Saturday, 30 May 2009
Saturday, 23 May 2009
B. දල ප්‍රමාණ පත්‍රය (Bills of approximate quantities)
මෙම ක්‍රමය පෙර ක්‍රමය මෙන්ම වන අතර, වෙනසකට ඇත්තේ මෙහිදි ප්‍රමාණ පත්‍රයේ අඩංගු කරන ප්‍රමාණයන් දල අගයන්(Approximate) විම හා පසුව වෙනස් කිරිමට හැකි විමයි(Subject to later adjustment).මෙහි ඇති අනිවාර්ය ලක්ෂණයන් නම්,
1) ඒකක මිල ගණන් කොන්ත්‍රත්තුවේ කොටසක් විම
2) කොන්ත්‍රත්තුව අත්සන් කිරිම හා වැඩ ආරම්භය සැලසුම නිම විමට පෙර කල හැකි විමයි.
සමහර අවස්ථාවලදි වෙනත් ඒහා සමාන(ප්‍රමාණයෙන් හා වර්ගයෙන් ) ව්‍යාපෘතියක ප්‍රමාණයන්ද භාවිතා කරනු ලබයි.
වාසි:
- ඉදිකිරිම කටයුතු ඉක්මනින් ආරම්භ කල හැකිය.
- Bill of firm quantities ක්‍රමයේදිට වඩා ප්‍රමාණ පත්‍රය පිලියෙල කිරිමට වැයවන මුදල අඩුවේ
අවාසි:
- ප්‍රමාණ පත්‍රය, ටෙන්ඩර් අවස්ථාවේදි නිවැරදි සම්පුර්ණ කොන්ත්‍රත් මුදල පිලිබිබු නොකරන බැවින්, සේවායෝජකයා හා කොන්ත්‍රත්කරු යන දෙපාර්ශවයටම තමන්ගේ වගකිම් (Commitment) පිලිබදව පැහැදිලි අවබෝධයක් නැත.
- පසුවට, නිමකරන ලද ඉදිකිරිම් වැඩ සම්පුර්ණයෙන්ම මැනිය යුතුවේ. මෙය මුලදිම නිත්‍ය ප්‍රමාණ පත්‍රයක් (Firm bills of quantities) පිලියෙල කිරිමට වඩා මිල අධික කටයුත්තකි
- පුර්ව කොන්ත්‍රත් (Pre contract)අවධියේදි වාස්තුවිද්‍යාඥයා ගත යුතු, සැලසුමට ආදාල තිරණ ගැනිම කෙරෙහි ඔහුට එතරම් පිඩනයක් එල්ල නොවේ.
Monday, 11 May 2009
පරිගණක - Excel
මෙහි යොදාගත් වැඩපත මෙතනින් බාගන්න.
Thursday, 7 May 2009
ප්‍රමාණ සමික්ශකයින් සදහා වැදගත් නඩු - මුත්තුට එරෙහි බෝදිල්
නඩුව – Bodill and Sons (Contractors) Ltd v Harmail Singh Mattu
කොන්ත්‍රත්කරුට ගෙවිම සදහා නිර්දේශවු මුදලින් රදවාගැනිමේ මුදල්(Retention money) අඩු කිරිමේ බලය JCT කොන්ත්‍රත් ක්‍රමයේදි ලබාදි ඇත.
මෙම රදවාගැනිමේ මුදලින් (Retention money) අඩක් කොන්ත්‍රත්කාලය නිමවු පසු කොන්ත්‍රත් කරුට ගෙවනු ලබයි.ඉතිරි මුදල වගකිම් කාලය (Defects correction period ) අවසානයේදි කොන්ත්‍රත්කරු වෙත ගෙවනු ලැබේ. මෙහිදි එම මුදල්ගෙවන්නේ, කොන්ත්‍රත්කරුගේ වරදක් නිසා යම් දෝශ(defects) ඇතිවි ඇත්නම් ඒවා නිවරදි කිරිමෙන් අනතුරුවයි.
මෙම කොන්ත්‍රත්තුව JCT සම්මත ගොඩනැගිලි කොන්ත්‍රත් ක්‍රමයට අනුව එලබෙන ලද්දකි.
