Saturday 18 April 2009

ප්‍රමාණ සමික්ෂකවරයෙකු වන්නේ කෙසේද? | How to become a Quantity Surveyor?

Note: 
This Article wrote in 2009, so information herein may have changed, so, please verify those with relevant institute.


දැනට ශ්‍රි ලංකාව තුල උපාධි, ඩිප්ලෝමා හා සහතික මට්මමේ ප්‍රමාණ සමික්ෂණ පාඨමාලා පැවත්වේ.
උපාධි පාඨාමාලා:
A) ප්‍රමාණ සමික්ෂණ විද්‍යාව පිලිබදව ගෞරව උපාධි පාඨමාලාව (B.Sc Hon's in Quantity Surveying) - මොරටුව විශ්වවිද්‍යාලය.
මොරටුව විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි ආර්ථික විද්‍යා අංශයේ පැවැත්වෙන මෙය මෙය අවුරුදු හතරක පුර්ණ කාලින පාඨමාලාවක් වන අතර එයට මාස 8ක කර්මාන්ත පුහුණුකාලයද ඇතුලත්ය.ඉංග්‍රිසි මාධ්‍යයෙන් පැවැත්වෙන මෙම පාඨමාලාවට දැනට වසරකට සිසුන් 100ක් බදවා ගැනේ.මෙය ශ්‍රි ලංකා ප්‍රමාණ සමික්ෂණ ආයතනය(IQSSL), ඔස්ට්‍රේලියානු ප්‍රමාණ සමික්ෂණ ආයතනය(AIQS) හා වරලත් සමික්ෂකයින්ගේ රාජකිය ආයතනය (RICS) යන ආයතනයන්හි පිලිගනු ලබයි.දැනට ශ්‍රි ලංකාව තුල ප්‍රමාණ සමික්ෂකයෙකු විම සදහා ඇති හොදම මාර්ගය මෙය වේ. මෙම පාඨමාලාවට ඇතුලත් විමේ අවම සුදුසුකම, විශ්වවිද්‍යාල ප්‍රවේශයට අවශ්‍යය අවම ලකුණු අවම ලකුණු ලබා තිබිම හා සාමාන්‍ය පෙළ විභාගයේදි ඉංග්‍රිසි සදහා සම්මාන සාමාර්ථයක් ලබා ගැනිමයි.තවද ඒ ඒ වසර සදහා කඩයිම් ලකුණු(Z score) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නිකුත් කරනු ලබයි.2015 වසරේ උසස් පෙළ සදහා කඩයිම් ලකුණු අනුව එය කොලඹ දිස්ත්‍රික්කය සදහා 1.7049කි.


පිලිගැනිම: ශ්‍රි ලංකා ප්‍රමාණ සමික්ෂණ ආයතනය(IQSSL), ඔස්ට්‍රේලියානු ප්‍රමාණ සමික්ෂණ ආයතනය(AIQS) හා රාජකිය වරලත් සමික්ෂකයින්ගේ රාජකිය ආයතනය (RICS).

B) ප්‍රමාණ සමික්ෂණ විද්‍යාව පිලිබදව ගෞරව උපාධි පාඨමාලාව (B.Sc Hon's in Quantity Surveying) - In partnership with University of Salford, UK (Conducted in full time at CSCT campus)

(Right Click on image and select "Opne image in new tab" to view full image)
පාඨමාලා ගාස්තු :
පාඨමාලාකාලය : මෙය වසර තුනක අධ්‍යන කාලයකින් හා වසරක ක්ශේත්‍ර පුහුණුවකින් සමන්විත පාඨමාලාවකි.වෙනත් ප්‍රමාණ සමික්ෂක පාඨමාලා හදාරා ඇති අයට මිට අඩු කාලයකින් සම්පුර්ණ කල හැකිය.
මාධ්‍ය : ඉංග්‍රිසි
අවම සුදුසුකම් :උසස් පෙළ විභාගයෙන් පොයින්ට් 300ක් ලබා ගැනිම.(ඉංග්‍රිසි ඇතුලුව විශයන් 4කින් සමත් විමට සමාන වේ)
පිලිගැනිම: ශ්‍රි ලංකා ප්‍රමාණ සමික්ෂණ ආයතනය(IQSSL), වරලත් සමික්ෂකයින්ගේ රාජකිය ආයතනය (RICS)
වැඩි විස්තර: 0773 600 732
වෙබ් අඩවිය: http://csct.edu.lk
වැඩිදුර අධ්‍යාපන අවස්ථා: පශ්චාත් උපාධි පාඨමාලා


C) Collage of Quantity Surveying
මෙය ශ්‍රි ලංකා ප්‍රමාණ සමික්ෂකයන්ගේ ආයතනය යටතේ පිහිටුවනු ලැබුවකි.මෙහි පැවැත්වෙන පදනම් පාඨමාලාව හැදැරු අයට ඉන් අනතුරුව වෘත්තිය මට්ටමේ අධ්‍යාපනයක් අදියර තුනකින් ලබා ගත හැක.
1. පදනම් පාඨමාලාව
2. අදියර I
3. අදියර II
4. අදියර III

අදියර III සාර්ථකව සමත්වි වසරක පලපුරුද්දක් ලබාගැනිමෙන් පසුව ශ්‍රි ලංකා ප්‍රමාණ සමික්ශණ ආයතනයේ තාක්ශණික සාමාජිකත්වය(Technical membership) ලබාගත හැකි අතර, එය උපාධිධාරි සාමාජිකත්වය(Graduate membership) හා සම වේ.


පාඨමාලා ගාස්තු :
පාඨමාලාකාලය : මාස 24යි. (මාස 12ක ආයතනික හා මාස 12ක වැඩ බිම් පුහුණු කාලයකින්)
මාධ්‍ය : ඉංග්‍රිසි
අවම සුදුසුකම් :
1. අපොස. උ.පෙළ ගණිත හෝ විද්‍යා විෂය ධාරාවෙන් විෂයන් තුනකින් සමත් විම
2.අපොස. උ.පෙළ වාණිජ විෂය ධාරාවෙන් විෂයන් තුනකින් සමත් විම, ඉංග්‍රිසි සමත් විම හා අපොස. සා.පෙළ විභාගයේදි ගණිතය හා විද්‍යාව සදහා අවම වශයෙන් B සාමාර්ථයන් සහිතව සමත් විම.

