Sunday, 11 April 2010

ප්‍රමාණ සමික්ෂකට වසරයි!

මෙම බ්ලොග් අඩවිය ආරම්භකර අද දිනට හරියටම වසරක් සපිරෙනවා. 2009 වසරේ අප්‍රේල් 11 වන දින සවස 2.37ට ප්‍රථම ලිපිය පල කර ආරම්භකල මේ ගමනේ මේවන විට ඉදිකිරිම් කලමනාකරණය, ඉදිකිරිම් තාක්ශණය, ඉදිකිරිම් නිතිය , පරිඝණක වැනි විෂයන් ආවරණය ලෙස ලිපි 21ක් පල කර තිබෙනවා.
ඉදිරියේදිත් ඉහත විෂයයන් ආවරණය වන ලෙස දිගටම ලිපි පල කෙරෙනු ඇත.
එමෙන්ම මෙම විෂයේ දැනුම ඇති ඔබටත් හැකි ලෙසින් ලිපි සපයාදි මේ සදහා දායක වන ලෙස ඉල්ලිමක් කරනවා.

මෙතුවක් කල් මෙම අඩවිය සමග රැදි සිටි ඔබ සැමට මාගේ ප්‍රණාමය!

Saturday, 3 April 2010

E. මුල්‍ය ප්‍රතිපුරණය මත පදනම් වු ක්‍රමය (Based on cost reimbursements) i


i ) ප්‍රථමික පිරිවැය සමග ප්‍රතිශත ගාස්තු ක්‍රමය

ඉදිකිරිම් සදහා කම්කරු, අමුද්‍රව්‍ය හා යන්ත්‍ර සුත්‍ර වෙනුවෙන් වැයවන ප්‍රථමික පිරිවැයෙන්(Prime cost), කලින් එකගවු ප්‍රතිශතයක් කොන්ත්‍රත්කරුගේ ගාස්තුව ලෙස ගෙවනු ලැබේ. මෙම ක්‍රමයේ ඇති ප්‍රධානම අවාසිය නම් කොන්ත්‍රත්කරුගේ අකාර්යක්ශම (Inefficient) ඉදිකිරිම් කටයුතු නිසා සම්පත් නාස්තිය (Waste resources) වැඩිවි ඔහුට වැඩි මුදලක් ගෙවිමට සිදුවිමයි. එහෙත් අවශ්‍ය නම් එම ප්‍රතිශතය ප්‍රථමික පිරිවැය සමග ප්‍රතිලෝමව විචලනය වන ලෙස එකග විය හැකිය.

මෙය පැහැදිලි කිරිම සදහා සරල උදාහරණයක් ගනිමු.

සම්පුර්ණ ප්‍රථමික පිරිවැය(රුපියල්) = 10,000,000.00
එකතුකලා:
පොදු කාර්යය පිරිවැය (Overheads) 15% = 1,500,000.00
ලාභය 5% = 500,000.00
2,000,000.00

ගෙවිය යුතු මුලු මුදල 12,000,000.00


ඉහත උදාහරණයේදි පිරිමහනසුලු(Economical) ආකාරයට කොන්ත්‍රත්තුව සකස් නොකල නිසා හා අකාර්යක්ශම(Inefficient) ලෙස සම්පත් භාවිතය නිසා සිදුවු නාස්තිය හේතුවෙන් සම්පුර්ණ ප්‍රථමික පිරිවැය රු. 12,000,000.00 ක් වුයේනම්,

සම්පුර්ණ ප්‍රථමික පිරිවැය(රුපියල්) = 12,000,000.00
එකතුකලා:
පොදු කාර්යය පිරිවැය (Overheads) 15% = 1,800,000.00
ලාභය 5% = 600,000.00
2,400,000.00

ගෙවිය යුතු මුලු මුදල = 14,400,000.00


කොන්ත්‍රත්කරුගේ පොදු කාර්යය පිරිවැය (Overheads) කලින් අගයම, එනම් රු1,500,000.00 වුවා නම් දෙවන අවස්ථාවේ කොන්ත්‍රකරුගේ සැබැ ලාභය රු. 900,000.00කි.

