Friday, 17 September 2010

E. මුල්‍ය ප්‍රතිපුරණය මත පදනම් වු ක්‍රමය (Based on cost reimbursements) iii


iii) ඉලක්කගත ප්‍රථමික පිරිවැය මත පදනම් ක්‍රමය(Target cost)

මෙම ක්‍රමයේදි, කොන්ත්‍රත්කරුගේ ගාස්තුව ඉහත විස්තරකල ක්‍රමයකින් ගෙවනු ලබයි. එනම් ප්‍රථමික පිරිවැයේ ප්‍රතිශතයක් ලෙසින් හෝ ස්ථාවර ගාස්තුවක් ලෙසිනි.
අන් ක්‍රම දෙකට වඩා මෙහි ඇති විශේෂත්වය නම් ප්‍රථමික පිරිවැය අවම කරගැනිමේ අදහසින් කොන්ත්‍රත්කරුට දිරි දිමනාවක් ලබාදිමයි. එහිදි සම්පුර්ණ පිරිවැය(Prime cost) එකගවු මුදලට(ඉලක්කය ) වඩා අඩුවුව හොත් ප්‍රසාද මුදලක් ලබාදිමත් වැඩි වුව හොත් දඩ මුදලකට යටත් කිරිමත්ය.
සාමාන්‍යයෙන් ප්‍රසාද මුදල/දඩ මුදල, සම්පුර්ණ පිරිවැයේත් එකගවු මුදලෙත් (ඉලක්කය ) වෙනසින් 50%ක් පමණවේ. එහෙත් එය කලින් එකගවු ඔනැම ප්‍රතිශතයක් වියහැකිය.
මෙම ක්‍රමයේදි එකගවු මුදලට(ඉලක්කය) ලෙසින් ඉදිරිපත් කරන්නේ එම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත පිරිවැයයි.

මෙය පැහැදිලි කිරිමට පහත උදාහරණය යොදාගනිමු. එහිදු භාවිතා කර ඇත්තේ පොදු කාර්යය පිරිවැය සහ ස්ථාවර ගාස්තුවක් මත ක්‍රමයයි.එකගවු මුදල(ඉලක්කය)රු. 11,000,000.00 ලෙස සලකමු.

සම්පුර්ණ ප්‍රථමික පිරිවැය(රුපියල්) = 10,000,000.00
එකතුකලා:
පොදු කාර්යය පිරිවැය (Overheads) = 1,500,000.00
ලාභය = 500,000.00
2,000,000.00

ගෙවිය යුතු මුලු මුදල(සම්පුර්ණ පිරිවැය)= 12,000,000.00

සම්පුර්ණ පිරිවැයේත් එකගවු මුදලෙත් වෙනස 50% = (12,000,000.00-11,000,000.00)* 50% = 50,000.00
එනම් කොන්ත්‍රත්කරු රු.50,000.00ක දඩ මුදලකට යටත්වේ.

අවසානයේ කොන්ත්‍රත්කරු ලබන සම්පුර්ණ ගෙවිම=12,000,000.00 - 50,000.00 = 11,500,000.00

පහත ගණනය කිරිම සලකන්න

සම්පුර්ණ ප්‍රථමික පිරිවැය(රුපියල්) = 8,000,000.00
එකතුකලා:
පොදු කාර්යය පිරිවැය (Overheads) = 1,500,000.00
ලාභය = 500,000.00
2,000,000.00

ගෙවිය යුතු මුලු මුදල(සම්පුර්ණ පිරිවැය)= 10,000,000.00

සම්පුර්ණ පිරිවැයේත් එකගවු මුදලෙත් වෙනස 50% = (11,000,000.00-10,000,000.00)* 50% = 50,000.00
එනම් කොන්ත්‍රත්කරු රු.50,000.00ක බෝනස් මුදලකට හිමිකම් කියයි.