පිලිගැනිම: ශ්‍රි ලංකා ප්‍රමාණ සමික්ෂණ ආයතනය(IQSSL)
වැඩි විස්තර :011 - 2595570
වෙබ් අඩවිය: - www.iqssl.lk





ඩිප්ලෝමා පාඨමාලා:
A) ප්‍රමාණ සමික්ෂණය පිලිබද ජාතික ඩිප්ලෝමාව (National Diploma Quantity Surveying (NDQS):Distance Learning- National Institute of Technical Education of Sri Lanka )
පාඨමාලා ගාස්තු :රු.60000.00
පාඨමාලාකාලය : වසර දෙකක්/ දුරස්ථ ඉගෙනුම් ක්‍රමය(Distance Learning)
මාධ්‍ය : ඉංග්‍රිසි
මෙයට ඇතුලත් විමේ සුදුසුකම් පහ පරිදිවේ.
අවම සුදුසුකම් :
1) ජාතික තාක්ෂණික සහතිකය(NCT) - ප්‍රමාණ සමික්ෂණය හෝ
2) ප්‍රමාණ සමික්ෂකයෙකු ලෙස වසරක පලපුරුද්දක් සහ
· ජාතික තාක්ෂණික සහතිකය (NCT ) - සිවිල් ඉංජිනේරු
· ඉංජිනේරු විද්‍යාව පිලිබද ජාතික ඩිප්ලෝමාව(NDES) - සිවිල් ඉංජිනේරු
· තාක්ෂණය පිලිබද ජාතික ඩිප්ලෝමාව(NDT) -සිවිල් ඉංජිනේරු
· සස් ජාතික ඉංජිනේරු විද්‍යා ඩිප්ලෝමාව(HNDE) - සිවිල් ඉංජිනේරු
· City & Guilds Parts I & II - ප්‍රමාණ සමික්ෂණය
· තාක්ෂණය පිලිබද ඩිප්ලෝමාව - විවෘත විශ්වවිද්‍යාලය- ප්‍රමාණ සමික්ෂණය
· හෝ වෙනත් අනුමත සුදුසුකමක්
පිලිගැනිම:
වැඩි විස්තර : 011-2 624 405
වෙබ් අඩවිය:
වැඩිදුර අධ්‍යාපන අවස්ථා:

පාඨමාලා ගාස්තු :
පාඨමාලාකාලය: මාස 18ක/ පුර්ණ කාලින
මාධ්‍ය : ඉංග්‍රිසි
අවම සුදුසුකම් :
1) උසස් පෙළ වියයන් දෙකක් සමත්විම(ගණිත අංශයෙන් )/ වෙනත් ඒ හා සමාන සුදුසුකමක්
2) අභියෝගතා පරික්ශනයෙන් සමත්විම
අභියෝගතා පරික්ශණයෙන් සමත්වන අයගෙන් කොටසක් සම්මුඛ පරික්ශණයකට ලක්කර තෝරා ගැනේ.
පිලිගැනිම: ශ්‍රි ලංකා ප්‍රමාණ සමික්ෂණ ආයතනය(IQSSL)
වැඩි විස්තර :
වෙබ් අඩවිය:
වැඩිදුර අධ්‍යාපන අවස්ථා: මෙම ඩිප්ලෝමා පාඨමාලා අවසානකරන අයට එක්සත් රාජධානීයේ විශ්වවිද්‍යාල කිහිපයක අවසාන වසර සදහා ඇතුලත් විය හැක.
මෙහිම අර්ධකාලින පාඨමාලවක් කටාර්හි පැවැත්වේ.
කටාර්හි පාඨමාලා ගාස්තුව කටාර් රියාල් 28500කි.

C) ප්‍රමාණ සමික්ෂණය පිලිබද උසස් ජාතික ඩිප්ලෝමාව(HND - Higher National Diploma in Quantity Surveying and built environment) – ICBT
(Right Click on image and select "Opne image in new tab" to view full image)

පාඨමාලා ගාස්තු :

පාඨමාලාකාලය :අවුරුදු 2යි (පුර්ණ කාලින)

මාධ්‍ය : ඉංග්‍රිසි

අවම සුදුසුකම් :උසස් පෙළ

පිලිගැනිම: ශ්‍රි ලංකා ප්‍රමාණ සමික්ෂණ ආයතනය(IQSSL)

වැඩි විස්තර :011 - 4 210 021

වෙබ් අඩවිය: http://www.icbt.lk

වැඩිදුර අධ්‍යාපන අවස්ථා: එය අවසන් කල අයට මාස හතරක කාලයක්(විෂයන් 3ක්) ශ්‍රි ලංකාවේද තවත් මාස හතරක කාලයක්( විෂයන් හතරක්) එංගලන්තයේ Liverpool John Moors University (LJMU) හෝ SHeffeld Hallam University සරසවියේ අධ්‍යාපනය ලබා තම ප්‍රථම උපාධිය(BSc (Hons) in Quantity Surveying) සම්පුර්ණ කල හැක.
එමෙන්ම ප්‍රථම උපාධිය සම්පුර්ණකිරිමෙන් පසුව එංගලන්තයේම තව මාස 11ක් අධ්‍යාපනය ලබා තම පශ්චාත් උපාධිය(MSc (QS) ) සම්පුර්ණ කල හැක.

පාඨමාලා ගාස්තු : මාසිකව රු.13,000.00 බැගින් වාරික 18කින් ගෙවිය හැක.
පාඨමාලාකාලය: මාස 24යි (පුර්ණ කාලින) / මාස 36යි(අර්ධ කාලින)/ ලගදිම මෙම පාඨමාලාව දුරස්ථ ඉගෙනුම් ක්‍රමය යටතේද හැදැරිමට හැකි වනු ඇත.
මාධ්‍ය : ඉංග්‍රිසි
අවම සුදුසුකම් :අපොස උසස් පෙළ අවම වශයෙන් විශයක් දෙකක් සමත්විම හා/හෝ ක්ශේත්‍රයේ පලපුරුද්ද
පිලිගැනිම:ශ්‍රි ලංකා ප්‍රමාණ සමික්ෂණ ආයතනය(IQSSL), වරලත් සමික්ෂකයින්ගේ රාජකිය ආයතනය (RICS)
වැඩි විස්තර :0773 699 010/ qs@csct.edu.lk
වෙබ් අඩවිය: www.csct.edu.lk
වැඩිදුර අධ්‍යාපන අවස්ථා:මෙය සාර්ථකව හැදැරු අයට, එක්සත් රාජධානීයේ විශ්වවිද්‍යාල කිහිපයකඉට අදාල උපාධි පාඨමාලාවල දෙවන/තෙවන වසරවල් වලට සෘජුවම ඇතුලත් විය හැක.

පාඨමාලා ගාස්තු : මාසිකව රු.46,000.00
පාඨමාලාකාලය : මාස 6යි.
මාධ්‍ය : ඉංග්‍රිසි
අවම සුදුසුකම් : අපොස සාමාන්‍ය පෙළ, ගණිතය, විද්‍යාව හා ඉංග්‍රිසි සදහා සම්මාන සාමාර්ථ සහිතව අවම වශයෙන් විශයක් හයකින් සමත්විම හෝ
අපොස උසස් පෙළගණිත අංශයෙන් විශයන් දෙකකින් සමත්විම තාක්ෂණ විද්‍යාලයෙන් සහතික පත්‍ර පාඨමාලාවක් සාර්ථකව හදාරා තිබිබ හෝ
City and Guilds certificate(Electrical & Electronic Engineering)
වැඩි විස්තර :0114 616 311/ engneering@aquinas.lk
වැඩිදුර අධ්‍යාපන අවස්ථා:

F) ප්‍රමාණ සමික්ෂණය පිලිබද ඩිප්ලෝමාව (Diploma in Quantity Surveying - National Vocational Training Institute - Narahenpita)
පාඨමාලා ගාස්තු : මාසිකව රු.50,000.00
පාඨමාලාකාලය : මාස 12යි.
මාධ්‍ය : ඉංග්‍රිසි
ජාතික වෘත්තිය සුදුසුකම් මට්ටම(NVQ level) - නැත
අවම සුදුසුකම් :
වැඩි විස්තර :2011-11-25 ගැසට් පත්‍රය
වෙබ් අඩවිය: -
වැඩිදුර අධ්‍යාපන අවස්ථා:


G) ප්‍රමාණ සමික්ෂණය පිලිබද ඩිප්ලෝමාව (Quantity Surveying - National Vocational Training Institute - Orugudawaththa)
පාඨමාලා ගාස්තු : මාසිකව රු.20,000.00
පාඨමාලාකාලය : මාස 12යි.
මාධ්‍ය :
ජාතික වෘත්තිය සුදුසුකම් මට්ටම(NVQ level) - නැත
අවම සුදුසුකම් : අපොස සා.පෙළ විභාගය ගණිතය හා විද්‍යාව යන විෂයන්ට විශිෂ්ඨ සාමාර්ථ සහිතව සමත්විම හා අපොස උ.පෙළ විභාගයට විද්‍යා හෝ ගණිත අංශයෙන් පෙනි සිටිම.
පිලිගැනිම:
වැඩි විස්තර : 011-2572976, 071-4931792
වෙබ් අඩවිය: -
වැඩිදුර අධ්‍යාපන අවස්ථා:

H) උසස් ජාතික ඩිප්ලෝමාව - ප්‍රමාණ සමික්ෂණය (Higher National Diploma in Quantity Surveying- Sri Lanka Institute if Advanced Technological Education)

පාඨමාලා ගාස්තු : නැත
පාඨමාලාකාලය : වසර 2 1/2
මාධ්‍ය : ඉංග්‍රිසි
ජාතික වෘත්තිය සුදුසුකම් මට්ටම( (NVQ level ) -  නැත
අවම සුදුසුකම් : අපොස(උ/පෙළ )විභාගය එක් වරකදි සංයුක්ත ගණිතය, රසා‍යන විද්‍යාව හා භෞතික විද්‍යාව යන විශයන් තුන සමග සමත්විම.
වැඩි විස්තර :ශ්‍රි ලංකා උසස් තාක්ශණ ආයතනය, නො. 382, නව නුවර පාර , මාලබේ.
වෙබ් අඩවිය: http://www.sliate.ac.lk
වැඩිදුර අධ්‍යාපන අවස්ථා:


I) ප්‍රමාණ සමික්ෂණය පිලිබද ඩිප්ලෝමාව ( Diploma in Quantity Surveying - National Vocational Training Institute - Orugudawaththa)
පාඨමාලා ගාස්තු : රු.20,000.00
පාඨමාලාකාලය : මාස 12යි.
මාධ්‍ය :
ජාතික වෘත්තිය සුදුසුකම් මට්ටම(NVQ level) - නැත
අවම සුදුසුකම් : අපොස සා.පෙළ විභාගය ගණිතය හා විද්‍යාව යන විෂයන්ට විශිෂ්ඨ සාමාර්ථ සහිතව සමත්විම හා අපොස උ.පෙළ විභාගයට විද්‍යා හෝ ගණිත අංශයෙන් පෙනි සිටිම.
පිලිගැනිම:
වැඩි විස්තර : 011-2572976, 071-4931792
වෙබ් අඩවිය: -
වැඩිදුර අධ්‍යාපන අවස්ථා:

J) ප්‍රමාණ සමික්ෂණය පිලිබද ඩිප්ලෝමාව ( Diploma in Quantity Surveying   - CHPD - Baththramulla)
පාඨමාලා ගාස්තු : රු. 25,000.00
පාඨමාලාකාලය : දින 26
මාධ්‍ය : ඉංග්‍රීසි
ජාතික වෘත්තිය සුදුසුකම් මට්ටම(NVQ level) -
අවම සුදුසුකම් : CHPD-ප්‍රමාණ සමික්ෂණය පිලිබද සහතික පත්‍ර පාඨමාලාව සාර්ථකව නිම කර තිබිම , NCT(QS)හෝ NVQ 4 ට සමාන සුදුසුමක්
පිලිගැනිම: 
වැඩි විස්තර : 0112785628 / Center for Housing Planning and Development (CHPD), No 33, Sunil road, Pelawaththa, Baththramulla.
වෙබ් අඩවිය: -
වැඩිදුර අධ්‍යාපන අවස්ථා:


සහතිකපත්‍ර පාඨමාලා
පිලිගැනිම: ශ්‍රි ලංකා ප්‍රමාණ සමික්ෂණ ආයතනය(IQSSL)
පාඨමාලා ගාස්තු : නැත
පාඨමාලාකාලය : වසර එකක්(පුර්ණ කාලින)/ වසර තුනක් (අර්ධ කාලින)
මාධ්‍ය : සිංහල,දෙමල හා ඉංග්‍රිසි
ජාතික වෘත්තිය සුදුසුකම් මට්ටම(NVQ level) -
1. අපොස (සා/පෙළ) විභාගයේදී ගණිතය, විද්‍යාව සහ මාධ්‍ය භාෂාව ඇතුළුව විෂයයන් හතරකට (04) සම්මාන සහිතව විෂයයන් හයකින් (06) එකවර සමත් විය යුතුයි. ඉංග්‍රීසි විෂයය සඳහා අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථයක් ලබා තිබිය යුතුයි.
2. අපොස(උ/පෙළ) විභාගයේ ශුද්ධ ගණිතය/ව්‍යවහාරික ගණිතය හෝ සහ/හෝ දෘඩ තාක්ෂණය විෂයයන් හදාරා ඇති අයදුම්කරුවන් කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වනු ලැබේ.
1. අපොස (සා/පෙළ) විභාගයේදී දෙවරකට නොවැඩි වාර ගණනකදී විෂයයන් හයකින් (06) සමත්ව සිටීම. එම විෂයයන් පහත සඳහන් පරිදි විය යුතුය.

අ. සිංහල/දෙමළ/ඉංග්‍රීසි භාෂාව

ආ. ගණිතය හා විද්‍යාව

ඇ. වෙනත් විෂයයන් තුනක් හෝ සමාන සුදුසුකම්



පිලිගැනිම: ශ්‍රි ලංකා ප්‍රමාණ සමික්ෂණ ආයතනය(IQSSL)



වැඩි විස්තර : 0112 786 508

වෙබ් අඩවිය: http://www.techedu.gov.lk
වැඩිදුර අධ්‍යාපන අවස්ථා:

3) Quantity Surveying Technician - Advanced Construction Training Academy (ACTA)

(Right Click on image and select "Opne image in new tab" to view full image)


පාඨමාලා ගාස්තු :

පාඨමාලාකාලය : මාස 12/ පුර්ණ කාලින (මාස හයක ආයතනික හා මාස හයක වැඩ බිම් පුහුණු කාලයකින්)
මාධ්‍ය :
ජාතික වෘත්තිය සුදුසුකම් මට්ටම(NVQ level) - 5
අවම සුදුසුකම් : අ.පො.ස සා/පෙළ විභාගට ගණිතය හා විද්‍යාව සමග සමත් විම
පිලිගැනිම: ශ්‍රි ලංකා ප්‍රමාණ සමික්ෂණ ආයතනය(IQSSL)
වැඩි විස්තර : 0112 786 508
වෙබ් අඩවිය:

වැඩිදුර අධ්‍යාපන අවස්ථා: එම මට්ටමට (NVQ level - 5) ලගාවිමෙන් පසුව ජාතික වෘත්තිය සුදුසුකම් මට්ටම6 (NVQ level 6) හි ඇති පහත පාඨමාලා හැදැරිය හැකිවේ.

