Showing posts with label law. Show all posts
Showing posts with label law. Show all posts

Saturday, 19 May 2018

ඉදිකිරිම් නීතියට පෙරවදනක්


1)      නීතිය යනු

නීතිය යනු මානව චර්‍යාවන් නියාමනය උදෙසා පනවා ඇති නියමයන්ය. මානව ක්‍රියාකාරකම් නිසා ලැබුණු අත්දැකිම් නිසාවෙන් පැනවුණු මෙම නියමයන්,  මානවයාගේ උප්පත්තියේ සිට විපත දක්වාත්, ඉන් පසුවත් බලපායි. සමාජයේ හර පද්ධතියක් ලෙසින්ද ක්‍රියාකරන  නීතිය, සමාජයේ සංවර්ධනයට රුකුලක් වන අතරම සමාජයේ සාමාජිකයින් අතර බැදිම ඇති කරයි. විටෙක සමාජයේ යහපත උදෙසා  මානව පැවතුම සිමාකරන අතර   එයට අනුකූල නොවන අයව දඬුවම් කරයි/සමාජයෙන් බැහැර කරයි. 

2)      නීති පද්ධති (legal systems)

ලෝකයේ ඇති නීති පද්ධතින් කිහිපයකි. ඒවායින් ප්‍රධානතම නීති පද්ධතින් දෙක නම් සිවිල් නීති පද්ධතිය (Civil Law system) හා පොදු නීති පද්ධතියයි (Common Law system). රෝම අධිරාජ්‍යයෙන් බිහිවු සිවිල් නීති පද්ධතිය වර්තමානයේ ප්‍රංශය, ජර්මනිය හා මැදපෙරදිග ඇතුළු රටවල ගණනාවක බල පැවැත්වේ. සිවිල් නීති පද්ධතින්හිදි නීතිය ලෙස බලාත්මක කල හැක්කේ, ව්‍යවස්ථාව (Constitution) හා ව්‍යවස්ථාදායකය (legislature, e.g. Parliament) විසින් සම්මත කර ඇති නීතින්ය. පොදු නීතියේ මෙන් අධිකරණයේ නඩු තීන්දු තුලින් නීතින් බිහි නොවේ.
පොදු නීති පද්ධතින්වලදි ව්‍යවස්ථාව හා ව්‍යවස්ථාදායකය විසින් සම්මත කර ඇති නීතින් (උදා: 1995 අංක  11 දරණ බේරුම් කරණය පිලිබදව පනත -Arbitration Act) වලට අමතරව අධිකරණයේ නඩු තීන්දු තුලින් ද නීතින් බිහි වේ (උදා: වේග සිමා ලකුණු කර නැති මාර්ගවලදි අධික වේගයෙන් ගමන් කිරීමේ වරදට දඬුවම් පැමිණිය නො හැක යන්න පසුගිය කාලයේ ලබා දුන් නඩු තීන්දුවකින් බිහිවු නීතියකි ). එනම් නීතින් බිහිවිමේ මුලාශ දෙකකි, අධිකරණය හා ව්‍යවස්ථාදායකය.

