MS Excel
1) Data Validation
Excel හි ඇති Data Validation function එක යොදාගැනිම මගින් දත්ත ඇතුලු කිරිමේදි වන වැරදි අවම කරගත හැකිවේ.Validation සංවාද කොටුවේ (Dialog Box)ඇති Settings මගින් අපට අවශය ලෙස ඇතුල්කරන දත්ත සිමා කිරිමටද, Input message මගින් එම Validation කර ඇති සෙල් එකක් වෙත දත්ත ඇතුලු කිරිමට පෙර දැනුම්දිමක්ද ලබා දිය හැකිය.තවද Error Alert මගින් වැරදි දත්ත ඇතුලත් කලහොත් ලබාදෙන පණිවිඩය රිසිකරණය(Customize) කල හැකිය.
මෙහි යොදාගත් වැඩපත මෙතනින් බාගන්න.
මෙම function එක පිලිබදව www.kotuwegedara.com හි ඇති ලිපියද කියවන්න.


