Friday, 9 October 2020

ප්‍රමාණිකෘත නාශවන්දි(liquidated damages)

ප්‍රමාණිකෘත නාශවන්දි(liquidated damages) 

ප්‍රමාණිකෘත නාශවන්දි(liquidated damages)  හි අරමුණ කොන්ත්‍රාත්කරු විසින් ව්‍යාපෘතිය නිම කිරීම පමා කළ හොත්, ඒ නිසාවෙන් සේවායෝජකයාට වෙන හානිය(Loss) ප්‍රතිපුර්ණය කරගැනීමයි. එයට  අමතරව  කොන්ත්‍රාත්කරු ව්‍යාපෘති නිසි කාලය තුළ නිම කිරීමටද liquidated damages අභිප්‍රේරකයක්(Motivation ) වෙනවා.

ප්‍රමාණිකෘත නාශවන්දි (liquidated damages)  යනු සාධාරණ (Genuine) ලෙස,කලින්   ඇස්තමේන්තු(Pre estimated) කරන ලද, ව්‍යාපෘතිය පමා වුවහොත් සේවායෝජකයාට සිදුවන පාඩුවයි(Loss).

මෙම ඇස්තමේන්තුවෙන් නිරූපණය වන්නේ කොන්ත්‍රාත්තුවට එළඹීමට පෙර සේවායෝජකයා විසින් දන්නා තොරතුරු අනුව ගණනය කරන ලද කරන ලද එකක මුදල් ප්‍රමාණයකි(Rate), උදා; දිනකට රු. 20,000 බැගින්. එයට සත්‍ය වශයෙන්ම ව්‍යාපෘතිය පමා වීමෙන් පසුව සේවායෝජකයා ලබන සත්‍යය අලාභය(Actual loss) අදාල වන්නේ නැත.එනම් ව්‍යාපෘතීය පමා වීම නිසා  සේවායෝජකයන් සත්‍ය වශයෙන් ලබන පාඩුව, කොන්ත්‍රාත්තුවේ සඳහන් ප්‍රමාණිකෘත නාශවන්දි ( liquidated damage) එකක  මුදලට(Rate) වඩා අඩු වූවද, කොන්ත්‍රාත්කරු විසින් කොන්ත්‍රාත්තුවේ සදහන් එකක මුදල අනුව ගණනය කල මුදල සේවායෝජකයා වෙත ගෙවිය යුතුය. මෙය සනාථ කර ලද සුප්‍රසිද්ධ නඩු තීන්දුවක් වන්නේ Dunlop Pneumatic Tyre Ltd v New Garage & Motor Co Ltd [1915] AC 79 නඩුවයි. 
උදාහරණයක් ලෙස නිවසක් ඉදිකිරිමේ කොන්ත්‍රාත්තුවක ප්‍රමාණිකෘත නාශවන්දි ( liquidated damage) එකක  මුදල(Rate) සදහන් වන්නේ මසකට රු. 50,000 බැගින් (ඒ සේවායෝජකයා සිටින කුලි නිවෙසට ගෙවන කුලී මුදල් ප්‍රමාණය), ඉදිකිරිම් පමාවූ නමුත් එම පමාවු මාස 2 ඔහු පදිංචිව සිටියේ ඔහුගේ මිතුරෙකුගේ නිවසේ නිසා ඔහුට සත්‍යවශයෙන්ම කුලී මුදල් ගෙවීමට සිදු වුණේ නැහැ, එසේ වුවද සේවායෝජකයාට කොන්ත්‍රාත්කරුගෙන් මසකට රුපියල් 50,000 බැගින් මාස දෙකක කාලයක් සඳහා  ප්‍රමාණිකෘත නාශවන්දි ( liquidated damage) අය කරගැනීමේ අයිතිය තිබෙනවා.

මෙම සිද්ධාන්තය සේවායෝජකයා හා ප්‍රධාන කොන්ත්‍රාත්කරු අතර ඇතිවන ගිවිසුම් වලට පමණක් නොව ප්‍රධාන කොන්ත්‍රාත්කරු හා උපකොන්ත්‍රාත්කරුවන්  අතර ඇතිවන ගිවිසුම් වලට ද අදාලයි.