අවසානයේ කොන්ත්‍රත්කරු ලබන සම්පුර්ණ ගෙවිම=8,000,000.00 + 50,000.00 = 8,500,000.00



From: Birchall,S. & Ramus,J.,1996.Contract Practice for Surveyors.3rd ed.Great Britain:Laxton’s


Friday, 23 April 2010

E. මුල්‍ය ප්‍රතිපුරණය මත පදනම් වු ක්‍රමය (Based on cost reimbursements) ii

ii පොදු කාර්යය පිරිවැය සහ ස්ථාවර ගාස්තුවක් මත පදනම්වු ක්‍රමය

මෙම ක්‍රමයේදි කොන්ත්‍රක්කරුවට පොදු කාර්යය පිරිවැය(Prime cost) සමග වෙනස් නොවන්නාවු ස්ථාවර ගාස්තුවක්(Fixed fee) ගෙවනු ලබයි. එමෙන්ම එම ගාස්තුව එම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත වටිනාකම මත පදනම්වේ.
එම ගාස්තුව වෙනස් විය හැක්කේ කොන්ත්‍රත්තුව ලබා දිමෙන් පසුව ව්‍යාපෘතියේ විශය පථය(Scope of work)වෙනස් විම නිසා හෝ කොන්දේසි(Conditions) වෙනස්විම නිසාය.

මෙහිදි ගෙවන ස්ථාවර ගාස්තුව පොදු කාර්යය පිරිවැයේ ප්‍රතිශතයක් ලෙස ගණනය කර බැලුවහොත්, එම ප්‍රතිශත පොදු කාර්යය පිරිවැය වැඩිවිම සමග අඩුවේ.

පහත උදාහරණ බලන්න

සම්පුර්ණ ප්‍රථමික පිරිවැය(රුපියල්) = 10,000,000.00
එකතුකලා:
පොදු කාර්යය පිරිවැය (Overheads) = 1,500,000.00
ලාභය = 500,000.00
2,000,000.00

ගෙවිය යුතු මුලු මුදල = 12,000,000.00

කොන්ත්‍රත්කරුගේ ගාස්තුව(%) = (2,000,000.00/12,000,000.00)% = 17%
කොන්ත්‍රත්කරුගේ ලාභය (%) = (500,000.00/12,000,000.00)% = 4%

ඉහත උදාහරණයේදි පිරිමහනසුලු(Economical) ආකාරයට කොන්ත්‍රත්තුව සකස් නොකල නිසා හා අකාර්යක්ශම(Inefficient) ලෙස සම්පත් භාවිතය නිසා සිදුවු නාස්තිය හේතුවෙන් සම්පුර්ණ ප්‍රථමික පිරිවැය රු. 12,000,000.00 ක් වුයේනම්,

සම්පුර්ණ ප්‍රථමික පිරිවැය(රුපියල්) = 12,000,000.00
එකතුකලා:
පොදු කාර්යය පිරිවැය (Overheads) = 1,500,000.00
ලාභය = 500,000.00
2,000,000.00
ගෙවිය යුතු මුලු මුදල 14,400,000.00

කොන්ත්‍රත්කරුගේ ගාස්තුව(%) = (2,000,000.00/14,400,000.00)% = 14%
කොන්ත්‍රත්කරුගේ ලාභය (%) = (500,000.00/14,400,000.00)% = 3%

ඉහත උදාහරණ වලට අනුව පොදු වැඩිවන විට ගාස්තු හා ලාභ ප්‍රතිශතය අඩුවන බව පැහැදිලිවේ..

From: Birchall,S. & Ramus,J.,1996.Contract Practice for Surveyors.3rd ed.Great Britain:Laxton’s

Sunday, 11 April 2010

ප්‍රමාණ සමික්ෂකට වසරයි!