3)      පොදු නීති පද්ධතියේ (Common legal system) ප්‍රභේද

පොදු නීතියේ ප්‍රභේද ගණනාවකි, ඒ අතුරින් ප්‍රධානතම දෙක නම්, රාජ්‍ය නීතිය(Public Law) හා පෞද්ගලික නීතියයි (Private Law). පෞද්ගලික නීතිය රටේ පුරවැසියන් අතර ඇති සම්බන්ධකම්වලට බලපාන අතර රාජ්‍ය නීතිය රජය හා එහි පුරවැසියන් අතර ඇති සම්බන්ධතාවට බලපායි. ව්‍යවස්ථා නීතිය (Constitution), පරිපාලන නීතිය (Administrative law), අපරාධ නීතිය (Criminal Law) හා පටිපාටි නීතිය (Procedural Law), රාජ්‍ය නීති සදහා උදාහරණ වන අතර සිවිල් නීතිය (Civil Law), සේවා නියුක්ති නීතිය (Employment Law) හා සමාගමි නීතිය (Company Law), පෞද්ගලික නීති සදහා උදාහරණවේ.
එමෙන්ම හරවත් නීතිය (Substantive Law) හා පටිපාටි නීතිය(Procedural Law) ලෙසින් ද නීතිය වර්ග කරයි. හරවත් නීතිය පාර්ශවයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර පටිපාටි නීතිය එම  අයිතිවාසිකම් ලබාගැනීමට උපකාර වේ. පටිපාටි නීතියේ ඇත්තේ යම් නඩුවක් ගොනු කිරීමේ හා එයට අදාළ ක්‍රියා පටිපාටියයි (උදා: පාර්ශවයක් අධිකරණයට කැඳවන ආකාරය ). හරවත් නීතියේ ඇත්තේ පාර්ශවයන්ගේ අයිතිවාසිකම්  ලබාගැනීමට අදාළ විධිවිධානයි (උදා: වන්දි ලබාගැනීමේ අයිතිය). සාක්ෂි පනත පටිපාටි නීතිය යටතේ වන අතර ගිවිසුම් නීතිය(Contract law) හරවත් නීතිය  යටතේ වේ.

4)      අපරාධ නීතිය හා සිවිල් නීතිය

සමහර මානවයින්ගේ හැසිරිම තවත් එක් මානවයෙකුට හෝ කිහිපදෙනෙකුට පමණක් බලපාන අතර (පෞද්ගලික හබ) සමහරෙකුගේ හැසිරිම  ඉන් ඔබ්බට ගොස් සමස්ථ සමාජයටම බලපායි(සාමාජයික හබ).
මෙම සමාජයික හබ සමාජයේ පදනමට අහිතකර ලෙස බලපාන බැවින් එම සමාජ විරෝධි ක්‍රියා 'සාපරාධී 'ක්‍රියා ලෙස සැලකෙන අතර ඒවා නීතිය 'අපරාධ' නීතිය (Criminal Law) යටතට ගැනේ. පෞද්ගලික හබ අයත් වන්නේ 'සිවිල්' නීතිය(Civil Law) යටතටයි. අපරාධ නීතිය යටතේ නඩු ගොනු කරනු ලබන්නේ රජය(පොලිසිය) විසින් වන අතර සිවිල් නීතිය යටතේ නඩු ගොනු කරනු ලබන්නේ අගතියට පත් පුද්ගලයා විසිනමය. ශ්‍රී ලංකාවේ නම් මහේස්ත්‍රාත් අධිකරණයේ (Magistrate Court) විභාග කරන්නේ අපරාධ නීතිය යටතේ ගොනු කෙරෙන නඩු වන අතර ප්‍රාථමික අධිකරණයේ (Primary Court) විභාග කරන්නේ සිවිල් නීතිය යටතේ ගොනු කෙරෙන නඩුය. එහෙත් උපරිම අධිකරණයන් වන, අභියාචනාධිකරණය (Appeal Court) හා ශ්‍රේෂ්ඨාධිකරණයේ (Supreme Court) මෙම වර්ග දෙකේ ම නඩු විභාග කරයි. අපරාධ නීතිය යටතේදි අධිකරණයෙන් වරද කරුට දඬුවම් ලබා දෙන අතර (උදා: සිර ගත කිරිම), සිවිල් නීතිය යටතේදි අධිකරණයෙන් අගතියට පත් පාර්ශවයට ප්‍රතිකර්ම කරයි (උදා: වන්දි ගෙවිම ). සිවිල් නීතිය යටතේ එන ප්‍රධානතම අංශ දෙක නම් කොන්ත්‍රාත් නීතිය (Contract Law) හා දිලික්ත/ තෝරත නීතියයි (Tort).