ව්‍යාපෘතිය 2007 පෙබරවාරි 12 දින නිමකිරිමට නියමිතව තිබුණද එය නියමිත කාලයතුල නිමකිරිමට කොන්ත්‍රත්කරුට නොහැකිවිය.2007 පෙබරවාරි 12 දින යුරෝ 124,207ක රදවාගැනිමේ මුදලක්ද(Retention) ඇතුලුව යුරෝ මිලියන 3.97ක මුදලක් අනුමත්ව තිබුණි.
ඉලග මාසයේදි මුත්තු විසින් බැංකුවෙන් වෙනම බැංකු ගිණුමක් ආරම්භකරන ලෙස ඉල්ලා සිටියේ රදවාගැනිමේ මුදල් එම බැංකු ගිණුමේ තැම්පත් කරන අදහසිනි(Intention).
එහෙත් බැංකු ගිණුම විවෘත කිරිමට බැංකුව ප්‍රමාදවු අතර ඒයින් නොඉවසිලිමත්වු බෝදිල් අධිකරණය හමුවට ගියේ කොන්ත්‍රත්තුවේ සදහන් නියමයන්ට අනුව කටයුතු සිදුවිය යුතුබවට අධිකරණයෙන් සහතිකයක් ලබා ගැනිම සදහාය.
මෙම කාරණාවේදි ගරු අධිකරණයේ මතය වුයේ කොන්ත්‍රත්කරු විසින් සේවායෝජකයාගෙන් රදාවාගැනිමේ මුදල් තැම්පත් කිරිම සදහා වෙනම බැංකු ගිණුමක් විවෘත කරන ලෙස ඉලා සිටිය විට එය ඉටුකිරිම සේවායෝජකයාගේ යුතුකමක් බවයි.
වාණිජමය කාරණා සලකා බැලු අධිකරණය මෙසේ ඉල්ලිමක් ඉදිරිපත් විමෙන් පසුව බැංකු ගිණුමක් විවෘත කිරිමට සති දෙකක තුනක කාලයක් ප්‍රමානවත් බව ප්‍රකාශ කලේය.
තවද බැංකු ගිණුමේ සදහන් නම(“Harmil Singh Mattu, trading as Urban Suburban, re Bodill retention money account”.) එය විශ්වාසදායක බැංකු ගිණුමක් බවට තහවුරු කිරිමට ප්‍රමාණවත් නොවන බව ගරු අධිකරණය ප්‍රකාශ කලේය.
Wednesday, 6 May 2009
මිලදි ගැනිමේ ක්‍රම (Procurement Methods)
ඉදිකිරිම් ක්ශේත්‍රයේ යෙදෙන මිලදි ගැනිමේ ක්‍රම(Procurement Methods) ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ වර්ග කල හැකිය.
1) සාම්ප්‍රදායික ක්‍රමය (Traditional Method)
2) ආදේශක ක්‍රමය (Alternative Method)
1) සාම්ප්‍රදායික ක්‍රමය (Traditional Method)
සාමානයෙන් කුඩා ප්‍රමාණයේ ගොඩනැගිල්ලක් ඉදිකිරිමේදි සේවායෝජකයා විසින් එය සැලසුම් කිරිමට හා ඉදිකිරිම යන කාර්‍යයන් දෙක සදහාම කොන්ත්‍රත්කරුවෙකුගේ සේවය ලබා ගනි. කොන්ත්‍රත්කරුවන් සතුව එම කාර්‍යයන් සදහා අවශ්‍ය පලපුරුදු කාර්‍ය මණ්ඩලයක් සිටිම එකට එක් හේතුවකි.
