයාටත් මෙහෙම පැවැත්වුණු  සාදයකට  සම්බන්ධ වෙන්න වුණා. සාදය නැගලා යනවා, ඒ අතරේ එතැන හිටපු එක් අයෙක් මෙහෙම කතාවක් කියනවා.

"මහත්තයා මම කවදාවත් පස් පවු කරලත් නෑ,  කරන්නේත් නැහැ"

එතන හිටපු අනිත් අයත් පස් පව් කරන එක වැරදියි කියන එක අනුමත කරමින් කතා කලා.

"පස්පව් කොට පව් කොට මෙතනත් ලැබ සෝකය

ගොස් නිරයේ දුක් විඳිනා අනේකය රැස්කොට ඉන් පින් මේ මිනිස් ලෝකය

සිස් නොකරව් කලකින් ලත් මේකය"

ලෝවැඩ සඟරාවේ එන මේ කවියෙන් කියවෙන පස් පව් වලට වඩා එතන කතාවෙච්ච පස් පව් වල ලොකු වෙනසක් තියෙනවා කියලා තේරුණු   පුහුණු ප්‍රමාණ සමික්ෂකවරයා ඒ බව එතැන හිටපු තව අයෙක් ගෙන් විමසුවා.

මාර්ග ඉදිකිරීමේ වැඩ බිමක් ගත්තම  ඒකෙන් සෑහෙන්න පස් ප්‍රමාණයක් කැපිලා අයින් වෙනවා, හොඳ ප්‍රමිතියෙන් යුක්ත රතු පසට තිබෙන්නේ ඉහල ඉල්ලුමක්. ඒ ප්‍රදේශයේ  ඉන්න දේශපාලනඥයින්ගෙන් එහෙම නැත්තං පොලිස් නිලධාරීන්ගේ ඒවා ඔවුන්ට ලබාදෙන්න කියලා ඉල්ලීමක් ඉදිරිපත් නැත්තන්, ඒ පස් බොහෝ වෙලාවට ප්‍රදේශයේ ඉන්න අවශ්‍යතාවයක් තියෙන අය ලබාගන්නවා, ඔවුන් ඒ සඳහා මුදලක් වුණත් ගෙවන්න කැමති.හැබැයි දේශපාලනඥයින් ගෙන් ඉල්ලීමක් ඇවිල්ලා ඒක ඉෂ්ට කර නැත්තං වෙන දේ දන්නවනේ, වෙන්නේ දවස් කීපයකට පස්සේ පාරේ ඉදිකිරීම් නිසා ප්‍රදේශවාසීන්ට කරදර වෙනවා ඒ කියලා කට්ටියක් පිකට් කරන්න පටන් ගන්න එක; පොලිසිය ඉල්ලීමක් ඉෂ්ට නොකලොත් නං දිගට හරහට වැඩබිමේ වාහන ටික අල්ලන්න පටන් ගන්නවා .

අන්න එහෙම ප්‍රදේශවාසීන්ට පස් ලබා දෙන කොට ඔවුන්ගෙන් යම් මුදල් ලබාගන්න වැඩබිමේ සමහරු පුරුදු වෙලා තිබෙනවා.එහෙම කරන එක වැරැද්දක් බව දන්න නිසා ඔවුන් කියනවා, පවක් වන නිසා එහෙම ලබා ගන්නා මුදල් වලින් තමන්ගේ පවුලේ අයට කන්න බොන්න වියදම් නොකරන බවත්, නමුත් එම මුදලින් සති අන්තයේ පැවැත්වෙන සාදවලය මත් පැන් ගෙන එන බවත්.

ඔවුන් පස් පව් ලෙස හඳුන්වන්නේ පස් විකුණා ලබන මුදල් සිය පවුල වෙනුවෙන් වියදම් කරන එක.

'පස් පවු නොකරමු!'

Sunday, 23 August 2020

සයිට් කතා 1(වාසගම)

 ආදිවාසින් ගැන සිහිකරන විට නිතැතින්ම මතකයට එන ප්‍රදේශයකි. මේ පෙදෙසේ මග නැගුමට වෙසෙසෙන ඉදිකිරිම් සමාගමේ ව්‍යාපෘති කලමණාකරුගේ පටන් වැඩබිම් පරික්ශක දක්වා සියලු නිලයන් ගම් වැසියන්ට 'පාරේ මහත්තුරුය'

නැගෙන මග අසබඩ බාලික පාසැලේ විශේෂ රැස්විමකි, මුලසුන සුපුරුදු පරිදි විදුහල්පති තැන දරයි, ආරාධිත දෙමවුපියෝ බාලිකාවියන්ට පිටුපසින් නොයිවසිල්ලෙන් සිටින්නේ විශේෂ රැස්විමේ අරමුණ නොදත් නිසාවෙනි.

විදුහල්පති තැන සිය කතාව අරඹා මද වේලාවක් ගතවි ඇත,

"ඔන්න ඔක තමයි අද මේ පාසැලේ ලමයින්ට වෙලා තියෙන්නේ, මෙහෙම ගියොත් තව අවුරුදු 5-6කින් මේ පාසැලට ඇතුලත් කරගන්න ලමයින්ගේ නම් වල වාසගමට තියෙන්නේ, කොතලාවල, රණතුන්ග නෙමේ, IICC, MEGA වගේ ඔය පාර හදන කොම්පැණි ටිකේ නම් තමයි, මොකද පාරේ වැඩ ඉවර වුනාට පස්සේ ඔය මහත්තුරුව හොයන්න සක්කරයා තියා වයිමටවත් බැරිවේවි.

සුදු  තොප්පියක් දමා ජැන්ඩියට ඉන්න 'පාරේ මහත්තුරු' කිහිපදෙනෙක් සමග හාද වුනු පාසැලේ සිසුවියන් කිහිපදෙනෙකුගේ ක්‍රියාකලාපය පිලිබදව විදුහල්පති තැන දෙමවුපියන් දැනුවත් කලේ එලේසිනි.

Related Posts with Thumbnails