එනම් උප කොන්ත්‍රාත්  ගිවිසුම් වල ප්‍රමාණිකෘත නාශවන්දි (liquidated damages) සඳහන් කර ඇති විට, ප්‍රධාන කොන්ත්‍රාත්කරු ට සත්‍ය ලෙසම අලාභයක් සිදු නොවූවද , කොන්ත්‍රාත්තුවේ සඳහන් ප්‍රමාණිකෘත නාශවන්දි ( liquidated damages) එකක මුදලට අදාල මුදල අයකර ගැනීමට ප්‍රධාන කොන්ත්‍රාත්කරු ද අයිතියක් ඇත.  Comfort Management Pte Ltd v OGSP Engineering Pte Ltd [2020] SGHC 165, නඩු තීන්දුවේ දී මෙය සනාථ කර ඇත.එම නඩුවේ දී සේවායෝජකයා විසින් ප්‍රධාන කොන්ත්‍රාත්කරුගෙන් liquidated damage අය නොකළ ද, ප්‍රධාන කොන්ත්‍රාත්කරුට සිය උප කොන්ත්‍රාත්කරුගෙන් ප්‍රමාණිකෘත නාශවන්දි (liquidated damage) අය කළ හැකි බව තීරණය විය.

ප්‍රමාණිකෘත නාශවන්දි(liquidated damage) සෑම විටම සාධාරණ ඇස්තමේන්තුවක් විය යුතුය, කොන්ත්‍රාත්තුව පිළියෙල කිරීමේදී උපදේශන ප්‍රමාණ සමීක්ෂක විසින් සේවා යෝජකයාගේ  ආයතනයේ අනිකුත් අංශවලින් (උදා.මුල්‍ය , ඉංජිනේරු) අවශ්‍ය තොරතුරු  ලබාගෙන ප්‍රමාණිකෘත නාශවන්දි ( liquidated damage ) එකක මුදල ඇස්තමේන්තු කළ යුතුය. සමහරු කොන්ත්‍රාත් මුදලින් ප්‍රතිශතයක් ලෙස ප්‍රමාණිකෘත නාශවන්දි (liquidated damage) ගණනය කරමුත් එය නිවරදි නොවේ. සමහර අවස්ථාවල මෙම මුදල උපරිම මුදලකට සිමා කෙරේ උදා: දිනකට රු. 20,000 බැගින් උපරිමයෙන් කොන්ත්‍රාත් මුදලින් 10% පමණ වන තෙක්.


Saturday, 3 October 2020

සයිට් කතා 2 (පස් පව්ු)

ප්‍රමාණ බිල්පතක් පිළියෙල කරන කොට Preliminary  Bill එකේ වැඩ බිමේ නවාතැන් (site accommodation) කියලා එක අයිතමයක් (Item)  අඩංගු කරනවා. මේ නවාතැන් ලබාදිමේදි, කම්කරුවන්ට එක නවාතැනකුත්, තාක්ෂණික නිලධාරීන් හා අධීක්ෂකවරු සඳහා තව නවාතැනකුත්,  ඉංජිනේරු නිලධාරීන් සඳහා වෙනම නවාතැනකුත් ලබාදීම තමයි බොහෝ වැඩ බිම්වල සිදුවන්නේ. දුර බැහැර තිබෙන  වැඩබිම්වල නවාතැන් වල  සතියෙ අන්තිම දවසේ මධු විත සාද පැවැත්වීම සාමාන්‍යයෙන් සිදු කරන දෙයක්.

අලුතින් පුහුණුව සඳහා ගිය පුහුණු ප්‍රමාණ සමික්ෂකවරයාටත් මෙහෙම පැවැත්වුණු  සාදයකට  සම්බන්ධ වෙන්න වුණා. සාදය නැගලා යනවා, ඒ අතරේ එතැන හිටපු එක් අයෙක් මෙහෙම කතාවක් කියනවා.

"මහත්තයා මම කවදාවත් පස් පවු කරලත් නෑ,  කරන්නේත් නැහැ"

එතන හිටපු අනිත් අයත් පස් පව් කරන එක වැරදියි කියන එක අනුමත කරමින් කතා කලා.

"පස්පව් කොට පව් කොට මෙතනත් ලැබ සෝකය

ගොස් නිරයේ දුක් විඳිනා අනේකය රැස්කොට ඉන් පින් මේ මිනිස් ලෝකය

සිස් නොකරව් කලකින් ලත් මේකය"

ලෝවැඩ සඟරාවේ එන මේ කවියෙන් කියවෙන පස් පව් වලට වඩා එතන කතාවෙච්ච පස් පව් වල ලොකු වෙනසක් තියෙනවා කියලා තේරුණු   පුහුණු ප්‍රමාණ සමික්ෂකවරයා ඒ බව එතැන හිටපු තව අයෙක් ගෙන් විමසුවා.