එහෙත් විශාල ව්‍යාපෘතින්හිදි සේවායෝජකයා විසින් ගොඩනැගිල්ල සැලසුම් කිරිම සදහා වාස්තුවිද්‍යාඥයෙකුට භාරදෙන අතර ඔහු විසින් පිරිවිතර (Specification) හා Drawings පිලියෙල කරයි. අනතුරුව අවශ්‍ය යැයි හැගෙයි නම් සේවායෝජකයාගේ අනුමැතිය ලබාගෙන වාස්තුවිද්‍යාඥයා විසින් ප්‍රමාණ පත්‍රය(Bills of Quantities) පිලියෙල කිරිමට ප්‍රමාණ සමික්ශකවරයෙකුට භාරදේ. අනතුරුව පිරිවිතර හා Drawings හෝ ප්‍රමාණ පත්‍රය පදනම් කරගෙන ලන්සු (Tender )කැදවිම සිදු කරයි. අවම ලන්සුවට කොන්ත්‍රත්තුව ලබා දිම සාමාන්‍ය පිලිවෙලයි.
සාම්ප්‍රදායික ක්‍රමය(Traditional Method) තවමත් බහුලව ක්ශේත්‍රයේ යෙදේ. සම්ප්‍රදායික ක්‍රමය යටතේ යෙදෙන කොන්ත්‍රත් ක්‍රම කිහිපයකි.
A) Based on bills of firm quantities
B) Based on bills of approximate quantities
C) Based on drawings and specification
D) Based on a schedule of rates
E) Based on cost reimbursements
a. Cost plus percentage fee
b. Cost plus fixed fee
c. Target cost
මෙම ක්‍රමයේදි සේවායෝජකයා හා කොන්ත්‍රත්කරු හා අනෙකුත් පාර්ශවයන් අතර ඇති බැදිම් පහත ලෙස දැක්විය හැකිය.
මෙහි ඇති බැදිම් ආකාර දෙකකි.
1) කොන්ත්‍රත් ලෙස ඇති බැදිම් (Contractual relationship)
2) අදාල ව්‍යාපෘතියේ කටයුතු කරගෙන යාමට අවශ්‍යවන අන්‍යෝන්‍ය බැදිම්(මෙහි කිසිදි කොන්ත්‍රත්මය බැදිමක් නැත) (Functional relationship)
A) නිත්‍ය ප්‍රමාණ පත්‍රය( Based on bills of firm quantities)
සේවායෝජකයා නියමය පරිදි වාස්තුවිද්‍යාඥයා විසින් සැලස්ම නිමකිරිමෙන් අනතුරුව ප්‍රමාණ සමික්ෂකවරයා විසින් සැලසුම හා පිරිවිතර පදනම් කරගෙන ප්‍රමාණ පත්‍රය පිලියෙල කරනු ලබයි. අනතුරුව කොන්ත්‍රත්තුව සදහා මිල ගණන් ඉදිරිපත් කිරිමට ආරාධනා කරනු ලැබේ.සාමානයෙන් අඩුම ලන්සුව ඉදිරිපත් කරන අය වෙත කොන්ත්‍රත්තුව ප්‍රධානය කෙරේ.
මෙම ක්‍රමයේ ඇති විශේෂ ලක්ශණ:
· ප්‍රමාණයක්(Quantities) හා මිල ගණන් (Rate) යන දෙකම කොන්ත්‍රත්තුවේ කොටසක් වේ.
· කොන්ත්‍රත්තුව අත්සන් කෙරෙන්නේ සැලසුම සම්පුර්ණයෙන් පිලියෙල කිරිමෙන් අනතුරුවයි.
මෙම කොන්ත්‍රත්, කුට්ටි මුදල් කොන්ත්‍රත් (Lump sum contract)ලෙස හැදින්වේ.
වාසි
· පාර්ශව දෙකටම සිය වගකිම් පිලිබදව පැහැදිලි අවබෝධයක් ඇත.
· සැලසුමේ සිදුවන විචලනයන්(Variations) තක්සේරු කිරිම සදහා ඒකක මුදල (Rate)හොද මුලයකි.
· ලංසු මුදල විස්තරාත්මක බෙදුමකින්ද (Breakdown) සමන්විත වේ.
අවාසි
· ව්‍යාපෘතිය සැලසුම් කිරිමට හා ප්‍රමාණ පත්‍ර පිලියෙල කිරිමට වැඩි කාලයක් අවශ්‍යවේ
From: Birchall,S. & Ramus,J.,1996.Contract Practice for Surveyors.3rd ed.Great Britain:Laxton’s