5)      කොන්ත්රාත් නීතිය (Contract law)

ගිවිසුමක්(Agreement) යනු නීතියෙන් බලාත්මක (Enforce) කල හැකි පොරොන්දුවක් (promise) හෝ පොරොන්දු මාලාවකි. මෙසේ ගිවිසුම් පිලියල කිරීමට හා ඒවා බලාත්මක කිරීමට අදාළ නීතිය කොන්ත්‍රත් නීතියයි(Contract Law).
උදා: ගිවිසුමක් නීතිය ඉදිරියේ බලාත්මක කිරීමට නම් එහි, අර්පණයක්(Offer), ප්‍රතිග්‍රහණයක්(Acceptance), ප්‍රතිෂ්ඨාවක්(Consideration), නෛතික චේතනාව(Legal intention) හා ගිවිසුම් ශක්නුතාවය (Capacity) යන මූලිකාංග තිබිය යුතුයි.

6)      දිලීක්ත/ තෝරත නීතිය (Law of Tort)

හානි පුර් ණයට අදාළ නීතිය දිලීක්ත(Delict) /තෝරත(Tort) නීතියයි. දිලික්ත නීතිය රෝම ලන්දේසි නීති (Roman Dutch law) ක්‍රමයෙන් වර්ධනයවු නීතියක් වන අතර එයට අනුරුප ඉංග්‍රිසි නීතිය (English Law) තෝරත නීතියයි. ලංකාවේ ප්‍රධාන වශයෙන් භාවිතා වන්නේ දිලික්ත නීතිය වුවද එයට තෝරත නීතිය බලපා ඇත.
උදාහරණයක් ලෙස වාස්තුවිද්‍යාඥයාගේ සැලසුමේ වරදකින් සේවා යෝජකයාට යම් අලාභයක් වුවහොත් එම අලාභය/හානිය දිලික්ත නීතිය යටතේ එන නොසැලකිල්ල (Negligence)  නිසාවු හානියක් ලෙස සලකන අතර, එය දිලික්ත නීතිය යටතේ අයකර ගත හැකි වේ.

7)      ඉදිකිරීම් නීතිය (Construction Law)

ඉදිකිරීම් නීතිය යනු ඉහත කතා කල ආකාරයේ නීතියේ එක් ප්‍රභේදයක් ලෙස නො සැලකේ. එය ඉදිකිරීම් ක්ෂේත්‍රයට සෘජුවම සම්බන්ධ හා එයට බලපාන නීති ප්‍රබේදයන්ගේ එකතුවකි. කොන්ත්‍රත් නීතිය, දිලික්ත නීතිය, ගැටුම් නිරාකරණයට සම්බන්ධ නීති, ගොඩනැගිලි සැලසුම්කරණයට හා අනුමැතියට අදාල නීති, සේවා නියුක්තියට අදාල නීති, දේපල සම්බන්ධ නීති එහි ප්‍රධාන පාර්ශව වේ. එහෙත් එහි සිමාවක් හෝ ඉදිකිරීම් නීතිය යන්නට එක් නිශ්චිත අර්ථකතනයක් නැත.

මූලාශ්‍ර:
1.       පලිහපිටිය, E.D. 2016. වාණිජ/ව්‍යාපාර නීතිය (4වන සංස්කරණය).
5.       https://en.wikipedia.org/wiki/List_of_national_legal_systems

Wednesday, 29 July 2015

මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ තුලින් පිලිබිඹු වන ශ්‍රි ලාංකිය අනාගත ඉදිකිරිම් ක්ශේත්‍රය.

මෙවර මැතිවරණය සදහා ප්‍රධාන පක්ෂ දෙක විසින් ඉදිරිපත් කර ඇති සිය  වැඩපිලිවලවල් හි ඉදිකිරිම් කර්මාන්තය සදහා යෝජනා කර ඇති යෝජනා පිලිබදව දැනගැනිම ඉදිකිරිම් ක්ශේත්‍රයේ සේවයේ නියුතු අයට වැදගත් වේ.එහෙයින් එම යෝජනා වල ඉතා වැදගත්යැයි සැලකිය  හැකි යෝජනා පහත දක්වා ඇත.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විසින් දිරිපත් කල 'අනාගතයට සහතිකයක්' යෝජනාවලියේ පහත කරුණු අඩංගුව ඇත.