මෙම බ්ලොග් අඩවිය ආරම්භකර අද දිනට හරියටම වසරක් සපිරෙනවා. 2009 වසරේ අප්‍රේල් 11 වන දින සවස 2.37ට ප්‍රථම ලිපිය පල කර ආරම්භකල මේ ගමනේ මේවන විට ඉදිකිරිම් කලමනාකරණය, ඉදිකිරිම් තාක්ශණය, ඉදිකිරිම් නිතිය , පරිඝණක වැනි විෂයන් ආවරණය ලෙස ලිපි 21ක් පල කර තිබෙනවා.
ඉදිරියේදිත් ඉහත විෂයයන් ආවරණය වන ලෙස දිගටම ලිපි පල කෙරෙනු ඇත.
එමෙන්ම මෙම විෂයේ දැනුම ඇති ඔබටත් හැකි ලෙසින් ලිපි සපයාදි මේ සදහා දායක වන ලෙස ඉල්ලිමක් කරනවා.

මෙතුවක් කල් මෙම අඩවිය සමග රැදි සිටි ඔබ සැමට මාගේ ප්‍රණාමය!

Saturday, 3 April 2010

E. මුල්‍ය ප්‍රතිපුරණය මත පදනම් වු ක්‍රමය (Based on cost reimbursements) i


i ) ප්‍රථමික පිරිවැය සමග ප්‍රතිශත ගාස්තු ක්‍රමය

ඉදිකිරිම් සදහා කම්කරු, අමුද්‍රව්‍ය හා යන්ත්‍ර සුත්‍ර වෙනුවෙන් වැයවන ප්‍රථමික පිරිවැයෙන්(Prime cost), කලින් එකගවු ප්‍රතිශතයක් කොන්ත්‍රත්කරුගේ ගාස්තුව ලෙස ගෙවනු ලැබේ. මෙම ක්‍රමයේ ඇති ප්‍රධානම අවාසිය නම් කොන්ත්‍රත්කරුගේ අකාර්යක්ශම (Inefficient) ඉදිකිරිම් කටයුතු නිසා සම්පත් නාස්තිය (Waste resources) වැඩිවි ඔහුට වැඩි මුදලක් ගෙවිමට සිදුවිමයි. එහෙත් අවශ්‍ය නම් එම ප්‍රතිශතය ප්‍රථමික පිරිවැය සමග ප්‍රතිලෝමව විචලනය වන ලෙස එකග විය හැකිය.

මෙය පැහැදිලි කිරිම සදහා සරල උදාහරණයක් ගනිමු.

සම්පුර්ණ ප්‍රථමික පිරිවැය(රුපියල්) = 10,000,000.00
එකතුකලා:
පොදු කාර්යය පිරිවැය (Overheads) 15% = 1,500,000.00
ලාභය 5% = 500,000.00
2,000,000.00

ගෙවිය යුතු මුලු මුදල 12,000,000.00


ඉහත උදාහරණයේදි පිරිමහනසුලු(Economical) ආකාරයට කොන්ත්‍රත්තුව සකස් නොකල නිසා හා අකාර්යක්ශම(Inefficient) ලෙස සම්පත් භාවිතය නිසා සිදුවු නාස්තිය හේතුවෙන් සම්පුර්ණ ප්‍රථමික පිරිවැය රු. 12,000,000.00 ක් වුයේනම්,

සම්පුර්ණ ප්‍රථමික පිරිවැය(රුපියල්) = 12,000,000.00
එකතුකලා:
පොදු කාර්යය පිරිවැය (Overheads) 15% = 1,800,000.00
ලාභය 5% = 600,000.00
2,400,000.00

ගෙවිය යුතු මුලු මුදල = 14,400,000.00


කොන්ත්‍රත්කරුගේ පොදු කාර්යය පිරිවැය (Overheads) කලින් අගයම, එනම් රු1,500,000.00 වුවා නම් දෙවන අවස්ථාවේ කොන්ත්‍රකරුගේ සැබැ ලාභය රු. 900,000.00කි.

ඒ අනුව පැහැදිලි වන්නේ කොන්ත්‍රකරු අකාර්යක්ශම (Inefficient) ක්‍රියාපිලිවෙත සේවායෝජකයාට ප්‍රභල ලෙස අවාසි සහගත බවයි.


Bookmark and Share
From: Birchall,S. & Ramus,J.,1996.Contract Practice for Surveyors.3rd ed.Great Britain:Laxton’s
Related Posts with Thumbnails