Wednesday 29 July 2015

මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ තුලින් පිලිබිඹු වන ශ්‍රි ලාංකිය අනාගත ඉදිකිරිම් ක්ශේත්‍රය.

මෙවර මැතිවරණය සදහා ප්‍රධාන පක්ෂ දෙක විසින් ඉදිරිපත් කර ඇති සිය  වැඩපිලිවලවල් හි ඉදිකිරිම් කර්මාන්තය සදහා යෝජනා කර ඇති යෝජනා පිලිබදව දැනගැනිම ඉදිකිරිම් ක්ශේත්‍රයේ සේවයේ නියුතු අයට වැදගත් වේ.එහෙයින් එම යෝජනා වල ඉතා වැදගත්යැයි සැලකිය  හැකි යෝජනා පහත දක්වා ඇත.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විසින් දිරිපත් කල 'අනාගතයට සහතිකයක්' යෝජනාවලියේ පහත කරුණු අඩංගුව ඇත.

3. ආර්ථික කලමනාකරණ ප්‍රතිපත්තිය
3.11.11 ඉදිකිරිම් කර්මාන්තය

. රටේ  සීඝ්‍ර වර්ධනයක් බලාපොරොත්තු වන ඉදිරි වසරවලදි කලාපයේ දියුණු රටවල හා සම කළ හැකි ඉදිකිරිම් කර්මාන්තයක් ගොඩනැගීමට දායක වන, ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු සේවාදායකයන්, ඉදිකිරිම්කරුවන් හා ඉදිකිරිම් ශිල්පීන්ගේ වෘත්තීයමය ගැටලුවිසෙඳන දේශීය ඉදිකිරිම් කර්මාන්ත ප්‍රතිපත්තියක් සකස් කරන්නෙමු.

. ඉදිකිරිම් කර්මාන්තයේ නියුතු විවිධ ශිල්පීන්ට කාලීන පුහුණු අවස්ථා ලබාදිමටත්,හැකියාවන් අනුව විදේශ රැකියා සඳහා සම්බන්ධ කිරිමටත් විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන්නෙමු.

. ජාතික කර්මාන්ත පද්ධතිය තුළ නව දැනුම හා දේශීය සොයාගැනීම් දිගැන්වීම සඳහා තාක්ෂණික පර්යේෂණ විද්‍යාගාරපද්ධතියක් රටපුරා විශ්වවිද්යාල පද්ධතිය ආශ්‍රිතව පිහිටුවන්නෙමු.

. විවිධ විද්යාඥයින් හා පර්යේෂකයන් එවැනි නව සොයාගැනීම් හා සංවර්ධන කටයුතු සඳහා දිගැන්වීමට ජාතික පර්යේෂණ හා සංවර්ධන අරමුදලක් පිහිටුවමු.

3.11.15 ආර්ථිකය යළි  පණ ගැන් වීම

සුලු පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ කොන්ත්‍රත්කරුවන්ට රජය මඟින් ගෙවිය යුතු හිඟ මුදල් සියල්ල 2015 දෙසැම්බර් 31 ට පෙර සම්පූර්ණයෙන් ගෙවා නිම කරන්නෙමු.

5. නිවාස හා ඉඩම් ප්‍රතිපත්තිය

5.4 ශ්‍රි ලංකාවේ කුලී නිවැසියන්, නව විවාහක පවුල් ඇතුලු නිවසක අයිතිය අහිමි සෑම දෙනාටම පළමු නිවස ඉදිකිරිම හෝ මිලදි ගැනීම සඳහා සහන පොලියට රුපියල් මිලියන 4 දක්වාවූ නිවාස ණයක් ලබා දෙන්නෙමු.

5.9 තෘතීයික අධ‍යාපනය සාර්ථකව නිමා කර ඇති, මාසික අවම ස්ථිර ආදායමක් ලබන තරුණ තරුණියන්ට නිවසක හිමිකාරිත්වය ලබාදිම සඳහා ඔවුන් ඉදිකරන පළමු නිවස සඳහා රාජ්‍ය බැංකු හරහා අඩු පොලී, සහන ණයක් ලබාදිමට කටයුතු කරන්නෙමු.

12. ආයෝජන හා යටිතල පහසුකම් ප්‍රවර්ධන ප්‍රතිපත්තිය

මේ යටතේ උතුරු අධිවේගි මාර්ගය ඉදිකිරිම, කතරගම දුම් රිය මාර්ගය ත්‍රිකුණාමලයදක්වා දික්කිරිම, සියලුම ප්‍රධාන මාර්ග යා කෙරෙන දියුණු මහා මාර්ග පද්ධතියක්, මත්තල හරහා නැගෙනහිරට සම්බන්ධවනසේ ඉදිකෙරෙන  අධිවේගි මාර්ගය හා  ආශ්‍රිත විනෝදාස්වාද උද්යානයක්, සැම කුඩා නගරයකටම  සංවර්ධන සැලස්මක් ක්‍රියාත්මක කිරිම වැනි යෝජනා රාශියක් සාගච්චා කර ඇත.