3. ආර්ථික කලමනාකරණ ප්‍රතිපත්තිය
3.11.11 ඉදිකිරිම් කර්මාන්තය

. රටේ  සීඝ්‍ර වර්ධනයක් බලාපොරොත්තු වන ඉදිරි වසරවලදි කලාපයේ දියුණු රටවල හා සම කළ හැකි ඉදිකිරිම් කර්මාන්තයක් ගොඩනැගීමට දායක වන, ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු සේවාදායකයන්, ඉදිකිරිම්කරුවන් හා ඉදිකිරිම් ශිල්පීන්ගේ වෘත්තීයමය ගැටලුවිසෙඳන දේශීය ඉදිකිරිම් කර්මාන්ත ප්‍රතිපත්තියක් සකස් කරන්නෙමු.

. ඉදිකිරිම් කර්මාන්තයේ නියුතු විවිධ ශිල්පීන්ට කාලීන පුහුණු අවස්ථා ලබාදිමටත්,හැකියාවන් අනුව විදේශ රැකියා සඳහා සම්බන්ධ කිරිමටත් විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන්නෙමු.

. ජාතික කර්මාන්ත පද්ධතිය තුළ නව දැනුම හා දේශීය සොයාගැනීම් දිගැන්වීම සඳහා තාක්ෂණික පර්යේෂණ විද්‍යාගාරපද්ධතියක් රටපුරා විශ්වවිද්යාල පද්ධතිය ආශ්‍රිතව පිහිටුවන්නෙමු.

. විවිධ විද්යාඥයින් හා පර්යේෂකයන් එවැනි නව සොයාගැනීම් හා සංවර්ධන කටයුතු සඳහා දිගැන්වීමට ජාතික පර්යේෂණ හා සංවර්ධන අරමුදලක් පිහිටුවමු.

3.11.15 ආර්ථිකය යළි  පණ ගැන් වීම

සුලු පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ කොන්ත්‍රත්කරුවන්ට රජය මඟින් ගෙවිය යුතු හිඟ මුදල් සියල්ල 2015 දෙසැම්බර් 31 ට පෙර සම්පූර්ණයෙන් ගෙවා නිම කරන්නෙමු.

5. නිවාස හා ඉඩම් ප්‍රතිපත්තිය

5.4 ශ්‍රි ලංකාවේ කුලී නිවැසියන්, නව විවාහක පවුල් ඇතුලු නිවසක අයිතිය අහිමි සෑම දෙනාටම පළමු නිවස ඉදිකිරිම හෝ මිලදි ගැනීම සඳහා සහන පොලියට රුපියල් මිලියන 4 දක්වාවූ නිවාස ණයක් ලබා දෙන්නෙමු.

5.9 තෘතීයික අධ‍යාපනය සාර්ථකව නිමා කර ඇති, මාසික අවම ස්ථිර ආදායමක් ලබන තරුණ තරුණියන්ට නිවසක හිමිකාරිත්වය ලබාදිම සඳහා ඔවුන් ඉදිකරන පළමු නිවස සඳහා රාජ්‍ය බැංකු හරහා අඩු පොලී, සහන ණයක් ලබාදිමට කටයුතු කරන්නෙමු.

12. ආයෝජන හා යටිතල පහසුකම් ප්‍රවර්ධන ප්‍රතිපත්තිය

මේ යටතේ උතුරු අධිවේගි මාර්ගය ඉදිකිරිම, කතරගම දුම් රිය මාර්ගය ත්‍රිකුණාමලයදක්වා දික්කිරිම, සියලුම ප්‍රධාන මාර්ග යා කෙරෙන දියුණු මහා මාර්ග පද්ධතියක්, මත්තල හරහා නැගෙනහිරට සම්බන්ධවනසේ ඉදිකෙරෙන  අධිවේගි මාර්ගය හා  ආශ්‍රිත විනෝදාස්වාද උද්යානයක්, සැම කුඩා නගරයකටම  සංවර්ධන සැලස්මක් ක්‍රියාත්මක කිරිම වැනි යෝජනා රාශියක් සාගච්චා කර ඇත.