1) Manage Pre-Contract
2) Manage Post - Contract
3) Contract Management


4) Quantity Surveying and Estimating - රත්මලාන ලලිත් ඇතුලත්මුදලි වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය(දුම්රියපොල පාර- රත්මලාන)

පාඨමාලා ගාස්තු : රු.25000.00(පුර්ණ කාලින)/15,000.00,12,000.00(අර්ධකාලින)

පාඨමාලාකාලය : මාස හයක පුර්ණ කාලින පාඨමාලාවක් වන(සතියට දින තුනකි).සැම වසරකම ජනවාරි හා ජුලි මාසවල ආරම්භ වේ./අර්ධකාලින
මාධ්‍ය :
ජාතික වෘත්තිය සුදුසුකම් මට්ටම(NVQ level) - 4
අවම සුදුසුකම් : වයස අවුරුදු 15-35 අතර හා අපොස සා/පෙළ සමත්
පිලිගැනිම:

වැඩි විස්තර :
වෙබ් අඩවිය:
වැඩිදුර අධ්‍යාපන අවස්ථා:


5) Quantity Surveyor- ජාතික වෘත්තිය පුහුණු ආයතනය (කදවල පාර - රත්මලාන)

පාඨමාලා ගාස්තු : මාසිකව රු.20,000.00
පාඨමාලාකාලය : මාස 12යි. (මාස හයක ආයතනික හා මාස හයක වැඩ බිම් පුහුණු කාලයකින්)
මාධ්‍ය :
ජාතික වෘත්තිය සුදුසුකම් මට්ටම(NVQ level) - නැත
අවම සුදුසුකම් : වයස අවුරුදු 16-35 අතර අපොස උ/පෙළ විෂයන් දෙකකින්වත් සමත්විම.
පිලිගැනිම:
වැඩි විස්තර :011 - 2638850
වෙබ් අඩවිය:
වැඩිදුර අධ්‍යාපන අවස්ථා:


6) ප්‍රමාණ සමික්ෂණය පිලිබද සහතික පත්‍ර  ( Certificate in Quantity Surveying   - CHPD - Baththramulla)
පාඨමාලා ගාස්තු : රු.205,000.00
පාඨමාලාකාලය : දින 16
මාධ්‍ය : ඉංග්‍රීසි
ජාතික වෘත්තිය සුදුසුකම් මට්ටම(NVQ level) -
අවම සුදුසුකම් : ඉදිකිරිම ක්ශ්‍රේත්‍රයේ වසර 2ක පලපුරුද්ද හා පිලිගත හැකි තාක්ශණික සුදුසුකමක්
පිලිගැනිම: 
වැඩි විස්තර : 0112785628 / Center for Housing Planning and Development (CHPD), No 33, Sunil road, Pelawaththa, Baththramulla.
වෙබ් අඩවිය: -
වැඩිදුර අධ්‍යාපන අවස්ථා: CHPD - ප්‍රමාණ සමික්ෂණය පිලිබද ඩිප්ලෝමාව 


------------------------

සටහන:
මෙහි දක්වා ඇති පාඨමාලා පිලිබද විස්තර වෙබ් අඩවි හා වෙනත් මුලාශ්‍ර මගින් ලබාගන්නා ලද ඒවාය.ඒවා පිලිබදව අදාල ආයතනයන්ගෙන් විමසා තහවුරු කරගන්න.

110 comments:

  1. ප‍්‍රයෝජනවත් , හරවත් බ්ලොග් එකක්.

    ReplyDelete
  2. http://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB_%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94_%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A_%E0%B6%9A%E0%B7%99%E0%B7%83%E0%B7%9A%E0%B6%AF%3F

    ReplyDelete
  3. Good. Keep it up

    ReplyDelete
  4. good work . . .keep it up . .. !

    ReplyDelete
  5. NDQS is not conducted by IQSSL but by NAITA. How a person can become a quantity surveyor only just undertaking a civil engineering course like NDES, NDT or HNDE? Where is he/ she going to learn about quantity surveying?

    ReplyDelete
  6. Yes NDQS is by NAITA, i corrected it. Thank you

    Civil engineering courses like NDT, NDES has the subject " Quantity Surveying". The those students are getting QS knowledge through it(But bot like BSc or NCT Qs's).Also they have a good construction background.
    Also there is a high demand for QS's in Sri Lanka and abrod than Civil engineers also they are well paid.

    But the supply of QS's are quite less. Because untill last 2-3 years we have only BSc and NCT courses.

    Then those people with NDT, NDES qualifications try to jump in to the QS field.
    Also they are going for less salary than a qualified QS.

    I think peoples with NDT,HNDE,NDES qualification should be need to get a acceptable QS qualification if they want to continue their carrier as a QS.I thin IQSSL is the best place for that. I think those peoples can get exceptions from some subjects also.

    IQSSL is conducting courses under "College of Quantity Surveying". The course is in three levels. Completion of the course is the first step to became a charted QS.

    I Know some of QS's in middle east with NDT,HNDE qualifications are doing there Msc also.

    IQSSL T.P - 0112595570

    ReplyDelete
  7. I disagree with QS's comment on Civil Engineering Diploma holders.Dilan is correct.Civil Engineering Diploma holders are having a sound construction background.That is vital in the field to carry out a job as an Quantity Surveyor (both pre-contract & post-construction works).Civil Engineering Diploma courses also covers most of the subjects that covers under QS courses.But I also agree that Civil Engineers must improve there knowledge in the field of QS by studying professional course (specially conducted by College of QS).

    ReplyDelete
  8. @ sajeewa:
    Thank you for the comment.
    But the your saying "Civil engineering diploma courses also covers most of the QS subjects" is not correct.
    Aim of a Civil engineering course is to generate a Civil engineer, and also aim of a QS course is to generate a QS.
    Civil Engineer and QS are two different professionals.While a Civil Engineer mainly responsible for the Quality of a product, QS mainly responsible for the Cost of the product.

    Both courses are designed to provide required knowledge for each profession.The knowledge required for QS and Engineer are different.
    But there are some subjects common for both Engineering and QS courses, for an example Land surveying and IT; but not most subjects only a few subjects.
    While Quantity surveyors studying the Quantity surveying as a Diploma/Degree Civil Engineers are studying Quantity surveying as a subject.

    ReplyDelete
  9. I think this is not problem with profession, There is hidden truth, It is QS has good demand in Industry

    ReplyDelete
  10. realllllly good stuff

    ReplyDelete
  11. මට දැන ගන්න පුලුවන්ද ICBT QS HND කරපු කෙනෙක්ට IQSSL Membership ගන්නෙ කොහමද කියල?

    ReplyDelete
    Replies
    1. contact IQSSL - 0112369798...

      Delete
    2. He can apply for the student membership of the IQSSL. Thereafter he should complete the level I, II and III to become a technical member.

      Delete
    3. I am still studying NDQST in college of technology can i apply for IQSSL student membership.