සම්පුර්ණ යෝජනාවලිය මෙහි ඇත.


එක්සත් ජාතික පක්ෂය පක්ශය විසින් ඉතිරිපත් කල 'පංච විධ ක්රියාවලිය' යෝජනාවලියේ පහත කරුණු අඩංගුව ඇත.


1. ආර්ථිකය දියුණු කිරිමේ ක්‍රයාවලිය

බලශක්තිය අවම ලෙස භාවිතාවන පරිසර හිතකාමි නිවාස, ගොඩනැගිලි  ඉදිකෙරේ.

පරිසර හිතකාමි නිවාස සදහා සහන

4. යටිතල පහසුකම් සදහා ආයෝජන ක්‍රියාවලිය

සැලසුම් සහගතව යටිතල පහසුකම්, ජලය, විදුලිය හා නිවාස පාසල් රෝහල් සමග බස්නාහිර පලාත මිලියන 8 වැඩි ජනග්‍රහනයක් වාසය කිරිම සදහාත් ව්‍යාපාර හා කර්මාන්ත සදහාත්  දකුණු ආසියාවේ ආකර්ශනියතම මෙගාපොලිස් මහා නාගරිකය  බවට පත් කිරිම, තිරසාර සංවර්ධනයක්මධ්යම අධිවේගි මාර්ගය(උතුරු )හා  රත්නපුර අධිවේගි මාර්ගය ඉදිකිරිම, කල්මුණේ නගරය විශාල කර යටිතල පහසුමක් සම්පුර්ණ කිරිම.

සම්පුර්ණ යෝජනාවලිය මෙහි ඇත.


සටහන

මෙම පක්ශ දෙක ඉදිරිපත් කර ඇති යෝජනාවලින්  බලන කල, ඉදිකිරිම් ක්ශේත්‍රය සදහා වඩා ආකර්ශණිය යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රි ලංකා නිදහස් පක්ශය යි.

එහෙත් සමහරක් එම යෝජනා නවමු ඒවා නොව දැනට ක්‍රියාත්මකවන හා ක්‍රියාත්මක විමට යෝජිත ඒවාවේ.

උදාහරණ නම්, 'දේශීය ඉදිකිරිම් කර්මාන්ත ප්රතිපත්තියක්', 'දේශීය සොයාගැනීම් දිගැන්වීම සඳහා තාක්ෂණික පර්යේෂණ විද්‍යාගාර පද්ධතියක්  ' හා 'නව සොයාගැනීම් හා සංවර්ධන කටයුතු සඳහා දිරිගැන්වීමට ජාතික පර්යේෂණ හා සංවර්ධන අරමුදලක් ' වැනි යෝජනා මේ වන විටත්  ශ්‍රි  ලංකා නිදහස් පක්ශ රජය විසින්ම ඉදිරිපත් කර සම්මතකල 'ඉදිකිරිම් සංවර්ධන පනත' මගින් කෙලින්ම හෝ වක්‍රව යෝජනා කර තිබිමයි(Construction Industry Development Fund මගින් ලැබෙන ආදායම , වියදම් කිරිමේ මගපෙන්විම්(Guidelines) යටතේ ඒවා ආවරණය වේ.www.qsonline.info හි 'Construction Development Act - part iii ලිපියේ එය සාගච්චා කර ඇත ). එමෙන්මඉදිකිරිම් කර්මාන්තයේ නියුතු විවිධ ශිල්පීන්ට කාලීන පුහුණු’ ද දැනටමත් ක්‍රියාත්මකවේ .

'ඉදිකිරිම් කර්මාන්තයේ නියුතු විවිධ ශිල්පීන්ට විදේශ රැකියා සඳහා සම්බන්ධ කිරිමටත් විශේෂ වැඩපිළිවෙළක්' සකස් කිරිම මිට කලකට පෙරද සාගච්චාවු අතර මෙතෙක් එය ඉටු නොවු කරුණකි.


No comments:

Post a Comment

මෙම ලිපියට අදාලව ගැන ඔබ දන්නා වෙනත් කරුණු ඇත්ද?එවාද, විෂයට අදාල ඔනැම කරුණක් මෙහි සටහන් කරන්න.
යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.

Related Posts with Thumbnails