Saturday 11 April 2009

හැදින්විම

ප්‍රමාණ  සමික්ෂණ  විද්‍යාව වනාහි ඉදිකිරිම් පිරිවැයකරණය (Construction Costing), තාක්ෂණික අධයනය(Technological Studies),මිලදි ගැනිම් කලමනාකරණය (Procurement Management), නිතිය(Legal Studies) , කලමනාකරණය (Management Studies) හා  ආර්ථික විදයාව (Economic Studies ) යන ප්‍රධාන විශයන්ගෙන් සැදුම් ලත්  විද්‍යාවකි.

දැනට මෙම  විද්‍යාව ශ්‍රි ලංකාව තුල අධයාපන ආයතන කිහිපයක් තුල සිංහල, දෙමල හා ඉංග්‍රිසි යන මාධයන්ගෙන් ඉගැන්වේ.ඒවායේ පැවැත්වෙන පාඨමාලා, සහතික මට්ටමේ සිට ප්‍රථම උපාධිය දක්වා විහිදේ.

මෙම විෂය ක්ශේත්‍රයට අදාලව ලියවි ඇති පොත්පත් බොහෝමයක් ඇත්තේ ඉංග්‍රිසි භාෂාවෙනි. එය සිංහල භාෂාවෙන් අධයනය කරන්නෙකුට බාධාවකි.ඉංග්‍රිසි භාෂාවෙන් අධයනය කරන්නෙකුට වුවද සිංහලෙන් ලියවුනු පොත් පත් තිබිම ඉමහත් පිටුවහලකි. ඒ මන්ද යත්  ඉංග්‍රිසි භාෂාවේ දුර්වල අයෙකුට යම් දැනුමක් ප්‍රථමයෙන් මවු භාෂාවෙන් ලබාගෙන දෙවනුව එය ඉංග්‍රිසි භාෂාවෙන් අධයනය කිරිම තුලින් විෂය කරුණු මෙන්ම අදාල තාක්ෂනික යෙදුම්ද ඉගෙනගත හැක.

ඉංග්‍රිසි භාෂාවෙන් ඉගෙනගන්න අයෙකු ඉංග්‍රිසියෙන් ලියවුනු පොත් පත් පරිශිලයන කිරිම අනිවාර්යවේ.මන්දයත් ඒ තුලින් එම විෂයේ යෙදෙන තාක්ෂනික යෙදුම් මනාව හුරුවන නිසාය.

ප්‍රමාණ සමික්ෂණ  විද්‍යාව පිලිබදව සිංහලෙන් ලියවුනු අල්පයක් වු දැනුම ගොන්නට අලුතින්ම එක් වෙන්නේ මෙම"ප්‍රමාණ සමික්ක" බ්ලොග් අඩවියයි.

ප්‍රමාණ සම්ක්ෂණ විදයාව දේශියකරණය මෙම බ්ලොග් අඩවියේ එක් අරමුණකි.බ්‍රිතානයයන් පෙරටුකොටගත් බටහිරයන් නිර්මාය කල දැනුමක් ලබාගන්නා අපට ඒ දැනුම අපේ සංස්කෘතියතුලට අවශෝෂණය කර අපේ දැනුමක් නිර්මාණය කිරිමට හැකි වුවහොත් එය අප ලබන්නාවු මහගු ජයග්‍රහණයකි. මෙම බ්ලොග් අඩවියහි මුලික වශයෙන් සිංහල භාෂාවෙන් දැනුම පලකෙරෙනු ඇත.එහෙත් හැකි සැම අවස්ථාවකදිම එහි ඉංග්‍රිසි පරිවර්ථනය හෝ මුල් ලිපියද පලකෙරෙනු ඇත.මෙහි යොදා ඇති සිංහල තාක්ශණික යෙදුම් ව්විධ මුලාශ්‍රයන්ගෙන් ලබා ගත් ඒවා වන අතර එසේ සොයාගැනිමට නොහැකිවු වචන සදහා අප විසින් සුදුසු යැයි හැගෙන වචන යොදාගෙන ඇත.

ඔබට ප්‍රමාණ සමික්ෂණ  විද්‍යාවට අදාලව සිංහල භාෂාවෙන් පමණක් හෝ සිංහල, ඉංග්‍රිසි යන භාෂා දෙකෙන්ම ලිපි සැපයිය හැකිනම් මේ බ්ලොග් අඩවිය හා සම්බන්ධවිය හැකිය. තවද මෙහි ලිපි කියවා එම ලිපියට අදාලව ඔබ දන්නා දේ,එහි වැරදි ඇත්නම් ඒවා මෙන්ම ඔබට සිතෙන වෙනත් දේ සටහන් කරන්න. එය මෙම බ්ලොග් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට ඉමහත් රුකුලක්වනු නොඅනුමානයි.

මෙම බ්ලොග් අඩවියට සම්බන්ධවිමට කැමති අය මා වෙත ඒ බව දැනුම්දෙන්න :- admin@qsonline.info

2 comments:

මෙම ලිපියට අදාලව ගැන ඔබ දන්නා වෙනත් කරුණු ඇත්ද?එවාද, විෂයට අදාල ඔනැම කරුණක් මෙහි සටහන් කරන්න.
යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.

Related Posts with Thumbnails