      Delete
  12. IQSSL is the most professional way to become a Quantity Surveyor.But why can't they provide a suitable Qualification like a Diploma or HND....Become a CHARTED QUANTITY SURVEYOR through the IQSSL is not a easy thing...So they should provide BSc equilant Qualifications to level 3 students.

    ReplyDelete
    Replies
    1. * "Those who pass Level 3 Examination are eligible for applying for Technical Membership of the Institute. Technical member with one year post qualifying experience is on the same Level as a Graduate Member......"

      * "Qualification for Middle level management - Level 1(QS-Grade 3)is Graduate member of Technical member with 1 year post qualifying experience"

      From: Recommended Institute Qualifications for Different Quantity Surveying Positions Published by IQSSL.

      Delete
  13. Nice Work.....keep it up.....Share this among all the Sri Lankan QS's born through UOM,IQSSL,CSCT,ICBT,NCT.....

    ReplyDelete
  14. මචන් මන NCT QS Full time course එක කලා
    දැන් result ඇවිත්....ඊළගට මොකක්ද කරන්න හොද course එක

    ReplyDelete
    Replies
    1. IQSSL හි College of Quantity Surveying හි පාඨමාලාව හදාරන්න.
      නැතිනම් ඔබේ NVQ මට්ටමට වඩා වැඩි NVQ මට්ටමක පාඨමාලාවක් හදාරන්න.

      Delete
  15. mama NCT QS full time course ekak kala.den QS kenek hetiyata weda karanawa.(awrudak withara)mata den job eka karana gamanma diploma course ekak karanna ona. sathiyakata eka dawasak wage Theory walata sahabhagi wenna puluwan courses Collage of Quantity Surveying aayathanaye thiyenawada?

    ReplyDelete
    Replies
    1. ඔවු. එහි පාඨමාලා පැවත්වෙන්නේ සති අන්තයේ පමණයි.

      Delete
  16. Pls Up date the data of NDQS bu NAITA now it is under By UNIVOTECH . and now it is upgrade to Bsc QS. so pls alert with that and up date it. any how this is greate job.

    Thanx

    Harsha

    ReplyDelete
    Replies
    1. According to there web site, the course is still in Diploma level, not upgraded to BSc level.


      http://www.univotec.ac.lk/programmes.html

      Delete
  17. nct karata passe qs walin degree ekek ganta puluwanda...ehema degree ekek gnta puluwan institute ekak dannawada

    ReplyDelete
    Replies
    1. best place is college of quantity surveying ( CQS) under IQSSL. you can be a professional QS

      Delete
    2. You can get a degree by following a BSc degree programme from private institutions like ICBT/BCAS. Their conducting Bsc degree with foreign universities. But it's expensive.

      Delete
    3. Further, you can now follow BSc in QS from UNIVOTEC.

      Delete
  18. මේ ලිපිය යාවත්කාලීන කරන්න පුලුවන්නම් ගොඩක් වටිනා ලිපයක්...........

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. කාර්‍ය බහුල නිස යාවත්කාලින කරන්න බැරි උනා. පසුව කරන්නම්.

      Delete
  19. ICTAD aayathanayen pawathwana Qs diploma ekak tiyenewada?mata wisthara tikak denna puluwanda a genat?

    ReplyDelete
    Replies
    1. CHPB/ICTAD conducting QS Diploma.Certificate courses.

      Delete
  20. Can somebody help me..I am a Bsc civil engineer & having 2 years of filed experience. I'm planing to go Dubai & do a QS job since we are not getting higher salaries here. So can any one please suggest me a good QS course to have a good knowledge before going to Dubai & start working.. thank you

    ReplyDelete
    Replies
    1. Follow a QS diploma from private institute like ICBT /BCAS.

      Delete
  21. හැබැයි අයියේ ටික්ක හරි ඉගෙන ගත්ත අය මෙවා කරන්න. නැත්නම් ඔයාලා ගල්ප් වල වැඩට ගිහින් පිස්සු කෙලින්න එපා.... ලොකේ තියන හොදම ජොබ් එක කියලා පොර ටොක්ස් දාන්න ගිහින් පච වෙන්නත් එපා.... ලෝබ මසුරු සිට‍ානෝ ලා වෙන්නත් එපා..... නැත්නම් මොලේ තියෙන අයත් ඒ ගනේට තමයි වැටෙන්නේ........

    ReplyDelete
  22. patta pata pata...

    ReplyDelete
  23. mn 2011 NCT QS krala final xme eka fail.mata aith e xme eka karanna hithen na.mta dan QS wena course ekak kranna one.mokakda hoda?

    ReplyDelete
    Replies
    1. If you can't pass certificate course how can you follow and pass another course? try and first pass the one's you already followed and studies rather going for a totally new course.

      Delete
  24. I have been working as a Draftsman in a civil engineering field for 2 years.
    I have knowledge and experience in preparing bill of quantities and estimation.
    I would like to fellow a QS course with in short period of time.
    Is there any courses with government approved certificate. certificate ?

    ReplyDelete
    Replies
    1. If you want to be a qualified QS, you are required to follow a well structured qs course. No use of following short course to be a professional QS. Follow QS Certificate from Technical collage and thereafter follow Bsc from UNIVOTEC.
      Alternatively you could follow Diploma from private institutions like IBCT/BCAS/CSCT.

      Delete
  25. Mata qs karanna godak asai.mata o/l science,maths walata A tiyenawa.but a/l kale bio.fail..ithin mata qs karanna patan ganna hodama vidiya kiyala danawada.loku help akak aiye.

    ReplyDelete
    Replies
    1. ඔය විශයන් A/L තුනම පාස් නැති නම් හා O/L තියෙනව නම් කරන්න වෙන්නේ Technical collage එකේ QS certificate එක තමයි.
      නමුත් විශයන් දෙකක් වත් පාස් නම් පෞද්ගලික ආයතනවලින් Diploma කරන්න පූලුවන්.(e.g-ICBT.BCAS/CSCT)

      Delete
    2. ICBT ආයතනයේ පැවැත්වෙන ඩිප්ලෝමාව සදහා එහි ඇති පදනම් පාඨමාලාව හැදැරිමෙන් පසුව ඔබට ඇතුලත් විය හැකිය.

      Delete
  26. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. Commercial advertisement are now allowed. If you want to add/update details on your institute in above article, please e mail those details to admin.

      Delete
  27. still I'm doing NCT QS part time,after that can I apply the BSc ?If can which path can I follow ?

    ReplyDelete
  28. A question from supun wathukara -
    aiya mn a/l walata bio kare result 2c and 1 s.s chem walata.mn oyage blog eka baluwa.mn kamathi hda qs course 1k krn .mata galapena 1k kiana puluwanda.wiadama adu 1k.icbt HND 1i.sliate eke HND 1i samanaida.plz reply me


    You could follow a QS Diploma from a private Institute like ICBT,BCAS,CSCT or from IQSSL under CQS(Collage of Quantity Surveying). Those Diploma are a bit expensive(pls contact the institute for the latest course fee). If you follow ICBT,BCAS,CSCT, your can continue till BSc degree from same institute or you can go for some foreign universities in UK or some other countries. Also some of those diploma are accredited by RICS(e.g-CSCT, however pls confirm it with the them and relevant institute). However the course their conducting is Edexcel and it's designed for UK. With regards, CQS diploma, it's a course designed for SL and conduct through IQSSL, upon completion of this diploma you can be a chartered QS, upon completion of level 1 to 3 courses.