සම්පුර්ණ යෝජනාවලිය මෙහි ඇත.


එක්සත් ජාතික පක්ෂය පක්ශය විසින් ඉතිරිපත් කල 'පංච විධ ක්රියාවලිය' යෝජනාවලියේ පහත කරුණු අඩංගුව ඇත.


1. ආර්ථිකය දියුණු කිරිමේ ක්‍රයාවලිය

බලශක්තිය අවම ලෙස භාවිතාවන පරිසර හිතකාමි නිවාස, ගොඩනැගිලි  ඉදිකෙරේ.

පරිසර හිතකාමි නිවාස සදහා සහන

4. යටිතල පහසුකම් සදහා ආයෝජන ක්‍රියාවලිය

සැලසුම් සහගතව යටිතල පහසුකම්, ජලය, විදුලිය හා නිවාස පාසල් රෝහල් සමග බස්නාහිර පලාත මිලියන 8 වැඩි ජනග්‍රහනයක් වාසය කිරිම සදහාත් ව්‍යාපාර හා කර්මාන්ත සදහාත්  දකුණු ආසියාවේ ආකර්ශනියතම මෙගාපොලිස් මහා නාගරිකය  බවට පත් කිරිම, තිරසාර සංවර්ධනයක්මධ්යම අධිවේගි මාර්ගය(උතුරු )හා  රත්නපුර අධිවේගි මාර්ගය ඉදිකිරිම, කල්මුණේ නගරය විශාල කර යටිතල පහසුමක් සම්පුර්ණ කිරිම.

සම්පුර්ණ යෝජනාවලිය මෙහි ඇත.


සටහන

මෙම පක්ශ දෙක ඉදිරිපත් කර ඇති යෝජනාවලින්  බලන කල, ඉදිකිරිම් ක්ශේත්‍රය සදහා වඩා ආකර්ශණිය යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රි ලංකා නිදහස් පක්ශය යි.

එහෙත් සමහරක් එම යෝජනා නවමු ඒවා නොව දැනට ක්‍රියාත්මකවන හා ක්‍රියාත්මක විමට යෝජිත ඒවාවේ.

උදාහරණ නම්, 'දේශීය ඉදිකිරිම් කර්මාන්ත ප්රතිපත්තියක්', 'දේශීය සොයාගැනීම් දිගැන්වීම සඳහා තාක්ෂණික පර්යේෂණ විද්‍යාගාර පද්ධතියක්  ' හා 'නව සොයාගැනීම් හා සංවර්ධන කටයුතු සඳහා දිරිගැන්වීමට ජාතික පර්යේෂණ හා සංවර්ධන අරමුදලක් ' වැනි යෝජනා මේ වන විටත්  ශ්‍රි  ලංකා නිදහස් පක්ශ රජය විසින්ම ඉදිරිපත් කර සම්මතකල 'ඉදිකිරිම් සංවර්ධන පනත' මගින් කෙලින්ම හෝ වක්‍රව යෝජනා කර තිබිමයි(Construction Industry Development Fund මගින් ලැබෙන ආදායම , වියදම් කිරිමේ මගපෙන්විම්(Guidelines) යටතේ ඒවා ආවරණය වේ.www.qsonline.info හි 'Construction Development Act - part iii ලිපියේ එය සාගච්චා කර ඇත ). එමෙන්මඉදිකිරිම් කර්මාන්තයේ නියුතු විවිධ ශිල්පීන්ට කාලීන පුහුණු’ ද දැනටමත් ක්‍රියාත්මකවේ .

'ඉදිකිරිම් කර්මාන්තයේ නියුතු විවිධ ශිල්පීන්ට විදේශ රැකියා සඳහා සම්බන්ධ කිරිමටත් විශේෂ වැඩපිළිවෙළක්' සකස් කිරිම මිට කලකට පෙරද සාගච්චාවු අතර මෙතෙක් එය ඉටු නොවු කරුණකි.


Related Posts with Thumbnails