ඒ අනුව පැහැදිලි වන්නේ කොන්ත්‍රකරු අකාර්යක්ශම (Inefficient) ක්‍රියාපිලිවෙත සේවායෝජකයාට ප්‍රභල ලෙස අවාසි සහගත බවයි.


Bookmark and Share
From: Birchall,S. & Ramus,J.,1996.Contract Practice for Surveyors.3rd ed.Great Britain:Laxton’s

Wednesday, 31 March 2010

E. මුල්‍ය ප්‍රතිපුරණය මත පදනම් වු ක්‍රමය (Based on cost reimbursements)

සිංහල English

කොන්ත්‍රත්කරුට ඔහුගේ ප්‍රථමික පිරිවැය සහ කලමණාකරන ගාස්තුව(Management fee) ප්‍රතිපුර්ණය(Reimbursement) කිරිම මගින් ගෙවිම කරන මෙම ක්‍රමය ප්‍රථමික පිරිවැය ක්‍රමය(Prime cost) හා පිරිවැය ධන(Cost plus) ක්‍රමය ලෙසද හැදින්වේ.

ප්‍රථමික පිරිවැය යනු ව්‍යාපෘතිය ගිවිසගත් ආකාරයට නිම කිරිම සදහා අවශ්‍ය වන ශ්‍රමය, අමුද්‍රව්‍ය, යන්ත්‍ර සුත්‍ර ඇතුලු සියලුම ද්‍රව්‍ය සදහා කොන්ත්‍රත්කරුට වැයවන මුදලයි.

මෙම ක්‍රමවල ඇති ප්‍රධානම දුර්වලතාවය නම් වැයවන මුදල පිලිබදව පැහැදිලි අදහසක් නොමැතිවිමයි. අන්ක්‍රම හා සසදන විට මෙය නොපිරිමහනසුලුය(Uneconomical), එහෙයින් අනෙකුත් කිසිම ක්‍රමයක් සුදුසු නොවන අවස්ථාවන්හිදි පමණක් මෙය භාවිතා කරයි. මෙය අකාර්යක්ශම(Inefficient) හා සම්පත් නාස්තිය(Wastage) සිදුවන ක්‍රමයක් විම එයට හේතුවයි. මෙම ක්‍රමයේදි ශ්‍රමය හා යන්ත්‍ර සුත්‍ර භාවිතාකරන මට්ටම පිලිබදව පාලනය කිරිමට වාස්තුවිද්‍යාඥවරයා වෙත යම් බලයක් පැවරිය යුතුය.එමගින් සම්පත් නාස්තිය අවම කරගත හැකිය.

ව්‍යාපෘතියේ සැලසුම නිමකිරිමට පෙර ඉදිකිරිම් ආරම්භකල හැකිනිසා කාලය,මුදලට වඩා වැදගත් අවස්ථාවන්හිදි භාවිතා කල හැකිය.
එමෙන්ම, දිගුකාලිනව සලකා බලන කල වෙනත් ක්‍රමයක් භාවිතාකර අඩුඉදිකිරිම් වියදමකින් ව්‍යාපෘතිය නිම කිරිමට වඩා මෙම ක්‍රමය භාවිතා කර ඉක්මනින් ඉදිකිරිම් ආරම්භකිරිම හා නිමකිරිම මුල්‍යමය අතින් වාසිදායක විය හැකිය.

එහෙත් ප්‍රථමික පිරිවැය ගණනය කිරිමේදි හා ඒවායේ හරිවැරදි බැලිමේදි බඩුලේඛණ, කාල සටහන් උප කොන්ත්‍රත්කරුවන්ගේ ගිණුම් වැනි දැ විශාල ප්‍රමාණයක් පරික්ශා කිරිමට සිදුවිම කල්ගතවන මෙන්ම නිරස ක්‍රියාවලියකි. එම නිසා මෙම ක්‍රමය අනුගමනය කරන්නේ නම් ප්‍රථමික පිරිවැය සටහන් කිරිමේ හා ඒවා ගණනය කිරිමේ, තහවුරු කිරිමේ හොද ක්‍රමවේදයක් කොන්ත්‍රත්කරු හා ප්‍රමාණ සමික්ෂකවරයාගේ එකගත්වයෙන් යුතුව පිලියෙල කරගත යුතුය.
එමෙන්ම ප්‍රථමික පිරිවැයට අදාලවන දේවල් හා කොන්ත්‍රත්කරුගේ ගාස්තුවට(Contractor's fee) අදාල වන දේවල් පැහැදිලිව අර්ථකතනය කල යුතුය.
වාසි:

1) ටෙන්ඩර් ලියකියවිලි පිලියෙල කිරිමට හා ටෙන්ඩරය ලබාදිමට අවශ්‍ය කාලය අඩුය, එම නිසා ඉදිකිරිම් කටයුතු ඉක්මනින් ආරම්භ කල හැකිවේ.