    Answer - However you could follow a QS Certificate course from Technical collage and its free. Upon completion of Certificate and with experience you can continue till Bsc degree from University of vocational technology.However A/L is not required to follow this certificate course.

    Just now I also got to know about the QS Diploma in SLIATE. I think it's a government institute and therefore course should have designed for SL market however ICBT(edxcel diploma) designed for UK market. But there is no big issue to working in SL or Middle east by following a Edexcel course. Please check with SLIATE, pathways to you to continue your further education upon completion of their diploma(e.g-can you progress with a degrees? ) and further acceptance of their diploma(is is accredited by IQSSL and etc.)

    ReplyDelete
  29. Question from Dilan Senavirathna,
    Q: ACTA eke qs hodada?
    A:ACTA has two QS diplomas.

    Edexcel course
    It's a Higher National Diploma course. Course content is same as other HND in other private institutions like ICBT/BCAS since it’s an Edexcel course. An ACTA is semi government institute.
    There is less students in ACTA compare to other which gives you more opportunities to interact with lecturers and entertained the facilities. However previous some batches took a longer time to complete the Diploma that it’s duration due to various issues.

    NVQ course
    This course is designed for local market and you can continue till Bsc degree from other government institutes like UNIVITEC.

    ReplyDelete
    Replies
    1. Nct qs complete kara.eth thama hariyata job ekak set une naane.thawa dhurata igenagannath asae.eth wadak weidha?karanawanam mokakdha mata karanna puluwan hondhama course eke?

      Delete
  30. Question from Anonymous:
    Q: NVIT eke thiyen QS course eka hodada?eke diploma nvq level 5 kiwa. eken passe degree ekaka karanna
    puluvanda?

    A:What is NVTI? You means NAITA?.

    You may follow Bsc from UNIVOTEC, please contact UNIVOTEC and confirm.

    ReplyDelete
  31. මම ජ'පුර final student කෙනෙක් ( Estate mgt &valuation )මට qs කරන්න ආසයි. අපිට පොඩ්ඩක් degree එකට අදාලයි. A/L commerce කළේ maths A, science C පුළුවන් හොදම course එක කියන්නකෝ දිගටම කරගෙන යන්න path එකත් එක්ක.... ඇත්තටම ගොඩක් වටින ලිපියක්...

    ReplyDelete
    Replies
    1. හොදම තැන තමයි ප්‍රමාණ සමික්ෂකයන්ගේ ආයතනයේ College of Quantity Surveying හි පැවැත්වෙන පාඨමාලව. ඉට අමතරව පෞද්ගලික/රජයේ ආයතනවල විවිධ පාඨමල තියෙනවා.

      Delete
  32. This comment has been removed by the author.

    ReplyDelete
  33. can i find a job after completing hnd at iqssl and complete the next three levels while doing it?

    ReplyDelete
    Replies
    1. There is a good demand in the market for IQSSL diploma holders, go ahead with IQSS .....

      Delete
  34. CSCT eke RICS and IQSSL ok kiwwa...mama HND QS eka complete karoth mata lankawe job thinawa????salary keeyak withara weida???HND ekata middle east,australia, wage ratawala job market elkakohomada?????

    ReplyDelete
    Replies
    1. AS I aware CSCT has RICS accreditation but nit IQSSL. Please contact IQSSL and get confirmation from them.
      Job availability is depends on the market condition.
      Currently (2016 Dec. ), In Sri Lanka you can find a job, but in middle east it may difficult due to market condition, Australia also a bit difficult (for highly qualified QS with a considerable experience also may need to wait 6-7 months to find a job in Australia

      Delete
  35. iqssl course eka karala technical membership eka gattot eka pitaratawalat(middl east/australia)
    piligannawada Bsc ekata samanai kiyala

    ReplyDelete
    Replies
    1. According to IQSSL, Graduate member can be considered as equal to technical member with one year experience.

      Australia - I guess they may accept above IQSSL grading (due to the good relationship between AIQS and IQSSL). But better to get a confirmation from AIQS, should you need.

      Middle east – Companies may accept.

      Delete
  36. what is the best institute to follow amoung icbt, bcas and csct concerning about recognition and job priorities.thanks

    ReplyDelete
    Replies
    1. All institutes are conducting UK Edexcel Diploma/Degree course. No IQSSL recognition for any of institution but they have RICS recognition. Cannot comment on job priority, it depends on your performance at the interview and etc. But some companies may prefer some collages depends on their previous experience with the QS passed out from respective collages.

      Delete
  37. i done a/l by maths & pass the a/ls i want to follow a diploma in
    QS part time plz if someone know about plz help me to join to that course....

    ReplyDelete
    Replies
    1. If you complete A/L follow a full time QS course. Part time course are available only for practicing QSs.

      Delete
  38. Skills international eke city guilds qs diploma eka hodada karapu aya inwda

    ReplyDelete
    Replies
    1. Best place to study QS is Collage of QS under IQSSL.

      Delete
  39. NVQ 4 = NCT me kathawe aththa mokakkda?

    ReplyDelete
    Replies
    1. Government has introduced NVQ system to compare/standardise various courses in Sri Lanka.
      We have NVQ level 1 to above; NVQ 7 is Degree, 6 – HND, 5 – Diploma and 4 for Certificate.
      If you passed NVQ 4 level course from an institute you can directly join for a NVQ 5 course in another institute but same disciplinary.

      Delete
  40. mama sliate eke hndqs kala.mata iqssl membership eka ganna puluwanda?puluwannam membership eka ganne kohomada?

    ReplyDelete
    Replies
    1. You can first get IQSSL student membership, then you have to follow Level 1,2,3 exams and become a technical member. Visit following page for more information to IQSSL routes.

      http://www.iqssl.lk/membership/about-membership.html#ROUTES

      Delete
  41. IQSSL eke qs karnna kiyk withara yanwada??

    ReplyDelete
    Replies
    1. You can get the information from below telephone nrs
      011-2369798 / 011-5659959

      Delete
  42. I have 1 S pass for maths and C pass for ICT but physics failed.Which path will you recommend for do the QS dgree?
    Please help me thank You

    ReplyDelete
    Replies
    1. You need to have minimum 3 S to enrol to BSc QS courses.

      Delete
    2. But there are some private institute which enrolling students without A/L results after completion of their foundation program e.g. ICBT.

      Delete
  43. ICBT has changed their HND governing body from EDEXCEL to Cardiff Metropolitan University. Does it change anything in their HND's recognition?

    ReplyDelete
    Replies
    1. Ias I aware ICBT conducting Birmingham City University QS degree and it is RICS accredited degree(according to their web site information).

      Delete
  44. Mm cmps eke physicl krnne..mtth asi qs krn..mm qs krn tec ek torgtta.tec wala qs krn ek pilignnwd....eka diplomwk nd...degree ek krnn bri wenwd???

    ReplyDelete
    Replies
    1. Government technical collages are conducting QS Certificate courses.
      Government technical collage qualification is valid.
      After you completed the Certificate, you can enroll to ‘University of Vocational Technology’ for the BSc in QS.

      Or alternatively you may enrol to private institutions.