මාර්ග ඉදිකිරීමේ වැඩ බිමක් ගත්තම  ඒකෙන් සෑහෙන්න පස් ප්‍රමාණයක් කැපිලා අයින් වෙනවා, හොඳ ප්‍රමිතියෙන් යුක්ත රතු පසට තිබෙන්නේ ඉහල ඉල්ලුමක්. ඒ ප්‍රදේශයේ  ඉන්න දේශපාලනඥයින්ගෙන් එහෙම නැත්තං පොලිස් නිලධාරීන්ගේ ඒවා ඔවුන්ට ලබාදෙන්න කියලා ඉල්ලීමක් ඉදිරිපත් නැත්තන්, ඒ පස් බොහෝ වෙලාවට ප්‍රදේශයේ ඉන්න අවශ්‍යතාවයක් තියෙන අය ලබාගන්නවා, ඔවුන් ඒ සඳහා මුදලක් වුණත් ගෙවන්න කැමති.හැබැයි දේශපාලනඥයින් ගෙන් ඉල්ලීමක් ඇවිල්ලා ඒක ඉෂ්ට කර නැත්තං වෙන දේ දන්නවනේ, වෙන්නේ දවස් කීපයකට පස්සේ පාරේ ඉදිකිරීම් නිසා ප්‍රදේශවාසීන්ට කරදර වෙනවා ඒ කියලා කට්ටියක් පිකට් කරන්න පටන් ගන්න එක; පොලිසිය ඉල්ලීමක් ඉෂ්ට නොකලොත් නං දිගට හරහට වැඩබිමේ වාහන ටික අල්ලන්න පටන් ගන්නවා .

අන්න එහෙම ප්‍රදේශවාසීන්ට පස් ලබා දෙන කොට ඔවුන්ගෙන් යම් මුදල් ලබාගන්න වැඩබිමේ සමහරු පුරුදු වෙලා තිබෙනවා.එහෙම කරන එක වැරැද්දක් බව දන්න නිසා ඔවුන් කියනවා, පවක් වන නිසා එහෙම ලබා ගන්නා මුදල් වලින් තමන්ගේ පවුලේ අයට කන්න බොන්න වියදම් නොකරන බවත්, නමුත් එම මුදලින් සති අන්තයේ පැවැත්වෙන සාදවලය මත් පැන් ගෙන එන බවත්.

ඔවුන් පස් පව් ලෙස හඳුන්වන්නේ පස් විකුණා ලබන මුදල් සිය පවුල වෙනුවෙන් වියදම් කරන එක.

'පස් පවු නොකරමු!'

Sunday, 23 August 2020

සයිට් කතා 1(වාසගම)

 ආදිවාසින් ගැන සිහිකරන විට නිතැතින්ම මතකයට එන ප්‍රදේශයකි. මේ පෙදෙසේ මග නැගුමට වෙසෙසෙන ඉදිකිරිම් සමාගමේ ව්‍යාපෘති කලමණාකරුගේ පටන් වැඩබිම් පරික්ශක දක්වා සියලු නිලයන් ගම් වැසියන්ට 'පාරේ මහත්තුරුය'

නැගෙන මග අසබඩ බාලික පාසැලේ විශේෂ රැස්විමකි, මුලසුන සුපුරුදු පරිදි විදුහල්පති තැන දරයි, ආරාධිත දෙමවුපියෝ බාලිකාවියන්ට පිටුපසින් නොයිවසිල්ලෙන් සිටින්නේ විශේෂ රැස්විමේ අරමුණ නොදත් නිසාවෙනි.

විදුහල්පති තැන සිය කතාව අරඹා මද වේලාවක් ගතවි ඇත,

"ඔන්න ඔක තමයි අද මේ පාසැලේ ලමයින්ට වෙලා තියෙන්නේ, මෙහෙම ගියොත් තව අවුරුදු 5-6කින් මේ පාසැලට ඇතුලත් කරගන්න ලමයින්ගේ නම් වල වාසගමට තියෙන්නේ, කොතලාවල, රණතුන්ග නෙමේ, IICC, MEGA වගේ ඔය පාර හදන කොම්පැණි ටිකේ නම් තමයි, මොකද පාරේ වැඩ ඉවර වුනාට පස්සේ ඔය මහත්තුරුව හොයන්න සක්කරයා තියා වයිමටවත් බැරිවේවි.

සුදු  තොප්පියක් දමා ජැන්ඩියට ඉන්න 'පාරේ මහත්තුරු' කිහිපදෙනෙක් සමග හාද වුනු පාසැලේ සිසුවියන් කිහිපදෙනෙකුගේ ක්‍රියාකලාපය පිලිබදව විදුහල්පති තැන දෙමවුපියන් දැනුවත් කලේ එලේසිනි.

Saturday, 1 August 2020

Ownership of the material on-site and retention of title clause

Contractor’s standard supply agreement contains a clause on the ownership of the goods supplied by suppliers, it’s required to transfer the ownership of the goods upon the delivery, upon payment or upon the incorporation of the material, whichever is occurred earlier. However, a meticulous subcontractor may object during the tender stage to the standard clause and propose to transfer the ownership of the goods only upon they received payments (i.e. retention of title clause) for the goods, which is reasonable from their end.