2) සම්පුර්ණ සැලසුම නිම කිරිමට පෙර ඉදිකිරිම් වැඩ ආරම්භ කල හැකිවේ.

අවාසි:

1) දෙපාර්ශවයටම තමන්ගේ වගකිම් පිලිබදව ඇති අවබෝධය අවමය.
2) වෙනත් ක්‍රමයක් භාවිතාකරනවාට වඩා වැඩි මුදලක් වැය විය හැකිය.

3) ප්‍රථමික පිරිවැය ගණනය කිරිමේදි හා ඒවායේ හරිවැරදි බැලිමේදි බඩුලේඛණ, කාල සටහන් උප කොන්ත්‍රත්කරුවන්ගේ ගිණුම් වැනි දැ විශාල ප්‍රමාණයක් පරික්ශා කිරිමට සිදුවිම කල්ගතවන මෙන්ම නිරස ක්‍රියාවලියකි

මෙම ක්‍රමය යටතේ එන ක්‍රම තුනකි.

1) ප්‍රථමික පිරිවැය සමග ප්‍රතිශත ගාස්තු ක්‍රමය(Prime cost plus percentage fee)
2) ප්‍රථමික පිරිවැය සමග ස්ථාවර ගාස්තු ක්‍රමය(Prime cost plus fixed fee)
3) ඉලක්කගත ප්‍රථමික පිරිවැය ක්‍රමය (Target prime cost)

ඉහත දෙවන හා තෙවන ක්‍රමයන් පලමු ක්‍රමය හා සන්සන්ධනය කරන විට පිරිමහනසුලු ක්‍රමයන්ය.

From: Birchall,S. & Ramus,J.,1996.Contract Practice for Surveyors.3rd ed.Great Britain:Laxton’s
Bookmark and Share

Saturday, 20 March 2010

D. මිල ගණන් ලැයිස්තුවක් පදනම් කරගත් ක්‍රමය (iii) (Based on Schedules of Rates)


iii) වෙනත් ව්‍යාපෘතියක ප්‍රමාණ පත්‍රයක් යොදාගැනිම ( Bills of quantities from previous contract)

යෝජිත ව්‍යාපෘතියට ඉදිකිරිම් ස්වරුපය අතින් සමාන වෙනත් ව්‍යාපෘතියක ප්‍රමාණ පත්‍රයක් මෙහිදි යොදා ගනි. තත් කාර්ය ලැයිස්තුවක් ("Ad hoc" schedule)වුවද මේ සදහා යොදා ගත හැකිය. සිරියල් ටෙන්ඩර් (Serial tendering) ක්‍රමයේදි සාමාන්‍යයෙන් යොදා ගන්නේ මෙම ක්‍රමයයි.

වාසි:
1) ටෙන්ඩර් ලියකියවිලි පිලියෙල කිරිමට ගතවන කාලය අවමවේ.
2) ටෙන්ඩර්කරුවන්ට මිල ගණන්/ප්‍රතිශතයන් ඉදිරිපත් කල යුත්තේ සිමිත අයිතමයන් ගණනකට පමණක් නිසා එය වඩාත් සාර්ථකව සිදු කල හැකිය.

අවාසි:
1) පාර්ශව දෙකටම තමන්ගේ වගකිම් පිලිබදව නිවැරදි අදහසක් නැත.
2) දල ප්‍රමාණයන් භාවිතා කරන නිසා සැබැ මුදල හා තොරාගත් ටෙන්ඩර්කරු ඉදිරිපත් කල මුදල අතර සැලකිය යුතු වෙනසක් තිබිය හැක.