      Delete
  45. I have completed HND in qs at bcas and i have worked 1.5 year as a assistant qs in link engineering (pvt) ltd.
    I have to decide to go to middle east(qatar) within this month. Is this decision correct or not?
    Waiting here for your some advises .....

    ReplyDelete
    Replies
    1. 1. Ask your friends who are in Qatar how much you could earn and save in Qatar and come to Qatar if you think its worth.

      2. Now Qatar market is in recession, therefore fewer projects are coming; companies have terminated some employers, some companies reduced employer's salaries. Therefore, it may difficult you to find a job even came here, but it's not impossible, it's depend on your luck and connections.

      3. From mid of 2016 Qatar government not accepting any distance learning/online qualifications. BCAS awarding UK university diplomas/degree, therefore since you studied in Sri Lanka while the certificate has been issued from UK, you certificate also will ne be certified by Qatar embassy; if your come here without a certified diploma, it may more difficult to find a job.(but no such rule in Dubai)

      4. Also I heard BCAS are helping students to come to Qatar on visit visa and upon you got a job, you have to pay some amount to BCAS, check that one also.

      I would like to suggest;
      1. If you strongly believed you can quickly find a job here, come without thinking twice.

      2. Otherwise, try to find a job in Middle East while in Sri Lanka via friends or agencies.

      3. Complete your degree from BCAS or other private institute or from UNIVOTEC while working in SL.

      Delete
  46. මට දැනගන්න පුලුවන්ද city and guilds qs adavnce dip එක තියාගෙන IQSSL එකේ dgree එක කරන්න පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. ඔබට IQSSL professional level 1,2 & 3 හදාරා APC සම්පුර්ණ කිරිමෙන් පසුව වරලත් මට්ටම දක්වා යා හැකිය.
      IQSSL (College of QS (CQS)) විදේශ විශ්වවිද්‍යාලක් සමග ඒකාබද්ධව උපාධි පාඨමාලාවක්පවත්වන අතර, CQS හි ඩිප්ලෝමාව සම්පුර්ණ කල සිසුන්ට එම උපාධිය හැදැරිය හැකිය. වෙනත් සුදුසුකම් (e.g City & Guilds) ඇති සිසුන්ව බදවා ගන්නේද යන්න CQS ඇමතිමෙන් (94-11-2369798 / 0094-11-5659959) දැනගන්න.

      Delete
  47. Useful information! Thanks admin!
    It would be great if you can add about SLIIT Quantity Surveying degree, thanks!

    ReplyDelete
  48. I have a S pass for physics and C pass for general english in A/L maths stream.What is the best way for me to be a Qualified Qantity Surveyor in Sri Lanka?Is CSCT recognized by IQSSL?

    ReplyDelete
    Replies
    1. That means you have only one S and other main two subjects failed. For most of the institutions your need to pass A/L or minimum 2 Ss to enroll to degree/Diploma courses.
      1) However you may enroll to Government technical collage QS certificate course.
      2) In ICBT they have foundation course for the students who have not pass A/Ls but willing to follow their QS diploma, following completion of the foundation course you may follow their Diploma.

      As I aware CSCT has not been recognized by IQSSL, Only the University of Moraatuwa and Collage of QS courses are accredited.

      Delete
    2. Sir I think NIBM will going to start a new QS diploma.Please give me benifits of that diploma.

      Delete
    3. Benefits - This gives and opportunity you to become a QS.

      Course info. can be found here (https://www.nibm.lk/prospectus/638). I don't think there are any special benefits compared with other Diploma courses. However, this institute has good reputation and also it's a government institute.However course duration is 1 yr, other institution like CSCT course duration is more than 1 yr(but those are HNDs). Contact NIBM to find any course specific benefits.

      Delete
  49. what is the avarage salary of a quantity survivor in sri lanka?

    ReplyDelete
    Replies
    1. It mainly depends on the qualification and experience, even vary between Contractor/Consultant firms, Company, Location and etc.

      Delete
  50. Hi,Mr.Dilan
    මට දැන ගන්න පුළුවන්ද, මම දැනට සාර්ථකව නිම කරලා තියෙනවා draughtsmanship full time(1 year) සහ NCT Civil part time( 3 year) පාඨමාලා සහ මම දැනට වැඩ කරනවා විදෙසීය රටක assistant QS කෙනෙක් විදියට.මට දැනට අවුරුදු 5කට වඩා පලපුරුද්දක් තියෙනවා මෙම ක්ෂේත්‍රයේ.මට IQSSL එකේ Bsc එක කරන්න පුළුවන්ද මෙි qualifications එක්ක.එහෙම පුළුවන්නම් මම Level කීයෙන්ද enter වෙන්න ඹ්න.සාමාන්‍යයෙන් පාඨමාලා කවදද පැවැත්වෙන්නේ.(i means part time or full time) please reply me as soon as possible. Thank you.

    ReplyDelete
    Replies

    1. IQSSL හි college of QS හි පාඨමාල සදහා ඇතුලත්විමේ සුදුසුකම් පහත පරිදිවේ.
      ඩිප්ලෝමා පාඨමාලාවන් සදහා;
      උසස් පෙළ ගණිත හෝ විද්‍යා විෂය ධාරවන්ගෙන් විෂයන් දෙකකින් සමත් විය යුතුය.
      වානිජ්‍ය විෂය ධාරාවෙන් නම් විෂයන් දෙකකින් සමත් විමට අමතරව සාමාන්‍ය පෙළදි ගණිතය හා විද්‍යාව සදහා සාමාර්ථයන් තිබිය යුතුය.

      උපාධි පාඨමාලාව සදහා ද ඇතුලත් විමේ සිදුසුකම්, ඉහත ඒවාම වේ යැයි සිතමි.

      වෘත්තිය මට්ටම 1 සදහා;
      පිලිගත් ප්‍රමාණ සමික්ශණ සුදුසුකමක් (ඩිප්ලෝමා, සහතිකපත්‍ර ) සමග වසරදෙකක් ප්‍රමාණ සමික්ශකයෙකු ලෙස පුහුණුවක් ලබා තිබිය යුතුය.

      ඔබට දැනට ප්‍රමාණ සමික්ෂණ අධ්‍යාපන සුදුසුමක් නැති නිසා වෘත්තිය මට්ටම් 1 ට ඇතුලත්විය නොහැක. ඉහත සුදුසුකම් තිබේනම් ඩිප්ලෝමා/උපාධිපාඨමාලා හැදැරිය හැක.
      කරුණාකර IQSSL හි College of QS අමතා (0094-11-2369798 / 0094-11-5659959) ඉහත තොරතුරු තහවුරු කරගන්න.

      ඉහත තොරතුරු වලට අමතරව යමක් දැනගතහොත් මෙහි සදහන් කිරිමට කාරුණික වන්න.

      Delete
  51. මහත්මයා මට දෑනගන්න පුළුවන්ද, IQSSL එකේ Charted QS කෙනෙක් දක්වා යෑමට මම කලයුතු දේවල්?
    මම සෑපිරිය යුතු සුදුසුකම් සහ කලයුතු පාඨමාලාවන් IQSSL එක තුල..?
    දෑනට මම ICBT HND QS සාර්ථකව සම්පූර්ණ කර ඈත.මාහට IQSSL එක තුලට ඈතුලත්වීමට මේ සුදුසුකම් ප්‍රමාණවත්ද?