As the employer’s QS you may have to value progress payments including payments for material on-site for a contract where the agreement between Contractor and Suppler is required to transfer the ownership of the goods upon, the supplier received the payment.

So, if the employer paid the Contractor for the material on-site based on your valuation even though the Contractor has no ownership for the goods/materials, you may be putting yourself and the employer on a risk, especially in case the contractor becomes bankrupted before making payment for the supplier.

However, in some jurisdictions, there are laws which protect the employer in such circumstances. According to the Sale of Goods Act 1979 (in Australia,  for Goods supply only), if the employer has purchased goods in good faith and without notice of any lien or other right of the supplier in respect of the goods, then the title will transfer to the employer (this is an exception to the rule ‘nemo dat quod non habet’  (no person can give what he does not have)).  However, such similar protection is not available for the purchasers under the Supply of Goods and Services Act 1982 (Australia – for Goods and Services contacts)

Therefore, it is important to make sure that the Contractor has the ownership of the material and no retention of title clause in the further down the supply chain, before you include them with your valuation.

However, the situation is much clear once the material was incorporated into the works as the right of anything incorporated to the building pass to the employer/owner under the rule of ‘quicquid plantatur’ (whatever is affixed to the soil belongs to the soil: therefore, whosoever owns that piece of land will also own the things attached). Anyway, its complex matter to decide which are fixed and which are not, as even the ‘Hot Strip Steel Mill 1’ was held as a fixed since it can be removed by only through a very lengthy and expensive process, ‘television cable installed in conduit 2’ was held as not fixed as since its merely a service to the residents.


1.       Lictor Anstaldt v Mir Steel UK Ltd [2014] EWHC 3316 (Ch)
2.       Credit Valley Cable v Peel (1980) 27 O.R. (2d) 433

Reference:

Thursday, 16 July 2020

Does QS responsible for any overvaluation due to certifying any defective works?



It is an obligation of the consultant QS to assess the progress claim submitted by the Contractor during post contract stage. Does he responsible for any overvaluation due to certifying any defective works?

Below court case outcome will give you some light on the above subject matter.

  
The Employer had appointed an Architect under the contract (JCT); the Architect had employed a QS firm undertake cost management duties including assessing progress claims. The JCT requires the Architect to certify the value of work which were "properly executed', therefore by definition, any defective works shall not be certified by the Architect.

  
However, wrongly, the QS’s valuation had included some defective works


 There was no direct contract with the QS and Employer, so, the Employer argued that the QS had breached implied terms (of the contract) through the overvaluation. The QS counterargued that any such quality issues were for the architect to deal and its duty limited to disregards any works from the valuation only if the Architect have had notified them that such works had not been "properly executed', which was not happened in this case.



They also point out the below statement from Sutcliffe v Chippendale & Edmondson (1971) 18 BLR 149 case.

  
"the architect … should first satisfy himself as to the acceptable quality of the work, before requiring his employer by way of certificate to make payment for it, and in particular should keep the quantity surveyor continually informed of any defective or improperly executed work which he has observed'.


 The above judgement refers few expert witnesses including an expert Quantity Surveyor who witnessed that,
  

“if the architect did not tell the quantity surveyor about the defects, the quantity surveyor would not be expected to make allowance for them…It was  simply for the quantity surveyor to see what work  had been done and, if he had no evidence to the contrary, he was to assume that the work had been done properly”



Employer was trying to establish that, with Contrary to the conclusion of above case, the QS was requiring to inform the architects about defective works, and he is liable for quality matters at least to the extent that the defects were "obviously defective'.

  
However, the court has not found any basis in fact or in law, to allow the alleged implied duty and therefore, the QS is not responsible for inspections on quality matters. However, the court found that there was an implied term, that the QS should act with the reasonable skill and care when valuing the works. 


Author’s note: My opinion is, since QS curriculum(s) are including learning on defects, they shall responsible for certifying any work with ‘oblivious defects’. I can recall that during our undergraduate studies, we learned building defects and did a course work on identifying existing defects in a building and then prepared method statement for rectifications, obtain quotation from suppliers and presented a full report including the rectification cost. However, whether a particular defect is an ‘oblivious defects’ or not is required to decide based on various factors such as extent of the QS involvement for the valuation and his capability. For an example, an assistant QS’s may have no knowledge on the building defects but a Senior QS has; if the QS use to measure work by visiting site may observe any oblivious defects but not the QS value the work from drawing without going to site(e.g. in Lump sum contracts). However, if a claimant could be able to demonstrate that a QS had acted less than ‘reasonable skill and care’, under any circumstance, he may subject to guilty.
  

The Case: Dhamija v Sunningdale Joineries Ltd [2010] EWHC 2396 (TCC); [2011] P.N.L.R. 9; [2010] 10 WLUK 207 (QBD (TCC))


Related Posts with Thumbnails