Bookmark and Share

From: Birchall,S. & Ramus,J.,1996.Contract Practice for Surveyors.3rd ed.Great Britain:Laxton’s

Tuesday, 2 February 2010

වෘත්තිය නොසැලකිල්ල (Professional negligence)


රාජකාරි කටයුතුවලදි වෘත්තිකයන් අතින් වැරදි සිදුවිම ස්වභාවික දෙයකි. එම වැරදි හේතුවෙන්වෘත්තිකයාගෙන් සේවය ලබාගන්නා අයට යම් අලාභයක් සිදුවුවහොත් එය එම වෘත්තිකයාගෙන් අයකරගැනිමට නිති පවති. ඉංග්‍රිසි නිතියේ දිලික්ත නිතිය (English law of tort) යටතේ වෘත්තිය නොසැලකිල්ල(professional negligence) ලෙසින් නොසැලකිල්ල (negligence) යන කොටස උප කොටසක් ඇත්තේ ඒ සදහාය.

වෘත්තිකයා විසින් තමන්ගේ දැනිමේ ආකාරයට තම සේවාදායකයාට අලාභයක් නොවන ලෙස තම වෘත්තිය සේවාව ලබාදිය යුතුය. එය තම සේවාව පිලිබදව ඇති සැලකිල්ල (duty of care )ලෙස හැදින්වේ.

යම් අයෙකු, වෘත්තිකයෙකු සමග ඔහුගෙන් සේවාවක් ලබාගැනිම පිණිස ගිවිසුමකට එලබෙන විට,පැහැදිලිව සදහන්කල නියමයන් (express term ) නැතද එයතුලින් ගම්‍යවන නියමයක් (implied term )වන "සේවාව සාධාරණ සැලකිල්ලකින් (reasonable care) හා දක්ශතාවයකින් (skill ) යුතුව ලබාදිය යුතුය" යන්න මුල් කරගෙන යම් අලාභයක් සිදු වුවහොත් නිති මාර්ගයෙන් කටයුතු කල හැකිවේ.

Thake v. Maurice [1984]

මෙම නඩුවේදි පැමිණිලිකරු වුයේ දරුවන් පස්දෙනෙකුගේ පියාවු දුම්රිය දෙපාර්තුමේන්තුවේ මුරකරුවෙකි. ඔහුත්, ඔහුගේ බිරිදත් නැවත දරුවන් නොවැදිමට තිරණයකර ශල්‍යවෙද්‍යවරයෙකුගේ උපදෙස් පතා ඇත. ඔහු විසින් වාසෙත්කම් (vasectomy ) සැත්කම කිරිම තුලින් ස්ථිර වදභාවයට(permanently sterile) පත්වම බව ප්‍රකාශකර ඇත. සැත්කම සිදුකෙරිනි. එහෙත් පසුව Thake මහත්මිය ගැබිගත් අතර පසුව දියණියක වැදුවාය.

මෙහිදි ශල්‍යවෙද්‍යවරයා හා Thake මහත්මිය ගිවිසුමකට බැදුනේ හුදෙක් සැත්කම සිදු කිරිමට පමණක්ම නොවේ ඇය එම සැත්කම කිරිම තුලින් සම්පුර්ණ වද භාවයට පත් කිරිමේ එකගතාවයද සමගය.

මෙහිදි උසාවිය Thake මහත්මියට දරු උපත වෙනුවෙන් වැයවු මුදල් හා ඇයගේ වැටුප අහිමි විමෙන් සිදුවු පාඩුව ගෙවන ලෙස නියෝග කල අතර ඇයට සිදුවු වේදනාව හා කණගාටුව වෙනුවෙන් ගෙව්ම අනවශ්‍ය යැයි තිරණය කලේ දරු උපතේදි දැනෙන සතුට සැලකිල්ලට ගනිමිනි.

නොසැලකිල්ල යටතේ ගොනු කල නඩුවකදි ඔප්පු කල යුතු මුලිකාංග.

1) රාජකාරිය (Duty)

2) එම රාජකාරිය කඩ කෙරුණු බව (Breach)

3) එයට නියම හේතුව (Actual cause)

4) ආසන්නතම හේතුව (Proximate cause)

5) සිදුවු අලාභය (Damages)



From : http://en.wikipedia.org/wiki/Professional_negligence



Related Posts with Thumbnails