    ReplyDelete
    Replies
    1. Route 1: ඔබ ICBT ආයතනයෙන් BSC උපාධිය සමත්වන්න. ඉන් අනුතුරුව IQSSL හි Graduate member entrance විභාගය සමත්විමෙන් පසුව Graduate member කෙනෙක් ලෙස ලියාපදින්චි විය හැක. ඉන් පසුව වසර වසර දෙකක පුහුණු කාලයකින්(2 yr diary) පසුව APC ට පෙනි සිට සමත් විමෙන් පසුව වරලත් ප්‍රමාණ සමික්ශකවරයෙකු(Associate member) විය හැක.
      Route 2: IQSSL හි Professional Level 1,2,3හදාරා ඉන් පසුව APC ට පෙනි සිට(+2 yr diary) ලෙස Associate Member ලෙස ලියාපන්දින්චි(Chartered QS) විය හැක.

      ඉහත තොරතුරු IQSSL අමතා තහවුරු කරගන්න.

      Delete
    2. බොහොම ස්තූතියි....ඔබ දැක්වූ සහයෝගයට......

      Delete
  52. Mata danaganna one danata mama QS assistant course eka technical college eken karala dan qs diploma eka nvq level 5 karagena yanawa. Mata issarahata charted eka dakwa karagena yanna one. Ekata tiyena hodama path eka mokakda kiyanawada? Mama danna widihata nam b.sc moratuwe witharai accredited.

    ReplyDelete
  53. step 1- Complete a BSc QS course(e.g UNIVOTEC, any other private degree)or IQSSL professional level 1 to 3.
    step 2- pass Graduate member entrance exam of IQSSL.
    step 3 - APC
    Please refer my above answer for the anonymous comment dated 14 June 2017 at 10.00

    ReplyDelete
  54. කාර්මික විඩ්යාලකින් පලමු ව්සර අවසන් කර පුහුනු වන අවඩියෙඩි ලන්කාව තුල ලෙබිය හෙකි උපරිම හා අවම පඩිය කොපමන විය හැකිඩ

    ReplyDelete
    Replies
    1. ඒ ගැන හරියටම කිමට අවබෝධයක් නැත. එම සුදුසුකම ඇති අයෙකුගෙන් විමසන්න.
      සාමාන්‍යෙන් පුහුණුකාලය තුලදි ලැබෙන්නේ පඩියක් නොව දිමනාවකි, එය සමාන්යෙන් අඩු ගණනකි. එහෙත් සමහර ආයතන වල ඉහල දිමනාද ලබාදේ.

      Delete
  55. Mama me aurudde A/L kale Technology stream ekn(2017)...mn QS patten issrhta ynna mulinma kla uthu course eka mokkda....Loku viydm yana courese krnna nm amrui...UNIVOTEC eka course eka krnwnm mn mulinma krnna onne course eka mokkda

    ReplyDelete
    Replies
    1. Hodama eka thama IQSSL eke CQS eke thiyena Diploma eka., eka karala then degree eka karanna & Chartered eka wenakan yanna puluvan.

      UNIVOTEC degree karanan NVQ 5 QS course ekak karanna oni. Technical college eke Certificate eka NVQ 5. Salli nethinam technical college karala job karana ganam UNIVOTEC karanna. Hebeyi loku kalayak yanava degree eka complete karanna ( Tech eke 3 yr, UNIVOTECH eke 3 yr). Anika Tech eke ganne relavent field eke jobs karana aya. Eka nisa kalin QS course ekak karala job ekak hoyaganna wenava, eka strickly balanada kiyala poddak hoyala balanna oni.

      Hodama de thama salli tikka hoyagen CQS eke dip eka karala yana eka, ikmanata Qualified wenna puluvan. Poddak student loan scheme gena hoyala balanna.

      Delete
    2. Mn IQSSL eka course eka gana hoyla baluwa...eka dip.. eka karnna qualifications wlta illane A/L Maths/science or Commerce krla pass wela thiynna onne...namuth mn A/L kale Technology walin nisa mata IQSSL yanna bariwida..ehmnm ekta yanna wena thiyenna qualifications monwda

      Delete
    3. 1. Please contact CQS and inquire about the possibility to join with CQS for the students followed technology scheme.
      (college@iqssl.lk /0094-11-2369798)

      2. Otherwise, you can follow NCT from technical colleges and then complete degree from UNVOTEC.

      If you can find someone to finance for you, you can follow a diploma/degree from a private institute like CSCT/ICBT.

      Also there are diplomas available in Vocational training institute, Sri Lanka Institute of Advanced Technological Education.

      Delete
  56. Sir.. I have nvq level 4 in Quantity surveying.. Can I follow the edecxel hnd at Bcas or any other campus..

    ReplyDelete
    Replies
    1. What is the course? Is it assistant QS course in technical college?

      For most of the HND courses in private institutions(e.g. BCAS) entry qualification is A/L (2 or 3 passes).
      For you, they have a APL route (Accredited Prior learning). In this route they will allow you to study the HND with exceptions for some subjects based on you previous qualification. Course fee also reduced accordingly.
      Please contact a such institute and discuss.
      However, check the possibility to follow professional level 1 o 3 coursed from IQSSL or follow their HND course via below contact details of CQS/IQSSL.
      (Tele : 0094-11-2369798 / 0094-11-5659959 E-mail : college@iqssl.lk)

      Delete
    2. Yes.. sir it is assistance quantity surveying course.. Thank you sir

      Delete
  57. What is Ivq sir(international vocational qualification).is it a acceptable qualification in construction industry such as nvq and edexcel

    ReplyDelete
    Replies
    1. IVQ - International Vocational Qualifications (IVQs) are qualifications certifying skills at the post-secondary and undergraduate level of training that have been specially designed for the global marketplace. It has three levels (Certificate, Diploma and Advance Diploma). I think City and Guilds QS course is a IVQ qualification.

      Edexcel- Edexcel is a awarding body for both academic and vocational qualifications. There are QS diplomas conducting y this organization (those you can follow via ICBT and etc.)

      NVQ - In Sri Lanka we have national Vocational Qualification, it has standaralized the education qualifications. It has levels from 1 to 7, 7 is degree and 5 is for Diploma. You can get NVQ level 5/4 QS diploma/certificates from government technical colleges and etc.

      If u follow NVQ level 4 from one technical college, you can enrol for level 5 from any other technical colleges directly.
      If u follow Edexcel QS diploma, you can directly enrol for Degree from any other registered (with Edexcel) organization.

      NVQ and Edexcel are highly accepted in the market. I’m not that much aware on this IVQ. If you are following a QS course go for NVQ or Edexcel. If you are in SL, better go with NVQ and its government system and you can continue education via UNIVOTEC and etc.. But if you are going overseas you may follow Edexcel as you can continue your education in most of countries (via Edexcel centres’ therein).
      Even if you have NVQ QS qualification you can enrol for Edexcel courses too.

      Delete
    2. Thank you sir.. I really appreciate your work😊

      Delete

මෙම ලිපියට අදාලව ගැන ඔබ දන්නා වෙනත් කරුණු ඇත්ද?එවාද, විෂයට අදාල ඔනැම කරුණක් මෙහි සටහන් කරන්න.
යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.

Related Posts with Thumbnails